Thursday, March 22, 2012

Chrome ලොක්ක උඩයි උඩයි....ගිනි නරියා..බිමයි බිමයි....:P

ඔන්න පළමුවෙනි වතාවට එක දවසකට Google Chrome Web Browser එක ලෝකයේ වැඩි පුරම බාවිතා උන Web Browser එක වෙලා තියෙනවා..! ඒ බව කියන්නේ..StatCounter කියන ආයතනය..මෙය ස්වාදීන..විශ්ලේෂන කරන අයාතනයක්නේ...:D.. ඉතින් ගිනි නරියා(FireFox) සහ Microsoft IE පරද්දල එක දවසකට හරි Google Chrome හට රජ වෙන්න..ඉහලම දායකත්වයක් දක්වපු රටවල් වන්නේ..අසල්වැසි ඉන්දියාව(මේ යන විදියට අසල්වැසිය කියන්නත් නිකන් මොකක්ද වගේ..;-))..., රුසියාව, බ්‍රසීලය..වගේ රටවල්.


Google Chrome හට හැමදාම කප් එක ගහන්න බැරිවෙලා තියෙන්නේ..චීනය, ඇමෙරිකාව, ජර්මනිය වගේ රටවල්වල තවමත්, Microsoft IE සහ ‍Firefox යන Web Browser යන් වැඩි පුර බාවිතා කරන නිසා කියලයි කියන්නේ. හැබැයි..ලඟදීම දවසක Chrome සදාකාලික රජ වෙයි කියල තමයි මට නම් හිතෙන්නේ..:D..බලමුකො ඒකෙත් හැටි..තමත් මම පෞද්ගලිකවම දැකල තියෙනවා..රජයේ ඕනෑතරම් සේවා ස්තානවල..තවමත් බාවිතා කරන්නේ අර පරණ IE6.0 කියන මළ ජරාව..:P. සමහරුන් වෙනස් වෙන්න හරිම අකමැතියි..අනේ මන්ද ඕකට දන්නෑ අර කියනේනේ මානසික අවස්ථිතිය කියල..:P

ඔන්න බලාගන්න IE ගෙ බළපරාක්‍රමේ තරම..:-O....WOoooooooow.......
පැහැදිලිව බලාගන්න...පින්තූරය මත ඔබන්නකෝ....

මම නම් දැන් FireFox බාවිතා කරන්නේ Web Design කරනකොට ඒකේ Elements හරියට Firefox වල වැඩකරනවද කියල බලාගන්න විතරයි..Chrome හැරුනම අනෙක් බ්‍රව්සර් සඳහාත් එහෙමයි..අනික Firebug addons වලිනුත් දැන් වැඩැක් නැහැනේ..මට නම ඒකට වඩා සිය දහස් ගුණයකින් හොඳයි..Chrome Inspect Element..

මෙම සමීක්ෂණය ගැන වැඩි දුර විස්තර සඳහා පිවිසෙන්න..:-http://gs.statcounter.com/press/chrome-is-worlds-number-one-browser-for-a-day

SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.

4 comments: Post a comment

Post a Comment