අනිත් දේ තමයි YouTube හි වීඩියෝවක් බලන විට තමන්ට අවශ්‍ය විදියට එහි ප්‍රමාණය වෙනස්කරගන්න, පහසුවෙන් Minimize, Maximize කරගන්න, තමන් කැමති තැනකට චලණය කරන්න වගේ ගොඩක් බාවිතා කරන්නාගේ පහසුවට හේතුවෙන කරුනු අන්තර්ගතවන්නේ නැහැ. මෙවැනි පහසුකම් බාවිතා කරන්නට නම් JetAudio වැනි සාමාණ්‍ය Desktop Media Player එකක් බාවිතා කරන්න වෙනවා. නමුත් ඉහත සඳහන් කල සියලු ගැටලු වලට විසඳුම් Maxthon වෙබ් බ්‍රව්සරයත් සමග අපට ලැබිලා තියෙනවා. මෙය Maxthon වෙබ් බ්‍රව්සරයටම විශේෂිත වූ ගුණාන්ගයක්.
මම පහතින් දක්වල තියෙන්නේ කොහොමද YouTube එක Maxthon Web Browser එකත් සමග සහයෝගයෙන් වැඩ කරන්නේ කියලා.
පැහැදිලිව බලාගැනීම සඳහා රූප මත ඔබන්න
Maxthon වෙබ් බ්‍රව්සරය අනේක් වෙබ් බ්‍රවිසරයන් හා සසඳන විට ඉතා වේගවත් මෙන්ම බාවිතා කරන්නාට පහසුවෙන අන්දමින් සැලසුම් කරන වෙබ් බ්‍රව්සරයක් කියන්න පුලුවන්. දැනටමත් ගොඩදෙනෙක් මෙය බාවිතා කරලත් ඇති. තවමත් උත්සාහ කරල නැති අය උත්සාහ කරල බලල අදහස් කියන්නකෝ..
අකමැත්තක් නැත්නම් SinhalaPress Follow කරල SinhalaPress Facebook Page එක Like කරල සහයෝගයක් දෙන්න.





