Sunday, April 29, 2012
කෙල්ලෙක් දාගන්න කියාපු බඩ්ඩ :D best way to attract a women :-)
ඔය සාමාණ්‍ය සුවඳ විලවුන් අතරේ ටිකක් විතර අසාමාණ්‍ය(මේවගේ දේවල් තවමත් අසානැති අයට සහ බාවිතා කර නොමැති අය සදහා) සුවඳ විලවුන් වර්ගත් තියෙනවා..මේ ගැන තමයි මම අද කියන්න යන්නේ..ඇත්තම කියනවානම් මම මේගැන දැනගත්තේ මේලඟදි ඉඳන්..සමහරවිට මේගැන ඔයාල අහලත් ඇති බාවිතා කරලත් ඇති. ඒතමයි මානව ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් වර්ග.
ෆෙරෝමෝන කියන දේ කවුරුත් දන්නවනේ...! උසස්පෙළ ජීව විද්‍යාව හදාරපු අය නම් මේගැන හොදටම දන්නවා..සරලව කියනවානම් ෆෙරෝමෝනයක් කියන්නේ සතුන් ඔවුන්ගේ පණිවුඩ හුවමාරු කරගන්න බාවිතා කරන ජෛයිව රසායනිකයක්..
මේ දේ අපි ජෛයිව පළිබෝධ නාශක ක්‍රමයක් විදියට කාලයක ඉදන් බාවිතා කරනවා..උදාහරන කීපයකුත් දෙනවනම්.
01. පොල්ගස් වල රතුකුරුමිණි පළිබෝධකයා මර්ධනයට
02. වී වගාවේ ගොයම් මැස්සා නම් පළිබෝධකයා මර්ධනයට(කෙම් ක්‍රමයකි)
අපි කවද්ද හිතුවෙ සතුන්ගෙ ෆෙරෝමෝන බාවිතා කරල එක එක දේවල් කරාට මිනිස් ෆෙරෝමෝන ලිංගික ආකර්ෂණය සඳහා යොදා ගනියි කියලා :O
ඉතින් මේ මානව ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් හදන අය කියන විදියට මේව බාවිතා කරාම ප්‍රතිවිරුද්ධ ලිංගියකයන්ගේ ඉතා ඉහල ආකර්ෂණයක් තමන්වෙත ඇති වෙනවලු..ඒ වගේම විවිද අවස්තා සදහාත් එකිනෙකට වෙනස් ෆෙරෝමෝන බාවිතා කරල හදපු සුවඳවිලවුන් තියෙනවලු..කොහොමද වැඩේ :D හැබැයි මම දන්නෙ නම් නෑ මේව ලංකාවෙ ගන්න තියෙනවද කියලනම්..හැබැයි ඕන කෙනෙක්ට EBay.com එකෙන් ගන්න පුලුවන්..
බලන්නකෝ ඔය පහතින් තියෙන වීඩියෝවත්..
මෙන්න මේ වෙබ් අඩවියට ගියාම තවත් ගොඩක් විස්තර මේ ගැන දැනගන්න පුලුවන්..http://www.luvessentials.com/
Posted by
Rajitha Perera
at
Sunday, April 29, 2012
5
comments
Labels: Personal Development, Tips and Tricks
Wednesday, April 18, 2012
Maxthon එක්ක Youtube වැඩකිඩ..පට්ටයි හොඳේ :-)
අනිත් දේ තමයි YouTube හි වීඩියෝවක් බලන විට තමන්ට අවශ්‍ය විදියට එහි ප්‍රමාණය වෙනස්කරගන්න, පහසුවෙන් Minimize, Maximize කරගන්න, තමන් කැමති තැනකට චලණය කරන්න වගේ ගොඩක් බාවිතා කරන්නාගේ පහසුවට හේතුවෙන කරුනු අන්තර්ගතවන්නේ නැහැ. මෙවැනි පහසුකම් බාවිතා කරන්නට නම් JetAudio වැනි සාමාණ්‍ය Desktop Media Player එකක් බාවිතා කරන්න වෙනවා. නමුත් ඉහත සඳහන් කල සියලු ගැටලු වලට විසඳුම් Maxthon වෙබ් බ්‍රව්සරයත් සමග අපට ලැබිලා තියෙනවා. මෙය Maxthon වෙබ් බ්‍රව්සරයටම විශේෂිත වූ ගුණාන්ගයක්.
මම පහතින් දක්වල තියෙන්නේ කොහොමද YouTube එක Maxthon Web Browser එකත් සමග සහයෝගයෙන් වැඩ කරන්නේ කියලා.
අකමැත්තක් නැත්නම් SinhalaPress Follow කරල SinhalaPress Facebook Page එක Like කරල සහයෝගයක් දෙන්න.
Posted by
Rajitha Perera
at
Wednesday, April 18, 2012
4
comments
Labels: Maxthon Web Browser, Tips and Tricks
Tuesday, April 17, 2012
PHP ඉගෙන ගන්න කියාපු බඩ්ඩ ;-)

ඔය මදෑ ජංජාලෙ රස්දියාදු ගැහැව :P දැන්වත් PHP ටිකක් ඉගෙන ගත්තොත් නරකද??? හ්ම්....ගොඩදෙනෙක් මේසඳහා දුවන්නේ w3schools එකටනේ..හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. ඒතමයි w3schools වෙබ් අඩවියේ අන්තර්ගත තොරතුරු 100% නිවැරිදි නොවීමත් ඉක්මනින් යාවත්කාලීන නොවීමත්..ඉතින් මේ ප්‍රශ්නෙට කියාපු විසඳුම තමයි eBooks බාවිතය. සල්ලිදීල ගන්න ගියොත් බර ගානක්....අනික අපි කවද්ද සල්ලි දීල ඕව ගත්තෙ..:P
වැඩි කතා ඕනෙ නෑ පහත තියෙන බාගත කරගැනීමේ links හරහා ඔබත් දැන්ම බාගන්න..
Free Download PHP 5 for Dummies
Posted by
Rajitha Perera
at
Tuesday, April 17, 2012
2
comments
Labels: eBooks Download
Thursday, March 22, 2012
Chrome ලොක්ක උඩයි උඩයි....ගිනි නරියා..බිමයි බිමයි....:P
Google Chrome හට හැමදාම කප් එක ගහන්න බැරිවෙලා තියෙන්නේ..චීනය, ඇමෙරිකාව, ජර්මනිය වගේ රටවල්වල තවමත්, Microsoft IE සහ Firefox යන Web Browser යන් වැඩි පුර බාවිතා කරන නිසා කියලයි කියන්නේ. හැබැයි..ලඟදීම දවසක Chrome සදාකාලික රජ වෙයි කියල තමයි මට නම් හිතෙන්නේ..:D..බලමුකො ඒකෙත් හැටි..තමත් මම පෞද්ගලිකවම දැකල තියෙනවා..රජයේ ඕනෑතරම් සේවා ස්තානවල..තවමත් බාවිතා කරන්නේ අර පරණ IE6.0 කියන මළ ජරාව..:P. සමහරුන් වෙනස් වෙන්න හරිම අකමැතියි..අනේ මන්ද ඕකට දන්නෑ අර කියනේනේ මානසික අවස්ථිතිය කියල..:P
පැහැදිලිව බලාගන්න...පින්තූරය මත ඔබන්නකෝ....
මෙම සමීක්ෂණය ගැන වැඩි දුර විස්තර සඳහා පිවිසෙන්න..:-http://gs.statcounter.com/press/chrome-is-worlds-number-one-browser-for-a-day
Posted by
Rajitha Perera
at
Thursday, March 22, 2012
4
comments
Labels: Chrome Web Browser, Google, Latest News, Web browsers
Wednesday, March 21, 2012
Dushyanth නැවතත් කරළියට..! බාගන්න..අහන්න..දැන්ම සෙටිවෙන්න..;-)
Posted by
Rajitha Perera
at
Wednesday, March 21, 2012
0
comments
Labels: Entertainment, General, Music
බීට් ගහන්..., වීල් කරන්..හොර්නට්(Hornet) පදින අපේ කොල්ලො..:D
බලන්න මේ කවි පෙළ කොහොමද කියලා...
සූම් සූම් බෘම් බෘම් හඩ ඈතින් නද දෙන්නේ...
වීල් පාර ඈත ඉදං ගහගෙන කොල්ලා එන්නේ...
පාං කාල කන්ඩ අතේ සල්ලි නැතුව ලත වෙන්නේ...
චූන් මිසක් වෙන වැඩ නෑ කෙල්ලත් එක්කයි යන්නේ...
බෙන්ලි ට්වින් වී එක්ස් දැන් හද්ද පරන වී ඇත්තේ...
ඒවා පදින අංකල්ලත් ඒ වාගේ වී ඇත්තේ....
හොනට් බාජා ඒ ටී එක්ස් අළුත් බයික් වී ඇත්තේ...
ලක්ස තුනක් හතරක් මයි ඒවට වැය කල යුත්තේ....
බැක් වීල් එක පට්ට සිරා තවත් එකක් පෙන්වන්නේ...
වීල් එකත් බාජා එකේ මහ කජ්ජක් නොම වන්නේ....
ක්ලාස් ඇරෙන වේලාවට බ්ලාස්ට් වෙන්න කැරකෙන්නේ...
පන්ති ඇරෙන නංගිලාට අමුතු මැජික් පෙන්වන්නේ...
හොනට් එකේ හොද සද්දෙට කෙල්ලො බලයි ඈත ඉදං...
පටං පටං බැක් ෆයරෙක වදින කලට පිස්සු පදං....
පෙට්රල් වහලාද උඹේ පිකප් මදිනෙ මේක මචං...
අරං වරෙං අපේ ගෙදර මේ ඉරිදා උදේ ඉතිං...
අන්ඩ සීට් සයිලන්සර් එකක් ගන්න ඕනෙ මෙයා....
ඔයාව එක්කරං ඒකෙ කැන්ඩි යන්න හිතේ තියා..
පරන කබල් වලට තියා පිකප් කරං ඇරං ගියා...
තෙල් ගහන්ඩ සල්ලි නැතුව තල්ලු කරමු ඉතිං ඔයා...
මහපාරේ සෙනග මැදින් වීල් ගහං ඔය යන්නේ...
ටූ ෆිෆ්ටිය යකා වගේ සද්දෙ කරං ඔය එන්නේ...
කෙස් ගහකින් මිස් කෙරුනොත් ලයිෆ් එකත් පැක් වෙන්නේ..
වීල් සීන් පරිස්සමින් බයානකයි කොල්ලන්නේ....
රේස් එකේ පිකප් කරං අනූවකට ඇරං ගියේ...
ලූස් වෙන්ඩ අකමැත්‍තෙං එහෙං මෙහෙං වටෙං ගියේ..
තුම්මං හන්දිය ගාවින් නොබලාමයි මැදිං ගියේ...
ත්රීවිල් එක දකිනකොටත් ඒක ඇතුලෙ මම හිටියේ...
මේ කවි පෙළ ලිව්වෙ Dinushasankalpa කියන එළකිරි ෆෝරම් එකේ අයියකෙනෙක්..කොහොමද ලස්සනයි නේද කවි ටික..:D
Posted by
Rajitha Perera
at
Wednesday, March 21, 2012
0
comments
Labels: Bikes, Entertainment, General
Tuesday, March 20, 2012
Windows 7 වලට බායි! 8 වලට හායි! හා හා කලබලවෙන්න එපා..තව කල්තියෙනවා..;-)
පැහැදිලිව දැකිය හැකිතරම් වෙනසකට තිබුනේ එයාලගේ අලුත් User interface(අතුරු මුහුණත) එකේ කරල තිබුනු ලොකු වෙනස්කම් තමයි. අපි කාටත් හුරු පුරුදු Start button එක සම්පූර්ණයෙන්ම ඉවත්කරල තිබුන. ඒ වෙනුවට අලුත්ම ටයිල් ආකාරයේ UI එකක් තමයි ඉදිරිපත් කරල තිබුනේ..ඉතින් මේවා හසුරුවන විදියත් සම්පූර්ණයෙන්ම වෙනස් කරල තිබෙනවා. ඇර ගත්ත windows Close කරගන්න බැරුව මමත් හොඳ පිස්සවක් නැටුව මුල් දවසෙ, පස්සෙ ටිකක් වැඩ කරාම හුරුඋනා..ඒත් නිකන් මොකක්ද වගේ ඕනවට වැඩිය සංකීර්ණ කරල වැඩි වගේ...ආයිමත් XP වලට යන්නමයි හිත..
හැබැයි මේක බාගෙන බාවිතා කරල බලපු මගේ යාළුවො කීපදෙනෙක් නම් කිව්වෙ එයාලට මේ විදය හොඳයි කියල..අනේ මන්ද ඉතින් එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්නේ..:D මට නම් ඔය කලින් තිබුනු විදිය වඩා හොඳයි කියල තමයි හිතෙන්නේ..
ආරංචි වලට අනුව නම් Windows 8 සංස්කරණයේ stable release එකත් සමග Start button එක හා Close buttons එකතු කර එන බව තමයි කියන්නේ..බලමුකෝ තව මාස කිහිපක් ඉවසලා..:D
Posted by
Rajitha Perera
at
Tuesday, March 20, 2012
0
comments
Labels: Latest News, Microsoft, Windows
Used Phones in Sri Lanka...හ්ම්..බාවිතා කරන ලද ජංගම දුරකථනයක් මිළදී ගන්න අදහස් කරනවද??? පරිස්සම් වන්න !!!
අද කාලේ බොහෝ තරණ පිරිස් එක් ජංගම දුරකථණයක් බාවිතා කරන්නේ මාස කිහිපයක් විතරයි..ඉන් පස එය විකුණා එයට වඩා වැඩි දියුනු එකක් මිළදී ගන්නව...තව ටික කලකින් එයත් විකුණනවා..ඕක ඉතින් සාමාණ්‍ය තත්වයක්..ඉතින් මෙසේ පිරිසක් විකුණනකොට ඒවා මිළදී ගන්න තව පිරිසකුත් ඉන්නවනේ..අන්න මේ පිරිසට තමයි මේ කෙටි ලිපිය වැදගත් වන්නේ..
ඔබ බාවිතා කරන ලද ජංගම දුරකථනයක් මිළදී ගන්න අදහස් කරණවානම් ඒ ගැන දෙපාරක් හිතන්න!!!
මොකද සමහර විට මෙය මගින් අන්තිමේදී හිරෙත් ලැගල, නඩුත් වැටිල, තමන්ගෙ නමත් කැත වෙලා තමයි නවතින්නෙ..හ්ම්....වචන ටිකක් සැර වැඩියි නේද???...නමුත් ඇත්ත තත්වය ඕක තමයි..
කොහොමද අප්පා Used Phone එකක් ගත්ත පළියට පොලිසි ගානෙ යන්න වෙන්නෙ???
ඒක වෙන්නේ මෙහෙමයි...අපි හිතමුකෝ..යම් කෙනෙක් තව කෙනෙක් ගෙන් හොරකම් කරන ලද හෝ අපරාදයකට සම්බන්ද ජංගම දුරකථනයක් ඔයාට සුළු මුදලකට විකුණන්න යනවා කියලා..ඇතැම් විට එම ජංගම දුරකථනය ඉතා වටිනා එකක් වන්නටද පුළුවන්. ඔයත් ජංගම දුරකථනයක් උවමනාවෙන් නම් හිටියෙ බොහෝ විට මෙවැනි ගණුදෙනු කෙරෙන්න තියෙන සම්බාවිතාවය වැඩියි..
හරි.....දැන් ඔයා එම ජංගම දුරකථනය අරගෙන බොහොම සතුටින් ඒකට තමන්ගේ SIM පතත් යොදාගෙන බාවිතා කරමින් ඉන්නව..මෙන්න බොලේ එක පාරට ගෙදරට පොලිසියෙන් එනව..! ඉන්පස්සෙ ඉතින් වැටෙන කරදර ගැන ඉතින් කියන්න ඕනෙ නැහැනේ..:P
මම වරදක් කරල නැති එකේ ඇයි මේ එක පාරටම පොලිසිය???
ඒක වෙන්නේ මෙහෙමයි..ජංගම දරකථනයේ සැබෑ අයිතිකරු තමන්ගේ නැතිවූ දුරකථනය ගැන පොලිසියට පැමිණිළි කරාම..පොලිසිය විසින් එය TRCSL (විදුලි සංදේශ නියාමන කොමිසම) හට දැනුම් දෙනවා..ඉන්පසු TRCSL මගින් මේ පිළිබඳ ලංකාවේ ක්‍රියාත්මක සියලුම ජංගම දුරකථන සේවා සැපයුම් කරුවෙක් හටම දන්නනවා..ඉන් පසු විශේෂ ක්‍රමයකින් දැනට ජංගම දුරකථනය බාවිතා කරන්නාගේ තොරතුරු සොයාගෙන පොලිසියට බාරදෙනවා..ඉන් පසුව පොලිසිය ඒ හරහා තමන්ගේ රාජකාරිය කරනවා..ඔන්න ඔහොම තමයි ගෙදරට පොලිසිය ආවේ...:D
ජංගම දුරකථන සමාගම විසින් මේවන විට ජංගම දුරකථනය බාවිතා කරන්නාගේ තොරතුරු සොයා ගන්නා විදිය.
මේකට ඒ අය උපයෝගීකරගන්නේ සෑම ජංගම දුරකථනයකටම ලැබෙන එම ජංගම දුරකථනයටම පමණක් සුවිශේෂ වූ විශේෂ අංකයක්..ඒකට අපි කියන්නේ IMEI (International Mobile Equipment Identity) කියලා..TRCSL එකෙන් ලංකාවට ගෙන්නන්න අනුමත කරපු සෑම ජංගම දුරකථන වර්ගයකටම මෙවැනි අංකයක් තියෙනවා..ඔය චීන කසල ගොඩවල් වල නම් ඕක තියනවද කියලා මම නම් දන්නේ නැහැ.:P
ජංගම දුරකථනයේ සැබෑ අයිති කරුගෙන් ජංගම දුරකථනයේ IMEI අංකය හෝ ඔහුගේ දුරකථන අංකය හෝ ඔය දෙකම (බොහොම කීප දෙනයිනේ තමන්ගේ ජංගම දුරකථනයේ IMEI අංකය දන්නේ නොදැන සිටියත් කමක් නැහැ තමන්ගේ ජංගම දුරකථන අංකය පමණක් උනත් ප්‍රමාණවත්. හැබැයි IMEI අංකය තිබුනොත් වැඩේ පහසුයි...) TRCSL එක මගින් ජංගම දුරකථන සමාගම් වලට ලබා දුන් විට එම සමාගම් කරන්නේ අදාල IMEI අංකයට අදාල ජංගම දුරකථනය තමන්ගේ ජාලය තුල ක්‍රියාත්මකද කියන එක සොයමින් ඉන්නවා..දුරකථනය සොරාගත් පුද්ගලයා හෝ එය පසුව මිළදීගත් තැනැත්තා ඉතින් දැනට ලංකාවේ ක්‍රියාත්මක ජංගම දුරකථන ජාලයකින් ලබාගත් SIM පතක් නේ භාවිතා කරන්න ඕන..ඔන්න ඔතනිදි වැඩේ අහුවෙනවා..ඒකියන්නේ අලුතින් එම ජංගම දුරකථනය සඳහා සක්‍රිය වන SIM පතෙහි තොරතුරු ජංගම දුරකථන ජාලය ලබාගෙන පොලිසියට බාරදෙනවා...ID එකේ ඉතින් ලිපිණයත් තියෙනවනේ..:D මෙතනදී අදාල පුද්ගලයා ව්‍යාජ හැඳුනුම්පතක් බාවිතා කරනවන්ම මෙතනදී ගැටලුවක් මතුවෙනවා..ඒත් එවැනි අවස්තා උවද හසුකරගන්න අද කාලේ නවීන තාකෂණයන් බාවිතා වනවා ඇති..මම නම් ඒ සම්බන්දව දන්නේ නැහැ..ඒ සම්බන්දව දන්නා අයෙක් වෙතෙත් මාව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔන්න ඔහොම තමයි නැතිවූ ජංගම දුරකථනය සොයාගන්නේ..
පරිස්සම් වන්න!!!
විශ්වාස වන්ත නොමැති පුද්ගලයින්ගෙන් මෙවැනි ජංගම දුරකථන මිළදී ගැනීමෙන් වළකින්න..ඒ වගේම දැනට තදාසන්න ප්‍රදේශවල පවතින බොහොමයක් ජංගම දුරකථන අළුත්වැඩියා ආයතන වලද අඩුමිළට විකිනීමට තිබෙන්නේ මෙවැනි ජංගම දුරකතන. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ බොහෝ මෙවැනි ජංගම දුරකථන හොරුන් ඒවා විකුණන්නේ මෙවැනි ජංගම දුරකථන අලුත්වැඩියා ආයතන වලට..ඒ නිසා පරිස්සම් වන්න
තමන්ගේ අතේ ඇති මුදලට අලුත් ජංගම දුරකථනයක් විශ්වාසදායී ස්තානයකින් මිළදී ගැනීම තමයි නුවණට හුරු..
මේ ලිපියෙන් ගන්න පුලුවන් දේ
01 තමන්ගේ ජංගම දුරකථනය නැති වූ විට ක්‍රියා කල යුතු ආකාරය සම්බන්දව
02 භාවිතා කරන ලඳ ජංගම දුරකතණයක් හෝ විශ්වාසය තැබිය නොහැකි තැනකින් ජංගම දුරකථනයක් මිළදී ගැනීමේදී සැලකිලිමත් විය කරුණු
කොහොමද මගේ ජංගම දුරකතනයේ IMEI අංකය සොයාගන්නේ???
ඒ දේ ජංගමදුරකථනයෙන් දුරකථනයට වෙනස් වෙන්න පුලුවන්..ඉතින් මට ඒගැන ලියන්න කම්මැලියි..ඔයාලට how to find the IMEI number වගේ Google search term එකක් උපයෝගීකරගෙන තමන්ගේ දුරකතනයේ IMEI අංකය සොයාගන්න පුලුවන්..ඒ වගේම ඔබගේ ජංගම දුරකථනයත් සමග ලැබෙන පොත මගින්ද, නිළ වෙබ් අඩවිය මගින්ද...මේ තොරතුරු පහසුවෙන් සොයාගන්න පුලුවන්.
Nokia ජංගම දුරකථන සඳහා *#06# යොදා ok කොට බලන්න...
ඔබගේ ජංගම දුරකථනයේ IMEI අංකය සොයාගත් පසු එයා කොල කැබැල්ලක ලියලා..ඔබගේ මුදල් පසුම්බියේ තබාගන්න..හදිසියකදි ඔයාට ඒක ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්..
Posted by
Rajitha Perera
at
Tuesday, March 20, 2012
4
comments
Labels: Safety Tips, Tips and Tricks, Warning
VLC ලොක්ක අලුත්වෙලා කියන්නෙ!!! දැන්ම අලුත් එකට මාරුවෙනව හොඳයි :P
මෙම Media Player එක අනෙකුත් Media Players වලින් විශේෂ වනේනේ විෂාල ගොණු(Files) වර්ග සංඛ්‍යාවකට සහය දැක්වීම, සරල බව, Windows හැරුණුකොට අනෙකුත් Platform සඳහාද සහය දැක්වීම නිසාය. ඉතින් මෙයාලා VLC Media Player එක එළියට දැම්මේ Version 1.1.11 විදයට. ඉන්පසු ගොඩ කාලයකට පසු ටික දිනකට කලින් මෙම Media Player එකෙහි Version 2.0 නිකුත් උනා..මම හිතනවා හැමෝම වගේ දැන් බාවිතා කරන්නේ Version 2.0 කියලා.
දැන් මෙම Media Player එකෙහි තවත් Update එකක් ඇවිත් තිබෙනවා. Version 2.0.1 ලෙස. මෙම Update එකත් සමග VLC Media Player එකෙහි වූ අනාරක්ෂිත තැන් සියගණනක් නිවැරිදි කර ඇති අතර MxPEG යන ගොණු වර්ගයට සහය දැක්වීම, Mac OS X සඳහා Player එකේ UI(User Interface) එක වැඩි දියුනු කරීම් වැනි වෙනස්කම් කීපයක්ම සිදුකර ඇති බවයි ආරංචි. සමහර විට ඔබ දැනට බාවිතා කරන VLC Player එක විසින්ම අදාල යාවත්කාලීන වීම ස්වයංක්‍රීයවම ලබාගෙන තිබෙන්නත් පුලුවන්..එසේ නොමැතිනම් ඔබටම එය යාවත්කාලීන කර ගන්න පුලුවන්..
වැඩි දුර විස්තර සඳහා :- http://www.videolan.org/vlc/releases/2.0.1.html
බාගත(Download) කර ගැනීම සඳහා :- http://www.videolan.org/vlc/
Posted by
Rajitha Perera
at
Tuesday, March 20, 2012
10
comments
Labels: Latest News, Software
The Pirate Bay ගිය උඩ ;-) දැන් ඔන්න ඉතින් උඩ ඉඳන් තමයි බාන්න වෙන්නෙ.:-)
තාමත් Media Fire නම් ඇදගෙන යනව..ඔය එක්කම ThePirateBay අඩවියේ ඩොමේන් නාමයත් .org වලින් .se වලට මාරු උනා..මොකද ප්‍රධාන TLD-Top Level Domain(.com, .net, .org, .us, .co ) වල අයිතිය තියෙන්නේ ඇමරිකාවටනේ..ඒ වඩා ආරක්ෂාවට.
ඒත් මේ අඩවියට තවමත් බලපෑම් එල්ලවෙනව..ඉතින් එම බලපෑම් වලින් තරමක් හෝ මිදෙන්න කියල දැන් අලුත්ම වැඩක් ඒ අය අත්හදා බලනව..ඇත්තටම මේක හරිම අපූරු දෙයක්..
මෙහිදී වෙන්නේ. එයාලගේ Files තියන servers රඳවන්නේ..උඩුගුවනේ තිබෙන ඩ්‍රෝණ යාන වල..හරියට සැටලයිට් වගේ. ඒකිව්වට ඒතරම්ම උඩකින්නම් නෙමෙයි..මේව පාළනය වෙන්නේ GPS තාක්ෂනය හරහා..දත්ත හුවමාරු කරන්නේ අදිවේගී wireless connections හරහා. ලෝකයේ රටවලට එම රටවල් වලටම වෙන්වූ ගුවන් පාළන ප්‍රදේශ තියෙනවා..ඉතින් අවසරයක් නොමැතිව එවැනි කළාපවලට ඇතුලු වීම තහනම්..ඉතින් මෙයාල කරන්නේ..මේ අඩවියට විරුද්ද වෙන්න සැරසෙනකොට එයාලගේ ඩ්‍රෝනා යානා එයාලට සහය දක්වන වෙනත් රටකට අරගෙන යන එක.
ඇමෙරිකන් කාරය මේකටත් මිසයිලයක් එවල බිම දායිද දන්නෙ නෑ :P
වැඩි දුර තොරතුරු සඳහා කියවන්න..http://thepiratebay.se/blog/210
Posted by
Rajitha Perera
at
Tuesday, March 20, 2012
4
comments
Labels: General, Latest News
Monday, March 19, 2012
අයියෝ...තාමත් Gel ද ගාන්නේ.;-) මෙන්න විසඳුම පෙනෙළ ගාන්නකෝ..
මේක ගෙඩි ජාතියක්. පෙනෙල ගෙඩි කියල කියන්නේ. (වැල් පෙනෙල නෙවෙයි රජෝ..!!!!) රත්තරං බඩු හදන අය මේක විශාල වශයෙන් භාවිතා කරනවා රත්තරං බඩු සුද්ද කරන්න, මොකද මේකෙ සබන් ගතියක් තියෙන නිසා. මේක රට ඉදි ගෙඩියක් වගේ එකක්. ඇතුලේ ලොකු ඇටයක් තියනවා. මේ ඇටය ඉවත් කරලා පිට පොත්ත ටිකක් වෙලා වතුරෙ දාලා තියලා අත් දෙක අතර තියල පොඩ්ඩක් රෝල් කලාම සබන් පෙන වගේ දෙයක් ඇති වෙනවා. මේකයි කොණ්ඩෙ ගාන්න තියෙන "ජෙල්" එක. මේක ගාලා වේලුණාම නැතිනම් ඩ්‍රයර් එකක් දාලා වේලුවාම හිස කෙස් ආයේ හෙල වෙන්නෙවත් නැතුව තියනවා. ටිකක් වැඩියෙන් දැම්මොත් කොණ්ඩෙ හෙල්මට් එකක් දැම්ම වගේ වෙනවා. ඒ තරම් සවි වෙනවා. (ගාලා ඒසී එකේ හිටියා ම හරි...!!) නෑවාම සේදිලා යනවා., කොණ්ඩෙට බැදෙන දූවිලි වගේ දේවලුත් එක්කම. හිසත් සෑහෙන්න සිසිල් වෙනවා. මේ ශාකය හිස කෙස් සදහා වැළදෙන රෝග ගණනාවකට ප්‍රතිකාර විදියට භාවිතා කරනවා.
මම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!
මේක සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. හැබැයි රටඉදි වගේ පෙණුම තියන හොදට මෝරපු ඒවා ගන්න. ග්‍රෑම් 500ක් 100/= නිතර වෙන්නේ .ලාබයි අත උඩින්. ග්‍රෑම් 500 ක් ගත්තාම මාස 6-8ක් ගාන්නත් පුළුවන්, මොකද එක ගෙඩියක් එකවරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් නිසා. බය නැතුව ගාන්න. අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි කියන්න පුළුවනි........!!!
දැන් අපි බලමු මේ දේ බාවිතා කරන්නේ කොහොමද කියලා....
මෙන්න මේව තමා ඔය පෙනෙල ගෙඩි..ඔය සිංහල බෙහෙත් බඩු කඩයකින් ගන්න පුලුවන්..
මෙම ලිපියේ අයිතිකරුවන් වන්නේ..එළකිරි ෆෝරම් එකේ dath kimbula නම් මහතා සහ dath kimbula මහතාගේ තොරතුරු අනුසාරයෙන් තවදුරටත් මෙය පැහැදිලි කොට දුන් එළකිරි ෆෝරම් එකේ jkadithya නම් මහතාය.
dath kimbula මහතා විසින් මුලින් පල කල ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1117682
jkadithya මහතා තවදුරටත් විස්තර කරමින් පල කල ත්‍රෙඩ් එක http://www.elakiri.lk/forum/showthread.php?t=1364012
Posted by
Rajitha Perera
at
Monday, March 19, 2012
31
comments
Labels: General, Nature, Tips and Tricks
Google දෙයියට හොරා බුකියේ සැරිසැරීම ;-)
නමුත් මේ Facebook නිසා තමන්ගේ පෞද්ගලිකත්වයට යම් යම් බලපෑම් ඇති වෙන්න පුලුවන්. තමන්ගේ පෞද්ගලික තොරතුරු අනවශ්‍ය පුද්ගලයින් අතට පත් වෙන්න පුලුවන්. මෙවැනි හානි වලක්වා ගන්න මෙම සේවාව විසින් පහසුකම් සලසා දී තිබෙනවා..
අද මම මේවායින් කතා කරන්නේ එයින් එක් දෙයක් ගැන.
ඒ තමයි, කොහොමද අපගේ ෆේස්බුක් ගිණුමේ තොරතුරු Google සෙවුම් ප්‍රථිපල වලින් ඉවත් කර ගන්නේ කියලා..එනම් මෙහිදී ඔයාගේ කිසිම ෆේස්බුක් ක්‍රියාකාරකමක තොරතුරු හෝ ඔයගේ ගිනුමේ තොරතුරු තවත් කෙනෙකුට Google හෝ වෙනයම් කිසිම කෙනෙකුට සොයාගන්න බැහැ..නමුත් ඔයා රිසිසේ තමන්ගේ ගිණුම බාවිතා කරන්න පුලුවන්..තමන්ගේ හිතමිතුරන් යාළුවන් විදියට එකතු කරගන්න පුලුවන්..යම් ඔබ නොහඳුනන කෙනෙක් ඔබගේ Facebook URL එක හරහා එන්න හැදුවත් එයාට ඔයගේ Facebook Profile එකවත් බලාගන්න බැහැ. ඉතින් මම හිතනවා ගොඩදෙනෙක්ට මේදේ ප්‍රයෝජනත් වෙයි කියලා..මොකද අප අතරේ බොහෝ දෙනෙක් මෙවැනි සුලු දේවල් සම්බන්දව වැඩි අවධානයක් දක්වන්නේ නැති නිසා..
දැන් අපි බලමු ඉතා සරලව මෙය කරගන්නා ආකාරය
Posted by
Rajitha Perera
at
Monday, March 19, 2012
7
comments
Labels: Facebook, Google, Tips and Tricks
සුපිරි ඉංදීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිංග්.Yuvraj Singh නුදුරු දිනයකදී නැවතත් පිටියට :-)
අප්‍රේල් මස මැද බාගයේදී ඔහු නැවතත් ඉන්දියාවට එන්න නියමිත බවත් පැවසෙනවා..ක්‍රිකට් ගැන උනන්දු..ක්‍රිකට් වලට ආදරය කරන අය..වැඩි විස්තර සඳහා මෙම ලිපිය කියවන්න..http://www.espncricinfo.com/india/content/current/story/557881.html
අපි ඉතින් ශ්‍රී ලාංකිකයොනේ..වෙනත් රටක ක්‍රීඩකයෙක් උනත් අපි උවුන්ට ආදරෙයි..ඒත් ඉන්දියානුවන්නම් අපේ පිළේ ක්‍රීඩකියින්ට අමු අමුවේ අපහාස කරන හැටි ෆේස් බුක් එකේ දකින විට හිතට ඇති වන්නේ මහත් දුකක්..
Posted by
Rajitha Perera
at
Monday, March 19, 2012
2
comments
Google දෙයියගෙන් බැට කන්න ලෑස්ති වෙයල්ලා..:O
ඔබ අනවශ්‍ය විදියට SEO කරන්න උත්සාහ කරනවා නම් මෙහි බලපෑම වැඩි වෙන්න පුලුවන්..මොකද අනවශ්‍ය විදියට keywords, link යනාදිය යොදන්න යන එක එතරම් සුදුසු දෙයක් නෙමෙයි..අද වෙන විට ඉතා බාල තත්වයේ අන්තර්ගතයන් ඇති..වෙබ් අඩවි උනත් ගූගල් සෙවුම් යන්ත්‍රයේ වැඩි වටිනාකමක් ගෙන ඇත්තේ මෙවැනි SEO ක්‍රම අනුගමනය කිරීමෙන්..ඉතින් එම තත්වය පාළනයට තමයි ගූගල් මෙතරමි මහන්සි වෙන්නේ..ඔය PANDA UPDATE එක කියල එන්නෙත් ඔය වගේ එකක් තමයි..
Posted by
Rajitha Perera
at
Monday, March 19, 2012
2
comments
සිංහල බ්ලොගින්....හ්ම්..අප්පේ මතකයි මතකියි..:-) I'm back.
හැබැයි මේ සැරේ මම බ්ලොග් කරනයේ යෙදෙන්නේ කලින් යෙදුනාට වඩා තරමක් වෙනස් විදියට..මම කලින් ලිව්වේ..අනවශ්‍ය විදියට දිග..අනවශ්‍ය විදියට විස්තර කරන ලද ලිපි..ඉතින් මේක කියවන්න එන අයට එපා වෙනවනේ..ඔන්න මේ සැරේ කෙටියෙන්..මම අහන දකින..මගේ අදහස්..ඔය ගොල්ලන් එක්ක බෙදා හදා ගන්න හිතුවා..ඒ..වඩාත් සරලව..කෙටියෙන්...ඒක මගේ බ්ලොග් එක කියවන ගොඩ දෙනෙක්ට පහසුවක් වෙයි කියලා හිතෙනවා..
හැමෝටම සුබ දවසක්..
Posted by
Rajitha Perera
at
Monday, March 19, 2012
0
comments
Labels: General
































