මොනවද මේ DNS කියන්නෙ?
DNS ගැන කියනව නම් ඒ ගැන ගොඩක් දේවල් කියන්න වෙනව. මේ ලිපියෙ අරමුණ ඒ දේ නොවෙන නිසා මම සරලව මේ ගැන පැහැදිලි කර දෙන්නම්.
හිතන්න ඔබට Youtube.com යන වෙබ් අඩවියට යෑමට අවශ්‍යයි කියල. එතකොට ඔබ කරන්නෙ බොහෝ විට youtube.com යන ඩොමේන් නාමය තමන් භාවිතා කරන වෙබ් බ්‍රව්සරයේ Address bar එකේ යතුරුලියනය කොට Enter බොත්තම එබීමයි. ඉන්පසු සිදුවන්නේ වෙබ් බ්‍රව්සරය ඔබ බාවිතා කරන DNS Server එක හා සම්බන්ධ වී එයින් තමන්ට අවශ්‍ය ඩොමේන් නාමයට අවශ්‍ය IP Address එක ඉල්ලීමයි. ඉන්පසු DNS Server එක එය සොයා බලා ඉල්ලූ ඩොමේන් නාමයට අදාල IP Address එක ඔබගේ වෙබ් බ්‍රව්සරයට යොමු කරයි. දැන් ඔබට එම IP Address එකට අධාල වන වෙබ් අඩවියට පිවිසිය හැක. මේ දේ සිදුවන්නෙ ස්වයංක්‍රීයව ඉතා සුලු කාලයක් තුලදි.
ඇයි අපි DNS මාරුකරගත යුතුවන්නෙ?
මේ දේත් සරලව පැහැදිලි කරනවානම්, ඔබ බොහෝවිට දැනට භාවිතා කරනවා ඇත්තේ ඔබගේ අන්තර්ජාල සම්බන්ධතා සැපයුම්කරු(ISP-Internet service provider) ඔබට ලබාදෙන DNS විය හැකියි. මෙම DNS අපිට ඔවුන් ලබාදෙන්නෙ ඔවුන්ගේ private DNS servers වලින්. ඉතින් එහි ගුණාත්මක බාවයේ යම් යම් අඩුපාඩුකම් ඇති උනොත් ඔබගේ අන්තර්ජාලයේ සැරිසැරීමේදී යම් යම් ගැටලුවලට මුහුණ පාන්න වෙනවා. ඒවගේ ම ඔබගේ තොරතුරුවල සුරක්ෂිතතාවය සහ පෞද්ගලිකත්වටත් යම් යම් බලපෑම් ඇතිවෙන්න පුලුවන්. නමුත් ඔබ open/public DNS servers බාවිතා කරනවානම් ඔබට ඉතා ඉහල කාර්යක්ශමතාවක් සහ ඉතා ඉහල පෞද්ගලිකත්වයක් අන්තර්ජාල සැරිසැරීමේදී ලබාගන්න පුලුවන්.
මොනවාද අපිට භාවිතා කරන්න පුලුවන් open/public DNS සේවා?
මෙවැනි open/public DNS සේවා බොහොමයක් තිබුනත් දැනට ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ OpenDNS.COM සපයන සේවාව හා Google සපයන Google Public DNS සේවාවයි.
මොන සේවාවද වැඩියෙන්ම හොඳ?
ඒ ප්‍රශ්නයට නම් කෙලින්ම පිළිතුරක් දෙන්න අපහසුයි. මොකද මේ සේවා දෙකම ලෝකයේ බොහෝ දෙනෙක් භාවිතා කරනවා. ගූගල් ලබාදෙන සේවාවල තත්වය ගැන ඔයාලට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ! ඒ නිසා මම අද හිතුව Google සපයන Google Public DNS සේවාව ලබා ගන්නා හැටි සරලව පැහැදිලි කරන්න. OpenDNS.COM සපයන සේවා සම්බන්දව ලිපියක් නුදුරේදීම මම පළ කරන්නම්.
Windows XP පරිගණකයක් සඳහා Google Public DNS සේවාව සක්‍රිය කරගන්නා ආකාරය.
01 Control Panel එක විවෘර්ත කරන්න.
රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.
02 මීලඟට Network Connections යන්න ඔබන්න.
රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.
03 දැනට ඔබ සක්‍රියව භාවිතා කරන අන්තර්ජාල සම්බන්දතාවය තෝරා ඒමත right click කරන්න.
රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.
රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.
04 TCP/IP service යන්න තෝරා එහි Properties යන බොත්තම ඔබන්න.
රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.
05 ඉන්පසු විවෘර්ත වන Window එකෙහි පහත පරිදි වෙනස්කම් කරන්න.
රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.
දැන් ඔබ සියල්ල කර හමාරයි. පරිගණකය නැවත පණගන්වා(reboot) බාවිතා කිරීම වඩා යෝග්‍ය වේ.
Windows 7 පරිගණකයක් සඳහා Google Public DNS සේවාව සක්‍රිය කරගන්නා ආකාරය.
මේ සඳහාත් සැකසුම් කිරීම Windows XP පරිගණකයක් සඳහා කරන සැකසිම් වලට බොහෝ සෙයන් සමානයි. පහත පියවරයන් අනුගමණය කරන්න.
Controle Panel => Network and Internet => Network and Sharing Center => Change adapter Settings
මීලඟට ඔබ ඔබ සක්‍රියව භාවිතා කරන අන්තර්ජාල සම්බන්දතාවය තෝරා ඒමත right click කරන්න.
රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.
ඉන්පසු මතුවන Window එකෙහි TCP/IPv4 යන්න තෝරා Properties යන බොත්තම ඔබන්න. මෙම පියවරයන්නම් Windows XP සඳහා මෙය කළ ආකාරයට බොහෝ සෙයින් සමාන වේ.
රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.
ඉන්පසු විවෘර්ත වන Window එකෙහි පහත පරිදි වෙනස්කම් කරන්න.
රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.
දැන් ඔබ සියල්ල කර හමාරයි. පරිගණකය නැවත පණගන්වා(reboot) බාවිතා කිරීම වඩා යෝග්‍ය වේ.
එහෙනම් අද ලිපිය මෙතනින් ඉවරයි. කැමති කෙනෙක් අත්හදා බලන්න. නැවතත් අලුත් ලිපියකින් තවත් දිනකදී හමුවෙමු. ඔබට ජය.
Some Image credits: Google Image Search and techie-buzz
SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.
7 comments: Post a comment
Open dns වලට වඩා Google DNS හොදයි. මම වැඩයෙන්ම Google DNS බාවිතා කරන්නේ. ඩොමෙන් වල නේම් සර්වර් මරු කලාම Update වෙන්න හෙන වෙලාවක් යන නිසා. Google DNS වලදිනම් නෙම් සර්වර් මාරු කරලා විනාඩි 6කදි වගේ සයිට් යන්න පුලුවන් Open DNS ටිකක් චාටර්. මේ මම ගිය අවුරුදේ Open DNS Seetings හදා ගන්න හැටි ලියු ලිපියක්. Open DNS ඕන කෙනකුට වැදගත් වෙයි. http://anusha.lankeeya.info/2010/09/blog-post_912.html
බොහොම ස්තුතියි අයියා අදහස් දැක්වීම සම්බන්දව. ඔයා ඔයාගේ අත්දැකීමුත් අපිත් එක්ක බෙදා ගැනීම මේ ලිපිය කියවන අයටත් ලොකු උදව්වක් වෙයි.
stuti yaluwa
හා....දේදුනු අයියා..ඕක මොකද්ද..ස්තුතියි මේපැත්තෙ ආවට.
Godak wadagath lipiya. Api Google/Open DNS use karaddi Dialog 3G (ISP)ta paduwak sidu wenne nedda. ?
www.blackpointforum.com
Thanks Muchun... Maxxxaaa
මරැ...දිගටම දමන්නෝ...
Post a Comment