Showing posts with label Web browsers. Show all posts
Showing posts with label Web browsers. Show all posts

Thursday, March 22, 2012

Chrome ලොක්ක උඩයි උඩයි....ගිනි නරියා..බිමයි බිමයි....:P

ඔන්න පළමුවෙනි වතාවට එක දවසකට Google Chrome Web Browser එක ලෝකයේ වැඩි පුරම බාවිතා උන Web Browser එක වෙලා තියෙනවා..! ඒ බව කියන්නේ..StatCounter කියන ආයතනය..මෙය ස්වාදීන..විශ්ලේෂන කරන අයාතනයක්නේ...:D.. ඉතින් ගිනි නරියා(FireFox) සහ Microsoft IE පරද්දල එක දවසකට හරි Google Chrome හට රජ වෙන්න..ඉහලම දායකත්වයක් දක්වපු රටවල් වන්නේ..අසල්වැසි ඉන්දියාව(මේ යන විදියට අසල්වැසිය කියන්නත් නිකන් මොකක්ද වගේ..;-))..., රුසියාව, බ්‍රසීලය..වගේ රටවල්.


Google Chrome හට හැමදාම කප් එක ගහන්න බැරිවෙලා තියෙන්නේ..චීනය, ඇමෙරිකාව, ජර්මනිය වගේ රටවල්වල තවමත්, Microsoft IE සහ ‍Firefox යන Web Browser යන් වැඩි පුර බාවිතා කරන නිසා කියලයි කියන්නේ. හැබැයි..ලඟදීම දවසක Chrome සදාකාලික රජ වෙයි කියල තමයි මට නම් හිතෙන්නේ..:D..බලමුකො ඒකෙත් හැටි..තමත් මම පෞද්ගලිකවම දැකල තියෙනවා..රජයේ ඕනෑතරම් සේවා ස්තානවල..තවමත් බාවිතා කරන්නේ අර පරණ IE6.0 කියන මළ ජරාව..:P. සමහරුන් වෙනස් වෙන්න හරිම අකමැතියි..අනේ මන්ද ඕකට දන්නෑ අර කියනේනේ මානසික අවස්ථිතිය කියල..:P

ඔන්න බලාගන්න IE ගෙ බළපරාක්‍රමේ තරම..:-O....WOoooooooow.......
පැහැදිලිව බලාගන්න...පින්තූරය මත ඔබන්නකෝ....

මම නම් දැන් FireFox බාවිතා කරන්නේ Web Design කරනකොට ඒකේ Elements හරියට Firefox වල වැඩකරනවද කියල බලාගන්න විතරයි..Chrome හැරුනම අනෙක් බ්‍රව්සර් සඳහාත් එහෙමයි..අනික Firebug addons වලිනුත් දැන් වැඩැක් නැහැනේ..මට නම ඒකට වඩා සිය දහස් ගුණයකින් හොඳයි..Chrome Inspect Element..

මෙම සමීක්ෂණය ගැන වැඩි දුර විස්තර සඳහා පිවිසෙන්න..:-http://gs.statcounter.com/press/chrome-is-worlds-number-one-browser-for-a-day

Sunday, October 9, 2011

ඔපෙරා වෙබ් බ්රව්සරයේ නවතම සංස්කරණය වන ඔපෙරා 12 හි විශාල වෙනස්කම්

හැමෝම වගේ දන්නව web browsers කියන්නෙ මොනවද කියන එක සහ දැනට ලෝකෙ තියෙන ජනප්‍රිය web browsers මොනවද කියන එක ගැන. ඒ අතරින් Opera web browser එක ගැන හැමෝම අහල විතරක් නෙවෙයි බාවිතා කරලත් ඇති. නමුත් Opera web browser එක Web design කරන අය හැරෙන්න වැඩි දෙනෙක් බාවිතා කරනව අඩුයි ඒකට හේතු වශයෙන් කියනවනම්.

Opera 12
  • Web browser එකේ වේගය අඩුකම
  • නවතම Web Standards වලට සහයෝගය නොදක්වීම
වගේ දේවල් දක්වන්න පුලුවන්. මම post එක දාන දවස වන 09/10/2011 වන විට නිකුත් වී ඇති නවතම සංස්කරණය වන්නේ Opera version 11.51යි. ඉදිරියේදී නිකුත් වීමට නියමිත Opera version 12 සමග Opera browser  එකෙහි විශාල වෙනස්කම් සිදු වීමට නියමිතය. ඒ අතරට Opera හි මූලික වශයෙන් 
  • Rendering engine එකෙහි වෙනස්කම්
  • HTML 5 සඳහා පූර්ණ වශයෙන් සහය දැක්වීම
  • CSS 3 සඳහා සහය දැක්වීම
වාගේ දේවල් ගත හැකිය. මෙමගින් සියලුම ප්‍රධාණ web browsers සඳහා වෙබ් අඩවි නිර්මාණය කිරීම පහසු වනු ඇත. තවද CSS වල web gradients වලට සහ web animations  වලට සහය දක්වනු ඇත. පසුගිය වසර වල Opera web browser එකෙහි බාවිතා කරන්නන් අනෙක් web browsers බාවිතා කරන්නන්ට සාපේක්ෂව අඩු නමුත් ස්ථාවර ගණනක පැවතියහ. නමත් 2011 වර්ෂයේ මුල් මාස කිහිපයේ සිට බාවිතාකරන්නන්ගේ ක්‍රමික වර්ධණයක් පෙන්නුමි කරයි.
Image credits:http://www.opera.com