Showing posts with label Blogger. Show all posts
Showing posts with label Blogger. Show all posts

Thursday, November 17, 2011

මාර වැ‍ඩේ! එහෙන් අධිවේගී මාර්ග(Highways). මෙහෙන් අධිවේගී බ්ලොග්ස්(High Speed Blogs). අධිවේගයෙන් ඇවිත් කියවන්න.

අද මම ඉදිරිපත් කරන ලිපිය ගොඩක්ම වැදගත් වන්නෙ බ්ලොග් ලියන අයට සහ වෙබ් අඩවි හදන අයට. ඒ කිව්වට බලන අයටත් වැදගත් වෙනව.:P
වෙබ් අඩවි හදන අය සහ බොහෝ බ්ලොග් කරුවන් මේගැන දැනුවත් නමුත් නොදන්න කිහිප දෙනෙක්හරි ඇතිනෙ!
 ඉතින් එකී නොකී සියලුම දෙනාටම ප්‍රායෝගිකව වැදගත් වෙයි කියල මේ පුංච් ලිපිය ලියන්න හිතුන. හැමෝම කැමතිනෙ Speed(වේගය) එකට. හැමෝම ඉල්ලන්නෙත් ඒකනෙ! අද මගේ ලිපියෙන් විස්තර කරන්නෙ බ්ලොග් අඩවියක හෝ වෙබ් අඩවියක Speed(වේගය)  වැඩි කරගන්න සාමන්‍ය දැනුමක් තිබෙන කෙනෙකුට උනත් කරන්න පුලුවන් දේවල් හයක් ගැන.

ඇයි මේ කියන වේගය මෙතරම් වැදගත්? හිතන්න  ඔබ යමක් මිළදීගන්න කඩයකට ගියා කියල, නමුත් කඩය වහල. ඔබ දැන් කරන්නෙ අදාල භාණ්ඩය තිබෙන වෙනත් කඩයකට යන එකනෙ! අන්න ඒ දේම බ්ලොග් සහ වෙබ් අඩවි වලටත් අදාලයි. මෙය ආසියානු රටවල් වලට සහ ජනප්‍රිය වෙබ් අඩවි වලට නම් එතරම් අධාල නැහැ. ඒකට හේතුවන්ම් ඔයාල දන්නවනෙ.:D සරළ විදියට මෙය පැහැදිලි කරනවනම්

  • වේගය වැඩිනම් වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය වේගයෙන් Load වෙනව. ඒක එම වෙබ් අඩවියෙහි හෝ ‍බ්ලොග් අඩවියෙහි පාඨකයින්ට පහසුවක්.
  • Google ඇතුලු බොහෝ සෙවුම් යන්ත්‍ර වේගවත් අඩවි වලට කැමතියි. ඒකියන්නෙ Search Engine Ranking වලට මෙය බලපානව.
  • සීමා සහිත දත්ත/තොරතුරු පරාස(Limited Bandwidth) බාවිතා කරන, විශේෂයෙන් ජංගම අන්තර්ජාල සේවා බාවිතා කරන්නන්(Mobile Internet Users) අතර ඔබගේ අඩවිය ජනප්‍රිය වනව.
  • මුදල් ගෙවා ගත් වෙබ් ඉඩක පවත්වාගෙන යන වෙබ් අඩවි වලට, සීම සහිතව මාසිකව ලැබෙන දත්ත/තොරතුරු පරාස පළල(Bandwidth) එක ඉතිරි කරගැනීමට.
වගේ හේතු කිහිපයක් දක්වන්න පුලුවන්. ඔය මම දුන්නෙ ඇයි මේ දේ වැදගත් වන්නෙ කියන දේ සහ මෙම ලිපියට ප්‍රවිෂ්‍ඨ වීම සඳහා සරළ පැහැදිලි කිරීමක්. දැන් අපි බලමු මේ දේ කරන්නෙ කොහොමද කියල.

සැ.යු:- මම මෙහිදී ඉදිරිපත් කොට ඇත්තේ සාමාන්‍ය දැනුමක් තිබෙන හෝ නොතිබෙන කෙනෙකුට උනත් ප්‍රායෝගිකව කරන්න පුලුවන් සරළ කාරණා කිහිපයක් පමණි.

01 රූප වල බර අඩු කිරීම (Image Optimization)


ඔබ ඡායාරූප සංස්කරණයෙන් අනතුරුව රූප අවසන් ස්ථාපනයේදී(Save) සාමාන්‍ය ආකාරයට එය නොකොට, වෙබ් අඩවි සඳහාම වන “Save for the web” යන බාවිතාව හරහා රූප ස්ථාපිත(Save) කරගන්න. 80% විතර ලංකාවෙ වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි මෙය බාවිතා කරන්නෙ නැහැ කියල කියන්න පුලුවන්. මම මේ කියන දේ ඔප්පු කරලම පෙන්නන්නම් කෝ. කිව්වට විස්වාස නැතිද දන්නෙ නැහැනෙ.D

මේ සඳහා මම උදාහරණයට ගන්නෙ http://www.president.gov.lk/ කියන වෙබ් අඩවියෙහි ගරු මහින්ද රාජපක්ෂ ජනපතිඳුන්ගෙ ඡායාරූපයක්.
වෙබ් අඩවියෙහි එම ඡායාරූපය දිස්වන අයුරු
එම තෝරා ගත් ඡායාරූපය - සාමාන්‍ය අවස්ථාව - 18KB
එම තෝරා ගත් ඡායාරූපය - Optimize කළපසු - 8.51KB

බලන්න 50%කට වැඩි වෙනසක්. ඒත් ඉහත ඡායාරූප දෙකේ මිනිස් ඇසකට හඳුනාගත හැකි වෙනස්කම් බොහොම අඩුයි. මට නම් දෙකම එක වගේ.:D මෙම ඡායාරූපයටනම් මෙය ලොකු දෙයක් නොවුනත් ඇතැම් 300KB ‍වගේ තිබෙන ඡායාරූප 60KB වගේ ගේන්න පුලුවන් ඒක‍ ලොකුවෙනසක්. මම පිළිගන්නව මෙහිදී ගුණාත්මක බව අඩුවන බව. එහෙත් බොහෝ අවස්තා වලදී එම ගුණාත්මක බවේ අඩුවීම මිනිස්  ඇසට පැහැදිලිව හඳුනාගන්න අපහසුයි.

ඔන්න මම උදාහරණයක් දුන්න. දැන් අපි බලමු අපි හැමෝම දන්න, ගොඩදෙනෙක් භාවිතා කරන Adobe Photoshop හරහා මෙය කරන ආකාරය. පහත රූප හොඳින් නිරීක්ෂණය කරන්න.

  1. මුලින්ම ඡායාරූපය විවෘර්ත කරගන්න
  2. File Menu එක ඔබන්න
  3. එහි තිබෙන Save for the web යන Menu Item එක හරහා යන්න
  4. ඔබට අවශ්‍ය ආකාරයට වෙනස්කම් කොට ස්ථාපනය(Save) කරන්න.
රූපය පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න

ඔබට මෙය සිදු කරන්න PhotoShop Software එකම අවශ්‍ය නැහැ. වෙනත් විවෘර්ත මෘදුකාංගයක් හෝ අන්තර්ජාලයේ ඇති online image optimizer බාවිතා කරන්න පුලුවන්. මෙය මගින් වෙබ් අඩවියෙහි වේගය වැඩි වෙනවා මෙන්ම 

* විශේෂයෙන් Blogger සේවාව හෝ Wordpress.com සේවාව බාවිතාකරන්නන්ට මේ ක්‍රමය මගින් තමන්ට නොමිලේ හිමිවෙන Image සඳහා ඉඩ බොහෝ සෙයින් ඉතිරි කරගන්න පුලුවන්.


02 රූප වර්ග (Image Formats)


ඔබ Images Optimize කරන කොට ඒ සඳහා නිවැරිදිම රූප ආකාරය(Image Type) තෝරාගත යුතුවනව. මෙය සරළව විස්තර කරනවනම්


  • ඔබ photograph එකක් හරි truecolor image එකක් හරි Optimize කරනවානම් වඩාත් යෝග්‍ය වන්නෙ JPEG/JPG (Joint Photographic Experts Group) ආකාරයයි. මොකද මෙම රූප ආකාරයට සාපේක්ෂව ඉහල වර්ණ සංඛාවක් පෙන්වීමේ හැකියාව තිබෙනවා.
  • flatcolor images වලිදි හා වෙබ්අඩවියක හෝ බ්ලොග් අඩවියක logo සහ image buttons ආදී දේවල් වලදී ඔබට GIF (Graphics Interchange Format) යන රූප ආකාරය තෝ‍රාගන්න පුලුවන්.
  • මීට අමතරව PNG  (Portable Network Graphics) උනත් ඔබට බාවිතා කරන්න පුලුවන් මේ රූප ආකාරය GIF වලට බොහෝ සෙයින් සමාන උනත් ඊට වැඩි වර්ණ ප්‍රමාණයක් PNG රූප ආකාරයට පෙන්වීමේ හැකියාව පවතිනව. තවද පසුබිම විනිවිද පෙනෙන ආකාරයට රූප සැකසිමටත්මෙම රූප ආකාරය බාවිතා කරන්න පුලවන්
සැ.යු:- ඉහත ආකාරයටම ඔබ රූප ආකාරය තෝරාගත යුතුයි කියල නියමයක් නැහැ. නමුත් ඉහත නිර්දේෂයන් පිළිගන්නා සහ සුදුසු භාවිතාවන්(Good/Common Practice) ලෙස දක්වන්න පුලුවනි.
‍

03 CSS Optimize කිරීම


CSS(Cascading Style Sheets) කියන්නෙ මොනවද කියල ඔයාල ගොඩදෙනෙක් දන්න‍වනෙ. ඒ නිසා මම ‍ඒගැන මෙතනදී විස්තරයක් කරන්න යන්නෙ නැහ. දැන් අපි බලමු සරළව ‍කොහොමද මේගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කියල.

  • CSS code එකේ අනවශ්‍ය ඉඩවල්(Unwanted White Space) ඉවත් කිරීම.
  • අනවශ්‍ය තිත්කොමා සලකුණු(Semicolon) නොයෙදීම
  • විශාල comments දමා ඇතිනම් ඒවා ඉවත් කිරීම හෝ කෙටි අයුරකින් ‍යෙදිම
  • බාවිතා නොවෙන css rules ඇත්නම් සොයා ඉවත් කිරීම.
  • බොහෝ අවස්තාවලදී අවශ්‍ය වන එකම css rule එකක් සඳහා වෙන වෙනම css ලියන්නෙ නැතිව css classes බාවිතා කිරීම.
  • කෙටි css rule නාම භාවිතය.
වගේ සුළු සුළු දේවල් කරන්න පුලුවනි. පහත රූපය හොඳින් නිරීක්ෂණය කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න

මේ කාර්යයට බොහෝ සේවා අන්තර්ජාලයේ තිබුනත්. ඒවා මගින් යම් යම් දෝෂ ඇති වන්ට පුලුවන්. ඒනිසා මමනම් අනුමත කරන්නෙ තමා විසින්ම මේකාර්යය කරන ලෙසයි.

04 සබැඳුම්(links) යෙදීමේදී හැකි සෑම විටෙකම එහි අගට / යෙදීම.


මේ ගැනනම් කියන්න තියෙන්නෙ ඉතාම සුළු දෙයක්. එනම් ඔබ http://www.yourdomain.com/contact ලෙස link එකක් යොදා එය මත Click කර සබැඳුම සක්‍රිය කළ විට, web server එකට එක පාරටම හිතාගන්න බැහැ මම ප්‍රතිඡාරය විදියට දෙන්න ඕනෙ නැත්නම් Open කරන්න ඕනෙ මෙන විදියෙ File එකක්ද Page එකක්ද කියල. නමත් ඔබ http://www.yourdomain.com/contact/ ලෙස සබැඳුම සක්‍රිය කළවිට web server එක වේගයෙන් හඳුන ගන්නව, මේ link එක directory page එකක් කියල. එමගින් Web Server එක ප්‍රතිඡාර දක්වන වේලාව කෙටි කරගන්න පුලවන්. මේ සම්බන්දව වැඩි දුර විස්තර Google කිරීමෙන් සොයාගන්න පුලුවන්.


05 උස(Height) සහ පළල(Width) පෙන්වන උපලක්ෂණයන් අවශ්‍ය සෑම අවස්ථාවකදීම බාවිතා කිරීම.


height="" හා width="" යන html උපලක්ෂණ ආකාර භාවිතාවන html tags(ටැගයන්) වලදී, විශේෂයෙන්ම <img> යන html ටැගය භාවිතයේදී බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තමයි height="" හා width="" යන html උපලක්ෂණ ආකාර භාවිතා නොකිරීම. එහිදී Web Browser එක මුලින්ම html page එක කියවීමේදී අධාල <img> ටැගයේ උපලක්ෂණ කෙසේ හැසිරිය යුතුද යන්න මුලදීම නොදන්නා නිසා එම http ඉල්ලීම(Request) එක යන්න සහ එය සම්පූර්ණ වෙන්න ගතවන කාලයේ තරමක වැඩිවීමක් තිබෙනවා. නමුත් ඔබ මෙවැනි සෑම අවස්තාවකදීම උපලක්ෂණ භාවිතා කරනවානම් Web Browser එක කල්තියාම දන්නව  http ඉල්ලීම(Request) කෙසේද ක්‍රියාකලයුතුවන්නේද කියල. එමගින් වෙබ්අඩවිවල වේගය වැඩිකරගන්න පුලුවන්.

height="" හා width="" යන html උපලක්ෂණ ආකාර <img> යන html ටැගයක් සඳහා යොදා ඇති ආකාරය පහත රූපයෙන් නිරීක්ෂණය කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න


06 HTTP Requests ප්‍රමාණය අඩුකිරීම.


Web Browser එකක් මගින් වෙබ් අඩවියක් ඉල්ලූවිට මුලින්ම Web Browser එක මගින් එම වෙබ් අඩවියෙහි html කේතය කියවනු ලබයි. ඉන් පසු එහි ඇති විවිද Objects සඳහා ඉල්ලීම්(HTTP Requests) Web Server එකට යවනු ලබයි. මෙම ඉල්ලීම් අතරට CSS files, JavaScripts files, Images, swf, Applets, mp3, mp4...etc ඇතුලත් විය හැකිය. මේ ආකාරයේ ඉල්ලීම් වැඩිවෙන විට වෙබ් අඩවියේ වේගය පහල යයි. ඇත්තටම ඉල්ලීම් ප්‍රමාණයම විතරක් නොවෙයි ඉල්ලීම් වල විශාලත්වය ද මෙහිදී බලපානු ලබයි. එම නිසා මෙවැනි ඉල්ලීම් වෙබ් අඩවියක් සඳහා හැකිදාක් දුරකට අවම කරගැනීම‍ සහ ප්‍රබලත්වය අවම කිරීම වෙබ් අඩවියක වේගය කෙරෙහි තදින්ම බලපානු ලබයි.

මේ සඳහා පිළියම්.

  • අනවශ්‍ය Widgets, රූප යනාදිය ඉවත්කිරීම.
  • බාවිතා කරන රූප වල විශාලත්වය අඩුකිරීම.
  • පසුබිම් රූප(Background Images ) බාවිතයේදී එම රූප සියල්ලක්ම කැටිකරගත් තනි පසුබිම් රූප භාවිතා කරීම.
  • Ajax තාක්ෂණය බාවිතා කිරීම.
  • CSS Files කිහිපයක් තිබෙනවානම් එවා සියල්ල එකතු කර තනි CSS File එකක් විදියට බාවිතා කරීම.
  • CSS සහ JAVASCRIPT ගොනු Optimize කිරීමෙන් ඒවාගේ විශාලත්වය අඩුකිරීම.
වගේ සරළ දේවල් ඉදිරිපත් කරන්න පුලුවන්. පහත රූපය හොඳින් නිරීක්ෂණය කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න


මම අද මේ ලිපියෙන් ඉදිරිපත්කලේ වෙබ් අඩවි වේගවත් කිරීම හා බැඳුනු මතුපිට කාරණා කිහිපයක් පමණයි. මෙම මතුපිට කාරණාවල සිට Server side scripting languages වල Variable එකක් call කිරීම වගේ සියුම් ‍තැන් දක්වා දිවෙන බොහෝ කාරණා මේ කාර්යය සඳහා බාවිතා කරන්න පුලවන්. මෙම සරළ කාරණා කිහිපය තෝරාගන්න හේතුව එතරම් තාක්ෂණික දැනුමක් නොමැති පුද්ගලයෙකුට උනත් එදිනෙදා තමන්ගේ බ්ලොග්කරණ ජීවිතයේදී ඒවා ප්‍රායෝගිකව කරන්න තියෙන හැකියාව වැඩිකම හින්දයි. තවත් කාරණා රාශියක් තියෙනව මේසම්බන්දව කතාකරන්න. එම කාරණා සමග තවත් දවසක අලුත් ලිපියකින් හමුවෙමු. මම නාලක ප්‍රසාද් | Nalaka Prasad

Monday, November 14, 2011

Blog එකක් ලියන්නද යන්නෙ? Blogger සේවාවද හොඳ? Wordpress.com සේවාවද හොඳ? මේ ගැන කෙරෙන සවිස්තර, සංසන්දනාත්මක විස්තර කිරීම.

බ්ලොග් ලියන්න අලුතෙන් පැමිනෙන බොහෝ දෙනෙකුට මුලදි යම් යම් ගැටලු කීපයක් ඇතිවෙනව. ‍එම ගැටලු නම් මට නොමිලේ බ්ලොග් එකක් පටන්ගන්න පුලුවන්ද?, එසේ හැකිනම් එවැනි සේවා කොපමණ සංඛ්‍යාවක් තිබේද?, එම සේවා වලින් වඩාත්ම බාවිතාවන සේවාවන් මොනවාද?, වැඩි පහසුකම් ප්‍රමාණයක් තිබෙන සේවාව කුමක්ද? කියන වගේ ප්‍රශ්න.
 ඒ ඔස්සේ සොයාබැලීමේදී ඔබට ප්‍රධාණ සේවාවන් දෙකක් හමුවෙනු ඇත. ඒවා නම් Blogger සහ Wordpress.com. දැන් තියෙන එකම ප්‍රශ්ණය මේ සේවා දෙකෙන් හොඳම එක ‍කුමක්ද කියන එකනෙ. හොඳයි අද මම පැහැදිලි කරන්න හදන්නෙ මෙන්න මේ ගැටලුවට උත්තර.
මෙහිදී මම ‍මෙම සේවා දෙකෙහි පැහැදිලිව කැපීපෙනන ගුණාංග අතර සිදුකරන ලද සංසන්දනයක් මගින් මෙය පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනව.
මෙම සංසන්ද‍නය කෙසේසිදුකර තිබුනත් තමන් කැමති Blog සේවාව බාවිතා කිරීම තමන්ගෙ කැමැත්ත. මෙහිදී මම කිසිඳු සේවාවක් උලුප්පා දැක්වීමට හෝ හෙලා දැකීමට උත්සාහ  ගෙන නොමැති බව කරුණාවෙන් සලකන්න.

සැ.යු :- මම මෙහිදී සංසන්දනාත්මකව පැහැදිලි කරන්න උත්සාහ ක‍රන්නෙ Blogger සේවාව හා Wordpress.com සපයන සේවාව සම්බන්දව. මෙය Wordpress.org සමග පටලවා ගන්න එපා.

 පහසුකම Blogger සේවාව  Wordpress.com ‍සේවාව  කවුද දිනුවෙ 
 Template එක
වෙනස් කිරීමේ හැකියාව
 මෙය ඔබට නොමිලේම තමන් කැමති ආකාරයට කරගන්න පුලුවන් ඒකියන්නෙ Template layout එක, CSS නිදහසේ වෙනස් කරන්න පුලුවන්  මෙය ඔබට නොමිලේ කරන්න බැහැ ඒ සඳහා යම් මුදලක් ගෙවන්න වෙනව  Blogger
 උදව්
(Tutorials/Help)
 ඉතා විශාල වශයෙන් අන්තර්ජාලයෙන් සොයාගන්න පුලුවන්  සාපේක්ෂව අඩුයි.  Blogger
 බාවිතා කල හැකි
Blog Themes
 ඕනෑතරම් හොඳ තත්වයේ ඇති Blogger Themes/Templates අන්තර්ජාලයෙන් නොමිලේ ලබාගන්න පුලුවන්  හොඳ තත්වයේ ඇති Wordpress Themes නොමිලේ ලබාගත හැකි අවස්තා අඩුයි.   Blogger
 වෙනස් කිරීම්
සඳහා අවශ්‍ය වෙන Coding වර්ග
 මේ සඳහා ඔබට HTML, XHTML, CSS, XML, JAVASCRIPT බාවිතාකරන්න පුලුවන්. මේවා පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් ඉතා සරල Coding ආකාරයන්  මේ සඳහා ඔබට HTML, XHTML, CSS, XML, JAVASCRIPT අමතරව PHP සම්බන්දවද දැනුම අවශ්‍ය වෙනව. බොහෝ අයට PHP සම්බන්දව දැනුම ඉතාම අඩුයි. Blogger
 Dashboard එකේ පෙණුම සහ
හැසිරවීමේ
ඇති පහසුව සහ වේගය
 ඉතාම සරලයි. පහසුවෙන් හසුරුවන්න පුලුවන්. ඒ වගේම වේගවත්  සාපේක්ෂව තරමක් සංකීර්ණ බවින් සහ වේගයෙන් අඩුයි  Blogger
 සේවාව විසින් නිර්දේශ
කරනු ලබන Templates/Themes
ප්‍රමාණය සහ
ඒවාගේ තත්වය
 ඉතාම සුලු ප්‍රමාණයක් වගේම ඒ‍වායේ පෙණුමද හොඳ තත්වයේ නැහැ  සියයකටත් වඩා වැඩි ඉතා හොඳ තත්වයේ Themes මෙහිදී සපයයි  Wordpress
බාවිතාකරන Theme/Template
එක වෙනුවට
වෙනත් එකක්
යෙදීමේ හැකියාව
(Replacement)
 මෙය ඔබම වසින් සාදාගත් Theme එකක් මගින් හෝ බාහිරව ලබාගත් එකක් මගින් ඕ‍නෑම වාර සංඛාවක් ඉතා පහසුවෙන් මෙන්ම නිදහසේ කරගන්න පුලුවන්.  මෙය ඔබට කල හැකිවන්නේ සේවාව ඔබට සපයන Themes සඳහා පමණයි. බාහිරව ලබාගන්නා Themes බාවිතා කරන්න බැහැ.  Blogger
 Widgets සහ
Plugins බාවිතා
කිරීමේ හැකියාව
සේවාව විසින් සපයන සහ බාහිරින් ලබාගන්නා Widgets සහ Plugins මගින් මෙය කරන්න පලුවන්  බාහිරින් ලබාගන්නා Plugins ඔබට බාවිතා කල නොහැක.   Blogger
 ප්‍රතිචාර පද්ධතිය
(Comments System)
 Moderation කියල තියෙන්නෙ Comments delete කරන එක පමණයි. Comments සංස්කරණය කරන්න බැහැ. Spam ආරක්ෂාවක් නැහැ. Captcha පහසුකම සහිතයි. ප්‍රතිචාර සඳහා කෙලින්ම පිලිතුරු දිය නොහැකියි එනම් threaded/nested commenting පහසුකම නැහැ. බාහිර ප්‍රතිචාර පද්ධතියක් මගින් ප්‍රතිස්ථාපනය කල හැකිය.  ප්‍රතිචාර සංස්කරණය කල හැකියි. Spam ආරක්ෂාවක් සහිතයි. threaded/nested commenting පහසුකම සහිතයි. බාහිර ප්‍රතිචාර පද්ධතියක් මගින් ප්‍රතිස්ථාපනය කල නොහැකියි.   Wordpress
 SEO, Optimization හැකියාව  අපේ පැත්තෙන් කල හැකි සියලු දේ අපට කල හැකියි.  මෙය යම් තාක් දුරකට කල හැකියි. මෙය බාවිතා කරන්නාගේ පැත්තෙන් ඔහු බාවිතා කරන Theme එකේ Symantec Structure එක අනුව වෙනස්වේ   Blogger
Blog එක
සම්බන්දව පවුද්ගලිකත්වය
(Blog Privacy)
 ඔබට එක් Blog එකක් සඳහා අයිතිකරුවන් 100 දෙනෙක්ට සහ කියවන්නන් 100 දෙනෙක්ට මෙය සීමා කරන්න පුලුවන්. මේසඳහා අදාල වන්නේ Google account තිබෙන අය පමණයි. ලිපි සඳහා මුරපද(Password) යෙදීමේ හැකියාවක් නැහැ.  මෙහිදී 35 දෙනෙකුට සීමා වේ. මුරපද යෙදූ ලිපි  සහ තමන්ට පමණක් දැකගත හැකි වන ආකාරයට(Private) ලිපි සකසන්න පුලුවන්.   Blogger
 ප්‍රතිචාර වරණය(Comment Restriction)  මෙය මූලික වශයෙන් Google account; OpenID account සහ Anonymous යන ආකාර සඳහා වරණය කරන්න පුලුවන්  වරණය කිරීමේ හැකියාවක් ‍නොමැත. ඕනෑම කෙනෙකුට ප්‍රතිචාර දැක්විය හැකිය  Blogger
 Blog එකක් නැවත ස්ථාපනය(Blog Import)  එක් Blog එකක් තවත් එක් Blogger Blog එකක් සඳහා පමණක් ස්ථාපනය කල හැකිය.(බාහිර සේවා මේසඳහා පවතියි)  තවත් එක් Wordpress Blog එකක් සඳහා සහ Blogger, TypePad, LiveJournal, Yahoo!360, MovableType ගිණුම් සඳහා Import කලහැකිය.  Wordpress
 ලිපි සහ ප්‍රතිචාර සම්බන්ද දැනුම්දීම්(Posts and Comment Notification)  Email පහසුකම බාවිතයෙන් මෙය කලහැකියි. බොහෝ විට මේ සඳහා Google Feedburner සේවාව බාවිතා වෙයි  මෙහිදීත් එය කල හැකිය.  Both
 ප්‍රතිචාර සහතික කිරීම(Comment Verification)  Captcha පහසුකම මිනිසෙක් යන්න සහතික කරගත හැකියි  එවැනි පහසුකමක් නොමැත  Blogger
 වීඩියෝ ගබඩා කිරීමේ සීමාවන් (Video Storage Limit)  ඔබ මෙම සේවාව හරහාම Video Upload කරනවානම් 16GB දක්වාද. Google video හරහා සීමා රහිතවද බාවිතා කරන්න පුලුවන්.  3GB දක්වා පමණයි. මීට  වඩා අවශ්‍ය නම් මුදල් ගෙවිය යුතුයි.  Blogger
 රූප ගබඩා කිරීමේ සීමාවන් (Image storage limit)  Picasa Web Album සේවාව හරහා 1GB පමණ ඉඩ ප්‍රමාණයක් හිමිවෙයි.   3GB දක්වා ඉඩ හිමි වේ. මීට වඩා අවශ්‍යනම් මුදල් ගෙවිය යුතුයි.  Wordpress
 බාවිතා කල හැකි ගොනු(Files) වර්ග (File type Storage)  PNG, GIF, JPEG යන රූප ආකාර(Type) සඳහා සීමා වේ.   PNG, GIF, JPEG යන රූප ආකාර(Type) වලට අමතරව ppt, .doc, .odt and .pdf යන ගොනු  ආකාරද බාවිතා කල හැකිය.  Wordpress
 Blog එක සහ එහි පාඨකයන් අතර ඇති ක්‍රියාකාරීත්වය සම්බන්ද තොරතුරු (Blog Stats) ඉතාම හොඳ තත්වයේ විස්තර සපයන පද්ධතියක් අන්තර්ගත වෙනව. අවශ්‍ය නම් බාහිර Google Analytics වැනි සේවාවක් උවද බාවිතා කරන්න පුලුවන්.  සාපේක්ෂව සවිස්තර බව අඩුයි. ඒවගේම යාවත්කාලීන වීම සෑම දින 2කට වරක් පමණක් සිදුවේ. බාහිර සේවාවන් බාවිතා කල නොහැකියි.  Blogger
වෙළඳ දැන්වීම් (Advertisements)  ආචාර ධර්ම වලට ගැලපෙන පරිදි නිදහසේ යෙදිය හැකිය.  වෙළඳ දැන්වීම් බාවිතා කල නොහැකිය. අවශ්‍ය නම් මුදල් ගෙවා මෙම පහසුකම ලබාගත්තත් ආදායමෙන් යම් කොටසක් සේවාව විසින් කපාගනී.  Blogger
 Email මගින් ලිපි පළ කිරීම (Posts By Email)  සිදු කල හැකිය  සිදු කල හැකිය  Both
 ජංගම දුරකථන වලදී ලිපිවල සහ ප්‍රතිචාර වල පෝෂක(Feeds) බාවිතා කිරීමේ හැකියාව (Post Feed On Mobile Phones)  සහය දක්වයි   සහය දක්වයි  Both

ඉහත වගුව හොඳින් පරිශීලනය කිරීමෙන් Blogger සේවාව හා Wordpress.com සේවාව අතර ඇති වෙනස්කම් ඔයාලට හොඳින් අවබෝධ කරගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. මෙම ලිපියේදී Wordpress.com සහ Blogger අතර කෙරුනු  සංසන්දනය Wordpress.org මගින් සපයන මෘදුකාංගය සමග පටලවා ගන්න එපා කියල නැවතත් කියනව. මොකද එම මෘදුකාංගය මුදල්ගෙවා ලබාගන්නා ලද වෙබ් ඉඩක ස්ථාපනය කොට බාවිතා කිරීමේදී තමන්ට රිසිසේ වෙනස්කම් කිරීමටත්, හැසිරවීමටත්  අවස්තාව ලැබෙන නිසා.