Showing posts with label Tweaks. Show all posts
Showing posts with label Tweaks. Show all posts

Sunday, December 11, 2011

Google Public DNS, Windows පරිගණක සඳහා යොදන ආකාරය.

අද මගේ ලිපියෙන් විස්තර කරන්නෙ Windows xp හා Windows 7  මෙහෙයුම් පද්ධති භාවිතා කරන අයට තමන්ගේ පරිගණ‍කයේ DNS(Domain Name System) මාරුකරගන්නා විදිය.

මොනවද මේ DNS කියන්නෙ?


DNS ගැන කියනව නම් ඒ ගැන ගොඩක් දේවල් කියන්න වෙනව. මේ ලිපියෙ අරමුණ ඒ දේ නොවෙන නිසා මම සරලව මේ ගැන පැහැදිලි කර දෙන්නම්.

හිතන්න ඔබට Youtube.com යන වෙබ් අඩවියට යෑමට අවශ්‍යයි කියල. එතකොට ඔබ කරන්නෙ බොහෝ විට youtube.com යන ඩොමේන් නාමය තමන් භාවිතා කරන වෙබ් බ්‍රව්සරයේ Address bar එකේ යතුරුලියනය ‍කොට Enter බොත්තම එබීමයි. ඉන්පසු සිදුවන්නේ වෙබ් බ්‍රව්සරය ඔබ බාවිතා කරන DNS Server එක හා සම්බන්ධ වී එයින් තමන්ට අවශ්‍ය ‍ඩොමේන් නාමයට අවශ්‍ය IP Address එක ඉල්ලීමයි. ඉන්පසු DNS Server එක එය සොයා බලා ඉල්ලූ ඩොමේන් නාමයට අදාල IP Address එක ඔබගේ වෙබ් බ්‍රව්සරයට යොමු කරයි. දැන් ඔබට එම IP Address එකට අධාල වන වෙබ් අඩවියට පිවිසිය හැක. මේ දේ සිදුවන්නෙ ස්වයංක්‍රීයව ඉතා සුලු කාලයක් තුලදි.

ඇයි අපි DNS මාරුකරගත යුතුවන්නෙ?


මේ දේත් සරලව පැහැදිලි කරනවානම්, ඔබ බොහෝවිට දැනට භාවිතා කරනවා ඇත්තේ ඔබගේ අන්තර්ජාල සම්බන්ධතා සැපයුම්කරු(ISP-Internet service provider) ඔබට ලබාදෙන DNS විය හැකියි. මෙම DNS අපිට ඔවුන් ලබාදෙන්නෙ ඔවුන්ගේ private DNS servers වලින්. ඉතින් එහි ගුණාත්මක බාවයේ යම් යම් අඩුපාඩුකම් ඇති උනොත් ඔබගේ අන්තර්ජාලයේ සැරිසැරීමේදී යම් යම් ගැටලුවලට මුහුණ පාන්න වෙනවා. ඒවගේ ම ඔබගේ තොරතුරුවල සුරක්ෂිතතාවය සහ පෞද්ගලිකත්වටත් යම් යම් බලපෑම් ඇතිවෙන්න පුලුවන්. නමුත් ඔබ open/public DNS servers බාවිතා කරනවානම් ඔබට ඉතා ඉහල කාර්යක්ශමතාවක් සහ ඉතා ඉහල පෞද්ගලිකත්වයක් අන්තර්ජාල සැරිසැරීමේදී ලබාගන්න පුලුවන්.

මොනවාද අපිට භාවිතා කරන්න පුලුවන් open/public DNS සේවා?


මෙවැනි open/public DNS සේවා බොහොමයක් තිබුනත් දැනට ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ OpenDNS.COM සපයන සේවාව හා Google සපයන Google Public DNS සේවාවයි.

මොන සේවාවද වැඩියෙන්ම හොඳ?


ඒ ප්‍රශ්නයට නම් කෙලින්ම පිළිතුරක් දෙන්න අපහසුයි. මොකද මේ සේවා දෙකම ලෝකයේ බොහෝ දෙනෙක් භාවිතා කරනවා. ගූගල් ලබාදෙන සේවාවල තත්වය ගැන ඔයාලට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ! ඒ නිසා මම අද හිතුව Google සපයන Google Public DNS සේවාව ලබා ගන්නා හැටි සරලව පැහැදිලි කරන්න. OpenDNS.COM සපයන සේවා සම්බන්දව ලිපියක් නුදු‍රේදීම මම පළ කරන්නම්.

Windows XP පරිගණකයක් සඳහා Google Public DNS සේවාව සක්‍රිය කරගන්නා ආකාරය.

01 Control Panel එක විවෘර්ත කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.

02 මීලඟට Network Connections යන්න ඔබන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.

03 දැනට ඔබ සක්‍රියව භාවිතා කරන අන්තර්ජාල සම්බන්දතාවය තෝරා ඒමත right click කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.
රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.


04 TCP/IP service යන්න තෝරා එහි Properties යන බොත්තම ඔබන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.


05 ඉන්පසු විවෘර්ත වන Window එකෙහි පහත පරිදි වෙනස්කම් කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.
දැන් ඔබ සියල්ල කර හමාරයි. පරිගණකය නැවත පණගන්වා(reboot) බාවිතා කිරීම වඩා යෝග්‍ය වේ.

Windows 7 පරිගණකයක් සඳහා Google Public DNS සේවාව සක්‍රිය කරගන්නා ආකාරය.


මේ සඳහාත් සැකසුම් කිරීම Windows XP පරිගණකයක් සඳහා කරන සැකසිම් වලට බොහෝ සෙයන් සමානයි. පහත පියවරයන් අනුගමණය කරන්න.

Controle Panel => Network and Internet => Network and Sharing Center => Change adapter Settings

මීලඟට ඔබ ඔබ සක්‍රියව භාවිතා කරන අන්තර්ජාල සම්බන්දතාවය තෝරා ඒමත right click කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.

ඉන්පසු මතුවන Window එකෙහි TCP/IPv4 යන්න තෝරා Properties යන බොත්තම ඔබන්න. මෙම පියවරයන්නම් Windows XP සඳහා මෙය කළ ආකාරයට බොහෝ ‍‍සෙයින් සමාන වේ.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.

 ඉන්පසු විවෘර්ත වන Window එකෙහි පහත පරිදි වෙනස්කම් කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.

දැන් ඔබ සියල්ල කර හමාරයි. පරිගණකය නැවත පණගන්වා(reboot) බාවිතා කිරීම වඩා යෝග්‍ය වේ.

එහෙනම් අද ලිපිය මෙතනින් ඉවරයි. කැමති කෙනෙක් අත්හදා බලන්න. නැවතත් අලුත් ලිපියකින් තවත් දිනකදී හමුවෙමු. ඔබට ජය.
Some Image credits: Google Image Search and techie-buzz

Thursday, November 17, 2011

මාර වැ‍ඩේ! එහෙන් අධිවේගී මාර්ග(Highways). මෙහෙන් අධිවේගී බ්ලොග්ස්(High Speed Blogs). අධිවේගයෙන් ඇවිත් කියවන්න.

අද මම ඉදිරිපත් කරන ලිපිය ගොඩක්ම වැදගත් වන්නෙ බ්ලොග් ලියන අයට සහ වෙබ් අඩවි හදන අයට. ඒ කිව්වට බලන අයටත් වැදගත් වෙනව.:P
වෙබ් අඩවි හදන අය සහ බොහෝ බ්ලොග් කරුවන් මේගැන දැනුවත් නමුත් නොදන්න කිහිප දෙනෙක්හරි ඇතිනෙ!
 ඉතින් එකී නොකී සියලුම දෙනාටම ප්‍රායෝගිකව වැදගත් වෙයි කියල මේ පුංච් ලිපිය ලියන්න හිතුන. හැමෝම කැමතිනෙ Speed(වේගය) එකට. හැමෝම ඉල්ලන්නෙත් ඒකනෙ! අද මගේ ලිපියෙන් විස්තර කරන්නෙ බ්ලොග් අඩවියක හෝ වෙබ් අඩවියක Speed(වේගය)  වැඩි කරගන්න සාමන්‍ය දැනුමක් තිබෙන කෙනෙකුට උනත් කරන්න පුලුවන් දේවල් හයක් ගැන.

ඇයි මේ කියන වේගය මෙතරම් වැදගත්? හිතන්න  ඔබ යමක් මිළදීගන්න කඩයකට ගියා කියල, නමුත් කඩය වහල. ඔබ දැන් කරන්නෙ අදාල භාණ්ඩය තිබෙන වෙනත් කඩයකට යන එකනෙ! අන්න ඒ දේම බ්ලොග් සහ වෙබ් අඩවි වලටත් අදාලයි. මෙය ආසියානු රටවල් වලට සහ ජනප්‍රිය වෙබ් අඩවි වලට නම් එතරම් අධාල නැහැ. ඒකට හේතුවන්ම් ඔයාල දන්නවනෙ.:D සරළ විදියට මෙය පැහැදිලි කරනවනම්

  • වේගය වැඩිනම් වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය වේගයෙන් Load වෙනව. ඒක එම වෙබ් අඩවියෙහි හෝ ‍බ්ලොග් අඩවියෙහි පාඨකයින්ට පහසුවක්.
  • Google ඇතුලු බොහෝ සෙවුම් යන්ත්‍ර වේගවත් අඩවි වලට කැමතියි. ඒකියන්නෙ Search Engine Ranking වලට මෙය බලපානව.
  • සීමා සහිත දත්ත/තොරතුරු පරාස(Limited Bandwidth) බාවිතා කරන, විශේෂයෙන් ජංගම අන්තර්ජාල සේවා බාවිතා කරන්නන්(Mobile Internet Users) අතර ඔබගේ අඩවිය ජනප්‍රිය වනව.
  • මුදල් ගෙවා ගත් වෙබ් ඉඩක පවත්වාගෙන යන වෙබ් අඩවි වලට, සීම සහිතව මාසිකව ලැබෙන දත්ත/තොරතුරු පරාස පළල(Bandwidth) එක ඉතිරි කරගැනීමට.
වගේ හේතු කිහිපයක් දක්වන්න පුලුවන්. ඔය මම දුන්නෙ ඇයි මේ දේ වැදගත් වන්නෙ කියන දේ සහ මෙම ලිපියට ප්‍රවිෂ්‍ඨ වීම සඳහා සරළ පැහැදිලි කිරීමක්. දැන් අපි බලමු මේ දේ කරන්නෙ කොහොමද කියල.

සැ.යු:- මම මෙහිදී ඉදිරිපත් කොට ඇත්තේ සාමාන්‍ය දැනුමක් තිබෙන හෝ නොතිබෙන කෙනෙකුට උනත් ප්‍රායෝගිකව කරන්න පුලුවන් සරළ කාරණා කිහිපයක් පමණි.

01 රූප වල බර අඩු කිරීම (Image Optimization)


ඔබ ඡායාරූප සංස්කරණයෙන් අනතුරුව රූප අවසන් ස්ථාපනයේදී(Save) සාමාන්‍ය ආකාරයට එය නොකොට, වෙබ් අඩවි සඳහාම වන “Save for the web” යන බාවිතාව හරහා රූප ස්ථාපිත(Save) කරගන්න. 80% විතර ලංකාවෙ වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි මෙය බාවිතා කරන්නෙ නැහැ කියල කියන්න පුලුවන්. මම මේ කියන දේ ඔප්පු කරලම පෙන්නන්නම් කෝ. කිව්වට විස්වාස නැතිද දන්නෙ නැහැනෙ.D

මේ සඳහා මම උදාහරණයට ගන්නෙ http://www.president.gov.lk/ කියන වෙබ් අඩවියෙහි ගරු මහින්ද රාජපක්ෂ ජනපතිඳුන්ගෙ ඡායාරූපයක්.
වෙබ් අඩවියෙහි එම ඡායාරූපය දිස්වන අයුරු
එම තෝරා ගත් ඡායාරූපය - සාමාන්‍ය අවස්ථාව - 18KB
එම තෝරා ගත් ඡායාරූපය - Optimize කළපසු - 8.51KB

බලන්න 50%කට වැඩි වෙනසක්. ඒත් ඉහත ඡායාරූප දෙකේ මිනිස් ඇසකට හඳුනාගත හැකි වෙනස්කම් බොහොම අඩුයි. මට නම් දෙකම එක වගේ.:D මෙම ඡායාරූපයටනම් මෙය ලොකු දෙයක් නොවුනත් ඇතැම් 300KB ‍වගේ තිබෙන ඡායාරූප 60KB වගේ ගේන්න පුලුවන් ඒක‍ ලොකුවෙනසක්. මම පිළිගන්නව මෙහිදී ගුණාත්මක බව අඩුවන බව. එහෙත් බොහෝ අවස්තා වලදී එම ගුණාත්මක බවේ අඩුවීම මිනිස්  ඇසට පැහැදිලිව හඳුනාගන්න අපහසුයි.

ඔන්න මම උදාහරණයක් දුන්න. දැන් අපි බලමු අපි හැමෝම දන්න, ගොඩදෙනෙක් භාවිතා කරන Adobe Photoshop හරහා මෙය කරන ආකාරය. පහත රූප හොඳින් නිරීක්ෂණය කරන්න.

  1. මුලින්ම ඡායාරූපය විවෘර්ත කරගන්න
  2. File Menu එක ඔබන්න
  3. එහි තිබෙන Save for the web යන Menu Item එක හරහා යන්න
  4. ඔබට අවශ්‍ය ආකාරයට වෙනස්කම් කොට ස්ථාපනය(Save) කරන්න.
රූපය පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න

ඔබට මෙය සිදු කරන්න PhotoShop Software එකම අවශ්‍ය නැහැ. වෙනත් විවෘර්ත මෘදුකාංගයක් හෝ අන්තර්ජාලයේ ඇති online image optimizer බාවිතා කරන්න පුලුවන්. මෙය මගින් වෙබ් අඩවියෙහි වේගය වැඩි වෙනවා මෙන්ම 

* විශේෂයෙන් Blogger සේවාව හෝ Wordpress.com සේවාව බාවිතාකරන්නන්ට මේ ක්‍රමය මගින් තමන්ට නොමිලේ හිමිවෙන Image සඳහා ඉඩ බොහෝ සෙයින් ඉතිරි කරගන්න පුලුවන්.


02 රූප වර්ග (Image Formats)


ඔබ Images Optimize කරන කොට ඒ සඳහා නිවැරිදිම රූප ආකාරය(Image Type) තෝරාගත යුතුවනව. මෙය සරළව විස්තර කරනවනම්


  • ඔබ photograph එකක් හරි truecolor image එකක් හරි Optimize කරනවානම් වඩාත් යෝග්‍ය වන්නෙ JPEG/JPG (Joint Photographic Experts Group) ආකාරයයි. මොකද මෙම රූප ආකාරයට සාපේක්ෂව ඉහල වර්ණ සංඛාවක් පෙන්වීමේ හැකියාව තිබෙනවා.
  • flatcolor images වලිදි හා වෙබ්අඩවියක හෝ බ්ලොග් අඩවියක logo සහ image buttons ආදී දේවල් වලදී ඔබට GIF (Graphics Interchange Format) යන රූප ආකාරය තෝ‍රාගන්න පුලුවන්.
  • මීට අමතරව PNG  (Portable Network Graphics) උනත් ඔබට බාවිතා කරන්න පුලුවන් මේ රූප ආකාරය GIF වලට බොහෝ සෙයින් සමාන උනත් ඊට වැඩි වර්ණ ප්‍රමාණයක් PNG රූප ආකාරයට පෙන්වීමේ හැකියාව පවතිනව. තවද පසුබිම විනිවිද පෙනෙන ආකාරයට රූප සැකසිමටත්මෙම රූප ආකාරය බාවිතා කරන්න පුලවන්
සැ.යු:- ඉහත ආකාරයටම ඔබ රූප ආකාරය තෝරාගත යුතුයි කියල නියමයක් නැහැ. නමුත් ඉහත නිර්දේෂයන් පිළිගන්නා සහ සුදුසු භාවිතාවන්(Good/Common Practice) ලෙස දක්වන්න පුලුවනි.
‍

03 CSS Optimize කිරීම


CSS(Cascading Style Sheets) කියන්නෙ මොනවද කියල ඔයාල ගොඩදෙනෙක් දන්න‍වනෙ. ඒ නිසා මම ‍ඒගැන මෙතනදී විස්තරයක් කරන්න යන්නෙ නැහ. දැන් අපි බලමු සරළව ‍කොහොමද මේගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කියල.

  • CSS code එකේ අනවශ්‍ය ඉඩවල්(Unwanted White Space) ඉවත් කිරීම.
  • අනවශ්‍ය තිත්කොමා සලකුණු(Semicolon) නොයෙදීම
  • විශාල comments දමා ඇතිනම් ඒවා ඉවත් කිරීම හෝ කෙටි අයුරකින් ‍යෙදිම
  • බාවිතා නොවෙන css rules ඇත්නම් සොයා ඉවත් කිරීම.
  • බොහෝ අවස්තාවලදී අවශ්‍ය වන එකම css rule එකක් සඳහා වෙන වෙනම css ලියන්නෙ නැතිව css classes බාවිතා කිරීම.
  • කෙටි css rule නාම භාවිතය.
වගේ සුළු සුළු දේවල් කරන්න පුලුවනි. පහත රූපය හොඳින් නිරීක්ෂණය කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න

මේ කාර්යයට බොහෝ සේවා අන්තර්ජාලයේ තිබුනත්. ඒවා මගින් යම් යම් දෝෂ ඇති වන්ට පුලුවන්. ඒනිසා මමනම් අනුමත කරන්නෙ තමා විසින්ම මේකාර්යය කරන ලෙසයි.

04 සබැඳුම්(links) යෙදීමේදී හැකි සෑම විටෙකම එහි අගට / යෙදීම.


මේ ගැනනම් කියන්න තියෙන්නෙ ඉතාම සුළු දෙයක්. එනම් ඔබ http://www.yourdomain.com/contact ලෙස link එකක් යොදා එය මත Click කර සබැඳුම සක්‍රිය කළ විට, web server එකට එක පාරටම හිතාගන්න බැහැ මම ප්‍රතිඡාරය විදියට දෙන්න ඕනෙ නැත්නම් Open කරන්න ඕනෙ මෙන විදියෙ File එකක්ද Page එකක්ද කියල. නමත් ඔබ http://www.yourdomain.com/contact/ ලෙස සබැඳුම සක්‍රිය කළවිට web server එක වේගයෙන් හඳුන ගන්නව, මේ link එක directory page එකක් කියල. එමගින් Web Server එක ප්‍රතිඡාර දක්වන වේලාව කෙටි කරගන්න පුලවන්. මේ සම්බන්දව වැඩි දුර විස්තර Google කිරීමෙන් සොයාගන්න පුලුවන්.


05 උස(Height) සහ පළල(Width) පෙන්වන උපලක්ෂණයන් අවශ්‍ය සෑම අවස්ථාවකදීම බාවිතා කිරීම.


height="" හා width="" යන html උපලක්ෂණ ආකාර භාවිතාවන html tags(ටැගයන්) වලදී, විශේෂයෙන්ම <img> යන html ටැගය භාවිතයේදී බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තමයි height="" හා width="" යන html උපලක්ෂණ ආකාර භාවිතා නොකිරීම. එහිදී Web Browser එක මුලින්ම html page එක කියවීමේදී අධාල <img> ටැගයේ උපලක්ෂණ කෙසේ හැසිරිය යුතුද යන්න මුලදීම නොදන්නා නිසා එම http ඉල්ලීම(Request) එක යන්න සහ එය සම්පූර්ණ වෙන්න ගතවන කාලයේ තරමක වැඩිවීමක් තිබෙනවා. නමුත් ඔබ මෙවැනි සෑම අවස්තාවකදීම උපලක්ෂණ භාවිතා කරනවානම් Web Browser එක කල්තියාම දන්නව  http ඉල්ලීම(Request) කෙසේද ක්‍රියාකලයුතුවන්නේද කියල. එමගින් වෙබ්අඩවිවල වේගය වැඩිකරගන්න පුලුවන්.

height="" හා width="" යන html උපලක්ෂණ ආකාර <img> යන html ටැගයක් සඳහා යොදා ඇති ආකාරය පහත රූපයෙන් නිරීක්ෂණය කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න


06 HTTP Requests ප්‍රමාණය අඩුකිරීම.


Web Browser එකක් මගින් වෙබ් අඩවියක් ඉල්ලූවිට මුලින්ම Web Browser එක මගින් එම වෙබ් අඩවියෙහි html කේතය කියවනු ලබයි. ඉන් පසු එහි ඇති විවිද Objects සඳහා ඉල්ලීම්(HTTP Requests) Web Server එකට යවනු ලබයි. මෙම ඉල්ලීම් අතරට CSS files, JavaScripts files, Images, swf, Applets, mp3, mp4...etc ඇතුලත් විය හැකිය. මේ ආකාරයේ ඉල්ලීම් වැඩිවෙන විට වෙබ් අඩවියේ වේගය පහල යයි. ඇත්තටම ඉල්ලීම් ප්‍රමාණයම විතරක් නොවෙයි ඉල්ලීම් වල විශාලත්වය ද මෙහිදී බලපානු ලබයි. එම නිසා මෙවැනි ඉල්ලීම් වෙබ් අඩවියක් සඳහා හැකිදාක් දුරකට අවම කරගැනීම‍ සහ ප්‍රබලත්වය අවම කිරීම වෙබ් අඩවියක වේගය කෙරෙහි තදින්ම බලපානු ලබයි.

මේ සඳහා පිළියම්.

  • අනවශ්‍ය Widgets, රූප යනාදිය ඉවත්කිරීම.
  • බාවිතා කරන රූප වල විශාලත්වය අඩුකිරීම.
  • පසුබිම් රූප(Background Images ) බාවිතයේදී එම රූප සියල්ලක්ම කැටිකරගත් තනි පසුබිම් රූප භාවිතා කරීම.
  • Ajax තාක්ෂණය බාවිතා කිරීම.
  • CSS Files කිහිපයක් තිබෙනවානම් එවා සියල්ල එකතු කර තනි CSS File එකක් විදියට බාවිතා කරීම.
  • CSS සහ JAVASCRIPT ගොනු Optimize කිරීමෙන් ඒවාගේ විශාලත්වය අඩුකිරීම.
වගේ සරළ දේවල් ඉදිරිපත් කරන්න පුලුවන්. පහත රූපය හොඳින් නිරීක්ෂණය කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න


මම අද මේ ලිපියෙන් ඉදිරිපත්කලේ වෙබ් අඩවි වේගවත් කිරීම හා බැඳුනු මතුපිට කාරණා කිහිපයක් පමණයි. මෙම මතුපිට කාරණාවල සිට Server side scripting languages වල Variable එකක් call කිරීම වගේ සියුම් ‍තැන් දක්වා දිවෙන බොහෝ කාරණා මේ කාර්යය සඳහා බාවිතා කරන්න පුලවන්. මෙම සරළ කාරණා කිහිපය තෝරාගන්න හේතුව එතරම් තාක්ෂණික දැනුමක් නොමැති පුද්ගලයෙකුට උනත් එදිනෙදා තමන්ගේ බ්ලොග්කරණ ජීවිතයේදී ඒවා ප්‍රායෝගිකව කරන්න තියෙන හැකියාව වැඩිකම හින්දයි. තවත් කාරණා රාශියක් තියෙනව මේසම්බන්දව කතාකරන්න. එම කාරණා සමග තවත් දවසක අලුත් ලිපියකින් හමුවෙමු. මම නාලක ප්‍රසාද් | Nalaka Prasad