අද එහි Stable version එක මුදා හැර තිබෙනව. කෙසේ වෙතත් 3.0 සංස්කරණයේ මෙන් විශාල වෙනස්කම් මෙහි සිදුකොට නැහැ.
මෙම සබැඳිය හරහා ගොස් Wordpress නවතම සංස්කරණය ඔබට භාගත කරගත හැකිය.
Wordpress 3.3 හි ඇති නව පහසුකම් මොනවාද?
- මෙම සංස්කරණයත් සමග Drag and drop ක්‍රමයට Media Files Upload කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා. ඒ හැරෙන්න වෙන සුවිශේෂී පහසුකම් හෝ වෙනස්කම් WP හි Media Section එකට ලබාදී නැහැ.
- Administration Menu එක නැතව සකස්කොට තිබෙනවා.
- Help Tabs වල පෙනුම වෙනස්කොට තිබෙනවා.
- ස්පර්ශ සංවේදී තිර සහිත පරිගණක සඳහා WP හි අතුරුමුහුණත සංවර්ධනය කොට තිබෙනවා.
- Tumblr බ්ලොග් wp සඳහා import කිරීමේ පහසුකමක් හඳන්වාදී තිබෙනවා.
හිතුව තරම්නම් වෙනසක් සිදුවෙලා නැහැ. wp හරහාම අපිට අවශ්‍ය විදියට folders හදන්න, මකන්න, නැවත නාමකරණය කරන්න, වර්ගීකරනය කරන්න. ඒ ඒ folders භාවිතා කිරීමේ බලතල ලබාදීම හා සීමාකිරීම වැනි පහසුකම් හඳුන්වා දෙනවනම් එය විශාල පහසුවක් වෙයි සාමාන්‍ය භාවිතා කරන්නන්ට. මමත් මීට පෙර පහසුව හා වේලාව ඉතිරිකරගැනීම සඳහා මේසඳහා භාවිතා කලේ. Flash plugin එකක්. නමුත් ඒක නිතරම Crash වෙන නිසා දැන් ඒක භාවිතා කරන්නේ නැහැ. ඔය හැම දේටම FTP තියෙනවනේ..D.
Wordpress 3.3 සංස්කරණයෙහි Screenshot කිහිපයක්.
රූප විශාල කිරීමට එය මත ඔබන්න.
රූප විශාල කිරීමට එය මත ඔබන්න.
Drag and drop ක්‍රමයට File Upload කරන ආකරය - රූප විශාල කිරීමට එය මත ඔබන්න.
රූප විශාල කිරීමට එය මත ඔබන්න.
නැවත සැකසූ Menu Bar එක - රූප විශාල කිරීමට එය මත ඔබන්න.
ඔයාලා කොහොමද මේ නව සංස්කරණය ගැන හිතන්නෙ?
SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.
5 comments: Post a comment
ඉස්සර තිබුන එක වගේ Menu Bar හරිය කලින් තිබුනේ සුදු පාට අය කලු කරලා ඔය පාට ලස්සනයි. දැන්ම අලුත්ම සංස්කරනයට මාරු කලොත් මෝඩ වෙන්න වෙනවා සමහර Plugins වැඩ කරන්නේ නැතිව ගියොත් ඉවරයි. ස්තුතිය මේ ගැන ලිව්වට.
[Nadun Ranaweera #1] ඒකනම් සහතික ඇත්ත අයියා. මටත් ඔය Menu එකනම් අනේක් WP UI එක්ක බලද්දි කොහොමත් ඇල්ලුවෙ නැහැ. මාර වැඩේ! ඔය දැනට භාවිතා කරන Plugins වල සහ Themes වල සමහර විට අලුත් WP සංස්කරණයත් එක්ක යම් යම් ගැටලු ඇති වෙන්න පුලුවන් කියල එයාල කියල තියෙනවා. මුලින් පොඩ්ඩක් පරීක්ෂා කරල බලන්න කියලත් එයාල කියල තියෙනවා. අයියා හරි, අයිය මතක් කළ එකත් හොදයි, අපරාදේ මට ඒක ලිපියෙ ලියන්න අමතක උනානේ.
බොහොම ස්තුතියි නඳුන් අයියා අපිත් එක්ක අදහස් බෙදාහදා ගත්තාට.
ගොඩක් ලොකු වෙනසක් කරලා නැ වගේ නේ යාලුවා
Dedunu අයියා. අයියා දාපු comment එක කුමන හේතුවක් නිසා හෝ පළවෙලා නැහැ. නමුත් එය මගේ facebook ගිණුමට ඇවිත් තිබුනා.
අයියාගේ ප්‍රතිචාරයට අදහසක් දක්වනවානම්, මමත් හිතන්නෙ දැන් දැන් Wordpress අය වැඩිපුර අවධානය යොමුකරල තියෙන්නෙ UI සම්බන්ධව.ප්‍රයෝගිකව ගොඩක් වැදගත්වන වෙනස්කම් මොවුන් සිදුකර නැහැ.
මමත් පිළිගන්නව WP CMS එකෙහි අනවශ්‍ය විදියට වැඩිදියුනු කිරීම් කළහොත් එහි අනන්‍යතාවට හා කාර්යක්ෂමතාවට බලපෑම් ඇති වෙන්න පුලුවන් කියල.
මල්ලි මොකක් හරි පෝස්ට් එකක් දාලා මැකුවද මම කියෙව්වේ නැ ඒක මොකද්ද අවුල????
Post a Comment