Showing posts with label General. Show all posts
Showing posts with label General. Show all posts

Friday, May 11, 2012

සිංහල බ්ලොග් කරුවන් සඳහා පමණයි! for Sinhala Bloggers only!

සිංහල බ්ලොග් framwork එකක්.
ලංකාවේ දැනට සක්‍රිය සිංහල බ්ලොග් කරුවන් ආසන්න වශයෙන් 1100 - 1300 ත් අතර සිටී. මොවුන් බොහෝ දෙනෙක් සිය බ්ලොග් කරණ සේවාව ලෙස බාවිතා කරන්නේ Google සමාගමේ Blogger නැමති සේවාවයි. ඕනෑම බ්ලොග් කරුවෙක් තමන්ගේම අනන්‍යතාවක් ඇති කරගන්න කැමතියි. ඉතින් බ්ලොග් එකක් පටන්ගන්නාවිට එයට සුදුසු නමයි යෙදීම, හොඳ ගැලපෙන Template(සිංහල වචනය නොදන්නෙමි :-( ) යෙදීම වගේ මූලික කරුණු කීපයක් ගැන සැලකිලිමති විය යුතුයි. නමුත් මේ සියල්ලටම වඩා බ්ලොග්කරුවෙක් විදියට තමන්ගේ අනන්‍යතාවය රඳා පවතින්නේ තමන් පාඨකයාට ඉදිරිපත් කරනදේ සහ එය ඉදිරිපත් කරන ආකාරය අනුව බව අවධාරණයෙන් යුතුව කිව යුතුය.


ඉතින් මම අද ලිපියක් ලියන්න හිතුවේ සිංහල බ්ලොග් කරුවන් සඳහාමයි. ඒ Blog Templates සම්බන්ඳවයි. ඇතැම් බ්ලොග් කරුවන්නම් බ්ලොග් කරණයේදී සිය බ්ලොගයේ ඇඳුම(Template/Theme) ගැන වැඩි අවධාණයක් යොමු කරන්නේ නැහැ. ඒදේ කාරනා කිහිපයක් නිසා වෙන්න පුලුවන්

  • තමන්ගේ රුචි අරුචිකම් වලට සරිලණ බ්ලොග් අච්චුවක්/ඇඳුමක්(Template/Theme) සොයාගැනීමට ඇති අපහසුකම.
  • තමන් කැමති පන්නයේ  බ්ලොග් අච්චුවක්/ඇඳුමක් සොයාගත්තත් එහි යම් යම් දෝෂ පැවතීම (උදා :- IE Web Browser එකෙහි මුල් සංස්කරණ සඳහා නිසිලෙස සහය ‍නොදැක්වීම)
  • තමන්ගේම කියල Blogger Template එකක් සකස්කරගන්න දැනුම නැති කම හෝ කම්මැලිකම.
ඉතින් ඔයවගේ කරුණු නිසා සාමාණ්‍ය බ්ලොග් කරුවන් කරන්නේ එම සේවාව විසින්ම ලබාදෙන blog templates භාවිතා කරන එක. නමුත් මම හිතන්නේ බ්ලොග් කරුවෙක් උනාම යම් දෙයක් ලියල සිය පාඨකායාට ඉදිරිපත් කරනවාට වඩා අලුත් මහුනුවරකින් අපි පාඨකා අතරට යායුතුයි කියාලා. ඉතින් ඒ දේට මෙම Blog Templates කියන දේ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේසඳහා විවිද වර්ගෙයේ බ්ලොග් templates ලබාදෙන වෙබ් අඩවි ඕනෑතරම් අන්තර්ජාලයේ දකින්න පුලුවන්. හැබැයි මෙම සියලුම වෙබ් අඩවි පාහේ ලබාදෙන්නේ කුණු ගොඩවල් කියල පැහැදිලිවම කියන්න පුලුවන්. මටත් ඒවගේ ‍වෙබ් අඩවි 2ක් තිබෙනවා. ඒත් මට ඒවා පවත්වාගෙන යන්න හිත දෙන්නේ නැහැ. මොකද අන්තර්ජාලයේ තියෙන එක එක්කෙනාගේ කුණුගොඩවල් මගේ වෙබ් අඩවි හරහා නිකුත් කරන්න. මගේ යටිහිතේ ලොකු අකමැත්තක් තියෙනවා.

ඉතින් මම තීරණය කලා Blogger සේවාව බාවිතා කරන සියලු බ්ලොග් කරුවන් වෙනුවෙන් මගේ දැනුම භාවිතා කරල ඉතා උසස් තත්වයේ blogger template framework එකක් නිපදවන්න. ඉතින් මේ සඳහා මට ඔයා‍ලයේ අදහස් අවශ්‍ය වෙනවා..ඉතින් මට ඒ සඳහා කරුණිකව උදව් කරන්න කියලා මම සියලුම ලාංකික බ්ලොග් කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ සඳහා ඔයාලට මට උදව් කරන්න පුලුවන් වෙන්නේ අදහස් දැක්වීමෙන් ඒකියන්නේ මම අහනව පොඩි ප්‍රශ්ණයක් ඒකට ඔයාලා අවන්කවම පැහැදිලිව පිළිතුරක් දුන්නොත් ඒ හොඳටම ඇති :) .

එම ප්‍රශ්ණයනම්, ඔයාලා තමන්ගේ බ්ලොග් අඩවිය සඳහා Blogger Template එකක් සොයද්දී මොනවගේ කාරණා ගැනද වැඩිපුරම සැලකිමත්වන්නේ සහ දැනට දකින්න ලැබෙන නොමිලේ දෙන Blogger Template වල දකින්න ලැබෙන අඩුපාඩු මොනවාද? 

මම පෞද්ගලිකව දකින අඩුපාඩු මෙතන සඳහන් කරන්නේ නැහැ. ඉතින් මෙම ප්‍රශ්නෙට පිළිතුරක් ලබාදෙන්න, එවිට එම සියලුම කරුණු සැලකිල්ලට අරගෙන. හැම අතින්ම සම්පූර්ණ Template Framework එකක් නිපදවල ඔයාලට නොමිලේම දෙන්නම්. එවිට ඔයාලට පුලුවන් ඉතා පහසුවෙන් තමන්ට අවශ්‍ය විදියට එය වෙනස්කරගන්න, පහසුවෙන් භාවිතා කරන්න. ඒ වගේම එය තමන්ගේ බ්ලොග් අඩවියට පැමිනෙන පාඨකයින්ටත් නැවුම් අත්දැකීමක් සහ පහසුවක් වේවි.

Wednesday, March 21, 2012

Dushyanth නැවතත් කරළියට..! බාගන්න..අහන්න..දැන්ම සෙටිවෙන්න..;-)

අපි හැහෝම දන්න..ලංකාවේ ඉන්න..නර්තනයට මෙන්න ගායනයටද එක වගේ දක්ෂ Dushyanth Weeraman අයියාගේ..පලමුවෙණි ගීත ඇල්බමය වන කරළිය..ඇල්බමයේ..ගීත ඔහු විසින් දැන් අන්තර්ජාලයට නිළ වශයෙන් නිකුත් කරල තියෙනවා..ඉතින් මෙම ඇල්බමයේ ගීත සියල්ල මීට කලින් ‍අහල නැති Dushyanth අයියට ආදරය කරන ඔහුගේ රසික රසිකාවියන්ට දැන්..අන්තර්ජාලය ඔස්සේ අහන්න..සහ බාගත කරගැනීමට අවස්තාව තියෙනවා..


මේ සඳහා යන්න..

වේ අඩවියට...

බීට් ගහන්..., වීල් කරන්..හොර්නට්(Hornet) පදින අපේ කොල්ලො..:D

ලංකාවේ ඉතින් අපේ අයට උපරිම පදින්න පුලුවන් බයික් ධාරිතාවය 250CC බව කවුරුත් දන්නවනේ..ඒකටනම් ඉතින් Hornet එකක් හරි Jade එකක් හරි තමයි...කුරුණෑගල බයික් සේල් එක පැත්තෙ රවුමක් දැම්මනම් RS(360000 - 580000) අතරේ හොඳ බාන්ඩයක් තෝරාගන්න පුලුවන්..:D පැදපු අය දන්නවනේ Indian බයික් එක්ක බැලුවම කොහොමද Riding Feeling එක කියලා...අපේ කොල්ලො ඉතින් කන්න අතේ සතේ නැති උනත් ඕකට තෙල්ටික ගහගෙන...රටේ නැති වැඩ කිඩ දානවනේ..ඕක ඉතින් කොලු ගතිය...හැබැයි යාළුවනේ කරන දෙයක් පරිස්සමෙන්...මගෙත් සයිබර් අවකාශය හරහා අඳුන ගත්ත යාළුවො දෙන්නෙක් මේ ලඟදි හදිසි අනතුරකින් මරණයට පත් උනා...ඒගැනත් පොඩි Post එකකින් කියන්නම්කෝ...


බලන්න මේ කවි පෙළ කොහොමද කියලා...


සූම් සූම් බෘම් බෘම් හඩ ඈතින් නද දෙන්නේ...
වීල් පාර ඈත ඉදං ගහගෙන කොල්ලා එන්නේ... 
පාං කාල කන්ඩ අතේ සල්ලි නැතුව ලත වෙන්නේ...
චූන් මිසක් වෙන වැඩ නෑ කෙල්ලත් එක්කයි යන්නේ...


බෙන්ලි ට්වින් වී එක්ස් දැන් හද්ද පරන වී ඇත්තේ...
ඒවා පදින අංකල්ලත් ඒ වාගේ වී ඇත්තේ....
හොනට් බාජා ඒ ටී එක්ස් අළුත් බයික් වී ඇත්තේ...
ලක්ස තුනක් හතරක් මයි ඒවට වැය කල යුත්තේ....


බැක් වීල් එක පට්ට සිරා තවත් එකක් පෙන්වන්නේ...
වීල් එකත් බාජා එකේ මහ කජ්ජක් නොම වන්නේ....
ක්ලාස් ඇරෙන වේලාවට බ්ලාස්ට් වෙන්න කැරකෙන්නේ...
පන්ති ඇරෙන නංගිලාට අමුතු මැජික් පෙන්වන්නේ...


හොනට් එකේ හොද සද්දෙට කෙල්ලො බලයි ඈත ඉදං...
පටං පටං බැක් ෆයරෙක වදින කලට පිස්සු පදං.... 
පෙට්රල් වහලාද උඹේ පිකප් මදිනෙ මේක මචං...
අරං වරෙං අපේ ගෙදර මේ ඉරිදා උදේ ඉතිං... 


අන්ඩ සීට් සයිලන්සර් එකක් ගන්න ඕනෙ මෙයා....
ඔයාව එක්කරං ඒකෙ කැන්ඩි යන්න හිතේ තියා..
පරන කබල් වලට තියා පිකප් කරං ඇරං ගියා...
තෙල් ගහන්ඩ සල්ලි නැතුව තල්ලු කරමු ඉතිං ඔයා... 


මහපාරේ සෙනග මැදින් වීල් ගහං ඔය යන්නේ...
ටූ ෆි‍ෆ්ටිය යකා වගේ සද්දෙ කරං ඔය එන්නේ...
කෙස් ගහකින් මිස් කෙරුනොත් ලයිෆ් එකත් පැක් වෙන්නේ..
වීල් සීන් පරිස්සමින් බයානකයි කොල්ලන්නේ....


රේස් එකේ පිකප් කරං අනූවකට ඇරං ගියේ...
ලූස් වෙන්ඩ අකමැත්‍තෙං එහෙං මෙහෙං වටෙං ගියේ..
තුම්මං හන්දිය ගාවින් නොබලාමයි මැදිං ගියේ...
ත්රීවිල් එක දකිනකොටත් ඒක ඇතුලෙ මම හිටියේ... 






මේ කවි පෙළ ලිව්වෙ Dinushasankalpa කියන එළකිරි ෆෝරම් එකේ අයියකෙනෙක්..කොහොමද ලස්සනයි නේද කවි ටික..:D

Tuesday, March 20, 2012

The Pirate Bay ගිය උඩ ;-) දැන් ඔන්න ඉතින් උඩ ඉඳන් තමයි බාන්න වෙන්නෙ.:-)

හැමෝම වගේ දන්නවනේ දැනට ලෝකේ තිබෙන ලොකුම Bit torrent අඩවිය ThePirateBay.se කියලා..මේකෙන්නේ අපේ ගොඩක් යාළුවෝ. තමන් කැමති චිත්‍රපට වල ඉඳන් පරිගණක ක්‍රීඩා, ගීත ඇල්බම, වාණිජමය මෟදුකාංග වගේ හැමදෙයක්ම බාගත කරගන්නේ(Download). ඇමෙරිකාව ගෙනාපු SOPA එකත් එක්ක කිම් ‍ඩොට්කොම් යෝධයා(යෝධයා කියන්නේ මොකද කියලා දන්නවානේ :P) කරගෙන ආපු MegaUpload එකත් වැහුන..ඒකට බයවෙලා..තිබුන ගොඩක් File share කරන අඩවි ස්වකැමැත්තෙන්ම අකුලගෙන ගියා...
තාමත් Media Fire නම් ඇදගෙන යනව..ඔය එක්කම ThePirateBay අඩවියේ ඩොමේන් නාමයත් .org වලින් .se වලට මාරු උනා..මොකද ප්‍රධාන TLD-Top Level Domain(.com, .net, .org, .us, .co ) වල අයිතිය තියෙන්නේ ඇමරිකාවටනේ..ඒ වඩා ආරක්ෂාවට.

ඒත් මේ අඩවියට තවමත් බලපෑම් එල්ලවෙනව..ඉතින් එම බලපෑම් වලින් තරමක් හෝ මිදෙන්න කියල දැන් අලුත්ම වැඩක් ඒ අය අත්හදා බලනව..ඇත්තටම මේක හරිම අපූරු දෙයක්..

මෙහිදී වෙන්නේ. එයාලගේ Files තියන servers රඳවන්නේ..උඩුගුවනේ තිබෙන ඩ්‍රෝණ යාන වල..හරියට සැටලයිට් වගේ. ඒකිව්වට ඒතරම්ම උඩකින්නම් නෙමෙයි..මේව පාළනය වෙන්නේ GPS තාක්ෂනය හරහා..දත්ත හුවමාරු කරන්නේ අදිවේගී wireless connections හරහා. ලෝකයේ රටවලට එම රටවල් වලටම වෙන්වූ ගුවන් පාළන ප්‍රදේශ තියෙනවා..ඉතින් අවසරයක් නොමැතිව එවැනි කළාපවලට ඇතුලු වීම තහනම්..ඉතින් මෙයාල කරන්නේ..මේ අඩවියට විරුද්ද වෙන්න සැරසෙනකොට එයාලගේ ඩ්‍රෝනා යානා එයාලට සහය දක්වන වෙනත් රටකට අරගෙන යන එක.

ඇමෙරිකන් කාරය මේකටත් මිසයිලයක් එවල බිම දායිද දන්නෙ නෑ :P

වැඩි‍ දුර තොරතුරු සඳහා කියවන්න..http://thepiratebay.se/blog/210

Monday, March 19, 2012

අයියෝ...තාමත් Gel ද ගාන්නේ.;-) මෙන්න විසඳුම පෙනෙළ ගාන්නකෝ..

ජෙල් වලට මෙන්න විකල්පය.......මමත් ජෙල් ගාලා නාගෙන තියෙනවා හොදට. නමුත් මට විකල්පයක් ලැබුණා. මෙම ලිපිය බලන සියල දෙනාගේ ප්‍රයෝජනය පිණිස මම මේ දේ ගැන කියන්නම්.


මේක ගෙඩි ජාතියක්. පෙනෙල ගෙඩි කියල කියන්නේ. (වැල් පෙනෙල නෙවෙයි රජෝ..!!!!) රත්තරං බඩු හදන අය මේක විශාල වශයෙන් භාවිතා කරනවා රත්තරං බඩු සුද්ද කරන්න, මොකද මේකෙ සබන් ගතියක් තියෙන නිසා. මේක රට ඉදි ගෙඩියක් වගේ එකක්. ඇතුලේ ලොකු ඇටයක් තියනවා. මේ ඇටය ඉවත් කරලා පිට පොත්ත ටිකක් වෙලා වතුරෙ දාලා තියලා අත් දෙක අතර තියල පොඩ්ඩක් රෝල් කලාම සබන්‍ පෙන වගේ දෙයක් ඇති වෙනවා. මේකයි කොණ්ඩෙ ගාන්න තියෙන "ජෙල්" එක. මේක ගාලා වේලුණාම නැතිනම් ඩ්‍රයර් එකක් දාලා වේලුවාම හිස කෙස් ආයේ හෙල වෙන්නෙවත් නැතුව තියනවා. ටිකක් වැඩියෙන් දැම්මොත් කොණ්ඩෙ හෙල්මට් එකක් දැම්ම වගේ වෙනවා. ඒ තරම් සවි වෙනවා. (ගාලා ඒසී එකේ හිටියා ම හරි...!!) නෑවාම සේදිලා යනවා., කොණ්ඩෙට බැදෙන දූවිලි වගේ දේවලුත් එක්කම. හිසත් සෑහෙන්න සිසිල් වෙනවා. මේ ‍ශාකය හිස කෙස් සදහා වැළදෙන රෝග ගණනාවකට ප්‍රතිකාර විදියට භාවිතා කරනවා.

ම‍ම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!

මේක සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. හැබැයි රටඉදි වගේ පෙණුම තියන හොදට මෝරපු ඒවා ගන්න. ග්‍රෑම් 500ක් 100/= නිතර වෙන්නේ .ලාබයි අත උඩින්. ග්‍රෑම් 500 ක් ගත්තාම මාස 6-8ක් ගාන්නත් පුළුවන්, මොකද එක ගෙඩියක් එකවරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් නිසා. බය නැතුව ගාන්න. අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි කියන්න පුළුවනි........!!!

දැන් අපි බලමු මේ දේ බාවිතා කරන්නේ කොහොමද කියලා....

මෙන්න මේව තමා ඔය පෙනෙල ගෙඩි..ඔය සිංහල බෙහෙත් බඩු කඩයකින් ගන්න පුලුවන්..



ඊට පස්සේ මේක මෙහෙම කපල මැද තියන ඇටේ අරන් දාන්න ඕන 


දැන් ඒක පොඩ්ඩක් පෙගෙන්න වතුරේ දාල විනාඩි 3,4ක් තියන්න.. 


දැන් හරි මේන්න මේක තමා ඔය ගෙඩිය.. 


මේක හොදට පොඩි කරන්න..(හරියට නිකන් සබන් ගාන්න කරන්නේ..අන්න ඒ වගේ..) එතකොට සබන් පෙන වගේ මෙහෙම පෙන එනවා 


ඊට පස්සේ ඉතිං ඒක ජෙල් එක වගේ ගාන්න තමා තියෙන්නේ..වැඩියෙන් ගෑවොත් ගල් වෙනවා වැඩි..අර කිවුව වගේ අ/ච් එකක් වගේ හිට්යම නියමෙටම සෙට් වෙනවා..ඔලුවේ රිදිලිත් නෑ.. ඔලුවට අමාරුවකුත් නෑ..නෑවට පස්සේ කූල් ..නිකනම නාද්දි හේදිල යනව..පොඩ්ඩක් කොන්ඩේ ඉක්මනට වැවෙනවාදෝ මංද.. මේන්න මෙහමයි වෙන්නේ...


මම  හිතනවා මෙම ලිපිය ගොඩක් තරණ අයට වැදගත් වෙයි කියල.. හැබැයි එක දෙයක් කියන්න ඕනෙ මෙම ලිපියේ අයිතිකරු මම නෙමෙයි..මම මෙය උපුටාගත්තක්.. එහි විස්තර පහත දැක්වේ..

මෙම ලිපියේ අයිතිකරුවන් වන්නේ..එළකිරි ෆෝරම් එකේ dath kimbula නම් මහතා සහ dath kimbula මහතාගේ තොරතුරු අනුසාරයෙන් තවදුරටත් මෙය පැහැදිලි කොට දුන් එළකිරි ෆෝරම් එකේ jkadithya නම් මහතාය.

වැඩි දුර විස්තර සඳහා කියවන්න

dath kimbula මහතා විසින් මුලින් පල කල ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1117682 

jkadithya මහතා තවදුරටත් විස්තර කරමින් පල කල ත්‍රෙඩ් එක http://www.elakiri.lk/forum/showthread.php?t=1364012

සුපිරි ඉංදීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිංග්.Yuvraj Singh නුදුරු දිනයකදී නැවතත් පිටියට :-)

අපි කවුරුත් හඳුනන ඉන්දීය පිලේ සුපිරි ක්‍රීඩක යුවරාජ් සිංග් හට පෙනහළුවල පිළිකාවක් වැලඳී ඇති බව මීට මාස කිහිපයට පෙර අපට අසන්න ලැබුන..එතැන් සිට අදදක්ව ඔහු ප්‍රතිකාර ලබමින් සිටින්නේ ඇම‍රිකාවේ..උහුගේ වෛද්‍ය වරුන් පවසන පරිදි..ඔහුගේ පිළිකාව බොහෝ සෙයින් පාළනය වී ඇති බවත් ඔහුට මාස කීපයක් ඇතුලත සාමාණ්‍ය තත්වට පැමිනීමට හැකි බවත් පවසනවා..


අප්‍රේල් මස මැද බාගයේදී ඔහු නැවතත් ඉන්දියාවට එන්න නියමිත බවත් පැවසෙනවා..ක්‍රිකට් ගැන උනන්දු..ක්‍රිකට් වලට ආදරය කරන අය..වැඩි විස්තර සඳහා මෙම ලිපිය කියවන්න..http://www.espncricinfo.com/india/content/current/story/557881.html

අපි ඉතින් ශ්‍රී ලාංකිකයොනේ..වෙනත් රටක ක්‍රීඩකයෙක් උනත් අපි උවුන්ට ආදරෙයි..ඒත් ඉන්දියානුවන්නම් අපේ පිළේ ක්‍රීඩකියින්ට අමු අමුවේ අපහාස කරන හැටි ෆේස් බුක් එකේ දකින විට හිතට ඇති වන්නේ මහත් දුකක්..

සිංහල බ්ලොගින්....හ්ම්..අප්පේ මතකයි මතකියි..:-) I'm back.

ගොඩ කාලයට පස්සෙ නැවතත් සිංහල බ්ලොග් කරනයට අතගහන්න කියල ඔන්න හදන්නේ...පසුගිය කාලයේ තරමක් කාර්යබහුල කම නිසා බ්ලොග් කරනයට යොදවන්න කාලයක් හොයා ගන්න බැරුවයි හිටියෙ..


හැබැයි මේ සැරේ මම බ්ලොග් කරනයේ යෙදෙන්නේ කලින් යෙදුනාට වඩා තරමක් වෙනස් විදියට..මම කලින් ලිව්වේ..අනවශ්‍ය විදියට දිග..අනවශ්‍ය විදියට විස්තර කරන ලද ලිපි..ඉතින් මේක කියවන්න එන අයට එපා වෙනවනේ..ඔන්න මේ සැරේ කෙටියෙන්..මම අහන දකින..මගේ අදහස්..ඔය ගොල්ලන් එක්ක බෙදා හදා ගන්න හිතුවා..ඒ..වඩාත් සරලව..කෙටියෙන්...ඒක මගේ බ්ලොග් එක කියවන ගොඩ දෙනෙක්ට පහසුවක් වෙයි කියලා හිතෙනවා..

හැමෝටම සුබ දවසක්..

Thursday, October 13, 2011

සිංහල අන්තර්ජාල ‍බ්ලොග්කරණයේ නවමු අත්දැකීම! එන්න ඇවිත් අප හා එක්වන්න

ඔන්න මම අද ඉදල පටන් ගන්න යනව අන්තර්ජාලය හරහා යම් වටිනාකමක් තියෙන දෙයක් ඉගෙන ගන්න පුලුවන් වැඩක්. ඔහොම කිව්වට තේරෙන එකක්යැ! මම මෙහෙම කියන්නම්, ඕන කෙනෙක් කැමතියි නේද අන්තර්ජාලයේ අනුන්ගෙ වල්පල් හොය හොය කියව කියව ඉන්නෙ නැතුව තමන් අන්තර්ජාලයේ ගත කරන සුලු මොහොතින් හෝ වැදගත් යමක් ඉගෙන ගන්න. මේ ප්‍රශ්නෙට උත්තර බඳින එක ඔය කියන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙන බව මම දන්නව. මොකද මම එහෙම කියන්නෙ, මිනිසුන්ගෙ මනස මොහොතින් මොහොත වෙනස් වෙන නිසා. කොච්චර කිව්වත් අනුන්ගෙ කුණු හාරල ඒවගෙ රස බලන්න බොහෝ දෙනෙක් තුල යටි හිතේ කාළකන්නි ආසාවක් තියෙනව. ‍මේක වරදක් විදියට මම දකින්නෙ නැහ.

මොකද අපි මනුසත්තුනෙ. හැබැයි ඔය කොයි කුනු ගොඩත් රස බලල අහවර උනාට පසුව තමයි ඒවගෙ රඟ දැනෙන්නෙ. සරලව කියන්නම්කො! හිතන්න තමන්ගෙ වටිනා කාලය කැප කරල චිත්‍ර පටියක් බලන්න ගියා කියල. බැලුවට පස්සෙ හිතෙනව නම් අපරාදෙ මේක බැලුවෙ කියල. අන්න ඒකයි මම අදහස් ‍කලේ. මම නම් ඉතින් ‍සිංහල ‍බ්ලොග් අවකාශයට අලුත් කොල්ලෙක් මම හිතනව සිංහල ‍බ්ලොග් අවකාශයෙ අක්කල අයියල නංගිල මල්ලිල ආදී හැමෝම මාව රැග් ‍එක නොදීම සාදරයෙන් පිළිගනියි කියල.
මමත් මුලදි අන්තර් ජාලයේ දවසකට පැය කීපයක් හිටියත් ඔහේ එහේ මෙහේ සැරි සරනව ඇරෙන්න ඒහැටි උවමනාවක් තිබුනෙ නැහ වැදගත් යමක් ජීවිතයට එකතු කරගන්න. පසුව මට වැටහුනා අපරාදෙ නේද මගෙ
කාලය කියල. ඉන්පසුව ටිකෙන්ටික මම විවිද දේ අන්තර් ජාලයෙන් ඉගෙන ගත්ත වගේම දැනටත් ඉගෙන ගන්නව.

ඉතින් මට හිතුන මම දන්න කියන දේ අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න ඕන කියල. එතකොට මට වැටහුනා මෙය සිංහල බ්ලොග්කරණය මගින් කල හැකි බව ඒඅනුව මම දන්න කියන වැඩ කෑලි දාල මගේ Sinhala Press බ්ලොගයට මටම ආවේනික උනු ඇඳුමක් ඇන්දෙව්ව. මේ දේ කරන්න යන කොටත් ම‍ට ගැටලු ගොඩක් ආව නමුත් ටික ටික අන්තර්ජාලයම බාවිතා කරල ඒවට විසඳුම් සොයා ගත්ත. මොකද මම blogger වලට අලුත‍්නෙ. ඉතින් මට සතුටුයි මම කලින් ඉගන ගත් දෙයක් practically බාවිතා කරන්න පුලුවන් වීම ගැන. තවත් බොහෝ දේවල් තියෙනව ඉගෙන ගන්න මට,මම දන්නෙත් ඉතාම සුලු දෙයක් විතරයි, නමුත් ගොඩක් ඇනුම තියෙන උගත් අය ‍මෙම බොලොග් අවකාශයේ සැරි සරනව.

ඉතින් මම කැමතියි SinhalaPress.blogspot.com යන ‍මාගේ ‍බ්ලොගය හරහා මේ සඳහා Online community එකක් හදා ගන්න මම හිතනව ඔය හැමෝම මාත් එක්ක එකතු වෙයි කියල. තාම ඔයාලට පැහැදිලි නොමැති ඇති මම කරන්න යන්නෙ මොකක්ද කියල. හොදයි මම කරන්න යන්නෙ සිංහලෙන් web technologies ගැන පාඩම් මාලාවක්.ඒ කියන්නෙ මේකට HTML, CSS(3), PHP, JAVASCRIPTS, AJAX, MYSQL, XML වගේ දේවල් ‍එකතු වෙනව.

මුලිනම පටන්ගන්න හිතුවෙ HTML සම්භන්දව පාඨමාලාවක්. දැන් බලමු මෙහි ඇති වැදගත්කම ඇත්තටම මේ දේවල් අන්තර්ජාලයේ කොතෙකුත් ඉගෙන ගන්නට තිබුනත් මම මේව අත්හදා බලන්න යන‍කොට ප්‍රශ්න ගොඩක් මතු වෙලා තියෙනව. මටත් ටිකක් මහන්සි වෙන්න උනා මේ ගැටලු ලිහා ගන්න අත්තටම මගේ කාලය ගොඩක් මේසඳහා වැය උනා. නමුත් එහෙම කට්ට කාල හොයා ගන්න කොට හොඳින් මතක හිටිනව. නමුත් මේවගේ ‍Online community එකක් පටන් ගත්තම හොඳ සංවාදයක් මේ සඳහා ගොඩ නැගෙනව. ඉතින් හැමොටම පහසුවෙන් මේ දේවල් ලක්ෂ ගණන් ගෙවල ඒත් කිසිම ගුනාත්මක බාවයකින් තොරව මාසෙන් දෙකෙන් අවසන් වන පරිගණක කලු කඩ වලින් ඉගෙන ගන්නවාට වාඩා හොඳින් ඉගෙන ගන්න පුලුවන් වෙනව.

කෙනෙක්ට තියෙන ගැටලුවකට තවත් කෙනෙක් ළඟ උත්තරයක් තිබෙන්ට පුලුවනි,අනික මේ හරහා මම නොදන්න‍ බොහෝ දේ මගේ යාලුවන්ගෙන් මටත් ඉගෙන ගන්න පුලුවන් වෙයි.ඉතින් හොඳයි නේද වැ‍ඩේ? මේ ගැන ඔයාලගේ අදහස් කියනවානම් ‍මම ගොඩක් කැමතියි. මම ඔයාලගේ ප්‍රතිචාර සලකල බලල මෙය පටන් ගන්න ඔන විදිය ගැන සරල අදහසක් ගන්නම් ඉතින් කියල යන්නකො ඔයාලට මේ ගැන හිතෙන දේ! හොදයි එහෙනම් අදට මම සමු ගන්නව.ඔයාලට සුබ දවසක්!