Tuesday, December 13, 2011

Wordpress නවතම සංස්කරණය වන WordPress 3.3 Sonny අද දින නිල වශයෙන් නිකුත් වූ වගයි.

Wordpress 3.0 සංස්කරණයට පසුව ආ ප්‍රධානතම සංස්කරණය වන Wordpress 3.3 දැන් නිකුත්වී ඇත. එය නිකුත්ව ඇත්තේ WordPress 3.3 “Sonny” යන නාමයෙනි. WordPress 3.2.1 සංස්කරණය නිකුත්වූ පසු මාස කිහිපයක් ඇතුලත Wordpress.org මගින් Wordpress 3.3 RC සංස්කරණයක් හඳුන්වාදෙනු ලැබුවා.
අද ‍එහි Stable version  එක මුදා හැර තිබෙනව. කෙසේ වෙතත් 3.0 සංස්කරණයේ මෙන් විශාල වෙනස්කම් මෙහි සිදුකොට නැහැ.

මෙම සබැඳිය හරහා ගොස් Wordpress නවතම සංස්කරණය ඔබට භාගත කරගත හැකිය.

Wordpress 3.3 හි ඇති නව පහසුකම් මොන‍වාද?

  • මෙම සංස්කරණයත් සමග  Drag and drop ක්‍රමයට Media Files Upload කිරීමේ හැකියාව ලබා දී තිබෙන‍වා. ඒ හැරෙන්න වෙන සුවිශේෂී පහසුකම් හෝ වෙනස්කම් WP හි Media Section එකට ලබාදී නැහැ. 
  • Administration Menu එක නැතව සකස්කොට තිබෙනවා.
  • Help Tabs වල පෙනුම වෙනස්කොට තිබෙනවා.
  • ස්පර්ශ සංවේදී තිර සහිත පරිගණක සඳහා WP හි අතුරුමුහුණත සංවර්ධනය කොට තිබෙනවා.
  • Tumblr ‍බ්ලොග් wp සඳහා import  කිරීමේ පහසුකමක් හඳන්වාදී තිබෙනවා.
හිතුව තරම්නම් වෙනසක් සිදුවෙලා නැහැ. wp හරහාම අපිට අවශ්‍ය විදියට folders හදන්න, මකන්න, නැවත නාමකරණය කරන්න, වර්ගීකරනය කරන්න. ඒ ඒ folders භාවිතා කිරීමේ බලතල ලබාදීම හා සීමාකිරීම වැනි  පහසුකම් හඳුන්වා දෙනවනම් එය විශාල පහසුවක් වෙයි සාමාන්‍ය භාවිතා කරන්නන්ට. මමත් මීට පෙර පහසුව හා වේලාව ඉතිරිකරගැනීම සඳහා මේසඳහා භාවිතා කලේ. Flash plugin එකක්. නමුත් ඒක නිතරම Crash වෙන නිසා දැන් ඒක භාවිතා කරන්නේ නැහැ. ඔය හැම දේටම FTP තියෙනවනේ..D.

Wordpress 3.3 සංස්කරණයෙහි Screenshot කිහිපයක්.

 රූප විශාල කිරීමට එය මත ඔබන්න.
 රූප විශාල කිරීමට එය මත ඔබන්න.
Drag and drop ක්‍රමයට File Upload කරන ආකරය -  රූප විශාල කිරීමට එය මත ඔබන්න.
 රූප විශාල කිරීමට එය මත ඔබන්න.
නැවත සැකසූ Menu Bar එක -  රූප විශාල කිරීමට එය මත ඔබන්න.
ඔයාලා කොහොමද මේ නව සංස්කරණය ගැන හිතන්නෙ? 

Sunday, December 11, 2011

Google Public DNS, Windows පරිගණක සඳහා යොදන ආකාරය.

අද මගේ ලිපියෙන් විස්තර කරන්නෙ Windows xp හා Windows 7  මෙහෙයුම් පද්ධති භාවිතා කරන අයට තමන්ගේ පරිගණ‍කයේ DNS(Domain Name System) මාරුකරගන්නා විදිය.

මොනවද මේ DNS කියන්නෙ?


DNS ගැන කියනව නම් ඒ ගැන ගොඩක් දේවල් කියන්න වෙනව. මේ ලිපියෙ අරමුණ ඒ දේ නොවෙන නිසා මම සරලව මේ ගැන පැහැදිලි කර දෙන්නම්.

හිතන්න ඔබට Youtube.com යන වෙබ් අඩවියට යෑමට අවශ්‍යයි කියල. එතකොට ඔබ කරන්නෙ බොහෝ විට youtube.com යන ඩොමේන් නාමය තමන් භාවිතා කරන වෙබ් බ්‍රව්සරයේ Address bar එකේ යතුරුලියනය ‍කොට Enter බොත්තම එබීමයි. ඉන්පසු සිදුවන්නේ වෙබ් බ්‍රව්සරය ඔබ බාවිතා කරන DNS Server එක හා සම්බන්ධ වී එයින් තමන්ට අවශ්‍ය ‍ඩොමේන් නාමයට අවශ්‍ය IP Address එක ඉල්ලීමයි. ඉන්පසු DNS Server එක එය සොයා බලා ඉල්ලූ ඩොමේන් නාමයට අදාල IP Address එක ඔබගේ වෙබ් බ්‍රව්සරයට යොමු කරයි. දැන් ඔබට එම IP Address එකට අධාල වන වෙබ් අඩවියට පිවිසිය හැක. මේ දේ සිදුවන්නෙ ස්වයංක්‍රීයව ඉතා සුලු කාලයක් තුලදි.

ඇයි අපි DNS මාරුකරගත යුතුවන්නෙ?


මේ දේත් සරලව පැහැදිලි කරනවානම්, ඔබ බොහෝවිට දැනට භාවිතා කරනවා ඇත්තේ ඔබගේ අන්තර්ජාල සම්බන්ධතා සැපයුම්කරු(ISP-Internet service provider) ඔබට ලබාදෙන DNS විය හැකියි. මෙම DNS අපිට ඔවුන් ලබාදෙන්නෙ ඔවුන්ගේ private DNS servers වලින්. ඉතින් එහි ගුණාත්මක බාවයේ යම් යම් අඩුපාඩුකම් ඇති උනොත් ඔබගේ අන්තර්ජාලයේ සැරිසැරීමේදී යම් යම් ගැටලුවලට මුහුණ පාන්න වෙනවා. ඒවගේ ම ඔබගේ තොරතුරුවල සුරක්ෂිතතාවය සහ පෞද්ගලිකත්වටත් යම් යම් බලපෑම් ඇතිවෙන්න පුලුවන්. නමුත් ඔබ open/public DNS servers බාවිතා කරනවානම් ඔබට ඉතා ඉහල කාර්යක්ශමතාවක් සහ ඉතා ඉහල පෞද්ගලිකත්වයක් අන්තර්ජාල සැරිසැරීමේදී ලබාගන්න පුලුවන්.

මොනවාද අපිට භාවිතා කරන්න පුලුවන් open/public DNS සේවා?


මෙවැනි open/public DNS සේවා බොහොමයක් තිබුනත් දැනට ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ OpenDNS.COM සපයන සේවාව හා Google සපයන Google Public DNS සේවාවයි.

මොන සේවාවද වැඩියෙන්ම හොඳ?


ඒ ප්‍රශ්නයට නම් කෙලින්ම පිළිතුරක් දෙන්න අපහසුයි. මොකද මේ සේවා දෙකම ලෝකයේ බොහෝ දෙනෙක් භාවිතා කරනවා. ගූගල් ලබාදෙන සේවාවල තත්වය ගැන ඔයාලට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ! ඒ නිසා මම අද හිතුව Google සපයන Google Public DNS සේවාව ලබා ගන්නා හැටි සරලව පැහැදිලි කරන්න. OpenDNS.COM සපයන සේවා සම්බන්දව ලිපියක් නුදු‍රේදීම මම පළ කරන්නම්.

Windows XP පරිගණකයක් සඳහා Google Public DNS සේවාව සක්‍රිය කරගන්නා ආකාරය.

01 Control Panel එක විවෘර්ත කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.

02 මීලඟට Network Connections යන්න ඔබන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.

03 දැනට ඔබ සක්‍රියව භාවිතා කරන අන්තර්ජාල සම්බන්දතාවය තෝරා ඒමත right click කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.
රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.


04 TCP/IP service යන්න තෝරා එහි Properties යන බොත්තම ඔබන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.


05 ඉන්පසු විවෘර්ත වන Window එකෙහි පහත පරිදි වෙනස්කම් කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.
දැන් ඔබ සියල්ල කර හමාරයි. පරිගණකය නැවත පණගන්වා(reboot) බාවිතා කිරීම වඩා යෝග්‍ය වේ.

Windows 7 පරිගණකයක් සඳහා Google Public DNS සේවාව සක්‍රිය කරගන්නා ආකාරය.


මේ සඳහාත් සැකසුම් කිරීම Windows XP පරිගණකයක් සඳහා කරන සැකසිම් වලට බොහෝ සෙයන් සමානයි. පහත පියවරයන් අනුගමණය කරන්න.

Controle Panel => Network and Internet => Network and Sharing Center => Change adapter Settings

මීලඟට ඔබ ඔබ සක්‍රියව භාවිතා කරන අන්තර්ජාල සම්බන්දතාවය තෝරා ඒමත right click කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.

ඉන්පසු මතුවන Window එකෙහි TCP/IPv4 යන්න තෝරා Properties යන බොත්තම ඔබන්න. මෙම පියවරයන්නම් Windows XP සඳහා මෙය කළ ආකාරයට බොහෝ ‍‍සෙයින් සමාන වේ.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.

 ඉන්පසු විවෘර්ත වන Window එකෙහි පහත පරිදි වෙනස්කම් කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත ඔබන්න.

දැන් ඔබ සියල්ල කර හමාරයි. පරිගණකය නැවත පණගන්වා(reboot) බාවිතා කිරීම වඩා යෝග්‍ය වේ.

එහෙනම් අද ලිපිය මෙතනින් ඉවරයි. කැමති කෙනෙක් අත්හදා බලන්න. නැවතත් අලුත් ලිපියකින් තවත් දිනකදී හමුවෙමු. ඔබට ජය.
Some Image credits: Google Image Search and techie-buzz

Sunday, November 20, 2011

ඩොමේන්(Domain) නාමයක් මිළදී ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු සම්බන්ධව කෙරෙන සවිස්තර පැහැදිලි කිරීම.

හැමෝම දන්නව ‍Domain නාම කියන්නෙ මොනවද කියල. හැබයි ගොඩදෙනෙක් Domain නාමයක් මිළ දී ගැණීමේදී ඒගැන ඒතරම් දුරට හිතන්නෙ නැති බව එම Domain නාම දිහා බැලුවම පේනව. ඇත්තටම Domain එකක් මිළ දී ගන්නවයි කියන ‍එක අලුත උපන් දරුවෙකුට නමක් තියනව වගේ හොඳට හිතල මතල කරන්න ඕනෙ දෙයක්.
මොකද අපි බොහෝ විට Domain නාමයක් මිළදීගන්නෙ වාණිජ අරමුණු තකා. එහිදී තමන්ට හොඳයි කියල හිතෙන නාමයක් ලබාගන්නවාට වඩා ඒගැන ගොඩක් සලකා බලන්න අවශ්‍ය කාරණා තියෙනව. අද මගේ ලිපියෙන් විස්තර කෙරෙන්නෙ එවැනි කාරණා කිහිපයක් සම්බන්දව.

01. කෙටි නාමයක් වීම.


කෙටි නාමයක් ගන්නවානම් වාඩාත්ම හොඳයි. නමුත් මෙහිදී අපට යම් යම් සීමාවන් දැන් වැටිල තියෙනව. දැනට අකුරු 3 සහ අකුරු 4 Domain නාම සියල්ලක්ම අවසන්වෙලා තියෙන්නෙ. අකුරු 5 Domain නාමත් ලඟදීම අවසන්වෙයි. මොකද ‍ඒ තරම් වේගයෙන් මෙම Domain නාම අවසන්වෙන්නෙ. මෙය බොහෝ දුරට බලපානු ලබන්නෙ .com, .net, .org, .info....etc ජාත්‍යන්තර(International) ඩොමේන් නාම සඳහා. දේශීය(Local) නාම ලබාගැනීමේදී බොහෝ විට කෙටි නාම ලබාගත හැකිවුවත්. එහිදී යම් යම් අවාසි සහගත තත්වයන් පැනනගිනව.

උදා:- .lk යන ලංකාවට ආවේණික වූ Domain Extension එකක් සහිතව Domain නාමයක් මිළදීගන්න ආසන්න වශයෙන් රු.5000/= ක පමණ මුදලක් ගෙවන්න ඕනෙ. නමුත් .com වගේ TLD(Top-level domain) එකක් ගන්න ගෙවන්න ඕනෙ රු 1300/= ‍වගේ මුදලක්. .info වගේ Domain නාමයක් රු 250/= කටත් අඩු මුදලකට ලබාගත හැකියි. තවද ඔබ එක් රටක්, උදාහරණයක් විදියට ලංකාව විතරක්  ඉලක්ක කරගෙන වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න සිතනවා නම් .lk වැනි Local Domain Extension එකක් ලබා ගැනීම සුදුසු නමුත්. ඔබ ජාත්‍යන්තරය ඉලක්ක කොටගෙන වෙබ් අඩවියක් මුදාහරින්න සිතනවානම් වඩාත්ම සුදුසු වන්නේ .com, .net, .org වැනි ජාත්‍යන්තර(International) Domain Extension එකක් ගන්න එක. මොකද ලොකයේ වැඩි දෙනෙක්ට හුරු පැරුදු මෙම  Domain Extensions නිසා. තවද DNS මාරුකරන්න ලබාදෙන පහසුකමුත් මේසඳහා බලපානු ලබනවා. ලංකාවෙ තත්වය නම් ටිකක් විතර නරකයි, මොකද ඇතැම් අවස්තාවල DNS මාරුවෙන්න සතියක පමණ කාලයක් ගතවෙනව. නමුත් මෙම කරුණ සෑම රටකටම එක ලෙස නොවන නිසා මේ ගැන වැඩි දුර විස්තර කරන්න මම  කැමති නැහැ. 

‍Domain නාමයක් මිළදී ගැනීමේදී හැකිතාක් දුරට අකුරු 10ට අඩු නාමයක් මිළ දී ගන්න උත්සාහ කරන්න. කිසි වි‍ටෙක අකුරු 20 ඉක්මවා යන්න එපා. 

උදා:- www.design.com, www.prodesign.com, www.myprodesign.com යන Domain නමා 3 සලකා බැලීමේදී පලමු වරට වැඩිදෙනෙකුගේ වැඩි අවධානයක් සහ ප්‍රමුකත්වයක් ලැබෙන්නෙ www.design.com යන Domain නාමයට. දෙවනුවට www.prodesign.com ටත් තෙවනුවට www.myprodesign.com යන නාමයට. එම අනුපිළිවෙලටම එම නාමයන්ගේ වටිණාකමත් අවරෝහණය වනු ලබනව. දැන් නම් ඔය වගේ නාම මිළදී ගැනීමේ හැකියව බොහෝවිට ඉතා විරලයි. මොකද මෙවැනි නාම මිළදීගෙන ඉවර වීම සහ ඇතැම් නාම විශාල වටිනාකම් සඳහා රඳවාගෙන තබාගැනීම. මෙය සමහර කාරණා සඳහා වලංගු නොවන අවස්තාද දකින්න පුළුවන්. ඒ කියන්නෙ දීර්ඝ Domain නාම ඇතැම් අවස්තාවලදී කෙටි නැම වලට වඩා සාර්තක වෙන අවස්තා ඕ‍නෑ තරම් දකින්න පුලුවන්. මේ සඳහා උදාහරණයක් ලංකාවේ කෙනෙකුගේ වෙබ් අඩවියක් මූලික කරගෙනම ඉදිරි කරුණකදී විස්තර කරන්නම්.

ඇයි මම කෙටි Domain නාමයක් මිළදීගත යුතු වන්නෙ? මේ ප්‍රශ්ණයට පිළිතු‍රු ඉදිරි කාරණාවලදී විස්තර කෙරේ.

02. පහසුවෙන් මතක තබා ගැනීමට හැකිවීම.

ලෝකයේ අන්තර්ජාල භාවිතා කරන්නන්ගෙන් වැඩි පිරිසක් වෙබ් අඩිවි bookmark කිරීම සිදු කරන්නේ නැහැ. බොහෝවිට එයාල කරන්නෙ කැමති වෙබ් අඩවිවල නාමයන් මතකතබා ගැනීම සහ අවශ්‍ය විට වෙබ් අඩවි ලිපිණය/නාමය යතුරුලියනය කොට කෙලින්ම වෙබ් අඩවියට පිවිසීම(Direct Traffic). ඉතින් ඔබ මතකතබා ගැනීමට අපහසු නාමයක් භාවිතා කරනවානම්. ඔබ කොතරම් ගුණාත්මක අයුරින් වෙබ් අඩවිය පවත්වාගෙන ගියත් Google වැනි සෙවුම් යන්ත්‍ර හරහා ඔබගේ වෙබ් අඩවියට පැමිණි අය නැවත නැවතත් කෙලින්ම ගෙන්වා ගැනීමට(Direct Traffic) අපහසු ‍වනු ඇත. ඔබගේ Domain නාමය දිගු එකක් වුවත් එය පහසුවෙන් මතක තබා ගැනීමට හැකිනම් එය ඉතා වැදගත්වේ. වෙබ් බ්‍රව්සර වල තිබෙන Web History පහසුකම යම් තාක් දුරකට මේ ගැටලුවට පළිතුරු සපයයි.

උදා:- trdlw.com යන කල්පිත උදාහරණය සැලකීමේදී මෙම නාමය කෙටි එකක් උවත් එය පහසුවෙන් මතකතබා ගැනීමට නොහැකියි.

03. Domain නාමයේ පෙනුම.

මෙම කාරණයත් වැදගත් වන්නෙ නාමය මතක තබා ගැනීම පහසු කරලීමට. පසුව වෙබ් අඩවියකට Logo එකක් නිර්මාණයේදී මෙම කාරණය ඉතා ආකර්ෂණීය ලෙස යොදා ගත හැකිය. දැනට සාකච්ඡා කරන ලද කරුනු සහ ඉදිරියේදී සාකච්ඡාකිරීමට සිටින කරුනු වල වැදගත් කමත් එක්ක සැලකීමේදී මෙයට ලොකු අවධානයක් දිය යුතුනැහැ.

උදා:- www.yoohoo.com, www.hulu.com, www.pogo.com, www.goto.com, www.wikimiki.com

04. වැඩි මූල පද(Keywords) ප්‍රමාණයක් ඇතුලත් වීම.

මෙම කාරණය ඉතාමත්ම වැදගත් කාරණයක් විදියට සලකන්න පුලුවන්. මෙහිදී Domain නාමය තරමක් දිගු එකක් උවත් එහි වැඩිපුර මූල පද(Keywords) සංඛ්‍යාවක් තිබෙනවානම් සහ එය ඔබගේ වෙබ් අඩවියේ Niche එක හා හොඳින් ගැලපේනම් ඔබට එම Keywords සඳහා එන Google වැනි සෙවුම් යන්ත්‍ර වල සෙවුම් ප්‍රතිඵල වල ඉහලට ඒමට එය මහඟු උපකාරයක් වෙනු ඇත. මෙයට මම කරුණු අංක එකේදී ඔයාලට පොරොන්දු උනා මේසඳහා උදාහරණයක් දෙනවයි කියල. ඔය පහත තියෙන්නෙ මම පොරොන්දු උන විදිය.:D
ඒ කියන්නෙ දීර්ඝ Domain නාම ඇතැම් අවස්තාවලදී කෙටි නැම වලට වඩා සාර්තක වෙන අවස්තා ඕ‍නෑ තරම් දකින්න පුලුවන්. මේ සඳහා උදාහරණයක් ලංකාවේ කෙනෙකුගේ වෙබ් අඩවියක් මූලික කරගෙනම ඉදිරි කරුණකදී විස්තර කරන්නම්.
මේ සඳහා මම උදාහරණය විදියට ගන්නෙ හැමෝම දන්න(විශේෂයෙන්ම බ්ලොග් ලියන අය) ලසන්ත බණ්ඩාර කියන ලංකාවෙ අයිය කෙනෙග්ගෙ වෙබ් අඩවියක් වෙන www.premiumbloggertemplates.com කියන වෙබ් අඩවිය.

එම වෙබ් අඩවියේ දර්ශනයක් - රූපය පැහැදිලි නොමැති නම් එය මත Click කරන්න

මොකක්ද මේ වෙබ් අඩවියෙහි සහ එහි Domain නාමයෙහි ඇති වැදගත්කම?

මෙම වෙබ් අඩවියෙහි Niche එක වෙන්නෙ Blogger Templates. ඉතින් ලෝකෙ ගොඩදෙනෙක් කැමතියිනෙ තමන්ගෙ බ්ලොග් එකට ඉහල පෙනුමක් ලබාදෙන්න. ඉතින් ලෝකෙ ගොඩදෙනෙක් මේවගේ Templates හොයාගන්න Google සෙවුම් පද විදියට යොදන්නෙ Premium Blogger Templates, Premium Blogger Templates 2011, Free Premium Blogger Templates වැනි සෙවුම් යෙදවුම්.

 මෙහිදී ඔයාලට හොඳින් දකින්න පුලවන් ලෝකයේ බොහෝදෙනෙක් මෙවැනි සෙවුම් යොදන්න බාවිතා කරල තියෙන Premium, Blogger, Templates වැනි මූල පද(Keywords) වලින් මූල පද 3ක්ම www.premiumbloggertemplates.com යන Domain නාමයෙහි අනුපිළිවෙලින් අන්තර්ගත වීම.

ඔයා කොහොමද කියන්නෙ ‍Blogger Templates සඳහා ලෝකයේ වැඩි දෙනෙක් බාවිතා කරන ලද මූල පද(Keywords) Premium, Blogger, Templates යන ඒව කියල?

හොඳයි ඒක මම ඔප්පු කරලම පෙන්නන්නම්කො.:D හොඳින් නිරීක්ෂණය කරන්න පහතින් මම යොදා ඇති රූපය.
රූපය පැහැදිලි නොමැති නම් එය මත Click කරන්න.

සැ.යු:- ඉහත Screenshot එක මම ලබා ගත්තේ FireFox Web Browser එකේ සියලුම Web History Delete කිරීමෙන් අනතුරුවය. සැකනම් ඔබලාටද එසේ කොට උත්සාහ කරබලා තහවරු කරගත හැකිය.

ඔය රතු පාටින් ස්මතු කරල තියෙන කොටස් ගැන හොඳින් අවධානය යොමුකරන්න. දැන් ඔයාලට පැහැදිලියිනේ මම පැහැදිලි කළදේ! එහිදී ඔයාලට දකින්න ලැබෙනව Premium Blogger Templates කියන මූල පද තුනම අනුපිළිවෙලින් Google Suggestions වල ඉහලින්ම තිබෙනව. ඉතින් Blogger Template දෙන වෙබ් අඩවියක් සඳහා මේ තරම් හොඳ Domain එකක් තවත් තියෙනවද? එහිදී ලසන්ත අයියා ගොඩක් බුදධිමත් සහ වාසනාවන්තයි.

05. පහසුවෙන් ශබ්ද කිරීමට හැකිවීම.

මෙයත් වැදගත් වෙන්නෙ වෙබ් ලිපිනය පහසුවෙන් මතක තබා ගැනීම සඳහා.

උදා:- ප්‍රධාන ව‍ශයෙන් ඉංග්‍රීසි කාතාකරන අය ඉලක්ක ‍කරගෙන මුදාහරින්න නියමිත වෙබ්අඩවියකට ජපන් වචනයන් ඇති Domain එකක් යෙදූවිට  එහි තේරුම  හා නිසි පරිදි එය ශබ්ද කිරීමට ඉංග්‍රීසි කතාකරන අයට අපහසු නිසා. එම වෙබ් ලිපිනය ඉංග්‍රීසි ජාතිකයින් අතරේ ජනප්‍රිය වීම අඩුවෙයි. මෙම කාරණය ඉතා සරල එකක් බැවින් වැඩි දුර විස්තර කිරීම අනවශ්‍යයි.

06. වෙබ් ලිපිනය සඳහා .com යන Domain Extension එක තිබීම.

බොහෝ අයතන තමන්ගේ වෙබ් අඩවි සඳහා .org Domain Extension එක භාවිතා කරයි. අධ්‍යාපණික ආයතන .edu ද විවිද භූගෝලීය ප්‍රදේශ පමණක් ඉලක්ක කරගත් වෙබ් අඩවි .lk, .co.uk, .tk, .cn, .cz.....etc. ආදී වශයෙන්  Domain Extension එක යොදා ගනී.

නමුත් ලෝකයේ වැඩි පිරිසකට ඉතාම හරුපරුදු සහ මනසට කිඳාබැහැපු Domain Extension එක .com. වෙබ් අඩවියක් අනුමාණකොට කෝ සොයාබැලීමේදී අපි බොහෝවිට මුලින්ම සොයා බලනුයේ .com නැමති Domain Extension සමගයි. එම නිසා හැකි සෑම අවස්තාවකදීම .com යන  Domain Extension ලබා ගැනීම නිර්දේශකල හැකිය.

උදා:- අපි කවුරුත් දන්න Full Time Blogger කෙනෙක් වෙන සහ www.problogger.net හි අයිතිකරු වන Darren Rowse ඔහුගේ ජනප්‍රිය Blog එක පටන්ගත්තේ .net නැමති Domain Extension සහිතවය. මෙම blog එක ලෝකය පුරා බොහෝසෙයින් ජනප්‍රිය වීම නිසා බොහෝ දෙනෙක්ට ProBlogger යන නාමය හොඳට හුරුපුරුදු එකක් විය.බොහෝ පිරිසක් කෙලින්ම පිවිසීමට වෙබ්ලිපිනය .net සමග යෙදුවත් සුලු පිරිසක් එය .com සමග පටලවාගත්හ. මේනිසා වසර කිහිපයකට පසු Darren Rowse විසින් $5000ක් ගෙවා problogger.com යන ලිපිණය ලබාගන්නා ලදි.

07. ඩොමේන් නාම තුලට යාඉරි(hyphens) හා අංක(numbers) යෙදීමෙන් වලකින්න.

 බොහොමයක් අය තමාට අවශ්‍ය Domain නාම මිළදී ගැනීමට යාමේදී. එය කලින් කෙනෙකු මිළ දී ගෙන ඇත්නම් එයට යාඉරි හෝ අංක හෝ ඔය දේකම යොදා තරමක හෝ සමාකාරවන අන්දමින් Domain නාමය මිළදී ගනී. නමුත් මෙය කිසිවිටෙකත් අනුමත කරන්න බැහැ. මෙය උදාහරණයකින් පැහැදිලි කරනවානම්.

උදා:- උපකල්පනය කරන්න මම හිතන් ඉන්නව www.bestbooksforyou.com කියන Domain නාමය ලබාගන්න. නමුත් මෙය මට කලින් කවුරුන් හෝ මිළදී ගත්තොත්, මට පුලවන් www.best-books-for-you.com හා www.bestbooks4you.com ආදී ලෙස Domain නාම ලබාගන්න. නමුත් මෙය එතරම්(ගන්න නොගන්න එක ඔයාලගෙ වැඩක්) අනුමත කරන්න පුලුවන් දෙයක් නම් නෙවෙයි. මොකද එයින් අවාසි සහගත තත්වයන් ඇතිවෙන්න පුලුවන් නිසා. දැන් අපි බලමු මොනවද ඒ අවාසි සහගත තත්වයන් කියල.

www.best-books-for-you.com යන වෙබ් අඩවියට පැමිණෙන අයට එම වෙබ් අඩවියේ නාමය හොඳින් මතක හිටිනව. මොකද වචන යාඉරි මගින් වෙන්කරල තියෙන නිසා. නමුත් එසේ පැමිණෙන්නන් බොහෝ දෙනෙක් නැවත වෙබ් අඩවියට යාමට Web Browser එකේ නාමය යතුරු ලියනය කරනු ඇත්තෙ www.bestbooksforyou.com ලෙසටයි. මොකද මෙය තමයි බොහෝ දෙනෙකුට හුරුපැරුදු භාවිතාව නිසා. අවසන් ප්‍රතිඵලය තමන්ගෙ වෙබ්අඩවියකට පැමිණෙන්න තිබූ පාඨකයින් ප්‍රමාණයක් වෙනත් වෙබ් අඩවියකට යොමුවීමයි. www.bestbooks4you.com යන Domain නාමය ගත්තත් මෙය අදාලයි. එහිදී‍ බොහෝ විට 4 යන ඉලක්කම වෙනුවට for යන්න පාඨකයින් අතින් යතුරුලියනය වීමට ඉඩඇත. අනිත් දේ තමයි www.bestbooksforyou.com යන Domain නාමය www.best-books-for-you.com හා  www.bestbooks4you.com  සලකා බැලීමේදී බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක්, ප්‍රමුකතායක් හා විශ්වාසයක් යොමුවන්නෙ www.bestbooksforyou.com Domain නාමයටයි. මොකද ප්‍රධාන වෙබ් අඩවි ඉලක්ක කරගෙන Phishing වලට Spyware,Malware,Trojan වැනි විනාශකාරී දේවල් පතුරුවාහරින්න තමයි බොහෝ විට ඔය වගේ Domain නාම මිළදී ගන්නෙත්. .info යන Domain Extension එකටත් බොහෝ දෙනෙක් කැමති නැත්තෙ බොහෝවිට මෙම  Domain Extension එකත් විනාශකාරී‍දේවල් වලට වැඩි වශයෙන් භාවිතා කරන නිසා.

08. වෙබ් ලිපිනය මගින් වෙබ් අඩවියේ Niche එක සම්බන්දව යම් ඉඟියක් දීම.


මෙයත් උදාහරණයකින්ම පැහැදිලි කරණවානම්,  උපකල්පනය කරන්න අලුත්ම චිත්‍රපට නිකුත්වීම් සම්බන්දව ඔබ සෙවුම් යන්ත්‍ර හරහා සෙවිමක් කරනවා කියල. එහදී ඔබට ලැබෙන ප්‍රතිඵල ලැයිස්තුවේ(Search Results) මුලින්ම තියෙන්නෙ www.topmovies.com යන වෙබ් ලිපිනයට අදාල සබැඳියක්(link). දෙවනුවට තියෙන්නෙ www.latestmoviereleases.com කියන වෙබ් ලිපිනයට අධාල සබැඳියක්. මෙයින් බොහෝවිට ඔබගේ අවධානය දිනාගැනීමට සමත්වන්නේ www.latestmoviereleases.com කියන වෙබ් ලිපිනයට අධාල සබැඳියයි. මක්නිසාද යත් එමගින් ඔ‍බ සොයන දේ සම්බන්දව හොඳ ඉඟියක් ලබාදෙන නිසා.

09. තම වෙළෙඳ නාමය හා හොඳින් ගැළපීම.

මෙය වෙ‍ළෙඳ සමාගම් වලට වගේම පුද්ගල Domain නාම ලබාගැනීමේදීත් සලකා බැලිය යුතුයි. නමුත් වෙ‍ළෙඳ සමාගම් සඳහා Domain නාම ලබාගැනිමේදී මෙය විශේෂයෙන්ම සලකා බැලිය යුතුයි. මන්ද යත් වෙළඳ සමාගමක ප්‍රතිරූපය මහජනයා අතරට අරන්යන්න මෙම ඩොමේන් නාමය බොහෝසේ වැදගත්වන නිසා. අදකාලයේ බොහෝවිට දකින්න පුලුවන් කරුණක් තමයි ලංකාවද ඇතුලත්ව ලෝ‍කයේ ප්‍රධාන සමාගම් රාශියක්ම තමන්ගේ වෙළෙඳ සමාගමේ නාමයටත් වඩා තමන්ගේ Domain නාමය ප්‍රචලිත කරන්න දරන වෑයම.

ඉතින් මොන වගේ කරුණුද සලකා බැලිය යුතුවන්නෙ මෙවැනි සමාගමකට ඩොමේන් නාමයක් මිළදී ගැනීමේදී?

  • සමාගමේ නාමය හා ගැළපිම.
  • කෙටි නාමයක් වීම.
  • පහසුවෙන් ශබ්දකිරීමට හැකිවීම.
  • හොඳ හැඩයක් තිබීම

10. වෙබ් ලිපිනය සැමදාටම වලංගු එකක් වීම.

මෙය බොහෝවිට අධාල වන්නේ විවිධ වර්ෂයන් යොදා ඩොමේන් නාම ගැනීමේදී. 

උදා:- www.premiumbloggertemplates2011.com යන ‍‍ඩොමේන් නාමය සඳහා 2011 වසර තුල හොඳ වටිනාකමක් තිබුනත් 2012 වසරෙදි එය එසේ නොවන්න පුලුවන්. මේගැන හොඳින් පැහැදිලි වීමට කරුණු අංක 04 සමග එක් කොට කියවන්න.

ඉතින් මම හිතනව අලුතෙන් ඩොමේන් නාමයක් මිළදී ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්න අයට මේ ලිපිය සුළුවෙන් හෝ උපකාරීවෙයි කියල. මෙම ලිපියේ අඩුපාඩු ඇත්නම් සහ තවදුරටත් වැඩිදියුනු වෙන්න අවශ්‍ය තැන් තිබේනම් මාව දැනුවත් කරනමෙන් කාරුණිව ඉල්ලා සිටිනවා. නැවතත් අලුත් ලිපියකින් තවත් දවසක හමුවෙමු. සියළු දෙනාටම සුභ දවසක්මම නාලක ප්‍රසාද් | Nalaka Prasad

Thursday, November 17, 2011

මාර වැ‍ඩේ! එහෙන් අධිවේගී මාර්ග(Highways). මෙහෙන් අධිවේගී බ්ලොග්ස්(High Speed Blogs). අධිවේගයෙන් ඇවිත් කියවන්න.

අද මම ඉදිරිපත් කරන ලිපිය ගොඩක්ම වැදගත් වන්නෙ බ්ලොග් ලියන අයට සහ වෙබ් අඩවි හදන අයට. ඒ කිව්වට බලන අයටත් වැදගත් වෙනව.:P
වෙබ් අඩවි හදන අය සහ බොහෝ බ්ලොග් කරුවන් මේගැන දැනුවත් නමුත් නොදන්න කිහිප දෙනෙක්හරි ඇතිනෙ!
 ඉතින් එකී නොකී සියලුම දෙනාටම ප්‍රායෝගිකව වැදගත් වෙයි කියල මේ පුංච් ලිපිය ලියන්න හිතුන. හැමෝම කැමතිනෙ Speed(වේගය) එකට. හැමෝම ඉල්ලන්නෙත් ඒකනෙ! අද මගේ ලිපියෙන් විස්තර කරන්නෙ බ්ලොග් අඩවියක හෝ වෙබ් අඩවියක Speed(වේගය)  වැඩි කරගන්න සාමන්‍ය දැනුමක් තිබෙන කෙනෙකුට උනත් කරන්න පුලුවන් දේවල් හයක් ගැන.

ඇයි මේ කියන වේගය මෙතරම් වැදගත්? හිතන්න  ඔබ යමක් මිළදීගන්න කඩයකට ගියා කියල, නමුත් කඩය වහල. ඔබ දැන් කරන්නෙ අදාල භාණ්ඩය තිබෙන වෙනත් කඩයකට යන එකනෙ! අන්න ඒ දේම බ්ලොග් සහ වෙබ් අඩවි වලටත් අදාලයි. මෙය ආසියානු රටවල් වලට සහ ජනප්‍රිය වෙබ් අඩවි වලට නම් එතරම් අධාල නැහැ. ඒකට හේතුවන්ම් ඔයාල දන්නවනෙ.:D සරළ විදියට මෙය පැහැදිලි කරනවනම්

  • වේගය වැඩිනම් වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය වේගයෙන් Load වෙනව. ඒක එම වෙබ් අඩවියෙහි හෝ ‍බ්ලොග් අඩවියෙහි පාඨකයින්ට පහසුවක්.
  • Google ඇතුලු බොහෝ සෙවුම් යන්ත්‍ර වේගවත් අඩවි වලට කැමතියි. ඒකියන්නෙ Search Engine Ranking වලට මෙය බලපානව.
  • සීමා සහිත දත්ත/තොරතුරු පරාස(Limited Bandwidth) බාවිතා කරන, විශේෂයෙන් ජංගම අන්තර්ජාල සේවා බාවිතා කරන්නන්(Mobile Internet Users) අතර ඔබගේ අඩවිය ජනප්‍රිය වනව.
  • මුදල් ගෙවා ගත් වෙබ් ඉඩක පවත්වාගෙන යන වෙබ් අඩවි වලට, සීම සහිතව මාසිකව ලැබෙන දත්ත/තොරතුරු පරාස පළල(Bandwidth) එක ඉතිරි කරගැනීමට.
වගේ හේතු කිහිපයක් දක්වන්න පුලුවන්. ඔය මම දුන්නෙ ඇයි මේ දේ වැදගත් වන්නෙ කියන දේ සහ මෙම ලිපියට ප්‍රවිෂ්‍ඨ වීම සඳහා සරළ පැහැදිලි කිරීමක්. දැන් අපි බලමු මේ දේ කරන්නෙ කොහොමද කියල.

සැ.යු:- මම මෙහිදී ඉදිරිපත් කොට ඇත්තේ සාමාන්‍ය දැනුමක් තිබෙන හෝ නොතිබෙන කෙනෙකුට උනත් ප්‍රායෝගිකව කරන්න පුලුවන් සරළ කාරණා කිහිපයක් පමණි.

01 රූප වල බර අඩු කිරීම (Image Optimization)


ඔබ ඡායාරූප සංස්කරණයෙන් අනතුරුව රූප අවසන් ස්ථාපනයේදී(Save) සාමාන්‍ය ආකාරයට එය නොකොට, වෙබ් අඩවි සඳහාම වන “Save for the web” යන බාවිතාව හරහා රූප ස්ථාපිත(Save) කරගන්න. 80% විතර ලංකාවෙ වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි මෙය බාවිතා කරන්නෙ නැහැ කියල කියන්න පුලුවන්. මම මේ කියන දේ ඔප්පු කරලම පෙන්නන්නම් කෝ. කිව්වට විස්වාස නැතිද දන්නෙ නැහැනෙ.D

මේ සඳහා මම උදාහරණයට ගන්නෙ http://www.president.gov.lk/ කියන වෙබ් අඩවියෙහි ගරු මහින්ද රාජපක්ෂ ජනපතිඳුන්ගෙ ඡායාරූපයක්.
වෙබ් අඩවියෙහි එම ඡායාරූපය දිස්වන අයුරු
එම තෝරා ගත් ඡායාරූපය - සාමාන්‍ය අවස්ථාව - 18KB
එම තෝරා ගත් ඡායාරූපය - Optimize කළපසු - 8.51KB

බලන්න 50%කට වැඩි වෙනසක්. ඒත් ඉහත ඡායාරූප දෙකේ මිනිස් ඇසකට හඳුනාගත හැකි වෙනස්කම් බොහොම අඩුයි. මට නම් දෙකම එක වගේ.:D මෙම ඡායාරූපයටනම් මෙය ලොකු දෙයක් නොවුනත් ඇතැම් 300KB ‍වගේ තිබෙන ඡායාරූප 60KB වගේ ගේන්න පුලුවන් ඒක‍ ලොකුවෙනසක්. මම පිළිගන්නව මෙහිදී ගුණාත්මක බව අඩුවන බව. එහෙත් බොහෝ අවස්තා වලදී එම ගුණාත්මක බවේ අඩුවීම මිනිස්  ඇසට පැහැදිලිව හඳුනාගන්න අපහසුයි.

ඔන්න මම උදාහරණයක් දුන්න. දැන් අපි බලමු අපි හැමෝම දන්න, ගොඩදෙනෙක් භාවිතා කරන Adobe Photoshop හරහා මෙය කරන ආකාරය. පහත රූප හොඳින් නිරීක්ෂණය කරන්න.

  1. මුලින්ම ඡායාරූපය විවෘර්ත කරගන්න
  2. File Menu එක ඔබන්න
  3. එහි තිබෙන Save for the web යන Menu Item එක හරහා යන්න
  4. ඔබට අවශ්‍ය ආකාරයට වෙනස්කම් කොට ස්ථාපනය(Save) කරන්න.
රූපය පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න

ඔබට මෙය සිදු කරන්න PhotoShop Software එකම අවශ්‍ය නැහැ. වෙනත් විවෘර්ත මෘදුකාංගයක් හෝ අන්තර්ජාලයේ ඇති online image optimizer බාවිතා කරන්න පුලුවන්. මෙය මගින් වෙබ් අඩවියෙහි වේගය වැඩි වෙනවා මෙන්ම 

* විශේෂයෙන් Blogger සේවාව හෝ Wordpress.com සේවාව බාවිතාකරන්නන්ට මේ ක්‍රමය මගින් තමන්ට නොමිලේ හිමිවෙන Image සඳහා ඉඩ බොහෝ සෙයින් ඉතිරි කරගන්න පුලුවන්.


02 රූප වර්ග (Image Formats)


ඔබ Images Optimize කරන කොට ඒ සඳහා නිවැරිදිම රූප ආකාරය(Image Type) තෝරාගත යුතුවනව. මෙය සරළව විස්තර කරනවනම්


  • ඔබ photograph එකක් හරි truecolor image එකක් හරි Optimize කරනවානම් වඩාත් යෝග්‍ය වන්නෙ JPEG/JPG (Joint Photographic Experts Group) ආකාරයයි. මොකද මෙම රූප ආකාරයට සාපේක්ෂව ඉහල වර්ණ සංඛාවක් පෙන්වීමේ හැකියාව තිබෙනවා.
  • flatcolor images වලිදි හා වෙබ්අඩවියක හෝ බ්ලොග් අඩවියක logo සහ image buttons ආදී දේවල් වලදී ඔබට GIF (Graphics Interchange Format) යන රූප ආකාරය තෝ‍රාගන්න පුලුවන්.
  • මීට අමතරව PNG  (Portable Network Graphics) උනත් ඔබට බාවිතා කරන්න පුලුවන් මේ රූප ආකාරය GIF වලට බොහෝ සෙයින් සමාන උනත් ඊට වැඩි වර්ණ ප්‍රමාණයක් PNG රූප ආකාරයට පෙන්වීමේ හැකියාව පවතිනව. තවද පසුබිම විනිවිද පෙනෙන ආකාරයට රූප සැකසිමටත්මෙම රූප ආකාරය බාවිතා කරන්න පුලවන්
සැ.යු:- ඉහත ආකාරයටම ඔබ රූප ආකාරය තෝරාගත යුතුයි කියල නියමයක් නැහැ. නමුත් ඉහත නිර්දේෂයන් පිළිගන්නා සහ සුදුසු භාවිතාවන්(Good/Common Practice) ලෙස දක්වන්න පුලුවනි.

03 CSS Optimize කිරීම


CSS(Cascading Style Sheets) කියන්නෙ මොනවද කියල ඔයාල ගොඩදෙනෙක් දන්න‍වනෙ. ඒ නිසා මම ‍ඒගැන මෙතනදී විස්තරයක් කරන්න යන්නෙ නැහ. දැන් අපි බලමු සරළව ‍කොහොමද මේගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කියල.

  • CSS code එකේ අනවශ්‍ය ඉඩවල්(Unwanted White Space) ඉවත් කිරීම.
  • අනවශ්‍ය තිත්කොමා සලකුණු(Semicolon) නොයෙදීම
  • විශාල comments දමා ඇතිනම් ඒවා ඉවත් කිරීම හෝ කෙටි අයුරකින් ‍යෙදිම
  • බාවිතා නොවෙන css rules ඇත්නම් සොයා ඉවත් කිරීම.
  • බොහෝ අවස්තාවලදී අවශ්‍ය වන එකම css rule එකක් සඳහා වෙන වෙනම css ලියන්නෙ නැතිව css classes බාවිතා කිරීම.
  • කෙටි css rule නාම භාවිතය.
වගේ සුළු සුළු දේවල් කරන්න පුලුවනි. පහත රූපය හොඳින් නිරීක්ෂණය කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න

මේ කාර්යයට බොහෝ සේවා අන්තර්ජාලයේ තිබුනත්. ඒවා මගින් යම් යම් දෝෂ ඇති වන්ට පුලුවන්. ඒනිසා මමනම් අනුමත කරන්නෙ තමා විසින්ම මේකාර්යය කරන ලෙසයි.

04 සබැඳුම්(links) යෙදීමේදී හැකි සෑම විටෙකම එහි අගට / යෙදීම.


මේ ගැනනම් කියන්න තියෙන්නෙ ඉතාම සුළු දෙයක්. එනම් ඔබ http://www.yourdomain.com/contact ලෙස link එකක් යොදා එය මත Click කර සබැඳුම සක්‍රිය කළ විට, web server එකට එක පාරටම හිතාගන්න බැහැ මම ප්‍රතිඡාරය විදියට දෙන්න ඕනෙ නැත්නම් Open කරන්න ඕනෙ මෙන විදියෙ File එකක්ද Page එකක්ද කියල. නමත් ඔබ http://www.yourdomain.com/contact/ ලෙස සබැඳුම සක්‍රිය කළවිට web server එක වේගයෙන් හඳුන ගන්නව, මේ link එක directory page එකක් කියල. එමගින් Web Server එක ප්‍රතිඡාර දක්වන වේලාව කෙටි කරගන්න පුලවන්. මේ සම්බන්දව වැඩි දුර විස්තර Google කිරීමෙන් සොයාගන්න පුලුවන්.


05 උස(Height) සහ පළල(Width) පෙන්වන උපලක්ෂණයන් අවශ්‍ය සෑම අවස්ථාවකදීම බාවිතා කිරීම.


height="" හා width="" යන html උපලක්ෂණ ආකාර භාවිතාවන html tags(ටැගයන්) වලදී, විශේෂයෙන්ම <img> යන html ටැගය භාවිතයේදී බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තමයි height="" හා width="" යන html උපලක්ෂණ ආකාර භාවිතා නොකිරීම. එහිදී Web Browser එක මුලින්ම html page එක කියවීමේදී අධාල <img> ටැගයේ උපලක්ෂණ කෙසේ හැසිරිය යුතුද යන්න මුලදීම නොදන්නා නිසා එම http ඉල්ලීම(Request) එක යන්න සහ එය සම්පූර්ණ වෙන්න ගතවන කාලයේ තරමක වැඩිවීමක් තිබෙනවා. නමුත් ඔබ මෙවැනි සෑම අවස්තාවකදීම උපලක්ෂණ භාවිතා කරනවානම් Web Browser එක කල්තියාම දන්නව  http ඉල්ලීම(Request) කෙසේද ක්‍රියාකලයුතුවන්නේද කියල. එමගින් වෙබ්අඩවිවල වේගය වැඩිකරගන්න පුලුවන්.

height="" හා width="" යන html උපලක්ෂණ ආකාර <img> යන html ටැගයක් සඳහා යොදා ඇති ආකාරය පහත රූපයෙන් නිරීක්ෂණය කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න


06 HTTP Requests ප්‍රමාණය අඩුකිරීම.


Web Browser එකක් මගින් වෙබ් අඩවියක් ඉල්ලූවිට මුලින්ම Web Browser එක මගින් එම වෙබ් අඩවියෙහි html කේතය කියවනු ලබයි. ඉන් පසු එහි ඇති විවිද Objects සඳහා ඉල්ලීම්(HTTP Requests) Web Server එකට යවනු ලබයි. මෙම ඉල්ලීම් අතරට CSS files, JavaScripts files, Images, swf, Applets, mp3, mp4...etc ඇතුලත් විය හැකිය. මේ ආකාරයේ ඉල්ලීම් වැඩිවෙන විට වෙබ් අඩවියේ වේගය පහල යයි. ඇත්තටම ඉල්ලීම් ප්‍රමාණයම විතරක් නොවෙයි ඉල්ලීම් වල විශාලත්වය ද මෙහිදී බලපානු ලබයි. එම නිසා මෙවැනි ඉල්ලීම් වෙබ් අඩවියක් සඳහා හැකිදාක් දුරකට අවම කරගැනීම‍ සහ ප්‍රබලත්වය අවම කිරීම වෙබ් අඩවියක වේගය කෙරෙහි තදින්ම බලපානු ලබයි.

මේ සඳහා පිළියම්.

  • අනවශ්‍ය Widgets, රූප යනාදිය ඉවත්කිරීම.
  • බාවිතා කරන රූප වල විශාලත්වය අඩුකිරීම.
  • පසුබිම් රූප(Background Images ) බාවිතයේදී එම රූප සියල්ලක්ම කැටිකරගත් තනි පසුබිම් රූප භාවිතා කරීම.
  • Ajax තාක්ෂණය බාවිතා කිරීම.
  • CSS Files කිහිපයක් තිබෙනවානම් එවා සියල්ල එකතු කර තනි CSS File එකක් විදියට බාවිතා කරීම.
  • CSS සහ JAVASCRIPT ගොනු Optimize කිරීමෙන් ඒවාගේ විශාලත්වය අඩුකිරීම.
වගේ සරළ දේවල් ඉදිරිපත් කරන්න පුලුවන්. පහත රූපය හොඳින් නිරීක්ෂණය කරන්න.

රූපය පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න


මම අද මේ ලිපියෙන් ඉදිරිපත්කලේ වෙබ් අඩවි වේගවත් කිරීම හා බැඳුනු මතුපිට කාරණා කිහිපයක් පමණයි. මෙම මතුපිට කාරණාවල සිට Server side scripting languages වල Variable එකක් call කිරීම වගේ සියුම් ‍තැන් දක්වා දිවෙන බොහෝ කාරණා මේ කාර්යය සඳහා බාවිතා කරන්න පුලවන්. මෙම සරළ කාරණා කිහිපය තෝරාගන්න හේතුව එතරම් තාක්ෂණික දැනුමක් නොමැති පුද්ගලයෙකුට උනත් එදිනෙදා තමන්ගේ බ්ලොග්කරණ ජීවිතයේදී ඒවා ප්‍රායෝගිකව කරන්න තියෙන හැකියාව වැඩිකම හින්දයි. තවත් කාරණා රාශියක් තියෙනව මේසම්බන්දව කතාකරන්න. එම කාරණා සමග තවත් දවසක අලුත් ලිපියකින් හමුවෙමු. මම නාලක ප්‍රසාද් | Nalaka Prasad

Monday, November 14, 2011

Blog එකක් ලියන්නද යන්නෙ? Blogger සේවාවද හොඳ? Wordpress.com සේවාවද හොඳ? මේ ගැන කෙරෙන සවිස්තර, සංසන්දනාත්මක විස්තර කිරීම.

බ්ලොග් ලියන්න අලුතෙන් පැමිනෙන බොහෝ දෙනෙකුට මුලදි යම් යම් ගැටලු කීපයක් ඇතිවෙනව. ‍එම ගැටලු නම් මට නොමිලේ බ්ලොග් එකක් පටන්ගන්න පුලුවන්ද?, එසේ හැකිනම් එවැනි සේවා කොපමණ සංඛ්‍යාවක් තිබේද?, එම සේවා වලින් වඩාත්ම බාවිතාවන සේවාවන් මොනවාද?, වැඩි පහසුකම් ප්‍රමාණයක් තිබෙන සේවාව කුමක්ද? කියන වගේ ප්‍රශ්න.
 ඒ ඔස්සේ සොයාබැලීමේදී ඔබට ප්‍රධාණ සේවාවන් දෙකක් හමුවෙනු ඇත. ඒවා නම් Blogger සහ Wordpress.com. දැන් තියෙන එකම ප්‍රශ්ණය මේ සේවා දෙකෙන් හොඳම එක ‍කුමක්ද කියන එකනෙ. හොඳයි අද මම පැහැදිලි කරන්න හදන්නෙ මෙන්න මේ ගැටලුවට උත්තර.
මෙහිදී මම ‍මෙම සේවා දෙකෙහි පැහැදිලිව කැපීපෙනන ගුණාංග අතර සිදුකරන ලද සංසන්දනයක් මගින් මෙය පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනව.
මෙම සංසන්ද‍නය කෙසේසිදුකර තිබුනත් තමන් කැමති Blog සේවාව බාවිතා කිරීම තමන්ගෙ කැමැත්ත. මෙහිදී මම කිසිඳු සේවාවක් උලුප්පා දැක්වීමට හෝ හෙලා දැකීමට උත්සාහ  ගෙන නොමැති බව කරුණාවෙන් සලකන්න.

සැ.යු :- මම මෙහිදී සංසන්දනාත්මකව පැහැදිලි කරන්න උත්සාහ ක‍රන්නෙ Blogger සේවාව හා Wordpress.com සපයන සේවාව සම්බන්දව. මෙය Wordpress.org සමග පටලවා ගන්න එපා.

 පහසුකම Blogger සේවාව  Wordpress.com ‍සේවාව  කවුද දිනුවෙ 
 Template එක
වෙනස් කිරීමේ හැකියාව
 මෙය ඔබට නොමිලේම තමන් කැමති ආකාරයට කරගන්න පුලුවන් ඒකියන්නෙ Template layout එක, CSS නිදහසේ වෙනස් කරන්න පුලුවන්  මෙය ඔබට නොමිලේ කරන්න බැහැ ඒ සඳහා යම් මුදලක් ගෙවන්න වෙනව  Blogger
 උදව්
(Tutorials/Help)
 ඉතා විශාල වශයෙන් අන්තර්ජාලයෙන් සොයාගන්න පුලුවන්  සාපේක්ෂව අඩුයි.  Blogger
 බාවිතා කල හැකි
Blog Themes
 ඕනෑතරම් හොඳ තත්වයේ ඇති Blogger Themes/Templates අන්තර්ජාලයෙන් නොමිලේ ලබාගන්න පුලුවන්  හොඳ තත්වයේ ඇති Wordpress Themes නොමිලේ ලබාගත හැකි අවස්තා අඩුයි.   Blogger
 වෙනස් කිරීම්
සඳහා අවශ්‍ය වෙන Coding වර්ග
 මේ සඳහා ඔබට HTML, XHTML, CSS, XML, JAVASCRIPT බාවිතාකරන්න පුලුවන්. මේවා පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් ඉතා සරල Coding ආකාරයන්  මේ සඳහා ඔබට HTML, XHTML, CSS, XML, JAVASCRIPT අමතරව PHP සම්බන්දවද දැනුම අවශ්‍ය වෙනව. බොහෝ අයට PHP සම්බන්දව දැනුම ඉතාම අඩුයි. Blogger
 Dashboard එකේ පෙණුම සහ
හැසිරවීමේ
ඇති පහසුව සහ වේගය
 ඉතාම සරලයි. පහසුවෙන් හසුරුවන්න පුලුවන්. ඒ වගේම වේගවත්  සාපේක්ෂව තරමක් සංකීර්ණ බවින් සහ වේගයෙන් අඩුයි  Blogger
 සේවාව විසින් නිර්දේශ
කරනු ලබන Templates/Themes
ප්‍රමාණය සහ
ඒවාගේ තත්වය
 ඉතාම සුලු ප්‍රමාණයක් වගේම ඒ‍වායේ පෙණුමද හොඳ තත්වයේ නැහැ  සියයකටත් වඩා වැඩි ඉතා හොඳ තත්වයේ Themes මෙහිදී සපයයි  Wordpress
බාවිතාකරන Theme/Template
එක වෙනුවට
වෙනත් එකක්
යෙදීමේ හැකියාව
(Replacement)
 මෙය ඔබම වසින් සාදාගත් Theme එකක් මගින් හෝ බාහිරව ලබාගත් එකක් මගින් ඕ‍නෑම වාර සංඛාවක් ඉතා පහසුවෙන් මෙන්ම නිදහසේ කරගන්න පුලුවන්.  මෙය ඔබට කල හැකිවන්නේ සේවාව ඔබට සපයන Themes සඳහා පමණයි. බාහිරව ලබාගන්නා Themes බාවිතා කරන්න බැහැ.  Blogger
 Widgets සහ
Plugins බාවිතා
කිරීමේ හැකියාව
සේවාව විසින් සපයන සහ බාහිරින් ලබාගන්නා Widgets සහ Plugins මගින් මෙය කරන්න පලුවන්  බාහිරින් ලබාගන්නා Plugins ඔබට බාවිතා කල නොහැක.   Blogger
 ප්‍රතිචාර පද්ධතිය
(Comments System)
 Moderation කියල තියෙන්නෙ Comments delete කරන එක පමණයි. Comments සංස්කරණය කරන්න බැහැ. Spam ආරක්ෂාවක් නැහැ. Captcha පහසුකම සහිතයි. ප්‍රතිචාර සඳහා කෙලින්ම පිලිතුරු දිය නොහැකියි එනම් threaded/nested commenting පහසුකම නැහැ. බාහිර ප්‍රතිචාර පද්ධතියක් මගින් ප්‍රතිස්ථාපනය කල හැකිය.  ප්‍රතිචාර සංස්කරණය කල හැකියි. Spam ආරක්ෂාවක් සහිතයි. threaded/nested commenting පහසුකම සහිතයි. බාහිර ප්‍රතිචාර පද්ධතියක් මගින් ප්‍රතිස්ථාපනය කල නොහැකියි.   Wordpress
 SEO, Optimization හැකියාව  අපේ පැත්තෙන් කල හැකි සියලු දේ අපට කල හැකියි.  මෙය යම් තාක් දුරකට කල හැකියි. මෙය බාවිතා කරන්නාගේ පැත්තෙන් ඔහු බාවිතා කරන Theme එකේ Symantec Structure එක අනුව වෙනස්වේ   Blogger
Blog එක
සම්බන්දව පවුද්ගලිකත්වය
(Blog Privacy)
 ඔබට එක් Blog එකක් සඳහා අයිතිකරුවන් 100 දෙනෙක්ට සහ කියවන්නන් 100 දෙනෙක්ට මෙය සීමා කරන්න පුලුවන්. මේසඳහා අදාල වන්නේ Google account තිබෙන අය පමණයි. ලිපි සඳහා මුරපද(Password) යෙදීමේ හැකියාවක් නැහැ.  මෙහිදී 35 දෙනෙකුට සීමා වේ. මුරපද යෙදූ ලිපි  සහ තමන්ට පමණක් දැකගත හැකි වන ආකාරයට(Private) ලිපි සකසන්න පුලුවන්.   Blogger
 ප්‍රතිචාර වරණය(Comment Restriction)  මෙය මූලික වශයෙන් Google account; OpenID account සහ Anonymous යන ආකාර සඳහා වරණය කරන්න පුලුවන්  වරණය කිරීමේ හැකියාවක් ‍නොමැත. ඕනෑම කෙනෙකුට ප්‍රතිචාර දැක්විය හැකිය  Blogger
 Blog එකක් නැවත ස්ථාපනය(Blog Import)  එක් Blog එකක් තවත් එක් Blogger Blog එකක් සඳහා පමණක් ස්ථාපනය කල හැකිය.(බාහිර සේවා මේසඳහා පවතියි)  තවත් එක් Wordpress Blog එකක් සඳහා සහ Blogger, TypePad, LiveJournal, Yahoo!360, MovableType ගිණුම් සඳහා Import කලහැකිය.  Wordpress
 ලිපි සහ ප්‍රතිචාර සම්බන්ද දැනුම්දීම්(Posts and Comment Notification)  Email පහසුකම බාවිතයෙන් මෙය කලහැකියි. බොහෝ විට මේ සඳහා Google Feedburner සේවාව බාවිතා වෙයි  මෙහිදීත් එය කල හැකිය.  Both
 ප්‍රතිචාර සහතික කිරීම(Comment Verification)  Captcha පහසුකම මිනිසෙක් යන්න සහතික කරගත හැකියි  එවැනි පහසුකමක් නොමැත  Blogger
 වීඩියෝ ගබඩා කිරීමේ සීමාවන් (Video Storage Limit)  ඔබ මෙම සේවාව හරහාම Video Upload කරනවානම් 16GB දක්වාද. Google video හරහා සීමා රහිතවද බාවිතා කරන්න පුලුවන්.  3GB දක්වා පමණයි. මීට  වඩා අවශ්‍ය නම් මුදල් ගෙවිය යුතුයි.  Blogger
 රූප ගබඩා කිරීමේ සීමාවන් (Image storage limit)  Picasa Web Album සේවාව හරහා 1GB පමණ ඉඩ ප්‍රමාණයක් හිමිවෙයි.   3GB දක්වා ඉඩ හිමි වේ. මීට වඩා අවශ්‍යනම් මුදල් ගෙවිය යුතුයි.  Wordpress
 බාවිතා කල හැකි ගොනු(Files) වර්ග (File type Storage)  PNG, GIF, JPEG යන රූප ආකාර(Type) සඳහා සීමා වේ.   PNG, GIF, JPEG යන රූප ආකාර(Type) වලට අමතරව ppt, .doc, .odt and .pdf යන ගොනු  ආකාරද බාවිතා කල හැකිය.  Wordpress
 Blog එක සහ එහි පාඨකයන් අතර ඇති ක්‍රියාකාරීත්වය සම්බන්ද තොරතුරු (Blog Stats) ඉතාම හොඳ තත්වයේ විස්තර සපයන පද්ධතියක් අන්තර්ගත වෙනව. අවශ්‍ය නම් බාහිර Google Analytics වැනි සේවාවක් උවද බාවිතා කරන්න පුලුවන්.  සාපේක්ෂව සවිස්තර බව අඩුයි. ඒවගේම යාවත්කාලීන වීම සෑම දින 2කට වරක් පමණක් සිදුවේ. බාහිර සේවාවන් බාවිතා කල නොහැකියි.  Blogger
වෙළඳ දැන්වීම් (Advertisements)  ආචාර ධර්ම වලට ගැලපෙන පරිදි නිදහසේ යෙදිය හැකිය.  වෙළඳ දැන්වීම් බාවිතා කල නොහැකිය. අවශ්‍ය නම් මුදල් ගෙවා මෙම පහසුකම ලබාගත්තත් ආදායමෙන් යම් කොටසක් සේවාව විසින් කපාගනී.  Blogger
 Email මගින් ලිපි පළ කිරීම (Posts By Email)  සිදු කල හැකිය  සිදු කල හැකිය  Both
 ජංගම දුරකථන වලදී ලිපිවල සහ ප්‍රතිචාර වල පෝෂක(Feeds) බාවිතා කිරීමේ හැකියාව (Post Feed On Mobile Phones)  සහය දක්වයි   සහය දක්වයි  Both

ඉහත වගුව හොඳින් පරිශීලනය කිරීමෙන් Blogger සේවාව හා Wordpress.com සේවාව අතර ඇති වෙනස්කම් ඔයාලට හොඳින් අවබෝධ කරගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. මෙම ලිපියේදී Wordpress.com සහ Blogger අතර කෙරුනු  සංසන්දනය Wordpress.org මගින් සපයන මෘදුකාංගය සමග පටලවා ගන්න එපා කියල නැවතත් කියනව. මොකද එම මෘදුකාංගය මුදල්ගෙවා ලබාගන්නා ලද වෙබ් ඉඩක ස්ථාපනය කොට බාවිතා කිරීමේදී තමන්ට රිසිසේ වෙනස්කම් කිරීමටත්, හැසිරවීමටත්  අවස්තාව ලැබෙන නිසා.

Friday, November 11, 2011

මිනිත්තු 5කින් නොමිලේම ඔබගේ වෙබ් අඩවියට හෝ ‍බ්ලොග් අඩවියට ඔබටම කියල Android හා Nokia ජංගම දුරකථන වලට සහය දක්වන App එකක් සාදාගන්නා විදිය.

අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ තමන්ගෙ බොලොග් අඩවි‍ය සඳහා හෝ වෙබ් අඩවිය සඳහා සම්පූර්ණයෙන්ම නොම්ලේ තමන්ටම කියල App එකක් හදා ගන්න විදිය.

මේ App එක අපි බාවිතා කරන්නෙ නවතම Android හා Nokia ජංගම දුරකථන සඳහා. ලෝකයේ අන්තර්ජාල බාවිතා කරන්නන්ගෙන් ඉතා විශාල ප්‍රතිශතයක් අන්තර්ජාලයට පිවිසෙන්නෙ තමන්ගෙ ජංගම දුරකතනයෙන් කියන එක නොරහසක්. මොදක ජංගම දුරකථනය කියන්නෙ දැන් අපේ ජීවිතේම කොටසක්නෙ. එහිදී සාමාන්‍ය විදියට අන්තර්ජාලයේ සැරිසැරීමට නම් ජංගම දුරකථනයේ ස්තාපිත කොට ඇති වෙබ්බ්‍රව්සරය හරහා තමයි තමන්ට අවශ්‍ය දේ හොයා ගන්න වෙන්නෙ. නමුත් මේ ක්‍රමය ටිකක් කරදර කාරී දෙයක්. ඒකට හේතු කිහිපයක්ම තියෙනව පහත ඒවායින් කිහිපයක් මම සරලව දක්වල තියෙනව.

01 - ජංගම දුරකථනවල වෙබ්බ්‍රව්සර් වල තිරය කුඩාවීම.

02 - Desktop පරිගණක සඳහා තැනූ වෙබ් අඩවි ඒ ආකාරයෙන්ම ජංගම දුරකථනවල දර්ශනය නොවීම.

03 - වෙබ් අඩවිය හැසිරවීම තරමක් වෙහෙසකාරී වීම.

04 - වෙබ් අඩවියෙහි Desktop සංස්කරණයෙහි විශාලත්වය වැඩි නිසා ජංගම දුරකථනයට පැමිණෙන්න(Load) විශාල වේලාවක් ගත වීම.

ඉහත සඳහන් කෙරෙනු පොදු කාරණා වලට අමතරව තමන්ගේ වෙබ් අඩවියෙහි ඇති විශේෂතා නිසාම එම වෙබ් අඩවි ජංගම දුරකථන අතරට ගෙනයන්න දැන්දැන් විශාල ව‍ශයෙන් මේවගේ Apps නිර්මාණය වෙනව. මෙම Apps වෙබ් අඩවියක් සඳහාම කියල නියමයක් නැහැ. ඕ‍නෑම සේවාවක් පහසුවෙන් හැසිරවීමට හා ලබාගැනීමට මේ වගේ apps අපට නිර්මාණය කරන්න පුලුවන්. ඇත්තටම දැන් මේක හොඳ මුදල් ඉපයීමේ මාර්ගයක් වෙලා. උදාහරණයක් විදියට හිතන්න ඔබ නිර්මාණයක කරපු Android app එකක් 30$ ගානෙ Android Market එකට දැම්මයි කියල. ඒක ලොවපුරා මිලියණයක් අලෙවි වූවානම් ලැබෙන මුදල කොහොමද කියල!!! නමුත් මෙය හිතන තරම් ලේසිපහසු කටයුත්තක් නම් නෙවෙයි.

මේ වගේ App එකක් වෙබ් අඩවියකට ති‍බීම මගින් ලැබෙන වාසි මොනවාද?


ඒගැන සරළ වැටහීමක් ඉහත මාගේ විස්තරයෙන් ලබාගන්න පුලුවන්. තවදුරටත් පැහැදිලි කරනවානම් මේ මගින් අපගේ වෙබ් අඩවියට ලැබෙන පැමිණීම් සංඛ්‍යාව වැඩිවෙනව. මොකද බාවිතා කරන්නන්ට මේ app එක හරහා  ඉතා වේගයෙන් මේන්ම පහසුවෙන් අපගේ වෙබ් අඩවිය පරිශීලනය කරන්න අවස්ථාව ලැබෙන නිසා.

බ්ලොග් අඩවිය සඳහා හෝ වෙබ් අඩවිය සඳහා App එක නිර්මාණය කිරීම.


01 - මේ සඳහා http://ibuildapp.com ‍යන වෙබ් අඩවියට යන්න.

රූප පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න

02 - මීලඟට මෙම වෙබ් අඩවියේ ගිණුමක් ආරම්භ කරන්න. කැමතිනම් තමන්ගෙ Facebook ගිණුම හරහා උනත් සම්බන්ද වෙන්න පුලුවන්.

03 - Create App යන Button එක Click කරන්න.

04 - Native iPhone/Android App හරහා යන්න.

05 - මීලඟට වෙබ් අඩවියේ පහතින් ඇති Custom App යන්න තෝරා(Select) ඒ හරහා යන්න.

06 - දැන් ඔබ කැමති නමක් ඔබගේ App එක සඳහා දෙන්න.

07 - Android යන්න තෝරා ඒ හරහා යන්න.

මීලඟට කරන්න තියෙන දේවල් ටික හරිම පහසුයි. මේ සඳහා වෙබ් අඩවියෙන් ඉතාම පහසුවෙන් හසු‍රුවන්න පුලුවන් අතුරුමුහුණතක්(GUI) ලබාදීල තියෙනවා. පහත රූපය හොඳින් නිරීක්ෂණය කරන්න.

රූප පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න

08 - ඔබ කැමති LOGO එකක් ලබාදෙන්න, App එකේ පසුබිම් වෙනස්කරන්න අවශ්‍යනම් කැමති image එකක් upload කරන්න. ඔබ කරන සියලු වෙනස්කම් අනුව App එක වෙනස්වනු ලබන ආකාරය හා එය සජීවී ආකාරයෙන් ජංගම දුරකතනයක් තුල දිස්වන ආකාරයේ දර්ශණයක් වෙබ් අඩවියෙහි වම් පසින් දැකගන්න පුලුවන්.

09 - මීලඟට ඔබ පියවෙරෙන් පියවර ඉදිරියට යමින් ඔබට අවශ්‍ය ආකාරය Default settings වෙනස් කර ගන්න. ඒම පියවරයන් ඉතාම සරල ඒව. ඒනිසා ඒව මම එකින් එක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ කියල හිතනව.

රූප පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න

10 - අවසාන අවශ්‍යයෙන් ඔබ සෑදූ app එක download කරගන්න. එපමනයි. දැන් ඔබගේ වෙබ් අඩවියටත් ඔබගේම කියල app එකක් තියෙනව.

ඔබට පසුව උනත් ඔබගේ ගිණුමට log වෙලා ඔබගේ app එකේ යම් යම් වෙනස්කම් කරන්න පුලුවන්. එහිදී ඔබ ඔබගේ app එක අන්තර්ජාලයට යොමුකරලනම් තියෙන්නෙ. ඔබ කරන සියලු වෙනස්කිරීමක්ම ඔබගේ app එක බාවිතාකරන්න අයෙගෙ ජංගම දුරකථන වලට යනව. ඒකියන්නෙ ස්වයංක්‍රීයවම ඔයාගෙ app එක update වෙනව. ඔයාලට අවශ්‍යනම් 25$ ගෙවල ‍app එක Android Market  එකට දාන්න පුලුවන්. නැත්නම් ඔයාල පරිගණකයට download කරගත්තු app එක නො‍මිලේ file upload කරන්න දෙන වෙබ් අඩවියටක upload කරල link එක වෙබ් අඩවියෙහි දමන්න පුලුවන්. උත්සාහ කරල බලන්න අපූරු අත්දැකීමක් වෙයි.

Thursday, October 27, 2011

කොතරම් පාඩම් කලත් අමතක වෙනවද? මතකය වර්ධනය කරගන්න කැමතිද? මෙන්න ඒ සඳහා ක්‍රම සහ විදි.

Memory Increase Tips
ඕනෙම කෙනෙක් විභාගයකට සූදානම් වීමට ප්‍රථම තමාගේ මතක ශක්තිය හොඳ මට්ටමකට ගෙන ආයුතුයි. මේ සඳහා මතක වර්ධන3ය සඳහා වන දේවල් කරන්න අවශ්‍ය වනව. මතකය කියන්නෙ තොරතුරු සමූහයකට. මෙම තොරතුරු අපගේ ඇස, කණ, නාසය, දිව, සම යන සංවේදී අවයව පහෙන්ම ඇතුලු වෙනු ලබනව. නමුත් මෙසේ ඇතුලුවන සියලුදේම අපගේ මතකයේ රැදෙන්නෙ නැහැ.

 ඇතම් තොරතුරු සුළු වේලාවක් මතකයේ රැඳී ඉවත්වෙනව. ඇතැම් තොරතුරු දීර්ඝ කාලයක් මතකයේ රැදෙනව. පරිසරයේ සිදුවෙන සියලුම දේවල් මතකයේ රැදුනොත් ඔහු හෝ ඇය අනිවාර්යෙන්ම උන්මත්තකයෙකු වනු ඇත. ස්වභාවයෙන්ම අපගේ මතක ගබඩාවේ පවතින තොරතුරු කාලයත් සමග අමතක වී යයි. එය එසේ සිදුවිය යුත්තක් සහ එය අතිශය සාමාන්‍ය දෙයක්ද වේ.‍ කෙසේවෙතත් විභාගයකට සූදානම් වන්නෙකුට ‍වගේම ඕනෑම අයෙකුට යම් තොරතුරු ප්‍රමාණයක් දීර්ඝකාලීනව තම මතකයේ තබාගැනීම අනිවාර්ය්‍ය වේ. මෙහිදී වැදගත් වන්නේ එම මතක තබා ගන්නා ලද තොරතුරු නැවත ස්මරණය(Recall) කිරීම සහ යාවත්කාලීන වීම සමග එම තොරතුරු දීර්ඝ කාලයක් නොනැසී මතක තබා ගැනීම(Retention). මෙසේ සඳහා සුවිශේෂ මතක වර්ධණ ක්‍රම රාශියක් අපිට අනුගමණය කරන්න පුලුවන්. හොදයි දැන් අපි බලමු ඒවා එකින් එක අරගෙන.


01:  ඔබ අධ්‍යයනය කරන ලබනු දෙය සම්බන්දව ඔබගේ අවධානය(Attention) සම්පූර්ණයෙන් යෙදවීම.


මතකයේ ප්‍රධානම දේ තමයි අවධානය. ඔබට අවධානය නොමැතිව කිසිඳු දෙයක් ඉගෙනීමට නොහැකිය.යම් තොරතුරක් මුලින්ම කෙටි කාලීණ මතකට පවා ඇතුලත් වීමට අවධානය කියන දේ අවශ්‍ය වෙනව. ඔබ අවධානය යොදනු ලබන ප්‍රමාණය මත සහ ක්‍රම මත එම තොරතුරු කෙටි කාලීණ මතකයේ සිට දීර්ඝකාලීණ මතකයට යනු ලබන ප්‍රමාණය තීරණය වෙනව. උදාහරණයක් ගතහොත් ඔබ ඉතා ආසාවෙන් කැමතිම චිත්‍රපටයක් රසවිඳින කොට ඔබට අවට පරිසරය පිළිබඳ කිසිදු අවධාණයක් නොමැත. ඇතැම් විට කෙනෙකු ඔබට උස්හඬින් කතා කලද ඔබට එය නොඇසෙනු ඇත. මක්නිසාද යත් එම අවස්තාවේ ඔබගේ සම්පූර්ණ අවධාණය යොමු වී ඇත්තේ එම චිත්‍රපටයට නිසාවෙනි. මේ ආකාරයෙන් සම්පූර්ණ අවධාණය ඔබට ඉගෙනුම් කටයුතු සදහාද යෙදවිය හැකිනම් අනිවාර්යෙන්ම එම තොරතුරු ඔබගේ දීර්ඝ කාලීන මතකයේ රැදෙනු ඇත. කෙසේ වෙතත් ඔබ කරනු ලබන දෙය මත ඔබ කෙරේ ඇති උනන්දුවේ ප්‍රමාණය මත එය තීරණය වේ. ඔබ යම් දෙයක් කරන විට එය ඉහල අවධානයකින් කිරීමට අවශ්‍ය නම් එයට බාදා වෙන එනම් ඔබගේ අවධානය වෙනතකට යොමු වන දේවල් වලින් ඈත් වන්න. උදාහරණයක් වශයෙන් ඔබ යම් දෙයක් පාඩම් කරන විට රූපවාහිණිය, රේඩියෝව වැනි දේවල් වලින් ඈත් වෙන්න. කිසියම් කෙනෙක් කියනවානම් රූපවාහිණිය නරඹණ ගමන් සහ රේඩියෝවට සවන් දෙන ගමන් හොඳින් පාඩම් කල හැකිය කියා එය අමූලික බොරුවකි. මන්දයත් එවිට අපගේ සම්පූර්ණ අවධාණ කොටස් ‍වලට බෙදීයන නිසාවෙනි. මතකයෙහි ඉහල ‍ප්‍රතිඵල ලැබීමට නම් එක් වරකට එක්දෙයක් පමණක් කිරීම සුදුසුය.

02: එකිනෙකකට සමාකාර වන තොරතුරු සියල්ලක්ම කටපාඩම් කිරීමෙන් වලකින්න.


ඔබ යම් විශය කරුනක් ඉගෙනීමේදී එහි ඇති සියලුම ඉස්පිළි, පාපිළි ගානේ මතක තබා ගන්ට සහ එක දිගට  එක හා සමාන විශය කරුණු රාශියක් කටපාඩම් කිරීමෙන් ඔබට නිසි ප්‍රතිඵල අත්නොවෙනු ඇත. කල යුත්තේ යම් දෙයක් පාඩම් කරණවිට එයට හැකිතරම් ආධාරක එක් කරගැනීම සහ එයට සම්බන්දව අභ්‍යාසයන්ගේ නිරත වීමයි. උදාහරණය දෙකක් සලකා බලමු.

01 ඔබ ජීව විද්‍යාවේ එන මිනිසාගේ ඇස සම්බන්දව පාඩම් කරණවායයි සිතමු.


මුලින්ම එයට අදාල විශය කරුණු සියල්ලක්ම කියවා. එහි ඇති රූප සටහන් පිළිබඳ ඔබගේ අවදානය යොමු කරන්න. මීළගට එහි ඇති රූප සටහන් බලාගෙන ‍කොලයක ඇඳ කොටස් නම් කරන්න. මෙය කිහිප විටක් සිදුකිරීම සුදුසුය. ඉන්පසුව එම රූප සටහන් මූලික ප්‍රභවය නොබලා අඳින්න. ඔබ එහි සම්පූර්ණයෙන් සාර්ථක වූ පසුවත් කිහිප විටක් වරින් වර මෙය කිරීම සුදුසුය. දැන් ඔබට එම විශය කරුණ සම්බන්දව යම් සබවාදී හැගීමක් දැනෙනුඇත. එවිට ඔබ නිරායාසයෙන්ම එහි අනෙකුත් විශය කරුණු ඉගෙනීමට යොමු වෙනු ඇත. සාමාන්‍යයෙන් වචන වලට වඩා ඉතා විශාල කාර්යයක් රූප මගින් සිදු කරයි. මෙම උදාහරණය මගින් මම උත්සාහ ක‍රේ යම් විශය කොටසක් පාඩම් කිරීමට පටන් ගත් විගසම සාම්ප්‍රදායික ආකාරයට එහි සෑම කොටසක්ම කිය‍වාගෙන යාම වෙනුවට හැකි තරම් එයට ආධාරක එක්කොට ගනිමින් එම කාර්යය යම් විනෝදයක් ගෙන දෙන ආකාරයට සිදුකරන ආකාරය ගැන මූලික හඳුන්වාදීමක් කරන්නයි.

02 ඔබ ගණිතයේ ත්‍රිකොණමිතිය ඉගෙන ගන්නවායයි සිතන්න.


ත්‍රිකෝණ මිතියේ විවිද සංකල්පයන් දක්නට ලැබේ ‍එම එක් එක් සංකල්ප ඉගෙන ගැනීමේදී එම එක් එක් සංකල්පයට අදාලව යම් අභ්‍යාස ප්‍රමාණයක් ඔබ කල යුතුය එවිට බොහෝවිට එක හා සමාන ගැටලු විසදීම සිදුවේ. නමුත් ඔබ ත්‍රිකෝණමිතියෙහි සියලුම සංකල්ප උගෙන ඇති නමුත් ඔබ සිදු කරන්නේ එක් සංකල්පයකට අදාල ගැටලු විසඳීම පමණක් නම් එහි ගැටලුවක් පවතී. එය ඔබම ඔබ විසින් රවට්ටාගැනීමකි. සිදුකල යුත්තේ ත්‍රිකෝණමිතියේ එන සියලුම සංකල්ප එකිනෙක සම්බන්ද කරමින් එන ගැටලු විසඳීම සහ ඔබ විසින්ම එවැනි ගැටලු නිර්මාණය කිරීමයි. එනම් ඉගෙනුම ක්‍රියා වලියේදී එයට ඔබ සක්‍රීයව දායක වීමයි. මෙසේ සිදුකරන විට සියලම විශය කරුණු හොඳින් මතකට ඇතුලු වීම වගේම එම කරුණු නැවත ස්මරණ හැකියාවද වැඩිදියුනු වීම සිදු වේ.

03: ඔබ මතක තබාගන්නා දේ සම්බන්දව යම් ක්‍රමාණුකූල සැලැස්මක්(Structure) පිළියෙල කර ගැනීම සහ කරුණු පෙළ ගැස්සවීම.


මෙහිදී කෙරෙනුයේ යම් තොරතුරු සමූහයක් වඩාත් සරල මෙන්ම ක්‍රමාණුකූල ආකාරයට පිලියෙල කිරීමයි.මෙහිදී සමාන තොරතුරු එක් ගොඩකට දැමීම, තොරතුරු දැක්වීම සඳහා වගු භාවිතය, රූප සටහන් භාවිතය  විවිද වර්ණයන් යම් ක්‍රමාණුකූල පිළිවෙලකට භාවිතා කිරීම. කරුණූ ගොණු කිරීමේදී තරුලකුණු වෙනුවට හැකිතරම් ඉලක්කම් භාවිතය, ප්‍රස්තාර භාවිතය, බහුමාධ්‍ය භාවිතය(Multimedia) ඒ යටතට ඡලන රූප භාවිතය(Video) ශබ්ද(Sounds) භාවිතය හා අනෙකුත් තාක්ෂණික ක්‍රම ඉදිරිපත් කරන්න පුලුවනි. මෙය සරල උදාහරණයකින් පැහැදිලි කර ගනිමු.

1 ඔබ විද්‍යා විශයෙහි එන ජල චක්‍රය හදාරනවායයි සිතන්න.


ජල චක්‍රයේ එන සිද්ධාන්ත ඉතා සරලව අපිට රූප සටහනක් බාවිතයෙන් අපිට ඉදිරිපත් කරන්න පුලුවන් එවිට එහි සියලමු සිද්ධාන්ත යම් ක්‍රමාණුකූල ආකාරයකට සරලව අපිට මතක තියාගන්න පුලුවන් සහ ඉතා පහසුවෙන් එම කරුණු නැවත වේගයෙන් ස්මරණයක කරන්නටද හැකි වෙනව.

04: තාක්ෂණික ආධාරක භාවිතය සහ ආදේශික ආධාරක භාවිය.


මේ යටතට නවීණ ක්‍රම වන පටිගත කරන ලද හඬ පට වලට නැවත නැවත සවන්දීම, එම විශය කරුනට අදාලව වීඩියෝ පට බැලීම, යම් විශය කරුණක් යම් ගීතයක තාලයට අනුරූපීවන ලෙසට සකස්කොට ගැනීම හෝ විහිලුවකට ආදේශ කොට ගැනීම දක්වන්න පුලුවන්. මෙය ඉතාම සාර්තක ක්‍රමයක් විදියට මම පවුද්ගලිකව අත්දැකපු දෙයක්. ඉතා අපහසු විශය කොටස් මතක තබාගන්න මෙම ක්‍රමය භාවිතා කරන්න පුලුවනි.

05: නැවත සිහිගැන්වීම හා ප්‍රතිසංස්කරණය කිරීම.


මෙහිදී අප අධ්‍යයනය කරන ලද විශය කොටස් පසුව නැවත පරීක්ෂා කිරීම සිදු‍ කෙරේ. මෙය අපට එම කරුණු නැවත ආවර්ජනය කරමින් ක්‍රමාණුකූලව සහ පිලිවෙලකට ලිවීම මගින් කල හැකිය එහිදී යම් කරුනු ඔබට මතකයට නොපැමීමට පුලුවන්, එහිදී එම විශය කොටස් නැවත පරිශීලනය කිරීම කරීම සිදු කල හැකිය. ඉන්පසුවත් ඉහත ආකාරයට එම කරුණු ලිවීම මගින් දැනට ඔබට ධාරණය වී ඇති ප්‍රමාණය සම්බන්දව ඔබට නිශ්චිත අවබෝදක් ලබාගත හැකිය. මෙය සිහි කැඳවීමෙන් කිරීම එතරම් යෝග්‍ය නොවේ. මන්ද යත් අප අමතකයි කියා සිටින දේවල් ඇතැම් විට අපට පහසුවෙන් පිලිතුරු සැපයීමේදී ස්මරණය කල හැකිවා මෙන්ම මතකයයි සිතන දේවල් පහසුවෙන් ස්මරණය කල නොහැකි වීමයි. එම නිසා විශය කරුණු අධ්‍යයනයෙන් අනතුරුව නැවත නැවත ලිවීම ඉතාම හොඳ මතක තබා ගැනීමේ ක්‍රමයක් ලෙස ඉදිරි පත් කල හැකිය.

06: අධ්‍යයනය කරණලද දේවල් හා  අලුතින් අධ්‍යයනය කරන දේවල් එකිනෙක සමග හැකි සෑම විටම සම්බන්දතා ගොඩනැගීම.


ඔබ කිසියම්  අලුත්දෙයක් අධ්‍යයනය කරන්ට යන විට හැකි සෑම විටම ඊට අධාල වන්නාවූ ඔබ කලින් හදාරා ඇති සංකල්ප සහ අත්දැකීම් තුලින් ඒ දෙස බැලීම ඔබට නව සංකල්පය පහසුවෙන් හා වේගයෙන් තේරුම් ගැනීමට පහසු කරවනවා ඇත. එහිදී ඇති සම්බන්දතා දෙස බැලීමේදී ඇතැම් විට ඔබට එහි අලුතෙන් දෙයක් ඉගෙනීමට නොමැති වන්නට පුලුවන. හුදෙක් එය අලුත් නමක් යෙදූ හා නව ආකාරයකින් ඉදිරිපත් කරන ලද ඔබ පෙර උගෙන ගෙන ඇති සංකල්පම විය හැකිය.

07: හදාරා ඇති දේ යම් ක්‍රමාණුකූල ආකාරයට මනසින් චිත්‍රණය කිරීම(Visualize) හා රූපයට නැගීම.


ඇතැම් අවස්තාවලදී අපි නොදැනුවත්වම මෙය සිදු කරනු ලබයි උදාහරණයක් විදියට ඔබ නවකතාවක් කියවන විට එහි ඇති චරිත සහ සිදුවීම් මනසින් චිත්‍රරණය කරයි. මෙය අපගේ අධ්‍යාපණ කටයුතු සඳහාද භාවිතා කරන්න පුලුවන් උදාහරණයක් විදියට ජීව විද්‍යාවේ එන ජෛයිව පරිණාමය යන කොටසේදී ක්‍රමිකව මාණවයා විකාශනය වන ආකාරය අපිට මණසින් චිත්‍රණය කරන්න පුලුවන්. ඒ වගේම ඒ සම්බන්දව වන සියලුම විශය කරුණු අපිට තනි රූපයකට ගත හැකියි. මෙහිදී එම විශය කරුණු යම් ක්‍රමාණුකූල ආකාරයකට නැවත ස්මරණයක කිරීම සිදුවේ. මෙය නැවත නැවත කිරීමෙන් කෙටි කාලීන මතකයේ තිබෙන එම කොටස් දීර්ඝ කාලීන මතකයට ගමන් කිරීම ඉතා වේගයෙන් හා ස්තාවර ආකාරයෙන් සිදුවෙයි. ඒ වගේම එසේ පිලියෙල කරන ලද රූප සටහන් නිතර නිතර බැලීම වගේ දේවල් මේ ගණයට අයත් වේ.

08: ඔබ දන්නා දේ නොදන්නා කෙනෙකුට කියා දීම.


මෙමගින් තමන්ගේ ස්මරණ හැකියාව සහ ස්මරණය කරගන්නා ලද තොරතුරු නිවැරිදි හා ක්‍රමාණුකූල ආකාරයට ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. තවද ඔබ උගත් විශය කරුණු සම්බන්දව ඉතා ඉහල ස්තාවරත්යක් සහ ආත්ම විෂ්වාසයක් ඇති වේ.

09: වැඩි අවධානයක් අපහසු විශය කරුණු කෙරෙහි යොමු කිරීම.


ඔබට සාමාන්‍යයෙන් යම් දෙයක් වටහා ගැනීමට හා මතක තබාගැනීමට ගතයුතු ආයාශයට වඩා වැඩි ආයාශයක් යම් දෙයකට යොදවන්ට වෙනවානම් ඒ දෙය ඔබට අපහසු දෙයක් වීමට පුලුවන. මෙය ඔබ සිටින මානසික තත්වය අනුව වෙනස්වන්න පුලුවන්. මෙහිදී කල යුතු වන්නේ වැඩි අවධානයක් හා ඉහත සඳහන් විශේෂ ‍ඉගෙනුම් ක්‍රම හා මතක තබා ගැනීමේ ක්‍රම වැඩි වශයෙන් ඒ සඳහා යොදා ගැනීමයි. දින කිහිපයක් එසේ වැඩිපුර අභ්‍යාසයන්හි යෙදීමෙන් එම අපහසු විශය කොටස ඔබට ඉතා පහසු දෙයක් වනවා ඇත.

10: ඉගෙනුම් ක්‍රියාවලිය උදෙසා තමන්ගේම ක්‍රමයක් භාවිතා කිරීම.


එක් එක් පුද්ගලයන්ගේ දින චර්යාව, පෞරුෂය, රුචි අරුචිකම් එකිනෙකට වෙනස්ය එම නිසා ඒ ඒ පුද්ගලයාට වඩාත්ම ගැලපෙන දේ ආදේශ කරගත හැකිවන්නේ ඔහුටම පමණි. මෙය අධ්‍යයන ක්‍රියාවලියටද අදාල දෙයකි. ඇතමෙකුට පාඩම් කරණ ස්තාණය. පාඩම් කරන ආකාරය. පාඩම් කරණ වේලාව වැනි දේවල් තදින්ම එම ක්‍රියාවලියේ සාර්තකත්වයට හේතුවිය හැකිය. එම නිසා තමන්ට හරියටම ගැලපෙන  ආකාරය තමන්ම තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. මෙහිදී ඇතැම් විට පාඩම් කිරීමට හා මතකය ඉහල දමාගැනීමට භාවිතා කරන දේවල් තමන්ටම සුවිශේෂී විය හැකිය. මෙහිදී ඇති වැදගත්ම දේ තමන් තමන්ටම සුවිශේෂී ලෙස අනුගමණය කරන දේවල් වලින් තමාට සාදනීය ප්‍රතිඵල උදාවී ඇතැයි යන සහතිකය තමාටම දීගත හැකි වීමයි.

හොඳ කොල්ලෙක් වෙන හැටි

Good boy
අද කාලෙ කොල්ලන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්නෙ නරක ළමය නැත්නම් නරක කොල්ල  කියන ලේබල් එක වදින එක. පොඩි කාලෙනම් බොහෝ විට ළම්යි වැඩිහිටියන් අනුමතනොකරන දේවල් කරන්නෙ වැඩිහිටියන්ගෙ අවදානය තමා වෙත යොමුකරගැනීමේ ක්‍රමයක් විදියට. කෙසේවෙතත් වැඩිහිටි වියට පත්වෙන කොට තමා ජීවත් වෙන පරිසරයෙන් සමාජය සම්මත නොකරන ඇතැම් දුර්ගුණයන් තමාට දැනුවත්ව හෝ නොදැනුවත්ව ආරෝපණය වන්නට පුලුවන්.

එවිට දෙමාපියන්ගෙන්, පාසලේ ගුරුවරුන්ගෙන්, යහලු යෙහිලියන්ගෙන් ආදී වශයෙන් නරක කොල්ලෙක් කියන ලේබලය වදින්ට පුලුවන්. මේනිසා යහපත් යහලු යෙහෙලියන්ගෙන් ‍කොන්වීම, ගුරුදෙගුරුන්ගෙන් හා වැඩිහිටියන්ගෙන් අනවශ්‍ය විදියට තාඩන පීඩණ වලට ලක්වීම සහ තමාට ලැබෙන්න තියෙන ඇතැම් වරප්‍රසාද අහිමිවීයාම සිදුවන්න පුලුවන්. මෙහි ඇති භයානක තත්වය නම් මෙසේ කාලයක් ළමයෙකු ලේබල් කිරීමෙන් එම ළමයා හෝ තරුණයා සමාජයට වෛර කරන, සමාජයට හානිදායක පුද්ගලයෙකු බවට පත්වීමයි.

ඔබ තරුණයෙක් නම් සහ දැනටමත් ඔයකියන ලේබලය වැදී ඇත්නම් පහත සඳහන් කරුණු කිහිපය ටික කලක් මුලදි ආයාශ‍යෙන් හෝ අත්හදා බැලීමෙන් ඔ‍බගේ ජීවිතයට නැවුම්බවක් උදාකරදිය හැකිය. අපි සමාජ සත්‍‍වයෝ වෙමු. අපිට සමාජයෙන් හුදකලාවී ජීවත් විය නොහැකිය. එම නිසා සමාජය තුල තමන්ට හිමි තැන තමන්ම තීරනය කරගත යුතුය. එවිට එය ඔබ මියෙන තුරු ඔබට ලැබෙන මහත් වූ දායාදයක් වන්නේය.

දෙමාපියන්ට, වැඩිහිටියන්ට, ගුරුදෙගුරුන්ට ගරු කිරීම.


මෙය බොහෝවිට ළමාකාලය තුල දැකිය හැකි කරුණක් වූවාට, ක්‍රමයෙන් කරදඬු උස්මහත් වෙනකොට නොසලකා හරින කරුණකි. තමා දෙමාපියන්ට, වැඩිහිටියන්ට, ගුරුදෙගුරුන්ට ගරු කරණ විට ඔවුන්ගේ සිතේ ඔබ ගැන යහපත් ප්‍රතිරූපයක් ගොඩ නැගේ.

පුලුවන් හැම ආකාරයෙන්ම තමා වෙත අනෙකා ආකර්ශනය කරගැනීමට උත්සාහ කරන්න.


මෙය ඔබ ආයාශයක් අරගෙන කලයුත්තක් නොවේ. තමාගේ පිරිසිදු බාවය ගැන සැලිකිලිමත් වීම. පිලිවෙලට ඇදුම් ඇදීම. ආදී පුංචි දේවල් මගින් උබට මෙය කල හැකියි.

කිසි වි‍ටෙක අන්අයට අපහස නොකිරීම සහ ඔවුන් සම්බන්දව බොරු නොකියීම.


බොහෝ විට මෙය යහලු යෙහෙලියන් අතරේ විහිලු‍ව‍ට මෙන් සිදු වූවත් මෙයින් යම් යම් අයහපත් ප්‍රතිඵලයන් උදාවිය හැකිය.

කිසිවෙකු සමග කිසි‍විටෙක ගැටුම් ඇති කර නොගැනීම.


බොහෝ විට තරුණයින් අතර මෙවන් ගැටලු ඇති වන්නේ මිත්‍රයන්ගේ කාරණාවලට තම සීමාව ඉක්මවා කටයුතු කිරීමෙනි. තම ජීවිතයේ සැබෑකරගැනීමට තිබෙන ඉලක්ක සඳහා මෙසේ අනවශ්‍ය කාරණාවලට යොදවන කාලය යෙදවීමෙන් මෙවන් ගැටලු අවම කරගත හැකිය.

තරහව පාලනය කරගැනීම.


බොහෝ විට කොල්ලෙකු තවත් කොල්ලෙකුට තදින් යමක් පැවසුවොත් එයට නොදැවිනි ආකාරයෙන් ක්‍රියා කිරීම සාමාන්‍යයෙන් තරුණයින්ගේ හැටිය. එහෙත් තැන නොතැන නොබලා එසේ ක්‍රියා කිරීමෙන් තමන් මෙතෙක් වර්ධනය කරගත් තමන්ගෙ ප්‍රතිරූපය(Card එක) එක මොහොතකින් නැතිවීයා හැකිය.

හැකි පමණ උදව් උපකාර කිරීම.


සම වයසේ යහලු මිත්‍රයන් අතරනම් මෙය බහුලව ඇති දෙයකි. මෙසේ එකිනෙකාට උදව් උපකාර කිරීමෙන් ඔවුනොවුන් අතර ඉතා ශක්තිමත් මිතුදමක් ගොඩනැගේ. එවිට යහලුවන් අතරද ඔබගේ ප්‍රතිරූපය ඉහල එකක් වනු ඇත. ඔවුන්ගෙන් නිසි ගෞරවය ඔබට ලැබෙනු ඇත. මෙහිදී උදවි උපකාර කිරීමේදී හරි වැරැද්ද සොයා බලා එය කිරීම වැදගත්ය.

අන් අය තමාව රිදවූතැන් සහ තමාගෙ සතුරන්යයි සිතන අය අමතක කරල දාන්න.


මෙවිට ඔබගේ සිතේ එවන් අය ගැන මොහොතක් පාසා ඇතිවෙන වෛරය පහව යනු ඇත. එවන් නපුරු සිතුවිලි සිතෙන් පහව ගිය විට සිතට දැනෙන සැහැල්ලුව අමුතුවෙන් කිවයුතු නැත. අනික එවන් අයට ඔබ දක්වන ප්‍රතිචාරය අඩුවෙන තරමට ඔවුන්ද ඔබකෙරේ පැහැදීමට ඉඩ ඇතිය. ඒ වගේම ඔබට සිදු විය හැකි හදිසි කරදර වලින්ද ඔබ මිදෙනු ඇත.

සෑම අවස්තාවකදීම තමා අතිනුත් තම මිත්‍රයින්ගේ අතිනුත් සිදුවෙන වැරදි වැරදි ආකාරයෙන් දැකීම.


බොහෝවිට යහලුවන් සමග ඇති මිත්‍රත්වය නිසා ඔවුන් සමග කරන සුලු සුලු වැරදි, වැරදි සෙල නොසිතයි.එමගින් ඔබටත් යහලුවන්ටත් සමාජයටත් එයින් අවැඩක් සිදු වෙයි. තමන් ගෙ වැරදි ‍තමාම අවබෝද කොටගෙන නිවැරිදි කරගන්නවා මෙන්ම. තම මිත්‍රයින්ගේ දකිනු ලබන වැරදි ඔවුන්ට පෙන්වාදී ඔවුනුත් ඒවායින් මුදවා ගැනීමෙන්. ඔවුන් සමග ඔබ ගතකරන පරිසරය හොඳ එකක් වන‍වා මෙන්ම ඔන්ගේ සිතේ ඔබ ගැන ඉහල ගෞරවයක් දීර්ඝ කාලීණව ඇතිවේ.

සෑම අවස්තාවකදීම දෙමාපියන්ට හොඳින් ඇහුම්කන් දීම.


දෙමාපියන්ට ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇත. තරුණයින් වශයෙන් අප බොහෝ දේ දන්නවායයි හිතුවත් එය එසේ නොවෙයි. හැකි සෑම අවස්තාවකදීම ඔවුන්ගේ අවවාද අනුශාසනා වලට ඇහුම් කන්දීම අපි සියලු දෙනාටම ජීවිත‍ය දිනන්නට හේතුවේ.

මම ඉහත දැක්වූවේ කාරනා කිහිපක් පමණි. මෙහි බොහෝ තැන්වල යහලු මිත්‍රයින් සම්බන්දව දක්වා ඇත්තේ තරුණයින්ගේ ‍ජීවිතයට බොහෝ බලපෑමක් එල්ල කරණ කොට්ඨාසයක් වන්නේ යහලුයෙහෙලියන් නිසාවෙනි.

ටිකක් හිතල බලන්න තරුණයෙක් විදියට සමාජය තුල හොඳ ‍ප්‍රතිරූපයක් සදා ගැනීම කොතරම් වටිනවාද කියල.

Tuesday, October 18, 2011

SinhalaPress: සිංහලෙන් HTML ගැන කෙරෙන පාඩම් මාලාවේ කොටස් අංක 07 - HTML වල Comments යොදන ආකාරය සහ hr ටැගය(tag) සම්බන්දව කෙරෙන පැහැදිලි කිරීම.

[ සිංහලෙන් HTML ] Part : 07

සිං‍හලෙන්  HTML සම්බන්දව කෙරෙන පාඩම් මාලාවේ 7 වන අදියරෙන් මම බලා පොරොත්තු වෙන්නෙ HTML Comments  ගැන හා HTML වල <hr> හෙවත් <hr/> ටැගය(tag) සම්බන්දව කතා කරන්න.මෙහිදී ඔයාලට යම් ගැටලුවක් ඇතිවන්ට පුලුවන් මම මේ පාඩම් මාලාව ඉදිරිපත් කරන්නෙ අපිළිවෙලටද කියල. පිළිතුර නම් කිසිසේත්ම නැහැ යන්නයි. මෙම පාඩම් මාලාවේ මුල සිට අග දක්වා ඔබ රැඳී සිටියොත් 100% පරිපූරණත්වයකින් ඔබට HTML ගැන උගත හැකියි.හොඳයි එම පැහැදිලි කිරීමත් සමග අපි යමු පාඩමට.


අද මම කතාකරන්න යන්නෙ HTML වල තිබෙන තවත් එක් ටැගයක් සම්බන්දව හා HTML වලදි comment(අර්ථ නිරූපනය,පරිකථනය,නිදර්ශනය) යොදන ආකාරය ගැන කතා කරන්න.ඇත්තටම මෙම පාඩම ඉතාම සරල එකක් වෙයි.

මුලින්ම බලමු අද කතාකරන්න බලාපොරොත්තුවන HTML ටැගය(tag) සම්බන්දව. අද කතා කරන්නෙ ‍HTML වල තියෙන <hr /> ටැගය සම්බන්දව. ඔයාලට මතක ඇති පසුගිය මාගේ HTML සම්බන්දව ලියවුනු post වල මෙම ටැගය ගැන කිහිප සැරයක්ම සඳහන් කරා.ඒ නිසා මෙම ටැගය හොඳට ඇහැට හුරුපුරුදු ඇති කියල සිතනව. hr යන කෙටි පදයෙන් කියවෙන්නෙ  Horizontal Rule කියන එකයි.

මෙම ටැගයෙන් බාවිතා කරන්නේ හරස් අතට/තිරස් අතට(horizontal) HTML තුල ඉරි අඳින්න. මේ මගින් HTML තුල තිබෙන අන්තර්ගතයන්(Content) පහසුවෙන් එකිනෙකක් තවකෙකින් වෙන්කරගත හැකි වෙනව.මෙම ටැගය HTML වලිදි coding කරගන්නා ආකරය මම පහතින් යතුරුලියනය(Type) කර ඇත.

<p> Nalaka Prasad Wijesiri Samarasinghe</p><hr />


<p> Nalaka Prasad Wijesiri Samarasinghe</p><hr /> 


<p> Nalaka Prasad Wijesiri Samarasinghe</p><hr />

පහත ආකාරයටත් යොදන්න පුලුවන්. ආදුනිකයන්ට ගැටලුක් ඇතිවෙන්න පුලුවන් නිසා පැහැදිලි කරනවා මිස මෙය නම් සඳහන් නොකලත් කමක් නැතැයි සිතේ.එසේ වෙතත් සැමගේ හිත සුව පිනිස එයත් මෙහි සඳහන් කරන්නම්.

<p> Nalaka Prasad Wijesiri Samarasinghe</p>
<hr />
<p> Nalaka Prasad Wijesiri Samarasinghe</p> 
<hr /> 

ඔබලාට අවශ්‍ය නම් <hr /> යන ටැගය <hr> ලෙසද යොදන්න පුලුවන් මොකද මෙය යුගල ටැගයන් ගනයට අයත් නොවෙන නිසා තිබෙන ටැගය ආරම්බක ටැගය(Starting tag/Opening tag) ලෙස සලකන්න පුලුවන්.මේ සම්බන්දව දීර්ඝ විස්තරයක් ඔබලාට මාගේ පසුගිය HTML සම්බන්දව කෙ‍රුනු ලිපි වලින් ලබාගන්න පුලුවන්.<hr /> ටැගය HTML Editor එකක coding(කේතනය) කර ආකාරය හා එහි ප්‍රතිඵලය/පූර්ව දර්ශනය(Preview), මම විසින් පහත යොදා ඇති රූප සටහන මගින් හොදින් නිරීක්ෂණය කරන්න.

රූපය පැහැදිලි නොමාතිනම් එය මත Click කරන්න


හොදයි මම හිතනව HTML වල <hr/> නොහොත් <hr> ටැගය(tag) සම්බන්දව හොද වැටහීමක් ලැබෙන්න ඇතැයි කියල. මේ සම්බන්දව එක් වරක් උවද ප්‍රයොගිකව අත්හදාබැලීම් කරොත් තත්පරයක් වැනි කෙටි කාලයකදි මෙම ටැගයෙහි හැසිරීම ‍වටහා ගන්න පුලුවන්.හොදයි එහෙනම් අද post එකෙන් කතා කරන්න බලාපොරොත්තුවුනු දෙවන මාතෘකාවට එමු.මෙයත් ඉතාම සරල දෙයක් කියල මුලින්ම කියන්නම්කො! මම මෙහිදී කතා කරන්නෙ HTML Comments සම්බන්දව. මුලිනම බලමු කුමකටද මෙම HTML Comments බාවිතා කරන්නෙ කියල. ඔව් ‍HTML comments බාවිතා කරන්නෙ HTML code(කේතය) එකේ යම් යම් දෙවල් අපගේ පහසුවට සඳහන් කොට තබන්න.

උදාරණලෙස ටැගයන්හි ආරම්බක සහ අවසාන ටැගයන් පහසුවෙන් හඳුනාගන්න, පසු බාවිතය උදෙසා තාවකාලිකව යම් කේත කොටසක් අකර්මන්‍ය(deactivate) කොට තැබීමට, කුමක් හෝ විස්තරයක් code එකේ සඳහන් කරන්න.වගේ දේවල් වලට මෙසේ comments යෙදුවත් වෙබ් බ්‍රවුසරය(Web browser) එම comments කොටස නොසකා හරිනවා මෙන්ම ඒවා වෙබ් පිටුවල සාමාන්‍ය දර්ශනයේදී දර්ශනය වන්නේ නැහැ.

සැ.යු:- Microsoft Internet Explorer යන වෙබ් බ්‍රව්සරය සඳහාම පමණක් ලියවුනු css(මේ සම්බන්දව සම්පූර්ණ පාඨමාලාවක් HTML සම්බන්ද පාඨමාලාවෙන් පසුව SinhalaPress මගින් බලාපොරොත්තු වන්න) IE(Internet Explorer) වෙබ් බ්‍රව්සරයට සම්බන්ද(link) කිරීමේදී විශේෂිත comment ආකාරයක් බාවිතා කරන අතර ඒ සම්බන්දව සවිස්තර විස්තරයක් ඉදිරි post මගින් බලා පොරොත්තු වන්න.

හොදයි දැන් අපි බලමු HTML comment එකක් ලියන ආකාරය. එම ආකාරය පහතින් යතුරුලියනට කර ඇත.

<!--hello Nalaka kohomada--> 
Single Line Comment(තනි පේලි ‍කමෙන්ටුවක්) සඳහා උදාහරණයකි.


<!--hello Nalaka Prasad 
    Wijesiri Samarasinghe-->
Multiline Comment(බහු තීරු ‍කමෙන්ටුවක්) සඳහා උදාහරණයකි.

බලන්න කොතරම් පහසුද කියල. ඔයාලට කරන්න තියෙන්නෙ <!--  හා --> යන කොටස් දෙක තුල ඔයාලගේ comment එක ලිවීමයි. HTML Editor එකක් මත් ලියන ලද HTML Comment එකක් සඳහා උදාහරණයක් පහත රූපය මගින් බලාගත හැකිය.

රූපය පැහැදිලි නොමාතිනම් එය මත Click කරන්න


ඔබට බොහෝ වෙබ් අඩවි මතදි මූසිකයේ(Computer mouse) දකුණුපස බොත්තම(Button) මත Click(ඔබා) මතුවෙන Pop Up List එකේ View Page Source යන තේ‍රීම ලබාදුන්විට එම වෙබ් අඩවියේ Source code(කේත සටහන)බලා ගත හැකිය. එහිදී ඉහත පරිදි commets යොදා ඇති අයුරු බලාගත හැකිය.

සැ.යු:- විවිද වර්ගයේ වෙබ් බ්‍රව්සරයන් සඳහා මෙම ක්‍රමය විවිද ආකාරයෙන් තිබිය හැකිය.නමුත් වර්තමානයේ ඇති ප්‍රධාන වෙබ් බ්‍රව්සරයන් සියල්ලගේම මෙම පහසුකම බොහෝසෙයින් සමානය.


සැ.යු:- වර්තමානයේ ඇති නවීන HTML Editors(සංස්කාරක) වල ඇති පහසුකම් නිසා ටැගයන්ගේ පිහිටීම් නිර්ණයට comments යෙදීම අනවශ්‍ය කරුනක් වී ඇත. එමෙන්ම මෙම comments සඳහා සැලකිය යුතු bits ප්‍රමාණයක් වැය වන නිසා අනවශ්‍ය comments දැමීමෙන් HTML file(ගොණුව) එකෙහි විශාලත්වය වැඩිවිය හැකිය. එය හොඳ තාක්ෂණික බාවිතාවක් ලෙස නොගැනෙයි.

හොඳයි මම හිතනව මෙම post එකෙන් ඔයාලට HTML වල <hr/> ටැගය සම්බන්දව හා HTML Comments සම්බන්දව ඉතා හොද පැහැදිලි වීමක් ලැබෙන්න ඇති කියල.මෙතරම් සරලව සහ උදාහරණ සහිතව පැහැදිලි කරත් තවමත් ගැටලු පවතින කෙනෙක් වෙතොත් මාගෙන් එය විමසන්න.එහෙනම් මීලඟ post එකෙන් හමු වෙමු දිගටම SinhalaPress සමග රැඳී ඉන්න.මම නාලක ප්‍රසාද්.

Monday, October 17, 2011

SinhalaPress: සිංහලෙන් HTML ගැන කෙරෙන පාඩම් මාලාවේ කොටස් අංක 06 - HTML Headings(මාතෘකාව,හෙඩිම,ශීර්ෂනාමය) ගැන කෙරෙන පැහැදිලි කිරීම.

[ සිංහලෙන් HTML ] Part : 06

සිංහලෙන් ‍HTML සම්බන්දව කෙරෙන පාඨමාලාවේ 6වන අදියරෙන් මම ඔබව හමුවන්න බලාපොරොත්තු වන්නේ HTML Headings(මාතෘකාව,හෙඩිම,ශීර්ෂනාමය) ගැන කතා කරන්න. අපි දන්නව ලේඛනයේදී අතිශය වැදගත්කමක් ඇති ‍දෙයක් තමයි හෙඩිම කියන්නෙ. පුවත් පතක වුනත්. සඟරාවක වුනත් යම් ලිපියක් කියවීමට ඉහල පෙළබවීමක් කරන්නෙ මෙන්න මේ කියන හෙඩිම කියන දෙය. වෙබ් අඩවියකට කියා මෙහි වෙනසක් නැත නමුත් පත්තර,සඟරා වලදි හෙඩිම වැදගත් වන කාරනාවලට වඩා වෙබ් අඩවි‍යකදි මෙය වැදගත් වෙනව. නමුත් එම සියලු ප්‍රතිලාභ ලබන්න හැකි වන්නෙ සම්මත ආකාරයට එම හෙඩිම යෙදු‍වොත් පමණයි.


හොදයි දැන් අපි බලමු මෙම සියලු කරුණු සවිස්තරව.

HTML වලදි හෙඩිමවල් යොදන්න සම්මත ආකාර 6ක් ලබාදීල තියෙනව. මේ සඳහා එකිනෙකට වෙනස් HTML tags(ටැගයන්) 6ක් ලබාදීල තියෙනව. මෙම සියලුම ටැගයන් යුගල ටැගයන් ගණයට තමයි අයත් වෙන්නෙ. ඒකියන්නෙ මේ ටැගයන් සඳහා ආරම්බක ටැගය(Starting tag/Opening tag) හා අවසාන ටැගය(Closing tag/End tag) යනුවෙන් කොටස් දෙකක් තියෙනව. මේ සම්බන්දව සවිස්තර විස්තරයක් ‍මාගේ පසුගිය post වලින් ඔබලාට ලබාගන්න පුලුවන්.

හොදයි දැන් අපි බලමු HTML වල මෙම හෙඩිම් ආකාර 6 යොදන ආකාරය

<h1>Hello Nalaka Prasad</h1>


<h2>Hello Nalaka Prasad</h2>


<h3>Hello Nalaka Prasad</h3>


<h4>Hello Nalaka Prasad</h4>


<h5>Hello Nalaka Prasad</h5>


<h6>Hello Nalaka Prasad</h6>

ඉහතින් දක්වල ‍තියෙන්නෙ මම යතුරුලියනය කරන ලද ආකාරය. පහතින් මම දක්වල තියෙනව HTML editor එකක මෙම කේත ලියා ඇති අයුරු සහ එම කේත වල ප්‍රතිඵලය. පහත රූපය හොඳින් නිරීක්ෂණය කරන්න.

රූපය පැහැදිලි නොමාතිනම් එය මත Click කරන්න


ඔබලාට පේනව ඇති <h1> සිට <h6> දක්වා එනකොට ක්‍රමිකව හෙඩිමේ විශාලත්වය අඩුවෙනව. ඒ කියන්නේ ප්‍රධානත්වය ක්‍රමිකව අවරෝහණය වන‍ව. අපි <h1> යොදන්නෙ ප්‍රධාන මාතෘකාව සඳහාය. ඉන්පසු ක්‍රමිකව අපගේ ලිපිවල වියුහය(Structure) අනුව අපට <h2> සිට <h6> දක්වා වන HTML Headings tags යොදාගත හැකියි. මෙමගින් පාඨකයින්ට ලිපි කියවීමේ පහසුවක් මෙන්ම වටහා ගැනීමේ පහසුවක් සැලසේ.

කිසි විටක වෙබ්අඩවියක ‍විශාල අකුරු හා තද(bold) අකුරු යොදන්න වෙන අවස්තා වලදි HTML Headings tags කිසි විටෙක යොදා ගන්න එපා. ඒ සඳහා ඔබට css(මේ පිළිබඳ පරිපූර්ණ පාඨමාලාවක් HTML සම්බන්දව කෙරෙන පාඨමාලාවට පසුව බලාපොරොත්තු වන්න) බාවිතා කරන්න පුලුවන්.

මේ සම්බන්දව ඔයාල ප්‍රායෝගිකව අත්හදා බැලීම් කරද්දි දකින්න ලැබෙයි  HTML Headings tags වලට ස්වයංක්‍රීයව(auto) ඉහලින් සහ පහලින් යම් මායිමක්(Margin) එක්ව ඇති ආකාරය. එම මායිමේ ප්‍රමාණය සියලුම Headings tags සඳහා සමාන වේ. මෙම මායිමේ ප්‍රමාණය ඔබට css බාවිතා කර ඉතා පහසුවෙන් තමන්ට අවශ්‍ය ආකාරයට සකස්කර ගත හැකිය. මෙම post එක පටන්ගන්න කොටම මම කිව්ව පුවත්පත්, සඟරා වැනි දෙවල්වලට හෙඩිමවල් යොදාගන්නා දේවල් වලට වඩා වෙනස් දේවල් වලට වෙබ් අඩවි වලදී හෙඩිමවල් වැදගත් වෙනවයි කියල.එසේ වැදගත් වන්නේ වෙබ් අඩවියේ SEO(Search engine optimization) වලට. මේ සම්බන්දව සම්පූරණ පාඨමාලාවක් SinhalaPress ඔස්සේ අනාගතයේදී බලාපොරොත්තු වන්න. දැනට සරළ පැහැදිලි කිරීමක් කරනවානම් Google ඇතුලු අනෙක් Search Engines(සෙවුම් යන්ත්‍ර) වලට පහසුවෙන් අපගේ Web අන්තර්ගතයන්(Content) හසුවෙන ආකාරයට වෙබ් අඩවි සකස් කිරීම ලෙස හඳුන්වන්න පුලුවන්.

අපිට වෙබ් අඩවියකට තමන් කැමති ආකාරයකට හෙඩිමවල් යොදන්න පුලුවන් ඒ අතරට සම්මත HTML Headings tags යොදා ගෙන ‍මෙන්ම සාමාන්‍ය text එකක් කුමන හෝ ටැගයක් තුලට දමා ඒ සඳහා css බාවිතා කරළ හැඩගැන්වීමෙනුත් එය කරන්න පුලුවන්. නමුත් මෙහිදී SEO සඳහා වන වාසිය අඩු වී යයි.මම මෙහිදී අඩු වී යයි යන වචනය බාවිතා කරේ SEO සඳහා තවත් බොහෝ දේ බලපාන නිසාවෙනි. නමුත් මෙම දෙවැනි ආකාරය මම නම් කිසි විටෙක අනුමත කරන්නෙ නැහැ.ඇත්තටම මෙය ආදුනික ක්‍රමාණුකූල දැනුමක් ‍නොමැති අය කරන ලොකු වැරැද්දක්. ඔබ හොදින් මතක තියා ගන්න ඕන දේ තමයි HTML වල ඒ ඒ කාර්යය උදෙසා ඇති ටැගයන් ඒ ඒ කාර්යය සඳහා පමණක්ම යොදා ගැනීම.

හොඳයි මම  හිතනව මෙම post එක මගින් HTML Headings (මාතෘකාව,හෙඩිම,ශීර්ෂනාමය) ගැන මෙන්ම ඒ ආශ්‍රිත අනෙකුත් දේ සම්බන්දව ඔයාලට හොද පැහැදිලි වීමක් සිදු වුනා කියල.කෙසේ වෙතත් මේ සම්බන්ධව කොතනදී හෝ ගැටලුවක් මතු වුනොත් මා හට එය දන්වන මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි. සියලු දෙනාටම සුබ දවසක්! නැවතත් මීලග post එක මගින් හමු වෙමු. දිගටම SinhalaPress හා රැඳී ඉන්න. මම නාලක ප්‍රසාද්.

Saturday, October 15, 2011

SinhalaPress: සිංහලෙන් HTML ගැන කෙරෙන පාඩම් මාලාවේ කොටස් අංක 05 - HTML tags/HTML Elements වල Attributes(උප ලක්ෂණ) ගැන හැඳින්වීම.

[ සිංහලෙන් HTML ] Part : 05

පසුගිය ‍post එකෙන් ඔයාලට මතක ඇති මම HTML tags/HTML Elements ගැන පැහැදිලි කිරීමක් කරා. එහිදී මම HTML tags/HTML Elements ගැන මෙන්ම එම HTML tags/HTML Elements වල උපලක්ෂණ ගැනත් සරලව කතාකරා. නමුත් එහිදී මම කරේ HTML tags/HTML Elements වල Attributes(ටැගන්හි උපලක්ෂණ) ගැන මූලික හඳුන්වාදීමක් කිරීමක් විතරයි. අද මම බලා පොරොත්තු වෙනව HTML tags/HTML Elements වල Attributes(ටැගන්හි උපලක්ෂණ) ගැන සවිස්තරව කතා කරන්න.


මෙම උපලක්ෂණ වලින් කෙරෙන්නෙ basic HTML elements වලට වැඩිපුර ගුණාන්ග එකතු කිරීමයි. තවදුරටත් කියනවානම් කිසියම් HTML element එකක් තවදුරටත් විස්තරකිරීමක්. හොඳයි මේ වෙනකොට ඔයාලට පැහැදිලියි HTML Attributes වලින් සිදුකරනු ලබන දේ. දැන් මම ඔයාලට කියල දෙන්න හදන්නෙ කොහොමද මෙම උපලක්ෂණ HTML Element වලට ඇතුලත් කරගන්නෙ කියල සහ එහිදී පිළිපැදිය යුතු නීති රීති කිහිපයක් ගැන. එකින් එක එම කරුණු පැහැදිලි කරනවානම්

01: අනිවාර්යෙන්ම සියලුම උප ලක්ෂණ(Attributes) ඇතුලත් කරයුතු වන්නේ HTML Element වල ආරම්භක ටැගයටයි(Opening tag/Starting tag).

02: සැම විටම HTML Attributes(උප ලක්ෂණ) ඇත්තේ කොටස් දෙකක් ලෙසටය එනම් යුගල වශයෙන්. එම යුගල වන්නේ උප ලක්ෂණයේ නම Name of Attribute සහ උප ලක්ෂණයේ අගය Value of Attribute ලෙසටය. දැන් ඔයාල දන්නවා අනිවාර්යෙන්ම උපලක්ෂණ සඳහා උප ලක්ෂණ නාමය හා උප ලක්ෂණ අගය ලෙසට කොටස් දෙකක් පවතිණ බව. හැබැයි උපලක්ෂණ අගය සඳහා අනිවාර්යෙන්ම අගයක් තිබිය යුතුමය කියල නීතියක් නැහැ.

03: උප ලක්ෂණ නාමය ඔබට කැමති ආකාරයට යොදන්න බැහැ. ඒවා යම් අන්තර්ජාතික සම්මුතියකට යටත්ව සැකසුනු නාම. ගෝලීය වශයෙන් සියල්ලෝම එම සම්මුති වලට අනුව ක්‍රියාකල යුතු වනව. එනම් එම නාම non pre-defined ගණයට වැ‍ටෙනව. යම් කෙනෙකුට ඕනෙනම් තමන් කැමති නම්ක් ඒසඳහා යොදන්න පුලුවන් හැබැයි ඉතින් ‍එහෙම කන්නෙ පිස්සො:P. මොකද එහෙම කරාම වැඩකරන්නෙ නැහැනෙ!

මෙතරම් වෙලා පැහැදිලි කරා විතරයිනෙ! දැන් අපි බලමු උප ලක්ෂණ ලියන ආකාරය සඳහා උදාහරණයක්

<div id="nalaka"></div>

ඉහත උදාහරණයේ <div></div> කියන්නෙ HTML වල එන බහුලව බාවිතාවන(මේ ගැන පසුවට සවිස්තරව කතාකරනව) HTML MARKUP tag එකක්. හොඳින් බලන්න එහි මුල්ටැගයේ හෙවත් ආරම්බක ටැගයේ(Starting tag/Opening tag) ඇතුලත් කර තිබෙන id="nalaka" කොටස. මෙම කොටසේ ඔයාලට දකින්න පුලුවන් ප්‍රධාණ ‍කොටස් කිහිපයක්

01 id
02 =
03 ""
04 nalaka

මෙහි id කියන කොටසට තමයි මම කලින් පැහැදි කල උප ලක්ෂණ නාමය කියන්නේ.  = ලකුණ සෑම විටම උප ලක්ෂණ නාමයට පසුව බාවිතා වෙනව. ඉන්පසු ඔබ අනිවාර්යෙන්ම ""(ද්වි උද්ධෘත පාඨ ලක්ෂණ) ලකුණු තුල තමයි nalaka යනුවෙන් තිබෙන උප ලක්ෂණ අගය(value) එක සටහන් කල යුතු වන්නෙ.මෙහිදි ""(ද්වි උද්ධෘත පාඨ ලක්ෂණ) ලකුණුම යෙදීම අනිවාර්ය නැහැ. නමුත් වඩාත් බාවිතාවන ක්‍රමය(Common method) මේක තමයි. මේ සඳහා උබට අවශ්‍යනම් ''(තනි උද්ධෘත පාඨ ලක්ෂණ) ලකුණු වුවද ‍යොදා ගත හැකියි.මෙහිදී ''(තනි උද්ධෘත පාඨ ලක්ෂණ) යෙදීම අනිවාර්යය වන අවස්තාද ඇත ඒ සඳහා උදාහරණ මෙම post එක කියවගෙන යනකොට හම්බ වෙයි.

අනිත් විශේෂ දේ තමයි HTML Attribute(උප ලක්ෂණ) ලියන අකුරු ඉංග්‍රීසි කැපිටල් අකුරුද සිම්පල් අකුරුද කියන එක මත වෙනස් වෙනව.සරලව කිව්වොත් ඔය කියන්නේ HTML Attribute(උප ලක්ෂණ) case-insensitive කිලනේ.මේ සඳහා උදාහරණයක් බලමු

01 id="Nalaka"
02 id="nalaka"

ඉහත උදාහරණ අංක 01 උප ලක්ෂණ අගයවන Nalaka යන්නෙහි මුල් අකුර ඉංග්‍රීසි කැපිටල් අකුරක් බව ද 02 උදාහරණයෙහි මුල් අකුර ඉංග්‍රීසි සිම්පල් අකුරක්(බලන්නකො ඉංග්‍රීසිත් සිංහලෙන් ලියන්න උන හැටි, LOL) බවද ඔබලාට පේනව. එම නිසා මෙහිදී උප ලක්ෂණ අගයන් දෙක අගයන් එකක් ලෙසට නොව අගයන් දෙකක් ලෙසටයි ගනු ලබන්නෙ. ලෝකයේ Web standards(සම්මතයන්) හඳුන්වා දෙන w3c(World Wide Web Consortium) ආයතනය HTML4 සංස්කරණය සඳහා HTML Attribute(උප ලක්ෂණ) ලියන කොට හැකි සෑම අවස්තාවකදීම ‍English Simple Letters බාවිතා කරන්න කියල නිර්දේශ(Recomend) කරල තියෙනව.හැබැයි ඕනෙම නම් English Capital Letters වලිනුත් HTML4 සඳහා HTML Attribute(උප ලක්ෂණ) ලියන්න පුලුවන්. නමුත් HTML4 සංස්කරණයට පසුව ආ HTML වල නවතම සංස්කරණය වන XHTML සඳහානම් HTML Attribute(උප ලක්ෂණ) ලියන කොට අනිවාර්යෙන්ම English Simple Letters බාවිතා කරන්නම වෙන‍ව.

මම ඔයාලට පොරොන්දුවුනා ''(තනි උද්ධෘත පාඨ ලක්ෂණ) යෙදීම අනිවාර්ය වන අවස්තාක් සඳහා උදාහරණයක් දෙනවයි කියල.මෙසේ ''(තනි උද්ධෘත පාඨ ලක්ෂණ) යෙදීම අනිවාර්යවෙන්නෙ අපි බාවිතා කරණ උප ලක්ෂණයේ අගය සඳහා ""(ද්වි උද්ධෘත පාඨ ලක්ෂණ) ලකුණු යොදන්න වන තැන්වලදි. මේ ස‍ඳහා මම බාවිතා කරන්න යන්නෙ HTML වල Hyperlinks යොදන්න බාවිතා කරන HTML වල තියෙන <a></a> නම් tag එක. එම ටැගයට Hello "Nalaka" kohomada කියන වාක්‍යය සඳහා title නම් HTML Attribute එක දෙන්න තමයි මම හදන‍්නෙ. ඇත්තටම මොකක්ද Hello "Nalaka" kohomada කියන වාක්‍යයේ තියෙන විශේෂත්වය? ඔයාල හොඳින් බැලුවොත් දකින්න ලැ‍බෙයි Nalaka කියන වචනය ""(ද්වි උද්ධෘත පාඨ ලක්ෂණ) ලකුණුතුලු පවතින බව. හොදයි අපි බලමු මෙය coding කරන ආකාරය.

<a title='Hello "Nalaka" kohomada'>click here</a>

මීට අදාල මවිසින් සකසන ලද පහත රූප සටහන හොඳින් නිරීක්ෂණය කරන්න.

රූපය පැහැදිලි නොමාතිනම් එය මත Click කරන්න


Hello "Nalaka" kohomada කියන වාක්‍යය ""(ද්වි උද්ධෘත පාඨ ලක්ෂණ) ලකුණු තුලට දමා බලමු කුමක්ද ලැබෙන ප්‍රතිපලය කුමක්ද කියා මී‍ට අදාල පහත රූප සටහන හොඳින් නිරීක්ෂණය කරන්න. එවිට දක්නට ලැබෙයි හාත්පසින්ම වෙනස් ප්‍රතිපලයක් එන ආකාරය

රූපය පැහැදිලි නොමාතිනම් එය මත Click කරන්න


මේ සඳහා HTML කේතය(code) ලිවිය යුතුවන්නේ මේ ආකාරයටයි.

<a title="Hello "Nalaka" kohomada">click here</a>


සැ. යු:- ඉහත උදාහරණ දෙක සඳහාම බාවිතා කරණලද <a></a> ටැගයන් සඳහා <a></a> ටැග්වලටම සුවිශේෂී වූ href නැමති උප ලක්ෂණය(Attribute) බාවිතා කර නොමැත.


සැ. යු:- HTML වල විවිද ටැගයන් සඳහාම ආවේණික වූ උප ලක්ෂණ ඇතුවා මෙන්ම බොහෝ ටැගයන් සඳහා පොදු වන්නාවූ උප ලක්ෂණයන්ද ඇත.


සැ. යු:- HTML තුල විශාල උපලක්ෂණ ප්‍රමාණයක් ඇති අතර ඒවා සියල්ල සහ ඒවායින් ඉටුවන කාර්යයන් සම්බන්දව අංගසම්පූර්ණ පාඨමාලක් බලාපොරොත්තු වන්න.

මම හිතනව ඉහත විස්තර කිරීම් වලින් HTML Attributes(උප ලක්ෂණ) ගැන හොඳ වැටහීමක් ලබාගන්න ඇතැයි කියල මම හිතනව. මෙතරම් දීර්ගලෙස ඉතාමත් සරල සහ පුංචි කොටස් පැහැදිලි කරන්නහේතුව සියලු දෙනාටම මම කියනදේ 100% ‍වැටහෙන්න අවශ්‍ය නිසා. නැත්නම් මෙම post එකේ ඇත්තේ ඉතාම සරළ සංකල්ප කිහිපයක් පමණි. මෙහි යම් යම් අඩුපාඩු ඇත්නම් මා හට දන්වන මෙන් මම කාරුණිකව ඉල්ලාසිටිනව. එහෙනම් මීලග post එකෙන් හමුවෙමු. මම නාලක ප්‍රසාද්.