Showing posts with label Tips and Tricks. Show all posts
Showing posts with label Tips and Tricks. Show all posts

Tuesday, September 11, 2012

Key Board එකෙන් වැඩ කිඩ දාන්න ☻ Special ALT Characters ☺

Key Board එකෙන් වැඩ කිඩ
ඔන්නට ඉතින් මම අද කොල්ලන්ට කෙල්ලන්ට ලස්සනට කොටන්න පොඩි Trick එකක් අරගෙන ආව. ට්‍රික් එකක් කියන එක හරිද මන්ද :P ඔයාල අනන්තවත් දැකල ඇතිනේ ෆේස්බුකියේ ඔය එක එක අමුතු html characters දාල තියෙනව. ඒකියන්නේ මෙන්න මේවගේ ☺ ☻ ♥ ♦ ♣ ♠ ♂ ♀ ♪ ♫ මේවායින් කීපයක් නම් දාන හැටි අපේ යාළුවො ගොඩදෙනෙක් දන්නව. ඒත් හැම එකකම යුතුරු දන්නේ නැතිව ඇතිනේ..:D ඉතින් මම අද ඔයාලට දෙනව සම්පූර්ණම html characters සෙට් එකම. :) දැන් ඉතින් මේක බලාගෙන ෆේස්බුක් එකේ, බ්ලොග් එකේ, අතන මෙතන වැඩකිඩ දාන්න පුලුවන් ;)

අහ් තව දෙයක් කියන්න අමත උනා මේ එක එක රූප තමන්ට අවශ්‍ය නම් වෙබ් අඩවිවල අතුරු මුහුනත් (UI) වල සංකේත විදියට උනත් භාවිතා කරන්න පුලුවන්. PHP එක්ක භාවිතා කරනව නම් utf 8 character encoding එකත් එක්ක භාවිතා කරන්න.

Sunday, April 29, 2012

කෙල්ලෙක් දාගන්න කියාපු බඩ්ඩ :D best way to attract a women :-)

හ්ම්....අද මම කියන්න යන්නෙ ටිකක් විතර අමුතු දෙයක්. අමුතු දෙයක් කිව්වෙ සාමාණ්‍යයෙන් මේ බ්ලොග් එකේ ලියවෙන දේවල්වලට වඩා වෙනස්දෙයක් අද ලියන නිසා. මේක මේ මම අන්තර්ජාලයේ පොඩි රස්දියාදුවක් ගහන ගමන් අහම්බෙන් දැක්ක දෙයක්..හ්ම්..දැන් කතාවට එමුකෝ..! අපි හැමෝම වාගේ සාමාණයෙන් සුවඳ විලවුන්(perfume) බාවිතා කරනවනේ..ගොඩක් කොල්ලොනම් ඔය කඩේකට ගියාම සුවඳ බැලුව ගත්ත, අපේ අය අතර ජනප්‍රිය සුවඳ විලවුන් ව‍ර්ග වෙන්නේ AXE, adidas, Voodoo, gold..etc වගේ ‍වර්ගනේ..ඉතින් මේවගේ දේවල් අපි හැමෝම වගේ බාවිතා කරන්නේ අනෙකාගේ ආකර්ෂණය දිනාගන්න, ප්‍රියමනාප කම වැඩිදියුනු කරගන්න වගේ දේවල් වලටනේ..මම නම් මීට අමතරව දවස්ගානක් පට්ට ගහපු T-shirt එහෙම නැවුම් විදියට තියාගන්නත් මේව බාවිතා කරනව :P

ඔය සාමාණ්‍ය සුවඳ විලවුන් අතරේ ටිකක් විතර අසාමාණ්‍ය(මේවගේ දේවල් තවමත් අසානැති අයට සහ බාවිතා කර නොමැති අය සදහා) සුවඳ විලවුන් වර්ගත් තියෙනවා..මේ ගැන තමයි මම අද කියන්න යන්නේ..ඇත්තම කියනවානම් මම මේගැන දැනගත්තේ මේලඟදි ඉඳන්..සමහරවිට මේගැන ඔයාල අහලත් ඇති බාවිතා කරලත් ඇති. ඒතමයි මානව ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් වර්ග.

ෆෙරෝමෝන කියන දේ කවුරුත් දන්නවනේ...! උසස්පෙළ ජීව විද්‍යාව හදාරපු අය නම් මේගැන හොදටම දන්නවා..සරලව කියනවානම් ෆෙ‍රෝමෝනයක් කියන්නේ සතුන් ඔවුන්ගේ පණිවුඩ හුවමාරු කරගන්න බාවිතා කරන ජෛයිව රසායනිකයක්..

මේ දේ අපි ජෛයිව පළිබෝධ නාශක ක්‍රමයක් විදියට කාලයක ඉදන් බාවිතා කරනවා..උදාහරන කීපයකුත් දෙනවනම්.

01. පොල්ගස් වල රතුකුරුමිණි පළිබෝධකයා මර්ධනයට
02. වී වගාවේ ගොයම් මැස්සා නම් පළිබෝධකයා මර්ධනයට(කෙම් ක්‍රමයකි)

අපි කවද්ද හිතුවෙ සතුන්ගෙ ෆෙරෝමෝන බාවිතා කරල එක එක දේවල් කරාට මිනිස් ෆෙරෝමෝන ලිංගික ආකර්ෂණය සඳහා යොදා ගනියි කියලා :O

ඉතින් මේ මානව ‍ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් හදන අය කියන විදියට මේව බාවිතා කරාම ප්‍රතිවිරුද්ධ ලිංගියකයන්ගේ ඉතා ඉහල ආකර්ෂණයක් තමන්වෙත ඇති වෙනවලු..ඒ වගේම විවිද අවස්තා සදහාත් එකිනෙකට වෙනස් ෆෙරෝමෝන බාවිතා කරල හදපු සුවඳවිලවුන් තියෙනවලු..කොහොමද වැඩේ :D හැබැයි මම දන්නෙ නම් නෑ මේව ලංකාවෙ ගන්න තියෙනවද කියලනම්..හැබැයි ඕන කෙනෙක්ට EBay.com එකෙන් ගන්න පුලුවන්..

බලන්නකෝ ඔය පහතින් තියෙන වී‍ඩියෝවත්..


මෙන්න මේ වෙබ් අඩවියට ගියාම තවත් ගොඩක් විස්තර මේ ගැන දැනගන්න පුලුවන්..http://www.luvessentials.com/

Wednesday, April 18, 2012

Maxthon එක්ක Youtube වැඩකිඩ..පට්ටයි හො‍ඳේ :-)

ඔන්න යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ පොඩි Trick එකක්. දින පතා Videos බලන්න YouTube යන අපේ යාළුවන්ට තියෙන ලොකු ප්‍රශ්ණයක් තමයි. YouTube එකේ තියෙන Videos තමන්ට පහසු ආකාරයකට බලන්න බැරි කම සහ බාගත(Download) කරගන්න තියෙන අපහසුතා. බාගත කරගන්න නම් Internet download manager වැනි උසස්තත්වයේ මෘදුකාංග තිබුනත් අපේ අය කීයෙන් කීදෙනාද එවැනි වාණිජමය මෘදුකාංග මුදල් ගෙවල ගන්නේ. බොහෝ අය කරන්නේ Crack කරල බාවිතා කරන එක. ඒකත් ටික කාලයි, මේ සඳහා අතුරු විසඳුම් විදියට විවිද Browser addons, extensions තිබුනත් ඒවාත් යම් යම් අවස්තාවලදී හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔය මම කිව්වෙ Youtube එකේ Videos බාගත(Download) කරගන්න ගියාම විඳින්න වෙන කරදර.


අනිත් දේ තමයි YouTube හි වීඩියෝවක් බලන විට තමන්ට අවශ්‍ය විදියට එහි ප්‍රමාණය වෙනස්කරගන්න, පහසුවෙන් Minimize, Maximize කරගන්න, තමන් කැමති තැනකට චලණය කරන්න වගේ ගොඩක් බාවිතා කරන්නාගේ පහසුවට හේතුවෙන කරුනු අන්තර්ගතවන්නේ නැහැ. ‍මෙවැනි පහසුකම් බාවිතා කරන්නට නම් JetAudio වැනි සාමාණ්‍ය Desktop Media Player එකක් බාවිතා කරන්න වෙනවා. නමුත් ඉහත සඳහන් කල සියලු ගැටලු වලට විසඳුම් Maxthon වෙබ් බ්‍රව්සරයත් සමග අපට ලැබිලා තියෙනවා. මෙය Maxthon වෙබ් බ්‍රව්සරයටම විශේෂිත වූ ගුණාන්ගයක්.

මම පහතින් දක්වල තියෙන්නේ කොහොමද YouTube එක Maxthon Web Browser එකත් සමග සහයෝගයෙන් වැඩ කරන්නේ කියලා.

පැහැදිලිව බලාගැනීම සඳහා රූප මත ඔබන්න




Maxthon වෙබ් බ්‍රව්සරය අනේක් වෙබ් බ්‍රවිසරයන් හා සසඳන විට ඉතා වේගවත් මෙන්ම බාවිතා කරන්නාට පහසුවෙන අන්දමින් සැලසුම් කරන වෙබ් බ්‍රව්සරයක් කියන්න පුලුවන්. දැනටමත් ගොඩදෙනෙක් මෙය බාවිතා කරලත් ඇති. තවමත් උත්සාහ කරල නැති අය උත්සාහ කරල බලල අදහස් කියන්නකෝ..

අකමැත්තක් නැත්නම් SinhalaPress Follow කරල SinhalaPress Facebook Page එක Like කරල සහයෝගයක් දෙන්න.

Tuesday, March 20, 2012

Used Phones in Sri Lanka...හ්ම්..බාවිතා කරන ලද ජංගම දුරකථනයක් මිළදී ගන්න අදහස් කරනවද??? පරිස්සම් වන්න !!!

මේ වෙනකොට ලංකාව තුල ජනගහනයටත් වැඩියෙන් ජංගම දුරකථන තිබෙනවානේ..තරණ, මහළු, බාළ, පිරිමි, ගැහැණු ආදී කොහොම ගත්තත් මේ සියලු දෙනාලඟ මොනදේ නැතිවුනත් ජංගම දුරකථනයක් බොහෝවිට තිබෙනවා..ඒ තරමට ජංගම දුරකථනය කියන දේ අපගේ ජීවිත වලට සමීප වෙලා ඉවරයි..


අද කාලේ බොහෝ තරණ පිරිස් එක් ජංගම දුරකථණයක් බාවිතා කරන්නේ මාස කිහිපයක් විතරයි..ඉන් පස එය විකුණා එයට වඩා වැඩි දියුනු එකක් මිළදී ගන්නව...තව ටික කලකින් එයත් විකුණනවා..ඕක ඉතින් සාමාණ්‍ය තත්වයක්..ඉතින් මෙසේ පිරිසක් විකුණනකොට ඒවා මිළදී ගන්න තව පිරිසකුත් ඉන්නවනේ..අන්න මේ පිරිසට තමයි මේ කෙටි ලිපිය වැදගත් වන්නේ..

ඔබ බාවිතා කරන ලද ජංගම දුරකථනයක් මිළදී ගන්න අදහස් කරණවානම් ඒ ගැන දෙපාරක් හිතන්න!!!

මොකද සමහර විට මෙය මගින් අන්තිමේදී හිරෙත් ලැගල, නඩුත් වැටිල, තමන්ගෙ නමත් කැත වෙලා තමයි නවතින්නෙ..හ්ම්....වචන ටිකක් සැර වැඩි‍යි‍ නේද???...නමුත් ඇත්ත තත්වය ඕක තමයි..

කොහොමද අප්පා Used Phone එකක් ගත්ත පළියට පොලිසි ගානෙ යන්න වෙන්නෙ???


ඒක වෙන්නේ මෙහෙමයි...අපි හිතමුකෝ..යම් කෙනෙක් තව කෙනෙක් ගෙන් හොරකම් කරන ලද හෝ අපරාදයකට සම්බන්ද ජංගම දුරකථනයක් ඔයාට සුළු මුදලකට විකුණන්න යනවා කියලා..ඇතැම් විට එම ජංගම දුරකථනය ඉතා වටිනා එකක් වන්නටද පුළුවන්. ඔයත් ජංගම දුරකථනයක් උවමනාවෙන් නම් හිටියෙ ‍බොහෝ විට මෙවැනි ගණුදෙනු කෙරෙන්න තියෙන සම්බාවිතාවය වැඩියි..

හරි.....දැන් ඔයා එම ජංගම දුරකථනය අරගෙන බොහොම සතුටින් ඒකට තමන්ගේ SIM පතත් යොදාගෙන බාවිතා කරමින් ඉන්නව..මෙන්න බොලේ එක පාරට ගෙදරට පොලිසියෙන් එනව..! ඉන්පස්සෙ ඉතින් වැටෙන  කරදර ගැන ඉතින් කියන්න ඕනෙ නැහැනේ..:P

මම වරදක් කරල නැති එකේ ඇයි මේ එක පාරටම පොලිසිය???


ඒක වෙන්නේ මෙහෙමයි..ජංගම දරකථනයේ සැබෑ අයිතිකරු තමන්ගේ නැතිවූ දුරකථනය ගැන පොලිසියට පැමිණිළි කරාම..පොලිසිය විසින් එය TRCSL (විදුලි සංදේශ නියාමන කොමිසම) හට දැනුම් දෙනවා..ඉන්පසු TRCSL මගින් මේ පිළිබඳ ලංකාවේ ක්‍රියාත්මක සියලුම ජංගම දුරකථන සේවා සැපයුම් කරුවෙක් හටම දන්නනවා..ඉන් පසු විශේෂ ක්‍රමයකින් දැනට ජංගම දුරකථනය බාවිතා කරන්නාගේ තොරතුරු සොයාගෙන පොලිසියට බාරදෙනවා..ඉන් පසුව පොලිසිය ඒ හරහා තමන්ගේ රාජකාරිය කරනවා..ඔන්න ඔහොම තමයි ගෙදරට පොලිසිය ආවේ...:D

ජංගම දුරකථන සමාගම විසින් මේවන විට ජංගම දුරකථනය බාවිතා කරන්නාගේ තොරතුරු සොයා ගන්නා විදිය.


මේකට ඒ අය උපයෝගීකරගන්නේ සෑම ජංගම දුරකථනයකටම ලැබෙන එම ජංගම දුරකථනයටම පමණක් සුවිශේෂ වූ විශේෂ අංකයක්..ඒකට අපි කියන්නේ IMEI (International Mobile Equipment Identity) කියලා..TRCSL එකෙන් ලංකාවට ගෙන්නන්න අනුමත කරපු සෑම ජංගම දුරකථන වර්ගයකටම මෙවැනි අංකයක් තියෙනවා..ඔය චීන කසල ගොඩවල් වල නම් ඕක තියනවද කියලා මම නම් දන්නේ නැහැ.:P


ජංගම දුරකථනයේ සැබෑ අයිති කරුගෙන් ජංගම දුරකථනයේ IMEI අංකය හෝ ඔහුගේ දුරකථන අංකය හෝ ඔය දෙකම (බොහොම කීප දෙනයිනේ තමන්ගේ ජංගම දුරකථනයේ IMEI අංකය දන්නේ නොදැන සිටියත් කමක් නැහැ තමන්ගේ ජංගම දුරකථන අංකය පමණක් උනත් ප්‍රමාණවත්. හැබැයි IMEI අංකය තිබුනොත් වැඩේ පහසුයි...) TRCSL එක මගින් ජංගම දුරකථන සමාගම් වලට ලබා දුන් විට එම සමාගම් කරන්නේ අදාල IMEI අංකයට අදාල ජංගම දුරකථනය තමන්ගේ ජාලය තුල ක්‍රියාත්මකද කියන එක සොයමින් ඉන්නවා..දුරකථනය සොරාගත් පුද්ගලයා හෝ එය පසුව මිළදීගත් තැනැත්තා ඉතින් දැනට ලංකාවේ ක්‍රියාත්මක ජංගම දුරකථන ජාලයකින් ලබාගත් SIM පතක් නේ භාවිතා කරන්න ඕ‍න..ඔන්න ඔතනිදි වැඩේ අහුවෙනවා..ඒකියන්නේ අලුතින් එම ජංගම දුරකථනය සඳහා සක්‍රිය වන SIM පතෙහි තොරතුරු ජංගම දුරකථන ජාලය ලබාගෙන පොලිසියට බාරදෙනවා...ID එකේ ඉතින් ලිපිණයත් තියෙනවනේ..:D මෙතනදී අදාල පුද්ගලයා ව්‍යාජ හැඳුනුම්පතක් බාවිතා කරනවන්ම මෙතනදී ගැටලුවක් මතුවෙනවා..ඒත් එවැනි අවස්තා උවද හසුකරගන්න අද කාලේ නවීන තාකෂණයන් බාවිතා වනවා ඇති..මම නම් ඒ සම්බන්දව දන්නේ නැහැ..ඒ සම්බන්දව දන්නා අයෙක් වෙතෙත් මාව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔන්න ඔහොම තමයි නැතිවූ ජංගම දුරකථනය සොයාගන්නේ..

පරිස්සම් වන්න!!!


විශ්වාස වන්ත නොමැති පුද්ගලයින්ගෙන් මෙවැනි ජංගම දුරකථන මිළදී ගැනීමෙන් වළකින්න..ඒ වගේම දැනට තදාසන්න ප්‍රදේශවල පවතින බොහොමයක් ජංගම දුරකථන අළුත්වැඩියා ආයතන වලද අඩුමිළට විකිනීමට තිබෙන්නේ මෙවැනි ජංගම දුරකතන. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ බොහෝ මෙවැනි ජංගම දුරකථන හොරුන් ඒවා විකුණන්නේ මෙවැනි ජංගම දුරකථන අලුත්වැඩියා ආයතන වලට..ඒ නිසා පරිස්සම් වන්න

තමන්ගේ අතේ ඇති මුදලට අලුත් ජංගම දුරකථනයක් විශ්වාසදායී ස්තානයකින් මිළදී ගැනීම තමයි නුවණට හුරු..

මේ ලිපියෙන් ගන්න පුලුවන් දේ


01 තමන්ගේ ජංගම දුරකථනය නැති වූ විට ක්‍රියා කල යුතු ආකාරය සම්බන්දව
02 භාවිතා කරන ලඳ ජංගම දුරකතණයක් හෝ විශ්වාසය තැබිය නොහැකි තැනකින් ජංගම දුරකථනයක් මිළදී ගැනීමේදී සැලකිලිමත් විය කරුණු

කොහොමද මගේ ජංගම දුරකතනයේ IMEI අංකය සොයාගන්නේ???


ඒ දේ ජංගමදුරකථනයෙන් දුරකථනයට වෙනස් වෙන්න පුලුවන්..ඉතින් මට ඒගැන ලියන්න කම්මැලියි..ඔයාලට how to find the IMEI number වගේ Google search term එකක් උපයෝගීකරගෙන තමන්ගේ දුරකතන‍යේ IMEI අංකය සොයාගන්න පුලුවන්..ඒ වගේම ඔබගේ ජංගම දුරකථනයත් සමග ලැබෙන පොත මගින්ද, නිළ වෙබ් අඩවිය මගින්ද...මේ තොරතුරු පහසුවෙන් සොයාගන්න පුලුවන්.

Nokia ජංගම දුරකථන සඳහා *#06# යොදා ok කොට බලන්න...

ඔබගේ ජංගම දුරකථනයේ IMEI අංකය සොයාගත් පසු එයා කොල කැබැල්ලක ලියලා..ඔබගේ මුදල් පසුම්බියේ තබාගන්න..හදිසියකදි ඔයාට ඒක ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්..

Monday, March 19, 2012

අයියෝ...තාමත් Gel ද ගාන්නේ.;-) මෙන්න විසඳුම පෙනෙළ ගාන්නකෝ..

ජෙල් වලට මෙන්න විකල්පය.......මමත් ජෙල් ගාලා නාගෙන තියෙනවා හොදට. නමුත් මට විකල්පයක් ලැබුණා. මෙම ලිපිය බලන සියල දෙනාගේ ප්‍රයෝජනය පිණිස මම මේ දේ ගැන කියන්නම්.


මේක ගෙඩි ජාතියක්. පෙනෙල ගෙඩි කියල කියන්නේ. (වැල් පෙනෙල නෙවෙයි රජෝ..!!!!) රත්තරං බඩු හදන අය මේක විශාල වශයෙන් භාවිතා කරනවා රත්තරං බඩු සුද්ද කරන්න, මොකද මේකෙ සබන් ගතියක් තියෙන නිසා. මේක රට ඉදි ගෙඩියක් වගේ එකක්. ඇතුලේ ලොකු ඇටයක් තියනවා. මේ ඇටය ඉවත් කරලා පිට පොත්ත ටිකක් වෙලා වතුරෙ දාලා තියලා අත් දෙක අතර තියල පොඩ්ඩක් රෝල් කලාම සබන්‍ පෙන වගේ දෙයක් ඇති වෙනවා. මේකයි කොණ්ඩෙ ගාන්න තියෙන "ජෙල්" එක. මේක ගාලා වේලුණාම නැතිනම් ඩ්‍රයර් එකක් දාලා වේලුවාම හිස කෙස් ආයේ හෙල වෙන්නෙවත් නැතුව තියනවා. ටිකක් වැඩියෙන් දැම්මොත් කොණ්ඩෙ හෙල්මට් එකක් දැම්ම වගේ වෙනවා. ඒ තරම් සවි වෙනවා. (ගාලා ඒසී එකේ හිටියා ම හරි...!!) නෑවාම සේදිලා යනවා., කොණ්ඩෙට බැදෙන දූවිලි වගේ දේවලුත් එක්කම. හිසත් සෑහෙන්න සිසිල් වෙනවා. මේ ‍ශාකය හිස කෙස් සදහා වැළදෙන රෝග ගණනාවකට ප්‍රතිකාර විදියට භාවිතා කරනවා.

ම‍ම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!

මේක සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. හැබැයි රටඉදි වගේ පෙණුම තියන හොදට මෝරපු ඒවා ගන්න. ග්‍රෑම් 500ක් 100/= නිතර වෙන්නේ .ලාබයි අත උඩින්. ග්‍රෑම් 500 ක් ගත්තාම මාස 6-8ක් ගාන්නත් පුළුවන්, මොකද එක ගෙඩියක් එකවරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් නිසා. බය නැතුව ගාන්න. අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි කියන්න පුළුවනි........!!!

දැන් අපි බලමු මේ දේ බාවිතා කරන්නේ කොහොමද කියලා....

මෙන්න මේව තමා ඔය පෙනෙල ගෙඩි..ඔය සිංහල බෙහෙත් බඩු කඩයකින් ගන්න පුලුවන්..



ඊට පස්සේ මේක මෙහෙම කපල මැද තියන ඇටේ අරන් දාන්න ඕන 


දැන් ඒක පොඩ්ඩක් පෙගෙන්න වතුරේ දාල විනාඩි 3,4ක් තියන්න.. 


දැන් හරි මේන්න මේක තමා ඔය ගෙඩිය.. 


මේක හොදට පොඩි කරන්න..(හරියට නිකන් සබන් ගාන්න කරන්නේ..අන්න ඒ වගේ..) එතකොට සබන් පෙන වගේ මෙහෙම පෙන එනවා 


ඊට පස්සේ ඉතිං ඒක ජෙල් එක වගේ ගාන්න තමා තියෙන්නේ..වැඩියෙන් ගෑවොත් ගල් වෙනවා වැඩි..අර කිවුව වගේ අ/ච් එකක් වගේ හිට්යම නියමෙටම සෙට් වෙනවා..ඔලුවේ රිදිලිත් නෑ.. ඔලුවට අමාරුවකුත් නෑ..නෑවට පස්සේ කූල් ..නිකනම නාද්දි හේදිල යනව..පොඩ්ඩක් කොන්ඩේ ඉක්මනට වැවෙනවාදෝ මංද.. මේන්න මෙහමයි වෙන්නේ...


මම  හිතනවා මෙම ලිපිය ගොඩක් තරණ අයට වැදගත් වෙයි කියල.. හැබැයි එක දෙයක් කියන්න ඕනෙ මෙම ලිපියේ අයිතිකරු මම නෙමෙයි..මම මෙය උපුටාගත්තක්.. එහි විස්තර පහත දැක්වේ..

මෙම ලිපියේ අයිතිකරුවන් වන්නේ..එළකිරි ෆෝරම් එකේ dath kimbula නම් මහතා සහ dath kimbula මහතාගේ තොරතුරු අනුසාරයෙන් තවදුරටත් මෙය පැහැදිලි කොට දුන් එළකිරි ෆෝරම් එකේ jkadithya නම් මහතාය.

වැඩි දුර විස්තර සඳහා කියවන්න

dath kimbula මහතා විසින් මුලින් පල කල ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1117682 

jkadithya මහතා තවදුරටත් විස්තර කරමින් පල කල ත්‍රෙඩ් එක http://www.elakiri.lk/forum/showthread.php?t=1364012

Google දෙයියට හොරා බුකියේ සැරිසැරීම ;-)

Facebook කිව්වම ඉතින් අද නොදන්න කෙනෙක් නැති තරම්..ලංකාවෙත් අතිවිශාල පිරිසක් මෙම සේවය බාවිතා කරනවා. ඇත්තටම බොහෝ දෙනෙක් මේකට ඇබ්බැහි වෙලා කිව්වොත් නිවැරිදියි. සමහරුන යාළුමිත්‍රයන් සමග Chat කරන්න, තවත් සමහරුන් News Feeds බලන්න, ඇතැම් අය තමන්ගේ Marketing වැඩ වලට. ඔය වගේ එකී නොකී විවිද දේ සඳහා අපි මේක බාවිතා කරනවා..



නමුත් මේ Facebook නිසා තමන්ගේ පෞද්ගලිකත්වයට යම් යම් බලපෑම් ඇති වෙන්න පුලුවන්. තමන්ගේ පෞද්ගලික තොරතුරු අනවශ්‍ය පුද්ගලයින් අතට පත් වෙන්න පුලුවන්. මෙවැනි හානි වලක්වා ගන්න මෙම සේවාව විසින් පහසුකම් සලසා දී තිබෙනවා..

අද මම මේවායින් කතා කරන්නේ එයින් එක් දෙයක් ගැන.

ඒ තමයි, කොහොමද අපගේ ෆේස්බුක් ගිණුමේ තොරතුරු Google සෙවුම් ප්‍රථිපල වලින් ඉවත් කර ගන්නේ කියලා..එනම් මෙහිදී ඔයාගේ කිසිම ෆේස්බුක් ක්‍රියාකාරකමක තොරතුරු හෝ ඔයගේ ගිනුමේ තොරතුරු තවත් කෙනෙකුට Google හෝ වෙනයම් කිසිම කෙනෙකුට සොයාගන්න බැහැ..නමුත් ඔයා රිසිසේ තමන්ගේ ගිණුම බාවිතා කරන්න පුලුවන්..තමන්ගේ හිතමිතුරන් යාළුවන් විදියට එකතු කරගන්න පුලුවන්..යම් ඔබ නොහඳුනන  කෙනෙක් ඔබගේ Facebook URL එක හරහා එන්න හැදුවත් එයාට ඔයගේ Facebook Profile එකවත් බලාගන්න බැහැ. ඉතින් මම හිතනවා ගොඩදෙනෙක්ට මේදේ ප්‍රයෝජනත් වෙයි කියලා..මොකද අප අතරේ බොහෝ දෙනෙක් මෙවැනි සුලු දේවල් සම්බන්දව වැඩි අවධානයක් දක්වන්නේ නැති නිසා..

දැන් අපි බලමු ඉතා සරලව මෙය කරගන්නා ආකාරය

පහත රූප පැහැදිලිව දර්ශණය නොවේ නම් කරුණාකර එය මත ඔබන්න.

පියවර අංක 01

පියවර අංක 02


පියවර අංක 03


පියවර අංක 04

පියවර අංක 04 දී දමා ඇති tick එක (check box) එක untick කරන්න.

දැන් ඔබ සියල්ල කර හමාරයි. එහෙත් ටික දිනක් යනකම් ඔබගේ දත්ත Google SERPs (Search Engine Result Pages) වල දර්ශනය වේවි.. Google SERPs updates වෙනකොට ඔබගේ තොරතුරු ඉන් ඉවත් වේවි..

ඔබට නැවතත් මුල් තත්වයට ගෙන ඒමට උවමනානම් ඉහත පියවරයන් ටික නැවත සැකසීමෙන් එය කල හැක.

Friday, November 11, 2011

මිනිත්තු 5කින් නොමිලේම ඔබගේ වෙබ් අඩවියට හෝ ‍බ්ලොග් අඩවියට ඔබටම කියල Android හා Nokia ජංගම දුරකථන වලට සහය දක්වන App එකක් සාදාගන්නා විදිය.

අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ තමන්ගෙ බොලොග් අඩවි‍ය සඳහා හෝ වෙබ් අඩවිය සඳහා සම්පූර්ණයෙන්ම නොම්ලේ තමන්ටම කියල App එකක් හදා ගන්න විදිය.

මේ App එක අපි බාවිතා කරන්නෙ නවතම Android හා Nokia ජංගම දුරකථන සඳහා. ලෝකයේ අන්තර්ජාල බාවිතා කරන්නන්ගෙන් ඉතා විශාල ප්‍රතිශතයක් අන්තර්ජාලයට පිවිසෙන්නෙ තමන්ගෙ ජංගම දුරකතනයෙන් කියන එක නොරහසක්. මොදක ජංගම දුරකථනය කියන්නෙ දැන් අපේ ජීවිතේම කොටසක්නෙ. එහිදී සාමාන්‍ය විදියට අන්තර්ජාලයේ සැරිසැරීමට නම් ජංගම දුරකථනයේ ස්තාපිත කොට ඇති වෙබ්බ්‍රව්සරය හරහා තමයි තමන්ට අවශ්‍ය දේ හොයා ගන්න වෙන්නෙ. නමුත් මේ ක්‍රමය ටිකක් කරදර කාරී දෙයක්. ඒකට හේතු කිහිපයක්ම තියෙනව පහත ඒවායින් කිහිපයක් මම සරලව දක්වල තියෙනව.

01 - ජංගම දුරකථනවල වෙබ්බ්‍රව්සර් වල තිරය කුඩාවීම.

02 - Desktop පරිගණක සඳහා තැනූ වෙබ් අඩවි ඒ ආකාරයෙන්ම ජංගම දුරකථනවල දර්ශනය නොවීම.

03 - වෙබ් අඩවිය හැසිරවීම තරමක් වෙහෙසකාරී වීම.

04 - වෙබ් අඩවියෙහි Desktop සංස්කරණයෙහි විශාලත්වය වැඩි නිසා ජංගම දුරකථනයට පැමිණෙන්න(Load) විශාල වේලාවක් ගත වීම.

ඉහත සඳහන් කෙරෙනු පොදු කාරණා වලට අමතරව තමන්ගේ වෙබ් අඩවියෙහි ඇති විශේෂතා නිසාම එම වෙබ් අඩවි ජංගම දුරකථන අතරට ගෙනයන්න දැන්දැන් විශාල ව‍ශයෙන් මේවගේ Apps නිර්මාණය වෙනව. මෙම Apps වෙබ් අඩවියක් සඳහාම කියල නියමයක් නැහැ. ඕ‍නෑම සේවාවක් පහසුවෙන් හැසිරවීමට හා ලබාගැනීමට මේ වගේ apps අපට නිර්මාණය කරන්න පුලුවන්. ඇත්තටම දැන් මේක හොඳ මුදල් ඉපයීමේ මාර්ගයක් වෙලා. උදාහරණයක් විදියට හිතන්න ඔබ නිර්මාණයක කරපු Android app එකක් 30$ ගානෙ Android Market එකට දැම්මයි කියල. ඒක ලොවපුරා මිලියණයක් අලෙවි වූවානම් ලැබෙන මුදල කොහොමද කියල!!! නමුත් මෙය හිතන තරම් ලේසිපහසු කටයුත්තක් නම් නෙවෙයි.

මේ වගේ App එකක් වෙබ් අඩවියකට ති‍බීම මගින් ලැබෙන වාසි මොනවාද?


ඒගැන සරළ වැටහීමක් ඉහත මාගේ විස්තරයෙන් ලබාගන්න පුලුවන්. තවදුරටත් පැහැදිලි කරනවානම් මේ මගින් අපගේ වෙබ් අඩවියට ලැබෙන පැමිණීම් සංඛ්‍යාව වැඩිවෙනව. මොකද බාවිතා කරන්නන්ට මේ app එක හරහා  ඉතා වේගයෙන් මේන්ම පහසුවෙන් අපගේ වෙබ් අඩවිය පරිශීලනය කරන්න අවස්ථාව ලැබෙන නිසා.

බ්ලොග් අඩවිය සඳහා හෝ වෙබ් අඩවිය සඳහා App එක නිර්මාණය කිරීම.


01 - මේ සඳහා http://ibuildapp.com ‍යන වෙබ් අඩවියට යන්න.

රූප පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න

02 - මීලඟට මෙම වෙබ් අඩවියේ ගිණුමක් ආරම්භ කරන්න. කැමතිනම් තමන්ගෙ Facebook ගිණුම හරහා උනත් සම්බන්ද වෙන්න පුලුවන්.

03 - Create App යන Button එක Click කරන්න.

04 - Native iPhone/Android App හරහා යන්න.

05 - මීලඟට වෙබ් අඩවියේ පහතින් ඇති Custom App යන්න තෝරා(Select) ඒ හරහා යන්න.

06 - දැන් ඔබ කැමති නමක් ඔබගේ App එක සඳහා දෙන්න.

07 - Android යන්න තෝරා ඒ හරහා යන්න.

මීලඟට කරන්න තියෙන දේවල් ටික හරිම පහසුයි. මේ සඳහා වෙබ් අඩවියෙන් ඉතාම පහසුවෙන් හසු‍රුවන්න පුලුවන් අතුරුමුහුණතක්(GUI) ලබාදීල තියෙනවා. පහත රූපය හොඳින් නිරීක්ෂණය කරන්න.

රූප පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න

08 - ඔබ කැමති LOGO එකක් ලබාදෙන්න, App එකේ පසුබිම් වෙනස්කරන්න අවශ්‍යනම් කැමති image එකක් upload කරන්න. ඔබ කරන සියලු වෙනස්කම් අනුව App එක වෙනස්වනු ලබන ආකාරය හා එය සජීවී ආකාරයෙන් ජංගම දුරකතනයක් තුල දිස්වන ආකාරයේ දර්ශණයක් වෙබ් අඩවියෙහි වම් පසින් දැකගන්න පුලුවන්.

09 - මීලඟට ඔබ පියවෙරෙන් පියවර ඉදිරියට යමින් ඔබට අවශ්‍ය ආකාරය Default settings වෙනස් කර ගන්න. ඒම පියවරයන් ඉතාම සරල ඒව. ඒනිසා ඒව මම එකින් එක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ කියල හිතනව.

රූප පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න

10 - අවසාන අවශ්‍යයෙන් ඔබ සෑදූ app එක download කරගන්න. එපමනයි. දැන් ඔබගේ වෙබ් අඩවියටත් ඔබගේම කියල app එකක් තියෙනව.

ඔබට පසුව උනත් ඔබගේ ගිණුමට log වෙලා ඔබගේ app එකේ යම් යම් වෙනස්කම් කරන්න පුලුවන්. එහිදී ඔබ ඔබගේ app එක අන්තර්ජාලයට යොමුකරලනම් තියෙන්නෙ. ඔබ කරන සියලු වෙනස්කිරීමක්ම ඔබගේ app එක බාවිතාකරන්න අයෙගෙ ජංගම දුරකථන වලට යනව. ඒකියන්නෙ ස්වයංක්‍රීයවම ඔයාගෙ app එක update වෙනව. ඔයාලට අවශ්‍යනම් 25$ ගෙවල ‍app එක Android Market  එකට දාන්න පුලුවන්. නැත්නම් ඔයාල පරිගණකයට download කරගත්තු app එක නො‍මිලේ file upload කරන්න දෙන වෙබ් අඩවියටක upload කරල link එක වෙබ් අඩවියෙහි දමන්න පුලුවන්. උත්සාහ කරල බලන්න අපූරු අත්දැකීමක් වෙයි.