Tuesday, March 20, 2012

VLC ලොක්ක අලුත්වෙලා කියන්නෙ!!! දැන්ම අලුත් එකට මාරුවෙනව හොඳයි :P

චිත්‍ර පටයක් බලන්න, ගීතයක් රස විඳින්න, Online Radio වටක සජීවීව සවන්දෙන්න, Streaming කරන්න වගේ ගොඩක් වැඩ වලට අපි එදිනෙදා බාවිතා කරන ඉතා ජනප්‍රිය වගේම නොමිලේ ලබාගත හැකි Media Player එකක් වන්නේ VLC Player එක.
මෙම Media Player එක අනෙකුත් Media Players වලින් ‍විශේෂ වනේනේ විෂාල ගොණු(Files) වර්ග සංඛ්‍යාවකට සහය දැක්වීම, සරල බව, Windows හැරුණුකොට අනෙකුත් Platform සඳහාද සහය දැක්වීම නිසාය. ඉතින් මෙයාලා VLC Media Player එක එළියට දැම්මේ Version 1.1.11 විදයට. ඉන්පසු ගොඩ කාලයකට පසු ටික දිනකට කලින් මෙම Media Player එකෙහි Version 2.0 නිකුත් උනා..මම හිතනවා හැමෝම වගේ දැන් බාවිතා කරන්නේ Version 2.0 කියලා.

දැන් මෙම Media Player එකෙහි තවත් Update එකක් ඇවිත් තිබෙනවා. Version 2.0.1 ලෙස. ‍මෙම Update එකත් සමග VLC Media Player එකෙහි වූ අනාරක්ෂිත තැන් සියගණනක් නිවැරිදි කර ඇති අතර MxPEG යන ගොණු වර්ගයට සහය දැක්වීම, Mac OS X සඳහා Player එකේ UI(User Interface) එක වැඩි දියුනු කරීම් වැනි වෙනස්කම් කීපයක්ම සිදුකර ඇති බවයි ආරංචි. සමහර විට ඔබ දැනට බාවිතා කරන VLC Player එක විසින්ම අදාල යාවත්කාලීන වීම ස්වයංක්‍රීයවම ලබාගෙන තිබෙන්නත් පුලුවන්..එසේ නොමැතිනම් ඔබටම එය යාවත්කාලීන කර ගන්න පුලුවන්..

වැඩි දුර විස්තර සඳහා  :- http://www.videolan.org/vlc/releases/2.0.1.html
බාගත(Download) කර ගැනීම සඳහා :- http://www.videolan.org/vlc/

SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.

10 comments: Post a comment

ඔය අලුත් වර්ෂන් එකේ සිංහල උපසිරැසි ෆිල්ම් බලන්න පුළුවන් ද ?

@උදාර

SUB තියෙනවනම් බලත හැකි. කිසි ගැටලුවක් නැහැ..කෝකටත් Up to date කරගන්න..ඒක ඔයාගේ පරිගණයටත් හොඳයිනේ. මොකද ආරක්ෂක ගැටලු බොහොමයක් මේ සමග නිවැරිදි කරල තියෙනවා.

තෑන්ක්ස් මචං.....
එහෙනම් මං බාගන්නම්.

අලුත් වුනත් ගොඩක් බර උනාමත් ටිකක් අමාරුයි? KM Player එකට උනෙත් ඒකයි.

@හෙලයෙකුගෙන් ලොවට

ඔව් ඔව් ඒත් Up to date ඉන්න එක කෝකටත් ඇඟට හොඳයිනේ..

අපිනම් දැන් පොට්ප්ලේයර් තමයි ඕන්

@ලකී

ලකී අයියා..පොට් ප්ලේයර් එක??? නම පොඩ්ඩක් පැහැදිලි මදි!

Post a Comment