Thursday, March 22, 2012

Chrome ලොක්ක උඩයි උඩයි....ගිනි නරියා..බිමයි බිමයි....:P

ඔන්න පළමුවෙනි වතාවට එක දවසකට Google Chrome Web Browser එක ලෝකයේ වැඩි පුරම බාවිතා උන Web Browser එක වෙලා තියෙනවා..! ඒ බව කියන්නේ..StatCounter කියන ආයතනය..මෙය ස්වාදීන..විශ්ලේෂන කරන අයාතනයක්නේ...:D.. ඉතින් ගිනි නරියා(FireFox) සහ Microsoft IE පරද්දල එක දවසකට හරි Google Chrome හට රජ වෙන්න..ඉහලම දායකත්වයක් දක්වපු රටවල් වන්නේ..අසල්වැසි ඉන්දියාව(මේ යන විදියට අසල්වැසිය කියන්නත් නිකන් මොකක්ද වගේ..;-))..., රුසියාව, බ්‍රසීලය..වගේ රටවල්.


Google Chrome හට හැමදාම කප් එක ගහන්න බැරිවෙලා තියෙන්නේ..චීනය, ඇමෙරිකාව, ජර්මනිය වගේ රටවල්වල තවමත්, Microsoft IE සහ ‍Firefox යන Web Browser යන් වැඩි පුර බාවිතා කරන නිසා කියලයි කියන්නේ. හැබැයි..ලඟදීම දවසක Chrome සදාකාලික රජ වෙයි කියල තමයි මට නම් හිතෙන්නේ..:D..බලමුකො ඒකෙත් හැටි..තමත් මම පෞද්ගලිකවම දැකල තියෙනවා..රජයේ ඕනෑතරම් සේවා ස්තානවල..තවමත් බාවිතා කරන්නේ අර පරණ IE6.0 කියන මළ ජරාව..:P. සමහරුන් වෙනස් වෙන්න හරිම අකමැතියි..අනේ මන්ද ඕකට දන්නෑ අර කියනේනේ මානසික අවස්ථිතිය කියල..:P

ඔන්න බලාගන්න IE ගෙ බළපරාක්‍රමේ තරම..:-O....WOoooooooow.......
පැහැදිලිව බලාගන්න...පින්තූරය මත ඔබන්නකෝ....

මම නම් දැන් FireFox බාවිතා කරන්නේ Web Design කරනකොට ඒකේ Elements හරියට Firefox වල වැඩකරනවද කියල බලාගන්න විතරයි..Chrome හැරුනම අනෙක් බ්‍රව්සර් සඳහාත් එහෙමයි..අනික Firebug addons වලිනුත් දැන් වැඩැක් නැහැනේ..මට නම ඒකට වඩා සිය දහස් ගුණයකින් හොඳයි..Chrome Inspect Element..

මෙම සමීක්ෂණය ගැන වැඩි දුර විස්තර සඳහා පිවිසෙන්න..:-http://gs.statcounter.com/press/chrome-is-worlds-number-one-browser-for-a-day

Wednesday, March 21, 2012

Dushyanth නැවතත් කරළියට..! බාගන්න..අහන්න..දැන්ම සෙටිවෙන්න..;-)

අපි හැහෝම දන්න..ලංකාවේ ඉන්න..නර්තනයට මෙන්න ගායනයටද එක වගේ දක්ෂ Dushyanth Weeraman අයියාගේ..පලමුවෙණි ගීත ඇල්බමය වන කරළිය..ඇල්බමයේ..ගීත ඔහු විසින් දැන් අන්තර්ජාලයට නිළ වශයෙන් නිකුත් කරල තියෙනවා..ඉතින් මෙම ඇල්බමයේ ගීත සියල්ල මීට කලින් ‍අහල නැති Dushyanth අයියට ආදරය කරන ඔහුගේ රසික රසිකාවියන්ට දැන්..අන්තර්ජාලය ඔස්සේ අහන්න..සහ බාගත කරගැනීමට අවස්තාව තියෙනවා..


මේ සඳහා යන්න..

වේ අඩවියට...

බීට් ගහන්..., වීල් කරන්..හොර්නට්(Hornet) පදින අපේ කොල්ලො..:D

ලංකාවේ ඉතින් අපේ අයට උපරිම පදින්න පුලුවන් බයික් ධාරිතාවය 250CC බව කවුරුත් දන්නවනේ..ඒකටනම් ඉතින් Hornet එකක් හරි Jade එකක් හරි තමයි...කුරුණෑගල බයික් සේල් එක පැත්තෙ රවුමක් දැම්මනම් RS(360000 - 580000) අතරේ හොඳ බාන්ඩයක් තෝරාගන්න පුලුවන්..:D පැදපු අය දන්නවනේ Indian බයික් එක්ක බැලුවම කොහොමද Riding Feeling එක කියලා...අපේ කොල්ලො ඉතින් කන්න අතේ සතේ නැති උනත් ඕකට තෙල්ටික ගහගෙන...රටේ නැති වැඩ කිඩ දානවනේ..ඕක ඉතින් කොලු ගතිය...හැබැයි යාළුවනේ කරන දෙයක් පරිස්සමෙන්...මගෙත් සයිබර් අවකාශය හරහා අඳුන ගත්ත යාළුවො දෙන්නෙක් මේ ලඟදි හදිසි අනතුරකින් මරණයට පත් උනා...ඒගැනත් පොඩි Post එකකින් කියන්නම්කෝ...


බලන්න මේ කවි පෙළ කොහොමද කියලා...


සූම් සූම් බෘම් බෘම් හඩ ඈතින් නද දෙන්නේ...
වීල් පාර ඈත ඉදං ගහගෙන කොල්ලා එන්නේ... 
පාං කාල කන්ඩ අතේ සල්ලි නැතුව ලත වෙන්නේ...
චූන් මිසක් වෙන වැඩ නෑ කෙල්ලත් එක්කයි යන්නේ...


බෙන්ලි ට්වින් වී එක්ස් දැන් හද්ද පරන වී ඇත්තේ...
ඒවා පදින අංකල්ලත් ඒ වාගේ වී ඇත්තේ....
හොනට් බාජා ඒ ටී එක්ස් අළුත් බයික් වී ඇත්තේ...
ලක්ස තුනක් හතරක් මයි ඒවට වැය කල යුත්තේ....


බැක් වීල් එක පට්ට සිරා තවත් එකක් පෙන්වන්නේ...
වීල් එකත් බාජා එකේ මහ කජ්ජක් නොම වන්නේ....
ක්ලාස් ඇරෙන වේලාවට බ්ලාස්ට් වෙන්න කැරකෙන්නේ...
පන්ති ඇරෙන නංගිලාට අමුතු මැජික් පෙන්වන්නේ...


හොනට් එකේ හොද සද්දෙට කෙල්ලො බලයි ඈත ඉදං...
පටං පටං බැක් ෆයරෙක වදින කලට පිස්සු පදං.... 
පෙට්රල් වහලාද උඹේ පිකප් මදිනෙ මේක මචං...
අරං වරෙං අපේ ගෙදර මේ ඉරිදා උදේ ඉතිං... 


අන්ඩ සීට් සයිලන්සර් එකක් ගන්න ඕනෙ මෙයා....
ඔයාව එක්කරං ඒකෙ කැන්ඩි යන්න හිතේ තියා..
පරන කබල් වලට තියා පිකප් කරං ඇරං ගියා...
තෙල් ගහන්ඩ සල්ලි නැතුව තල්ලු කරමු ඉතිං ඔයා... 


මහපාරේ සෙනග මැදින් වීල් ගහං ඔය යන්නේ...
ටූ ෆි‍ෆ්ටිය යකා වගේ සද්දෙ කරං ඔය එන්නේ...
කෙස් ගහකින් මිස් කෙරුනොත් ලයිෆ් එකත් පැක් වෙන්නේ..
වීල් සීන් පරිස්සමින් බයානකයි කොල්ලන්නේ....


රේස් එකේ පිකප් කරං අනූවකට ඇරං ගියේ...
ලූස් වෙන්ඩ අකමැත්‍තෙං එහෙං මෙහෙං වටෙං ගියේ..
තුම්මං හන්දිය ගාවින් නොබලාමයි මැදිං ගියේ...
ත්රීවිල් එක දකිනකොටත් ඒක ඇතුලෙ මම හිටියේ... 






මේ කවි පෙළ ලිව්වෙ Dinushasankalpa කියන එළකිරි ෆෝරම් එකේ අයියකෙනෙක්..කොහොමද ලස්සනයි නේද කවි ටික..:D

Tuesday, March 20, 2012

Windows 7 වලට බායි! 8 වලට හායි! හා හා කලබලවෙන්න එපා..තව කල්තියෙනවා..;-)

Microsoft Windows සංස්කරණයන්ගේ නවතම සංස්කරණය වන Windows 8 සංස්කරණය(stable release) මෙම අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ නිකුත් කිරීමට නියමිතයි. මෙම සංස්කරණයේ අත්හදා බැලීමේ සංස්කරණය පෙබරවාරි මාසයේ නිකුත් උනා මතක ඇති. ඉතින් ලක්ෂ සංඛ්‍යාත බාගත කරන්නන් අතර ඔන්න මමත් ඕක බාගත්ත...


පැහැදිලිව දැකිය හැකිතරම් වෙනසකට තිබුනේ එයාලගේ අලුත් User interface(අතුරු මුහුණත) එකේ කරල තිබුනු ලොකු වෙනස්කම් තමයි. අපි කාටත් හුරු පුරුදු Start button එක සම්පූර්ණයෙන්ම ඉවත්කරල තිබුන. ඒ වෙනුවට අලුත්ම ටයිල් ආකාරයේ UI එකක් තමයි ඉදිරිපත් කරල තිබුනේ..ඉතින් මේවා හසුරුවන විදියත් සම්පූර්ණයෙන්ම වෙනස් කරල තිබෙනවා. ඇර ගත්ත windows Close කරගන්න බැරුව මමත් හොඳ පිස්සවක් නැටුව මුල් දවසෙ, පස්සෙ ටිකක් වැඩ කරාම හුරුඋනා..ඒත් නිකන් මොකක්ද වගේ ඕනවට වැඩිය සංකීර්ණ කරල වැඩි වගේ...ආයිමත් XP වලට යන්නමයි හිත..

හැබැයි මේක බාගෙන බාවිතා කරල බලපු මගේ යාළුවො කීපදෙනෙක් නම් කිව්වෙ එයාලට‍ මේ විදය හොඳයි කියල..අනේ මන්ද ඉතින් එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්නේ..:D මට නම් ඔය කලින් තිබුනු විදිය වඩා හොඳයි කියල තමයි හිතෙන්නේ..

ආරංචි වලට අනුව නම් Windows 8 සංස්කරණයේ stable release එකත් සමග Start button එක හා Close buttons එකතු කර එන බව තමයි කියන්නේ..බලමුකෝ තව මාස කිහිපක් ඉවසලා..:D

Used Phones in Sri Lanka...හ්ම්..බාවිතා කරන ලද ජංගම දුරකථනයක් මිළදී ගන්න අදහස් කරනවද??? පරිස්සම් වන්න !!!

මේ වෙනකොට ලංකාව තුල ජනගහනයටත් වැඩියෙන් ජංගම දුරකථන තිබෙනවානේ..තරණ, මහළු, බාළ, පිරිමි, ගැහැණු ආදී කොහොම ගත්තත් මේ සියලු දෙනාලඟ මොනදේ නැතිවුනත් ජංගම දුරකථනයක් බොහෝවිට තිබෙනවා..ඒ තරමට ජංගම දුරකථනය කියන දේ අපගේ ජීවිත වලට සමීප වෙලා ඉවරයි..


අද කාලේ බොහෝ තරණ පිරිස් එක් ජංගම දුරකථණයක් බාවිතා කරන්නේ මාස කිහිපයක් විතරයි..ඉන් පස එය විකුණා එයට වඩා වැඩි දියුනු එකක් මිළදී ගන්නව...තව ටික කලකින් එයත් විකුණනවා..ඕක ඉතින් සාමාණ්‍ය තත්වයක්..ඉතින් මෙසේ පිරිසක් විකුණනකොට ඒවා මිළදී ගන්න තව පිරිසකුත් ඉන්නවනේ..අන්න මේ පිරිසට තමයි මේ කෙටි ලිපිය වැදගත් වන්නේ..

ඔබ බාවිතා කරන ලද ජංගම දුරකථනයක් මිළදී ගන්න අදහස් කරණවානම් ඒ ගැන දෙපාරක් හිතන්න!!!

මොකද සමහර විට මෙය මගින් අන්තිමේදී හිරෙත් ලැගල, නඩුත් වැටිල, තමන්ගෙ නමත් කැත වෙලා තමයි නවතින්නෙ..හ්ම්....වචන ටිකක් සැර වැඩි‍යි‍ නේද???...නමුත් ඇත්ත තත්වය ඕක තමයි..

කොහොමද අප්පා Used Phone එකක් ගත්ත පළියට පොලිසි ගානෙ යන්න වෙන්නෙ???


ඒක වෙන්නේ මෙහෙමයි...අපි හිතමුකෝ..යම් කෙනෙක් තව කෙනෙක් ගෙන් හොරකම් කරන ලද හෝ අපරාදයකට සම්බන්ද ජංගම දුරකථනයක් ඔයාට සුළු මුදලකට විකුණන්න යනවා කියලා..ඇතැම් විට එම ජංගම දුරකථනය ඉතා වටිනා එකක් වන්නටද පුළුවන්. ඔයත් ජංගම දුරකථනයක් උවමනාවෙන් නම් හිටියෙ ‍බොහෝ විට මෙවැනි ගණුදෙනු කෙරෙන්න තියෙන සම්බාවිතාවය වැඩියි..

හරි.....දැන් ඔයා එම ජංගම දුරකථනය අරගෙන බොහොම සතුටින් ඒකට තමන්ගේ SIM පතත් යොදාගෙන බාවිතා කරමින් ඉන්නව..මෙන්න බොලේ එක පාරට ගෙදරට පොලිසියෙන් එනව..! ඉන්පස්සෙ ඉතින් වැටෙන  කරදර ගැන ඉතින් කියන්න ඕනෙ නැහැනේ..:P

මම වරදක් කරල නැති එකේ ඇයි මේ එක පාරටම පොලිසිය???


ඒක වෙන්නේ මෙහෙමයි..ජංගම දරකථනයේ සැබෑ අයිතිකරු තමන්ගේ නැතිවූ දුරකථනය ගැන පොලිසියට පැමිණිළි කරාම..පොලිසිය විසින් එය TRCSL (විදුලි සංදේශ නියාමන කොමිසම) හට දැනුම් දෙනවා..ඉන්පසු TRCSL මගින් මේ පිළිබඳ ලංකාවේ ක්‍රියාත්මක සියලුම ජංගම දුරකථන සේවා සැපයුම් කරුවෙක් හටම දන්නනවා..ඉන් පසු විශේෂ ක්‍රමයකින් දැනට ජංගම දුරකථනය බාවිතා කරන්නාගේ තොරතුරු සොයාගෙන පොලිසියට බාරදෙනවා..ඉන් පසුව පොලිසිය ඒ හරහා තමන්ගේ රාජකාරිය කරනවා..ඔන්න ඔහොම තමයි ගෙදරට පොලිසිය ආවේ...:D

ජංගම දුරකථන සමාගම විසින් මේවන විට ජංගම දුරකථනය බාවිතා කරන්නාගේ තොරතුරු සොයා ගන්නා විදිය.


මේකට ඒ අය උපයෝගීකරගන්නේ සෑම ජංගම දුරකථනයකටම ලැබෙන එම ජංගම දුරකථනයටම පමණක් සුවිශේෂ වූ විශේෂ අංකයක්..ඒකට අපි කියන්නේ IMEI (International Mobile Equipment Identity) කියලා..TRCSL එකෙන් ලංකාවට ගෙන්නන්න අනුමත කරපු සෑම ජංගම දුරකථන වර්ගයකටම මෙවැනි අංකයක් තියෙනවා..ඔය චීන කසල ගොඩවල් වල නම් ඕක තියනවද කියලා මම නම් දන්නේ නැහැ.:P


ජංගම දුරකථනයේ සැබෑ අයිති කරුගෙන් ජංගම දුරකථනයේ IMEI අංකය හෝ ඔහුගේ දුරකථන අංකය හෝ ඔය දෙකම (බොහොම කීප දෙනයිනේ තමන්ගේ ජංගම දුරකථනයේ IMEI අංකය දන්නේ නොදැන සිටියත් කමක් නැහැ තමන්ගේ ජංගම දුරකථන අංකය පමණක් උනත් ප්‍රමාණවත්. හැබැයි IMEI අංකය තිබුනොත් වැඩේ පහසුයි...) TRCSL එක මගින් ජංගම දුරකථන සමාගම් වලට ලබා දුන් විට එම සමාගම් කරන්නේ අදාල IMEI අංකයට අදාල ජංගම දුරකථනය තමන්ගේ ජාලය තුල ක්‍රියාත්මකද කියන එක සොයමින් ඉන්නවා..දුරකථනය සොරාගත් පුද්ගලයා හෝ එය පසුව මිළදීගත් තැනැත්තා ඉතින් දැනට ලංකාවේ ක්‍රියාත්මක ජංගම දුරකථන ජාලයකින් ලබාගත් SIM පතක් නේ භාවිතා කරන්න ඕ‍න..ඔන්න ඔතනිදි වැඩේ අහුවෙනවා..ඒකියන්නේ අලුතින් එම ජංගම දුරකථනය සඳහා සක්‍රිය වන SIM පතෙහි තොරතුරු ජංගම දුරකථන ජාලය ලබාගෙන පොලිසියට බාරදෙනවා...ID එකේ ඉතින් ලිපිණයත් තියෙනවනේ..:D මෙතනදී අදාල පුද්ගලයා ව්‍යාජ හැඳුනුම්පතක් බාවිතා කරනවන්ම මෙතනදී ගැටලුවක් මතුවෙනවා..ඒත් එවැනි අවස්තා උවද හසුකරගන්න අද කාලේ නවීන තාකෂණයන් බාවිතා වනවා ඇති..මම නම් ඒ සම්බන්දව දන්නේ නැහැ..ඒ සම්බන්දව දන්නා අයෙක් වෙතෙත් මාව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔන්න ඔහොම තමයි නැතිවූ ජංගම දුරකථනය සොයාගන්නේ..

පරිස්සම් වන්න!!!


විශ්වාස වන්ත නොමැති පුද්ගලයින්ගෙන් මෙවැනි ජංගම දුරකථන මිළදී ගැනීමෙන් වළකින්න..ඒ වගේම දැනට තදාසන්න ප්‍රදේශවල පවතින බොහොමයක් ජංගම දුරකථන අළුත්වැඩියා ආයතන වලද අඩුමිළට විකිනීමට තිබෙන්නේ මෙවැනි ජංගම දුරකතන. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ බොහෝ මෙවැනි ජංගම දුරකථන හොරුන් ඒවා විකුණන්නේ මෙවැනි ජංගම දුරකථන අලුත්වැඩියා ආයතන වලට..ඒ නිසා පරිස්සම් වන්න

තමන්ගේ අතේ ඇති මුදලට අලුත් ජංගම දුරකථනයක් විශ්වාසදායී ස්තානයකින් මිළදී ගැනීම තමයි නුවණට හුරු..

මේ ලිපියෙන් ගන්න පුලුවන් දේ


01 තමන්ගේ ජංගම දුරකථනය නැති වූ විට ක්‍රියා කල යුතු ආකාරය සම්බන්දව
02 භාවිතා කරන ලඳ ජංගම දුරකතණයක් හෝ විශ්වාසය තැබිය නොහැකි තැනකින් ජංගම දුරකථනයක් මිළදී ගැනීමේදී සැලකිලිමත් විය කරුණු

කොහොමද මගේ ජංගම දුරකතනයේ IMEI අංකය සොයාගන්නේ???


ඒ දේ ජංගමදුරකථනයෙන් දුරකථනයට වෙනස් වෙන්න පුලුවන්..ඉතින් මට ඒගැන ලියන්න කම්මැලියි..ඔයාලට how to find the IMEI number වගේ Google search term එකක් උපයෝගීකරගෙන තමන්ගේ දුරකතන‍යේ IMEI අංකය සොයාගන්න පුලුවන්..ඒ වගේම ඔබගේ ජංගම දුරකථනයත් සමග ලැබෙන පොත මගින්ද, නිළ වෙබ් අඩවිය මගින්ද...මේ තොරතුරු පහසුවෙන් සොයාගන්න පුලුවන්.

Nokia ජංගම දුරකථන සඳහා *#06# යොදා ok කොට බලන්න...

ඔබගේ ජංගම දුරකථනයේ IMEI අංකය සොයාගත් පසු එයා කොල කැබැල්ලක ලියලා..ඔබගේ මුදල් පසුම්බියේ තබාගන්න..හදිසියකදි ඔයාට ඒක ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්..

VLC ලොක්ක අලුත්වෙලා කියන්නෙ!!! දැන්ම අලුත් එකට මාරුවෙනව හොඳයි :P

චිත්‍ර පටයක් බලන්න, ගීතයක් රස විඳින්න, Online Radio වටක සජීවීව සවන්දෙන්න, Streaming කරන්න වගේ ගොඩක් වැඩ වලට අපි එදිනෙදා බාවිතා කරන ඉතා ජනප්‍රිය වගේම නොමිලේ ලබාගත හැකි Media Player එකක් වන්නේ VLC Player එක.
මෙම Media Player එක අනෙකුත් Media Players වලින් ‍විශේෂ වනේනේ විෂාල ගොණු(Files) වර්ග සංඛ්‍යාවකට සහය දැක්වීම, සරල බව, Windows හැරුණුකොට අනෙකුත් Platform සඳහාද සහය දැක්වීම නිසාය. ඉතින් මෙයාලා VLC Media Player එක එළියට දැම්මේ Version 1.1.11 විදයට. ඉන්පසු ගොඩ කාලයකට පසු ටික දිනකට කලින් මෙම Media Player එකෙහි Version 2.0 නිකුත් උනා..මම හිතනවා හැමෝම වගේ දැන් බාවිතා කරන්නේ Version 2.0 කියලා.

දැන් මෙම Media Player එකෙහි තවත් Update එකක් ඇවිත් තිබෙනවා. Version 2.0.1 ලෙස. ‍මෙම Update එකත් සමග VLC Media Player එකෙහි වූ අනාරක්ෂිත තැන් සියගණනක් නිවැරිදි කර ඇති අතර MxPEG යන ගොණු වර්ගයට සහය දැක්වීම, Mac OS X සඳහා Player එකේ UI(User Interface) එක වැඩි දියුනු කරීම් වැනි වෙනස්කම් කීපයක්ම සිදුකර ඇති බවයි ආරංචි. සමහර විට ඔබ දැනට බාවිතා කරන VLC Player එක විසින්ම අදාල යාවත්කාලීන වීම ස්වයංක්‍රීයවම ලබාගෙන තිබෙන්නත් පුලුවන්..එසේ නොමැතිනම් ඔබටම එය යාවත්කාලීන කර ගන්න පුලුවන්..

වැඩි දුර විස්තර සඳහා  :- http://www.videolan.org/vlc/releases/2.0.1.html
බාගත(Download) කර ගැනීම සඳහා :- http://www.videolan.org/vlc/

The Pirate Bay ගිය උඩ ;-) දැන් ඔන්න ඉතින් උඩ ඉඳන් තමයි බාන්න වෙන්නෙ.:-)

හැමෝම වගේ දන්නවනේ දැනට ලෝකේ තිබෙන ලොකුම Bit torrent අඩවිය ThePirateBay.se කියලා..මේකෙන්නේ අපේ ගොඩක් යාළුවෝ. තමන් කැමති චිත්‍රපට වල ඉඳන් පරිගණක ක්‍රීඩා, ගීත ඇල්බම, වාණිජමය මෟදුකාංග වගේ හැමදෙයක්ම බාගත කරගන්නේ(Download). ඇමෙරිකාව ගෙනාපු SOPA එකත් එක්ක කිම් ‍ඩොට්කොම් යෝධයා(යෝධයා කියන්නේ මොකද කියලා දන්නවානේ :P) කරගෙන ආපු MegaUpload එකත් වැහුන..ඒකට බයවෙලා..තිබුන ගොඩක් File share කරන අඩවි ස්වකැමැත්තෙන්ම අකුලගෙන ගියා...
තාමත් Media Fire නම් ඇදගෙන යනව..ඔය එක්කම ThePirateBay අඩවියේ ඩොමේන් නාමයත් .org වලින් .se වලට මාරු උනා..මොකද ප්‍රධාන TLD-Top Level Domain(.com, .net, .org, .us, .co ) වල අයිතිය තියෙන්නේ ඇමරිකාවටනේ..ඒ වඩා ආරක්ෂාවට.

ඒත් මේ අඩවියට තවමත් බලපෑම් එල්ලවෙනව..ඉතින් එම බලපෑම් වලින් තරමක් හෝ මිදෙන්න කියල දැන් අලුත්ම වැඩක් ඒ අය අත්හදා බලනව..ඇත්තටම මේක හරිම අපූරු දෙයක්..

මෙහිදී වෙන්නේ. එයාලගේ Files තියන servers රඳවන්නේ..උඩුගුවනේ තිබෙන ඩ්‍රෝණ යාන වල..හරියට සැටලයිට් වගේ. ඒකිව්වට ඒතරම්ම උඩකින්නම් නෙමෙයි..මේව පාළනය වෙන්නේ GPS තාක්ෂනය හරහා..දත්ත හුවමාරු කරන්නේ අදිවේගී wireless connections හරහා. ලෝකයේ රටවලට එම රටවල් වලටම වෙන්වූ ගුවන් පාළන ප්‍රදේශ තියෙනවා..ඉතින් අවසරයක් නොමැතිව එවැනි කළාපවලට ඇතුලු වීම තහනම්..ඉතින් මෙයාල කරන්නේ..මේ අඩවියට විරුද්ද වෙන්න සැරසෙනකොට එයාලගේ ඩ්‍රෝනා යානා එයාලට සහය දක්වන වෙනත් රටකට අරගෙන යන එක.

ඇමෙරිකන් කාරය මේකටත් මිසයිලයක් එවල බිම දායිද දන්නෙ නෑ :P

වැඩි‍ දුර තොරතුරු සඳහා කියවන්න..http://thepiratebay.se/blog/210

Monday, March 19, 2012

අයියෝ...තාමත් Gel ද ගාන්නේ.;-) මෙන්න විසඳුම පෙනෙළ ගාන්නකෝ..

ජෙල් වලට මෙන්න විකල්පය.......මමත් ජෙල් ගාලා නාගෙන තියෙනවා හොදට. නමුත් මට විකල්පයක් ලැබුණා. මෙම ලිපිය බලන සියල දෙනාගේ ප්‍රයෝජනය පිණිස මම මේ දේ ගැන කියන්නම්.


මේක ගෙඩි ජාතියක්. පෙනෙල ගෙඩි කියල කියන්නේ. (වැල් පෙනෙල නෙවෙයි රජෝ..!!!!) රත්තරං බඩු හදන අය මේක විශාල වශයෙන් භාවිතා කරනවා රත්තරං බඩු සුද්ද කරන්න, මොකද මේකෙ සබන් ගතියක් තියෙන නිසා. මේක රට ඉදි ගෙඩියක් වගේ එකක්. ඇතුලේ ලොකු ඇටයක් තියනවා. මේ ඇටය ඉවත් කරලා පිට පොත්ත ටිකක් වෙලා වතුරෙ දාලා තියලා අත් දෙක අතර තියල පොඩ්ඩක් රෝල් කලාම සබන්‍ පෙන වගේ දෙයක් ඇති වෙනවා. මේකයි කොණ්ඩෙ ගාන්න තියෙන "ජෙල්" එක. මේක ගාලා වේලුණාම නැතිනම් ඩ්‍රයර් එකක් දාලා වේලුවාම හිස කෙස් ආයේ හෙල වෙන්නෙවත් නැතුව තියනවා. ටිකක් වැඩියෙන් දැම්මොත් කොණ්ඩෙ හෙල්මට් එකක් දැම්ම වගේ වෙනවා. ඒ තරම් සවි වෙනවා. (ගාලා ඒසී එකේ හිටියා ම හරි...!!) නෑවාම සේදිලා යනවා., කොණ්ඩෙට බැදෙන දූවිලි වගේ දේවලුත් එක්කම. හිසත් සෑහෙන්න සිසිල් වෙනවා. මේ ‍ශාකය හිස කෙස් සදහා වැළදෙන රෝග ගණනාවකට ප්‍රතිකාර විදියට භාවිතා කරනවා.

ම‍ම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!

මේක සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. හැබැයි රටඉදි වගේ පෙණුම තියන හොදට මෝරපු ඒවා ගන්න. ග්‍රෑම් 500ක් 100/= නිතර වෙන්නේ .ලාබයි අත උඩින්. ග්‍රෑම් 500 ක් ගත්තාම මාස 6-8ක් ගාන්නත් පුළුවන්, මොකද එක ගෙඩියක් එකවරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් නිසා. බය නැතුව ගාන්න. අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි කියන්න පුළුවනි........!!!

දැන් අපි බලමු මේ දේ බාවිතා කරන්නේ කොහොමද කියලා....

මෙන්න මේව තමා ඔය පෙනෙල ගෙඩි..ඔය සිංහල බෙහෙත් බඩු කඩයකින් ගන්න පුලුවන්..



ඊට පස්සේ මේක මෙහෙම කපල මැද තියන ඇටේ අරන් දාන්න ඕන 


දැන් ඒක පොඩ්ඩක් පෙගෙන්න වතුරේ දාල විනාඩි 3,4ක් තියන්න.. 


දැන් හරි මේන්න මේක තමා ඔය ගෙඩිය.. 


මේක හොදට පොඩි කරන්න..(හරියට නිකන් සබන් ගාන්න කරන්නේ..අන්න ඒ වගේ..) එතකොට සබන් පෙන වගේ මෙහෙම පෙන එනවා 


ඊට පස්සේ ඉතිං ඒක ජෙල් එක වගේ ගාන්න තමා තියෙන්නේ..වැඩියෙන් ගෑවොත් ගල් වෙනවා වැඩි..අර කිවුව වගේ අ/ච් එකක් වගේ හිට්යම නියමෙටම සෙට් වෙනවා..ඔලුවේ රිදිලිත් නෑ.. ඔලුවට අමාරුවකුත් නෑ..නෑවට පස්සේ කූල් ..නිකනම නාද්දි හේදිල යනව..පොඩ්ඩක් කොන්ඩේ ඉක්මනට වැවෙනවාදෝ මංද.. මේන්න මෙහමයි වෙන්නේ...


මම  හිතනවා මෙම ලිපිය ගොඩක් තරණ අයට වැදගත් වෙයි කියල.. හැබැයි එක දෙයක් කියන්න ඕනෙ මෙම ලිපියේ අයිතිකරු මම නෙමෙයි..මම මෙය උපුටාගත්තක්.. එහි විස්තර පහත දැක්වේ..

මෙම ලිපියේ අයිතිකරුවන් වන්නේ..එළකිරි ෆෝරම් එකේ dath kimbula නම් මහතා සහ dath kimbula මහතාගේ තොරතුරු අනුසාරයෙන් තවදුරටත් මෙය පැහැදිලි කොට දුන් එළකිරි ෆෝරම් එකේ jkadithya නම් මහතාය.

වැඩි දුර විස්තර සඳහා කියවන්න

dath kimbula මහතා විසින් මුලින් පල කල ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1117682 

jkadithya මහතා තවදුරටත් විස්තර කරමින් පල කල ත්‍රෙඩ් එක http://www.elakiri.lk/forum/showthread.php?t=1364012

Google දෙයියට හොරා බුකියේ සැරිසැරීම ;-)

Facebook කිව්වම ඉතින් අද නොදන්න කෙනෙක් නැති තරම්..ලංකාවෙත් අතිවිශාල පිරිසක් මෙම සේවය බාවිතා කරනවා. ඇත්තටම බොහෝ දෙනෙක් මේකට ඇබ්බැහි වෙලා කිව්වොත් නිවැරිදියි. සමහරුන යාළුමිත්‍රයන් සමග Chat කරන්න, තවත් සමහරුන් News Feeds බලන්න, ඇතැම් අය තමන්ගේ Marketing වැඩ වලට. ඔය වගේ එකී නොකී විවිද දේ සඳහා අපි මේක බාවිතා කරනවා..



නමුත් මේ Facebook නිසා තමන්ගේ පෞද්ගලිකත්වයට යම් යම් බලපෑම් ඇති වෙන්න පුලුවන්. තමන්ගේ පෞද්ගලික තොරතුරු අනවශ්‍ය පුද්ගලයින් අතට පත් වෙන්න පුලුවන්. මෙවැනි හානි වලක්වා ගන්න මෙම සේවාව විසින් පහසුකම් සලසා දී තිබෙනවා..

අද මම මේවායින් කතා කරන්නේ එයින් එක් දෙයක් ගැන.

ඒ තමයි, කොහොමද අපගේ ෆේස්බුක් ගිණුමේ තොරතුරු Google සෙවුම් ප්‍රථිපල වලින් ඉවත් කර ගන්නේ කියලා..එනම් මෙහිදී ඔයාගේ කිසිම ෆේස්බුක් ක්‍රියාකාරකමක තොරතුරු හෝ ඔයගේ ගිනුමේ තොරතුරු තවත් කෙනෙකුට Google හෝ වෙනයම් කිසිම කෙනෙකුට සොයාගන්න බැහැ..නමුත් ඔයා රිසිසේ තමන්ගේ ගිණුම බාවිතා කරන්න පුලුවන්..තමන්ගේ හිතමිතුරන් යාළුවන් විදියට එකතු කරගන්න පුලුවන්..යම් ඔබ නොහඳුනන  කෙනෙක් ඔබගේ Facebook URL එක හරහා එන්න හැදුවත් එයාට ඔයගේ Facebook Profile එකවත් බලාගන්න බැහැ. ඉතින් මම හිතනවා ගොඩදෙනෙක්ට මේදේ ප්‍රයෝජනත් වෙයි කියලා..මොකද අප අතරේ බොහෝ දෙනෙක් මෙවැනි සුලු දේවල් සම්බන්දව වැඩි අවධානයක් දක්වන්නේ නැති නිසා..

දැන් අපි බලමු ඉතා සරලව මෙය කරගන්නා ආකාරය

පහත රූප පැහැදිලිව දර්ශණය නොවේ නම් කරුණාකර එය මත ඔබන්න.

පියවර අංක 01

පියවර අංක 02


පියවර අංක 03


පියවර අංක 04

පියවර අංක 04 දී දමා ඇති tick එක (check box) එක untick කරන්න.

දැන් ඔබ සියල්ල කර හමාරයි. එහෙත් ටික දිනක් යනකම් ඔබගේ දත්ත Google SERPs (Search Engine Result Pages) වල දර්ශනය වේවි.. Google SERPs updates වෙනකොට ඔබගේ තොරතුරු ඉන් ඉවත් වේවි..

ඔබට නැවතත් මුල් තත්වයට ගෙන ඒමට උවමනානම් ඉහත පියවරයන් ටික නැවත සැකසීමෙන් එය කල හැක.

සුපිරි ඉංදීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිංග්.Yuvraj Singh නුදුරු දිනයකදී නැවතත් පිටියට :-)

අපි කවුරුත් හඳුනන ඉන්දීය පිලේ සුපිරි ක්‍රීඩක යුවරාජ් සිංග් හට පෙනහළුවල පිළිකාවක් වැලඳී ඇති බව මීට මාස කිහිපයට පෙර අපට අසන්න ලැබුන..එතැන් සිට අදදක්ව ඔහු ප්‍රතිකාර ලබමින් සිටින්නේ ඇම‍රිකාවේ..උහුගේ වෛද්‍ය වරුන් පවසන පරිදි..ඔහුගේ පිළිකාව බොහෝ සෙයින් පාළනය වී ඇති බවත් ඔහුට මාස කීපයක් ඇතුලත සාමාණ්‍ය තත්වට පැමිනීමට හැකි බවත් පවසනවා..


අප්‍රේල් මස මැද බාගයේදී ඔහු නැවතත් ඉන්දියාවට එන්න නියමිත බවත් පැවසෙනවා..ක්‍රිකට් ගැන උනන්දු..ක්‍රිකට් වලට ආදරය කරන අය..වැඩි විස්තර සඳහා මෙම ලිපිය කියවන්න..http://www.espncricinfo.com/india/content/current/story/557881.html

අපි ඉතින් ශ්‍රී ලාංකිකයොනේ..වෙනත් රටක ක්‍රීඩකයෙක් උනත් අපි උවුන්ට ආදරෙයි..ඒත් ඉන්දියානුවන්නම් අපේ පිළේ ක්‍රීඩකියින්ට අමු අමුවේ අපහාස කරන හැටි ෆේස් බුක් එකේ දකින විට හිතට ඇති වන්නේ මහත් දුකක්..

Google දෙයියගෙන් බැට කන්න ලෑස්ති වෙයල්ලා..:O

මේ දවස්වල අන්තර්ජාලයෙන් ඇසෙන ආරංචි අනුව..ගූගල් විසින් ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රයේ යම් යම් වෙනස් කම් කරමින් සිටියි..ඒ අනුව අන්තර්ජාලයේ ඇති අඩු ගුණාත්මක බාවයෙන් යුතු වෙබ් අඩවි වල තත්වය පහත් කිරීමට ගූගල් සැරසේ..ලංකාවේ අපේ වෙබි අඩවි කරන..කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම මේ ගැන සැලකි‍ලිමත්වෙන එක නුවනට හුරුයි..


ඔබ අනවශ්‍ය විදියට SEO කරන්න උත්සාහ කරනවා නම් මෙහි බලපෑම වැඩි වෙන්න පුලුවන්..මොකද අනවශ්‍ය විදියට keywords, link යනාදිය යොදන්න යන එක එතරම් සුදුසු දෙයක් නෙමෙයි..අද වෙන විට ඉතා බාල තත්වයේ අන්තර්ගතයන් ඇති..වෙබ් අඩවි උනත් ගූගල් සෙවුම් යන්ත්‍රයේ වැඩි වටිනාකමක් ගෙන ඇත්තේ මෙවැනි SEO ක්‍රම අනුගමනය කිරීමෙන්..ඉතින් එම තත්වය පාළනයට තමයි ගූගල් මෙතරමි මහන්සි වෙන්නේ..ඔය PANDA UPDATE එක කියල එන්නෙත් ඔය වගේ එකක් තමයි..

සිංහල බ්ලොගින්....හ්ම්..අප්පේ මතකයි මතකියි..:-) I'm back.

ගොඩ කාලයට පස්සෙ නැවතත් සිංහල බ්ලොග් කරනයට අතගහන්න කියල ඔන්න හදන්නේ...පසුගිය කාලයේ තරමක් කාර්යබහුල කම නිසා බ්ලොග් කරනයට යොදවන්න කාලයක් හොයා ගන්න බැරුවයි හිටියෙ..


හැබැයි මේ සැරේ මම බ්ලොග් කරනයේ යෙදෙන්නේ කලින් යෙදුනාට වඩා තරමක් වෙනස් විදියට..මම කලින් ලිව්වේ..අනවශ්‍ය විදියට දිග..අනවශ්‍ය විදියට විස්තර කරන ලද ලිපි..ඉතින් මේක කියවන්න එන අයට එපා වෙනවනේ..ඔන්න මේ සැරේ කෙටියෙන්..මම අහන දකින..මගේ අදහස්..ඔය ගොල්ලන් එක්ක බෙදා හදා ගන්න හිතුවා..ඒ..වඩාත් සරලව..කෙටියෙන්...ඒක මගේ බ්ලොග් එක කියවන ගොඩ දෙනෙක්ට පහසුවක් වෙයි කියලා හිතෙනවා..

හැමෝටම සුබ දවසක්..

Tuesday, December 13, 2011

Wordpress නවතම සංස්කරණය වන WordPress 3.3 Sonny අද දින නිල වශයෙන් නිකුත් වූ වගයි.

Wordpress 3.0 සංස්කරණයට පසුව ආ ප්‍රධානතම සංස්කරණය වන Wordpress 3.3 දැන් නිකුත්වී ඇත. එය නිකුත්ව ඇත්තේ WordPress 3.3 “Sonny” යන නාමයෙනි. WordPress 3.2.1 සංස්කරණය නිකුත්වූ පසු මාස කිහිපයක් ඇතුලත Wordpress.org මගින් Wordpress 3.3 RC සංස්කරණයක් හඳුන්වාදෙනු ලැබුවා.
අද ‍එහි Stable version  එක මුදා හැර තිබෙනව. කෙසේ වෙතත් 3.0 සංස්කරණයේ මෙන් විශාල වෙනස්කම් මෙහි සිදුකොට නැහැ.

මෙම සබැඳිය හරහා ගොස් Wordpress නවතම සංස්කරණය ඔබට භාගත කරගත හැකිය.

Wordpress 3.3 හි ඇති නව පහසුකම් මොන‍වාද?

  • මෙම සංස්කරණයත් සමග  Drag and drop ක්‍රමයට Media Files Upload කිරීමේ හැකියාව ලබා දී තිබෙන‍වා. ඒ හැරෙන්න වෙන සුවිශේෂී පහසුකම් හෝ වෙනස්කම් WP හි Media Section එකට ලබාදී නැහැ. 
  • Administration Menu එක නැතව සකස්කොට තිබෙනවා.
  • Help Tabs වල පෙනුම වෙනස්කොට තිබෙනවා.
  • ස්පර්ශ සංවේදී තිර සහිත පරිගණක සඳහා WP හි අතුරුමුහුණත සංවර්ධනය කොට තිබෙනවා.
  • Tumblr ‍බ්ලොග් wp සඳහා import  කිරීමේ පහසුකමක් හඳන්වාදී තිබෙනවා.
හිතුව තරම්නම් වෙනසක් සිදුවෙලා නැහැ. wp හරහාම අපිට අවශ්‍ය විදියට folders හදන්න, මකන්න, නැවත නාමකරණය කරන්න, වර්ගීකරනය කරන්න. ඒ ඒ folders භාවිතා කිරීමේ බලතල ලබාදීම හා සීමාකිරීම වැනි  පහසුකම් හඳුන්වා දෙනවනම් එය විශාල පහසුවක් වෙයි සාමාන්‍ය භාවිතා කරන්නන්ට. මමත් මීට පෙර පහසුව හා වේලාව ඉතිරිකරගැනීම සඳහා මේසඳහා භාවිතා කලේ. Flash plugin එකක්. නමුත් ඒක නිතරම Crash වෙන නිසා දැන් ඒක භාවිතා කරන්නේ නැහැ. ඔය හැම දේටම FTP තියෙනවනේ..D.

Wordpress 3.3 සංස්කරණයෙහි Screenshot කිහිපයක්.

 රූප විශාල කිරීමට එය මත ඔබන්න.
 රූප විශාල කිරීමට එය මත ඔබන්න.
Drag and drop ක්‍රමයට File Upload කරන ආකරය -  රූප විශාල කිරීමට එය මත ඔබන්න.
 රූප විශාල කිරීමට එය මත ඔබන්න.
නැවත සැකසූ Menu Bar එක -  රූප විශාල කිරීමට එය මත ඔබන්න.
ඔයාලා කොහොමද මේ නව සංස්කරණය ගැන හිතන්නෙ? 

Sunday, December 11, 2011

Google Public DNS, Windows පරිගණක සඳහා යොදන ආකාරය.

අද මගේ ලිපියෙන් විස්තර කරන්නෙ Windows xp හා Windows 7  මෙහෙයුම් පද්ධති භාවිතා කරන අයට තමන්ගේ පරිගණ‍කයේ DNS(Domain Name System) මාරුකරගන්නා විදිය.

මොනවද මේ DNS කියන්නෙ?


DNS ගැන කියනව නම් ඒ ගැන ගොඩක් දේවල් කියන්න වෙනව. මේ ලිපියෙ අරමුණ ඒ දේ නොවෙන නිසා මම සරලව මේ ගැන පැහැදිලි කර දෙන්නම්.

හිතන්න ඔබට Youtube.com යන වෙබ් අඩවියට යෑමට අවශ්‍යයි කියල. එතකොට ඔබ කරන්නෙ බොහෝ විට youtube.com යන ඩොමේන් නාමය තමන් භාවිතා කරන වෙබ් බ්‍රව්සරයේ Address bar එකේ යතුරුලියනය ‍කොට Enter බොත්තම එබීමයි. ඉන්පසු සිදුවන්නේ වෙබ් බ්‍රව්සරය ඔබ බාවිතා කරන DNS Server එක හා සම්බන්ධ වී එයින් තමන්ට අවශ්‍ය ‍ඩොමේන් නාමයට අවශ්‍ය IP Address එක ඉල්ලීමයි. ඉන්පසු DNS Server එක එය සොයා බලා ඉල්ලූ ඩොමේන් නාමයට අදාල IP Address එක ඔබගේ වෙබ් බ්‍රව්සරයට යොමු කරයි. දැන් ඔබට එම IP Address එකට අධාල වන වෙබ් අඩවියට පිවිසිය හැක. මේ දේ සිදුවන්නෙ ස්වයංක්‍රීයව ඉතා සුලු කාලයක් තුලදි.

ඇයි අපි DNS මාරුකරගත යුතුවන්නෙ?


මේ දේත් සරලව පැහැදිලි කරනවානම්, ඔබ බොහෝවිට දැනට භාවිතා කරනවා ඇත්තේ ඔබගේ අන්තර්ජාල සම්බන්ධතා සැපයුම්කරු(ISP-Internet service provider) ඔබට ලබාදෙන DNS විය හැකියි. මෙම DNS අපිට ඔවුන් ලබාදෙන්නෙ ඔවුන්ගේ private DNS servers වලින්. ඉතින් එහි ගුණාත්මක බාවයේ යම් යම් අඩුපාඩුකම් ඇති උනොත් ඔබගේ අන්තර්ජාලයේ සැරිසැරීමේදී යම් යම් ගැටලුවලට මුහුණ පාන්න වෙනවා. ඒවගේ ම ඔබගේ තොරතුරුවල සුරක්ෂිතතාවය සහ පෞද්ගලිකත්වටත් යම් යම් බලපෑම් ඇතිවෙන්න පුලුවන්. නමුත් ඔබ open/public DNS servers බාවිතා කරනවානම් ඔබට ඉතා ඉහල කාර්යක්ශමතාවක් සහ ඉතා ඉහල පෞද්ගලිකත්වයක් අන්තර්ජාල සැරිසැරීමේදී ලබාගන්න පුලුවන්.

මොනවාද අපිට භාවිතා කරන්න පුලුවන් open/public DNS සේවා?


මෙවැනි open/public DNS සේවා බොහොමයක් තිබුනත් දැනට ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ OpenDNS.COM සපයන සේවාව හා Google සපයන Google Public DNS සේවාවයි.

මොන සේවාවද වැඩියෙන්ම හොඳ?


ඒ ප්‍රශ්නයට නම් කෙලින්ම පිළිතුරක් දෙන්න අපහසුයි. මොකද මේ සේවා දෙකම ලෝකයේ බොහෝ දෙනෙක් භාවිතා කරනවා. ගූගල් ලබාදෙන සේවාවල තත්වය ගැන ඔයාලට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ! ඒ නිසා මම අද හිතුව Google සපයන Google Public DNS සේවාව ලබා ගන්නා හැටි සරලව පැහැදිලි කරන්න. OpenDNS.COM සපයන සේවා සම්බන්දව ලිපියක් නුදු‍රේදීම මම පළ කරන්නම්.

Windows XP පරිගණකයක් සඳහා Google Public DNS සේවාව සක්‍රිය කරගන්නා ආකාරය.

01 Control Panel එක විවෘර්ත කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.

02 මීලඟට Network Connections යන්න ඔබන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.

03 දැනට ඔබ සක්‍රියව භාවිතා කරන අන්තර්ජාල සම්බන්දතාවය තෝරා ඒමත right click කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.
රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.


04 TCP/IP service යන්න තෝරා එහි Properties යන බොත්තම ඔබන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.


05 ඉන්පසු විවෘර්ත වන Window එකෙහි පහත පරිදි වෙනස්කම් කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.
දැන් ඔබ සියල්ල කර හමාරයි. පරිගණකය නැවත පණගන්වා(reboot) බාවිතා කිරීම වඩා යෝග්‍ය වේ.

Windows 7 පරිගණකයක් සඳහා Google Public DNS සේවාව සක්‍රිය කරගන්නා ආකාරය.


මේ සඳහාත් සැකසුම් කිරීම Windows XP පරිගණකයක් සඳහා කරන සැකසිම් වලට බොහෝ සෙයන් සමානයි. පහත පියවරයන් අනුගමණය කරන්න.

Controle Panel => Network and Internet => Network and Sharing Center => Change adapter Settings

මීලඟට ඔබ ඔබ සක්‍රියව භාවිතා කරන අන්තර්ජාල සම්බන්දතාවය තෝරා ඒමත right click කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.

ඉන්පසු මතුවන Window එකෙහි TCP/IPv4 යන්න තෝරා Properties යන බොත්තම ඔබන්න. මෙම පියවරයන්නම් Windows XP සඳහා මෙය කළ ආකාරයට බොහෝ ‍‍සෙයින් සමාන වේ.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.

 ඉන්පසු විවෘර්ත වන Window එකෙහි පහත පරිදි වෙනස්කම් කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.

දැන් ඔබ සියල්ල කර හමාරයි. පරිගණකය නැවත පණගන්වා(reboot) බාවිතා කිරීම වඩා යෝග්‍ය වේ.

එහෙනම් අද ලිපිය මෙතනින් ඉවරයි. කැමති කෙනෙක් අත්හදා බලන්න. නැවතත් අලුත් ලිපියකින් තවත් දිනකදී හමුවෙමු. ඔබට ජය.
Some Image credits: Google Image Search and techie-buzz

Sunday, November 20, 2011

ඩොමේන්(Domain) නාමයක් මිළදී ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු සම්බන්ධව කෙරෙන සවිස්තර පැහැදිලි කිරීම.

හැමෝම දන්නව ‍Domain නාම කියන්නෙ මොනවද කියල. හැබයි ගොඩදෙනෙක් Domain නාමයක් මිළ දී ගැණීමේදී ඒගැන ඒතරම් දුරට හිතන්නෙ නැති බව එම Domain නාම දිහා බැලුවම පේනව. ඇත්තටම Domain එකක් මිළ දී ගන්නවයි කියන ‍එක අලුත උපන් දරුවෙකුට නමක් තියනව වගේ හොඳට හිතල මතල කරන්න ඕනෙ දෙයක්.
මොකද අපි බොහෝ විට Domain නාමයක් මිළදීගන්නෙ වාණිජ අරමුණු තකා. එහිදී තමන්ට හොඳයි කියල හිතෙන නාමයක් ලබාගන්නවාට වඩා ඒගැන ගොඩක් සලකා බලන්න අවශ්‍ය කාරණා තියෙනව. අද මගේ ලිපියෙන් විස්තර කෙරෙන්නෙ එවැනි කාරණා කිහිපයක් සම්බන්දව.

01. කෙටි නාමයක් වීම.


කෙටි නාමයක් ගන්නවානම් වාඩාත්ම හොඳයි. නමුත් මෙහිදී අපට යම් යම් සීමාවන් දැන් වැටිල තියෙනව. දැනට අකුරු 3 සහ අකුරු 4 Domain නාම සියල්ලක්ම අවසන්වෙලා තියෙන්නෙ. අකුරු 5 Domain නාමත් ලඟදීම අවසන්වෙයි. මොකද ‍ඒ තරම් වේගයෙන් මෙම Domain නාම අවසන්වෙන්නෙ. මෙය බොහෝ දුරට බලපානු ලබන්නෙ .com, .net, .org, .info....etc ජාත්‍යන්තර(International) ඩොමේන් නාම සඳහා. දේශීය(Local) නාම ලබාගැනීමේදී බොහෝ විට කෙටි නාම ලබාගත හැකිවුවත්. එහිදී යම් යම් අවාසි සහගත තත්වයන් පැනනගිනව.

උදා:- .lk යන ලංකාවට ආවේණික වූ Domain Extension එකක් සහිතව Domain නාමයක් මිළදීගන්න ආසන්න වශයෙන් රු.5000/= ක පමණ මුදලක් ගෙවන්න ඕනෙ. නමුත් .com වගේ TLD(Top-level domain) එකක් ගන්න ගෙවන්න ඕනෙ රු 1300/= ‍වගේ මුදලක්. .info වගේ Domain නාමයක් රු 250/= කටත් අඩු මුදලකට ලබාගත හැකියි. තවද ඔබ එක් රටක්, උදාහරණයක් විදියට ලංකාව විතරක්  ඉලක්ක කරගෙන වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න සිතනවා නම් .lk වැනි Local Domain Extension එකක් ලබා ගැනීම සුදුසු නමුත්. ඔබ ජාත්‍යන්තරය ඉලක්ක කොටගෙන වෙබ් අඩවියක් මුදාහරින්න සිතනවානම් වඩාත්ම සුදුසු වන්නේ .com, .net, .org වැනි ජාත්‍යන්තර(International) Domain Extension එකක් ගන්න එක. මොකද ලොකයේ වැඩි දෙනෙක්ට හුරු පැරුදු මෙම  Domain Extensions නිසා. තවද DNS මාරුකරන්න ලබාදෙන පහසුකමුත් මේසඳහා බලපානු ලබනවා. ලංකාවෙ තත්වය නම් ටිකක් විතර නරකයි, මොකද ඇතැම් අවස්තාවල DNS මාරුවෙන්න සතියක පමණ කාලයක් ගතවෙනව. නමුත් මෙම කරුණ සෑම රටකටම එක ලෙස නොවන නිසා මේ ගැන වැඩි දුර විස්තර කරන්න මම  කැමති නැහැ. 

‍Domain නාමයක් මිළදී ගැනීමේදී හැකිතාක් දුරට අකුරු 10ට අඩු නාමයක් මිළ දී ගන්න උත්සාහ කරන්න. කිසි වි‍ටෙක අකුරු 20 ඉක්මවා යන්න එපා. 

උදා:- www.design.com, www.prodesign.com, www.myprodesign.com යන Domain නමා 3 සලකා බැලීමේදී පලමු වරට වැඩිදෙනෙකුගේ වැඩි අවධානයක් සහ ප්‍රමුකත්වයක් ලැබෙන්නෙ www.design.com යන Domain නාමයට. දෙවනුවට www.prodesign.com ටත් තෙවනුවට www.myprodesign.com යන නාමයට. එම අනුපිළිවෙලටම එම නාමයන්ගේ වටිණාකමත් අවරෝහණය වනු ලබනව. දැන් නම් ඔය වගේ නාම මිළදී ගැනීමේ හැකියව බොහෝවිට ඉතා විරලයි. මොකද මෙවැනි නාම මිළදීගෙන ඉවර වීම සහ ඇතැම් නාම විශාල වටිනාකම් සඳහා රඳවාගෙන තබාගැනීම. මෙය සමහර කාරණා සඳහා වලංගු නොවන අවස්තාද දකින්න පුළුවන්. ඒ කියන්නෙ දීර්ඝ Domain නාම ඇතැම් අවස්තාවලදී කෙටි නැම වලට වඩා සාර්තක වෙන අවස්තා ඕ‍නෑ තරම් දකින්න පුලුවන්. මේ සඳහා උදාහරණයක් ලංකාවේ කෙනෙකුගේ වෙබ් අඩවියක් මූලික කරගෙනම ඉදිරි කරුණකදී විස්තර කරන්නම්.

ඇයි මම කෙටි Domain නාමයක් මිළදීගත යුතු වන්නෙ? මේ ප්‍රශ්ණයට පිළිතු‍රු ඉදිරි කාරණාවලදී විස්තර කෙරේ.

02. පහසුවෙන් මතක තබා ගැනීමට හැකිවීම.

ලෝකයේ අන්තර්ජාල භාවිතා කරන්නන්ගෙන් වැඩි පිරිසක් වෙබ් අඩිවි bookmark කිරීම සිදු කරන්නේ නැහැ. බොහෝවිට එයාල කරන්නෙ කැමති වෙබ් අඩවිවල නාමයන් මතකතබා ගැනීම සහ අවශ්‍ය විට වෙබ් අඩවි ලිපිණය/නාමය යතුරුලියනය කොට කෙලින්ම වෙබ් අඩවියට පිවිසීම(Direct Traffic). ඉතින් ඔබ මතකතබා ගැනීමට අපහසු නාමයක් භාවිතා කරනවානම්. ඔබ කොතරම් ගුණාත්මක අයුරින් වෙබ් අඩවිය පවත්වාගෙන ගියත් Google වැනි සෙවුම් යන්ත්‍ර හරහා ඔබගේ වෙබ් අඩවියට පැමිණි අය නැවත නැවතත් කෙලින්ම ගෙන්වා ගැනීමට(Direct Traffic) අපහසු ‍වනු ඇත. ඔබගේ Domain නාමය දිගු එකක් වුවත් එය පහසුවෙන් මතක තබා ගැනීමට හැකිනම් එය ඉතා වැදගත්වේ. වෙබ් බ්‍රව්සර වල තිබෙන Web History පහසුකම යම් තාක් දුරකට මේ ගැටලුවට පළිතුරු සපයයි.

උදා:- trdlw.com යන කල්පිත උදාහරණය සැලකීමේදී මෙම නාමය කෙටි එකක් උවත් එය පහසුවෙන් මතකතබා ගැනීමට නොහැකියි.

03. Domain නාමයේ පෙනුම.

මෙම කාරණයත් වැදගත් වන්නෙ නාමය මතක තබා ගැනීම පහසු කරලීමට. පසුව වෙබ් අඩවියකට Logo එකක් නිර්මාණයේදී මෙම කාරණය ඉතා ආකර්ෂණීය ලෙස යොදා ගත හැකිය. දැනට සාකච්ඡා කරන ලද කරුනු සහ ඉදිරියේදී සාකච්ඡාකිරීමට සිටින කරුනු වල වැදගත් කමත් එක්ක සැලකීමේදී මෙයට ලොකු අවධානයක් දිය යුතුනැහැ.

උදා:- www.yoohoo.com, www.hulu.com, www.pogo.com, www.goto.com, www.wikimiki.com

04. වැඩි මූල පද(Keywords) ප්‍රමාණයක් ඇතුලත් වීම.

මෙම කාරණය ඉතාමත්ම වැදගත් කාරණයක් විදියට සලකන්න පුලුවන්. මෙහිදී Domain නාමය තරමක් දිගු එකක් උවත් එහි වැඩිපුර මූල පද(Keywords) සංඛ්‍යාවක් තිබෙනවානම් සහ එය ඔබගේ වෙබ් අඩවියේ Niche එක හා හොඳින් ගැලපේනම් ඔබට එම Keywords සඳහා එන Google වැනි සෙවුම් යන්ත්‍ර වල සෙවුම් ප්‍රතිඵල වල ඉහලට ඒමට එය මහඟු උපකාරයක් වෙනු ඇත. මෙයට මම කරුණු අංක එකේදී ඔයාලට පොරොන්දු උනා මේසඳහා උදාහරණයක් දෙනවයි කියල. ඔය පහත තියෙන්නෙ මම පොරොන්දු උන විදිය.:D
ඒ කියන්නෙ දීර්ඝ Domain නාම ඇතැම් අවස්තාවලදී කෙටි නැම වලට වඩා සාර්තක වෙන අවස්තා ඕ‍නෑ තරම් දකින්න පුලුවන්. මේ සඳහා උදාහරණයක් ලංකාවේ කෙනෙකුගේ වෙබ් අඩවියක් මූලික කරගෙනම ඉදිරි කරුණකදී විස්තර කරන්නම්.
මේ සඳහා මම උදාහරණය විදියට ගන්නෙ හැමෝම දන්න(විශේෂයෙන්ම බ්ලොග් ලියන අය) ලසන්ත බණ්ඩාර කියන ලංකාවෙ අයිය කෙනෙග්ගෙ වෙබ් අඩවියක් වෙන www.premiumbloggertemplates.com කියන වෙබ් අඩවිය.

එම වෙබ් අඩවියේ දර්ශනයක් - රූපය පැහැදිලි නොමැති නම් එය මත Click කරන්න

මොකක්ද මේ වෙබ් අඩවියෙහි සහ එහි Domain නාමයෙහි ඇති වැදගත්කම?

මෙම වෙබ් අඩවියෙහි Niche එක වෙන්නෙ Blogger Templates. ඉතින් ලෝකෙ ගොඩදෙනෙක් කැමතියිනෙ තමන්ගෙ බ්ලොග් එකට ඉහල පෙනුමක් ලබාදෙන්න. ඉතින් ලෝකෙ ගොඩදෙනෙක් මේවගේ Templates හොයාගන්න Google සෙවුම් පද විදියට යොදන්නෙ Premium Blogger Templates, Premium Blogger Templates 2011, Free Premium Blogger Templates වැනි සෙවුම් යෙදවුම්.

 මෙහිදී ඔයාලට හොඳින් දකින්න පුලවන් ලෝකයේ බොහෝදෙනෙක් මෙවැනි සෙවුම් යොදන්න බාවිතා කරල තියෙන Premium, Blogger, Templates වැනි මූල පද(Keywords) වලින් මූල පද 3ක්ම www.premiumbloggertemplates.com යන Domain නාමයෙහි අනුපිළිවෙලින් අන්තර්ගත වීම.

ඔයා කොහොමද කියන්නෙ ‍Blogger Templates සඳහා ලෝකයේ වැඩි දෙනෙක් බාවිතා කරන ලද මූල පද(Keywords) Premium, Blogger, Templates යන ඒව කියල?

හොඳයි ඒක මම ඔප්පු කරලම පෙන්නන්නම්කො.:D හොඳින් නිරීක්ෂණය කරන්න පහතින් මම යොදා ඇති රූපය.
රූපය පැහැදිලි නොමැති නම් එය මත Click කරන්න.

සැ.යු:- ඉහත Screenshot එක මම ලබා ගත්තේ FireFox Web Browser එකේ සියලුම Web History Delete කිරීමෙන් අනතුරුවය. සැකනම් ඔබලාටද එසේ කොට උත්සාහ කරබලා තහවරු කරගත හැකිය.

ඔය රතු පාටින් ස්මතු කරල තියෙන කොටස් ගැන හොඳින් අවධානය යොමුකරන්න. දැන් ඔයාලට පැහැදිලියිනේ මම පැහැදිලි කළදේ! එහිදී ඔයාලට දකින්න ලැබෙනව Premium Blogger Templates කියන මූල පද තුනම අනුපිළිවෙලින් Google Suggestions වල ඉහලින්ම තිබෙනව. ඉතින් Blogger Template දෙන වෙබ් අඩවියක් සඳහා මේ තරම් හොඳ Domain එකක් තවත් තියෙනවද? එහිදී ලසන්ත අයියා ගොඩක් බුදධිමත් සහ වාසනාවන්තයි.

05. පහසුවෙන් ශබ්ද කිරීමට හැකිවීම.

මෙයත් වැදගත් වෙන්නෙ වෙබ් ලිපිනය පහසුවෙන් මතක තබා ගැනීම සඳහා.

උදා:- ප්‍රධාන ව‍ශයෙන් ඉංග්‍රීසි කාතාකරන අය ඉලක්ක ‍කරගෙන මුදාහරින්න නියමිත වෙබ්අඩවියකට ජපන් වචනයන් ඇති Domain එකක් යෙදූවිට  එහි තේරුම  හා නිසි පරිදි එය ශබ්ද කිරීමට ඉංග්‍රීසි කතාකරන අයට අපහසු නිසා. එම වෙබ් ලිපිනය ඉංග්‍රීසි ජාතිකයින් අතරේ ජනප්‍රිය වීම අඩුවෙයි. මෙම කාරණය ඉතා සරල එකක් බැවින් වැඩි දුර විස්තර කිරීම අනවශ්‍යයි.

06. වෙබ් ලිපිනය සඳහා .com යන Domain Extension එක තිබීම.

බොහෝ අයතන තමන්ගේ වෙබ් අඩවි සඳහා .org Domain Extension එක භාවිතා කරයි. අධ්‍යාපණික ආයතන .edu ද විවිද භූගෝලීය ප්‍රදේශ පමණක් ඉලක්ක කරගත් වෙබ් අඩවි .lk, .co.uk, .tk, .cn, .cz.....etc. ආදී වශයෙන්  Domain Extension එක යොදා ගනී.

නමුත් ලෝකයේ වැඩි පිරිසකට ඉතාම හරුපරුදු සහ මනසට කිඳාබැහැපු Domain Extension එක .com. වෙබ් අඩවියක් අනුමාණකොට කෝ සොයාබැලීමේදී අපි බොහෝවිට මුලින්ම සොයා බලනුයේ .com නැමති Domain Extension සමගයි. එම නිසා හැකි සෑම අවස්තාවකදීම .com යන  Domain Extension ලබා ගැනීම නිර්දේශකල හැකිය.

උදා:- අපි කවුරුත් දන්න Full Time Blogger කෙනෙක් වෙන සහ www.problogger.net හි අයිතිකරු වන Darren Rowse ඔහුගේ ජනප්‍රිය Blog එක පටන්ගත්තේ .net නැමති Domain Extension සහිතවය. මෙම blog එක ලෝකය පුරා බොහෝසෙයින් ජනප්‍රිය වීම නිසා බොහෝ දෙනෙක්ට ProBlogger යන නාමය හොඳට හුරුපුරුදු එකක් විය.බොහෝ පිරිසක් කෙලින්ම පිවිසීමට වෙබ්ලිපිනය .net සමග යෙදුවත් සුලු පිරිසක් එය .com සමග පටලවාගත්හ. මේනිසා වසර කිහිපයකට පසු Darren Rowse විසින් $5000ක් ගෙවා problogger.com යන ලිපිණය ලබාගන්නා ලදි.

07. ඩොමේන් නාම තුලට යාඉරි(hyphens) හා අංක(numbers) යෙදීමෙන් වලකින්න.

 බොහොමයක් අය තමාට අවශ්‍ය Domain නාම මිළදී ගැනීමට යාමේදී. එය කලින් කෙනෙකු මිළ දී ගෙන ඇත්නම් එයට යාඉරි හෝ අංක හෝ ඔය දේකම යොදා තරමක හෝ සමාකාරවන අන්දමින් Domain නාමය මිළදී ගනී. නමුත් මෙය කිසිවිටෙකත් අනුමත කරන්න බැහැ. මෙය උදාහරණයකින් පැහැදිලි කරනවානම්.

උදා:- උපකල්පනය කරන්න මම හිතන් ඉන්නව www.bestbooksforyou.com කියන Domain නාමය ලබාගන්න. නමුත් මෙය මට කලින් කවුරුන් හෝ මිළදී ගත්තොත්, මට පුලවන් www.best-books-for-you.com හා www.bestbooks4you.com ආදී ලෙස Domain නාම ලබාගන්න. නමුත් මෙය එතරම්(ගන්න නොගන්න එක ඔයාලගෙ වැඩක්) අනුමත කරන්න පුලුවන් දෙයක් නම් නෙවෙයි. මොකද එයින් අවාසි සහගත තත්වයන් ඇතිවෙන්න පුලුවන් නිසා. දැන් අපි බලමු මොනවද ඒ අවාසි සහගත තත්වයන් කියල.

www.best-books-for-you.com යන වෙබ් අඩවියට පැමිණෙන අයට එම වෙබ් අඩවියේ නාමය හොඳින් මතක හිටිනව. මොකද වචන යාඉරි මගින් වෙන්කරල තියෙන නිසා. නමුත් එසේ පැමිණෙන්නන් බොහෝ දෙනෙක් නැවත වෙබ් අඩවියට යාමට Web Browser එකේ නාමය යතුරු ලියනය කරනු ඇත්තෙ www.bestbooksforyou.com ලෙසටයි. මොකද මෙය තමයි බොහෝ දෙනෙකුට හුරුපැරුදු භාවිතාව නිසා. අවසන් ප්‍රතිඵලය තමන්ගෙ වෙබ්අඩවියකට පැමිණෙන්න තිබූ පාඨකයින් ප්‍රමාණයක් වෙනත් වෙබ් අඩවියකට යොමුවීමයි. www.bestbooks4you.com යන Domain නාමය ගත්තත් මෙය අදාලයි. එහිදී‍ බොහෝ විට 4 යන ඉලක්කම වෙනුවට for යන්න පාඨකයින් අතින් යතුරුලියනය වීමට ඉඩඇත. අනිත් දේ තමයි www.bestbooksforyou.com යන Domain නාමය www.best-books-for-you.com හා  www.bestbooks4you.com  සලකා බැලීමේදී බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක්, ප්‍රමුකතායක් හා විශ්වාසයක් යොමුවන්නෙ www.bestbooksforyou.com Domain නාමයටයි. මොකද ප්‍රධාන වෙබ් අඩවි ඉලක්ක කරගෙන Phishing වලට Spyware,Malware,Trojan වැනි විනාශකාරී දේවල් පතුරුවාහරින්න තමයි බොහෝ විට ඔය වගේ Domain නාම මිළදී ගන්නෙත්. .info යන Domain Extension එකටත් බොහෝ දෙනෙක් කැමති නැත්තෙ බොහෝවිට මෙම  Domain Extension එකත් විනාශකාරී‍දේවල් වලට වැඩි වශයෙන් භාවිතා කරන නිසා.

08. වෙබ් ලිපිනය මගින් වෙබ් අඩවියේ Niche එක සම්බන්දව යම් ඉඟියක් දීම.


මෙයත් උදාහරණයකින්ම පැහැදිලි කරණවානම්,  උපකල්පනය කරන්න අලුත්ම චිත්‍රපට නිකුත්වීම් සම්බන්දව ඔබ සෙවුම් යන්ත්‍ර හරහා සෙවිමක් කරනවා කියල. එහදී ඔබට ලැබෙන ප්‍රතිඵල ලැයිස්තුවේ(Search Results) මුලින්ම තියෙන්නෙ www.topmovies.com යන වෙබ් ලිපිනයට අදාල සබැඳියක්(link). දෙවනුවට තියෙන්නෙ www.latestmoviereleases.com කියන වෙබ් ලිපිනයට අධාල සබැඳියක්. මෙයින් බොහෝවිට ඔබගේ අවධානය දිනාගැනීමට සමත්වන්නේ www.latestmoviereleases.com කියන වෙබ් ලිපිනයට අධාල සබැඳියයි. මක්නිසාද යත් එමගින් ඔ‍බ සොයන දේ සම්බන්දව හොඳ ඉඟියක් ලබාදෙන නිසා.

09. තම වෙළෙඳ නාමය හා හොඳින් ගැළපීම.

මෙය වෙ‍ළෙඳ සමාගම් වලට වගේම පුද්ගල Domain නාම ලබාගැනීමේදීත් සලකා බැලිය යුතුයි. නමුත් වෙ‍ළෙඳ සමාගම් සඳහා Domain නාම ලබාගැනිමේදී මෙය විශේෂයෙන්ම සලකා බැලිය යුතුයි. මන්ද යත් වෙළඳ සමාගමක ප්‍රතිරූපය මහජනයා අතරට අරන්යන්න මෙම ඩොමේන් නාමය බොහෝසේ වැදගත්වන නිසා. අදකාලයේ බොහෝවිට දකින්න පුලුවන් කරුණක් තමයි ලංකාවද ඇතුලත්ව ලෝ‍කයේ ප්‍රධාන සමාගම් රාශියක්ම තමන්ගේ වෙළෙඳ සමාගමේ නාමයටත් වඩා තමන්ගේ Domain නාමය ප්‍රචලිත කරන්න දරන වෑයම.

ඉතින් මොන වගේ කරුණුද සලකා බැලිය යුතුවන්නෙ මෙවැනි සමාගමකට ඩොමේන් නාමයක් මිළදී ගැනීමේදී?

  • සමාගමේ නාමය හා ගැළපිම.
  • කෙටි නාමයක් වීම.
  • පහසුවෙන් ශබ්දකිරීමට හැකිවීම.
  • හොඳ හැඩයක් තිබීම

10. වෙබ් ලිපිනය සැමදාටම වලංගු එකක් වීම.

මෙය බොහෝවිට අධාල වන්නේ විවිධ වර්ෂයන් යොදා ඩොමේන් නාම ගැනීමේදී. 

උදා:- www.premiumbloggertemplates2011.com යන ‍‍ඩොමේන් නාමය සඳහා 2011 වසර තුල හොඳ වටිනාකමක් තිබුනත් 2012 වසරෙදි එය එසේ නොවන්න පුලුවන්. මේගැන හොඳින් පැහැදිලි වීමට කරුණු අංක 04 සමග එක් කොට කියවන්න.

ඉතින් මම හිතනව අලුතෙන් ඩොමේන් නාමයක් මිළදී ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්න අයට මේ ලිපිය සුළුවෙන් හෝ උපකාරීවෙයි කියල. මෙම ලිපියේ අඩුපාඩු ඇත්නම් සහ තවදුරටත් වැඩිදියුනු වෙන්න අවශ්‍ය තැන් තිබේනම් මාව දැනුවත් කරනමෙන් කාරුණිව ඉල්ලා සිටිනවා. නැවතත් අලුත් ලිපියකින් තවත් දවසක හමුවෙමු. සියළු දෙනාටම සුභ දවසක්මම නාලක ප්‍රසාද් | Nalaka Prasad