මේක ගෙඩි ජාතියක්. පෙනෙල ගෙඩි කියල කියන්නේ. (වැල් පෙනෙල නෙවෙයි රජෝ..!!!!) රත්තරං බඩු හදන අය මේක විශාල වශයෙන් භාවිතා කරනවා රත්තරං බඩු සුද්ද කරන්න, මොකද මේකෙ සබන් ගතියක් තියෙන නිසා. මේක රට ඉදි ගෙඩියක් වගේ එකක්. ඇතුලේ ලොකු ඇටයක් තියනවා. මේ ඇටය ඉවත් කරලා පිට පොත්ත ටිකක් වෙලා වතුරෙ දාලා තියලා අත් දෙක අතර තියල පොඩ්ඩක් රෝල් කලාම සබන් පෙන වගේ දෙයක් ඇති වෙනවා. මේකයි කොණ්ඩෙ ගාන්න තියෙන "ජෙල්" එක. මේක ගාලා වේලුණාම නැතිනම් ඩ්‍රයර් එකක් දාලා වේලුවාම හිස කෙස් ආයේ හෙල වෙන්නෙවත් නැතුව තියනවා. ටිකක් වැඩියෙන් දැම්මොත් කොණ්ඩෙ හෙල්මට් එකක් දැම්ම වගේ වෙනවා. ඒ තරම් සවි වෙනවා. (ගාලා ඒසී එකේ හිටියා ම හරි...!!) නෑවාම සේදිලා යනවා., කොණ්ඩෙට බැදෙන දූවිලි වගේ දේවලුත් එක්කම. හිසත් සෑහෙන්න සිසිල් වෙනවා. මේ ශාකය හිස කෙස් සදහා වැළදෙන රෝග ගණනාවකට ප්‍රතිකාර විදියට භාවිතා කරනවා.
මම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!
මේක සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. හැබැයි රටඉදි වගේ පෙණුම තියන හොදට මෝරපු ඒවා ගන්න. ග්‍රෑම් 500ක් 100/= නිතර වෙන්නේ .ලාබයි අත උඩින්. ග්‍රෑම් 500 ක් ගත්තාම මාස 6-8ක් ගාන්නත් පුළුවන්, මොකද එක ගෙඩියක් එකවරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් නිසා. බය නැතුව ගාන්න. අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි කියන්න පුළුවනි........!!!
දැන් අපි බලමු මේ දේ බාවිතා කරන්නේ කොහොමද කියලා....
මෙන්න මේව තමා ඔය පෙනෙල ගෙඩි..ඔය සිංහල බෙහෙත් බඩු කඩයකින් ගන්න පුලුවන්..
ඊට පස්සේ මේක මෙහෙම කපල මැද තියන ඇටේ අරන් දාන්න ඕන
දැන් ඒක පොඩ්ඩක් පෙගෙන්න වතුරේ දාල විනාඩි 3,4ක් තියන්න..
දැන් හරි මේන්න මේක තමා ඔය ගෙඩිය..
මේක හොදට පොඩි කරන්න..(හරියට නිකන් සබන් ගාන්න කරන්නේ..අන්න ඒ වගේ..) එතකොට සබන් පෙන වගේ මෙහෙම පෙන එනවා
ඊට පස්සේ ඉතිං ඒක ජෙල් එක වගේ ගාන්න තමා තියෙන්නේ..වැඩියෙන් ගෑවොත් ගල් වෙනවා වැඩි..අර කිවුව වගේ අ/ච් එකක් වගේ හිට්යම නියමෙටම සෙට් වෙනවා..ඔලුවේ රිදිලිත් නෑ.. ඔලුවට අමාරුවකුත් නෑ..නෑවට පස්සේ කූල් ..නිකනම නාද්දි හේදිල යනව..පොඩ්ඩක් කොන්ඩේ ඉක්මනට වැවෙනවාදෝ මංද.. මේන්න මෙහමයි වෙන්නේ...
මම හිතනවා මෙම ලිපිය ගොඩක් තරණ අයට වැදගත් වෙයි කියල.. හැබැයි එක දෙයක් කියන්න ඕනෙ මෙම ලිපියේ අයිතිකරු මම නෙමෙයි..මම මෙය උපුටාගත්තක්.. එහි විස්තර පහත දැක්වේ..
මෙම ලිපියේ අයිතිකරුවන් වන්නේ..එළකිරි ෆෝරම් එකේ dath kimbula නම් මහතා සහ dath kimbula මහතාගේ තොරතුරු අනුසාරයෙන් තවදුරටත් මෙය පැහැදිලි කොට දුන් එළකිරි ෆෝරම් එකේ jkadithya නම් මහතාය.
වැඩි දුර විස්තර සඳහා කියවන්න
dath kimbula මහතා විසින් මුලින් පල කල ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1117682
jkadithya මහතා තවදුරටත් විස්තර කරමින් පල කල ත්‍රෙඩ් එක http://www.elakiri.lk/forum/showthread.php?t=1364012
SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.
31 comments: Post a comment
thopita kalin bola api owa gawe.anith untath dana ganna oka gana dapu eka hodai :D
අදමයි මේක ඇහුවේ....කරලා බලන්න ඕනේ...
@Anonymous
Thanx Ano!
@ඔබ නොදුටු ලොවක්
ඔව් ඔව් කරල බලන්න! මමත් දැන් මේ දේ බාවිතා කරනව. අනික බයවෙන්න දෙයකුත් නෑනේ ස්වභාවිකයිනේ..පොකට් එකටත් වාසියි.;-)
ට්‍රයි එකක් දීල බලන්න ඕනෙ..
මේවා ගාපුවාම කොණ්ඩෙට Wet Look එකක් එනවද? ගාලා හෙල්මට් දැම්මට කමක් නැති වෙයිද?
මේක ඔයා ට්‍රයි කරන්නේ නැතුවද කිව්වෙ?
මටත් ජෙල් ගෑම මහා වදයක්.. කොණ්ඩෙ ඉදෙනවා මදිවට ඔලුවෙ කැක්කුම..
සුවඳ එහෙම කොහොමද?
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
@කිරිපුතා
ඕව්නෙ කොල්ලන්ට ඉතින් මේක ජාතික ප්‍රශ්ණයක්නේ.. අනිවාර්යෙන් ට්‍රයි කරන්න..:-)
@චරිත
ඔව් ඔව් හොඳට හියිවෙනව..හරියට තාරකට්ටයක් වගේ..ඔය Gold Gel නම් ඉතින් වැඩක්ම නැහැනෙ..Pro එක ටිකක් හොඳයි.අනේමන්ද මෙහෙම නම් කියන එක හොඳද මන්ද.:P මේකෙන් පුලුවන් ඔය හැමදේකටම වඩා හොඳට ගොඩක් අකීකරු කොන්ඩයක් උනත් පිලිවෙලට තියාගන්න..ඔය ලිපියේ කියල තියන විදියට කරන්නකෝ..
@Anonymous #7
ඔව් මම බාවිතා කරනවා..එහෙම ගඳක්නම් නැහැ..සුවඳුකුත් නැහැ.
අඩෝ ඉස්සරහාට එන්නේ වැහි කාලේ. වතුර වැටුනාම පෙණ එනවාද දන්නේ නෑ.
ඔබට ජය!
@iPlus
අහ් iPlus කොහොමද ඉතින්..ගොඩකාලෙකට පස්සෙ! අපෝ එහෙම අවුලක් නැහැ..මේක මුලදි ගාද්දි තමයි ඔය සබන් වගේ එන්නෙ..ඒත් සරිම සලු විදියට..ගෑවම හොඳට තියෙනවා..ඔලුවට වතුර වැටුනත් පෙන හැදීම්ක් නැහැ..
akanam hodai ,,nathnam boyla ge konda nikan nathi wela yanawa .....
oyage athlata mokada wela thiyanne ????
ජෙල් වගේ කෘතිම දේවලට නියම විසඳුමක්. ඒත් scl ඇරිලා එහෙම්මම clz යනකොට කොණ්ඩෙ ටිකක් හදා ගෙන යන්න නම් ටකක් අමාරුයි. මොකද මේවා පාවිච්චියට කලින් හදාගන්නත් එපෑ. කලින් හදලා තියලා පස්සෙ ගාන්න එහෙම බැරිද?
ජෙල් වගේ කෘතිම දේවලට නියම විසඳුමක්. ඒත් scl ඇරිලා එහෙම්මම clz යනකොට කොණ්ඩෙ ටිකක් හදා ගෙන යන්න නම් ටකක් අමාරුයි. මොකද මේවා පාවිච්චියට කලින් හදාගන්නත් එපෑ. කලින් හදලා තියලා පස්සෙ ගාන්න එහෙම බැරිද?
බලමු එකත් try කරලා
එල කිරි පොස්ට් එකක්
Fatta ahhh...
ela
This comment has been removed by a blog administrator.
@KAsunaaa #19, @Roshan #18, @හසන්ත මහේෂ් ලියනගේ #17 බොහොම ස්තුතියි..
මේක පට්ට ගදයි මචන්.....
@balukka #22 ගඳක් නෑ මචන්..මට ඒක ස්තිරවම කියන්න පුලුවන්..
mamath hoyala ganna ooni he heeeeeee
@Anuruddha ඔව් ඔව් හොයල බලන්න..සිංහල බෙහෙත් බඩු කඩවල් වල තියෙනවා..:D
meka aththanam ai janapriya une naththe
konde halenawada mekata? man gawa very good...konde yaikiyala bayai eth????
Anonymous # 26 ගොඩ දෙනෙක් බලන්නෙ ඉතින් පහසුවනේ..කඩෙන් ජෙල් අරන් ගාන එක ලේසියිනේ.ඒක වෙන්න ඇති..අනිත් දේ මේවගේ දේවල් කටින් කටට යනව අඩුයිනේ..කොල්ලො පොල්තෙල් වතුරත් එක්ක ගෑවත් ඉන්නෙ නිකන් ජෙල් ගාල වගේනේ..:D
Anonymous #27 අහ් බය වෙන්න එපා..මචන්. මම සහතික වෙනව මොකද මේව ගොඩකාලෙක ඉඳන් භාවිතා කරන අයගෙ අත්දැකීම් මම දන්නව. අනික මචන් මේ දේවල් ස්වභාවික දේවල්නේ. ඔය රසායනික දේවල් වලට වඩා දහස්ගුණයකින් හොඳයි.
මාත් ගාන්න පටන් ගත්තා.තාම හොඳද නරකද කියන්න තරම් කාලෙ මදි.ස්තූතියි දැනුවත් කිරීමට
@Sanjeewa Kanchana #30 හොයාගන්න පහසු උනාද? සමහර සිංහල බෙහෙත් සාප්පුවල තියෙන එවා ටිකක් විතර අපිරිසිදුයි. තලල පොඩි කරන්න කලින් හොඳින් සෝදල ගන්න අමතක කරන්න එපා.
Post a Comment