Monday, October 17, 2011

SinhalaPress: සිංහලෙන් HTML ගැන කෙරෙන පාඩම් මාලාවේ කොටස් අංක 06 - HTML Headings(මාතෘකාව,හෙඩිම,ශීර්ෂනාමය) ගැන කෙරෙන පැහැදිලි කිරීම.

[ සිංහලෙන් HTML ] Part : 06

සිංහලෙන් ‍HTML සම්බන්දව කෙරෙන පාඨමාලාවේ 6වන අදියරෙන් මම ඔබව හමුවන්න බලාපොරොත්තු වන්නේ HTML Headings(මාතෘකාව,හෙඩිම,ශීර්ෂනාමය) ගැන කතා කරන්න. අපි දන්නව ලේඛනයේදී අතිශය වැදගත්කමක් ඇති ‍දෙයක් තමයි හෙඩිම කියන්නෙ. පුවත් පතක වුනත්. සඟරාවක වුනත් යම් ලිපියක් කියවීමට ඉහල පෙළබවීමක් කරන්නෙ මෙන්න මේ කියන හෙඩිම කියන දෙය. වෙබ් අඩවියකට කියා මෙහි වෙනසක් නැත නමුත් පත්තර,සඟරා වලදි හෙඩිම වැදගත් වන කාරනාවලට වඩා වෙබ් අඩවි‍යකදි මෙය වැදගත් වෙනව. නමුත් එම සියලු ප්‍රතිලාභ ලබන්න හැකි වන්නෙ සම්මත ආකාරයට එම හෙඩිම යෙදු‍වොත් පමණයි.

හොදයි දැන් අපි බලමු මෙම සියලු කරුණු සවිස්තරව.

HTML වලදි හෙඩිමවල් යොදන්න සම්මත ආකාර 6ක් ලබාදීල තියෙනව. මේ සඳහා එකිනෙකට වෙනස් HTML tags(ටැගයන්) 6ක් ලබාදීල තියෙනව. මෙම සියලුම ටැගයන් යුගල ටැගයන් ගණයට තමයි අයත් වෙන්නෙ. ඒකියන්නෙ මේ ටැගයන් සඳහා ආරම්බක ටැගය(Starting tag/Opening tag) හා අවසාන ටැගය(Closing tag/End tag) යනුවෙන් කොටස් දෙකක් තියෙනව. මේ සම්බන්දව සවිස්තර විස්තරයක් ‍මාගේ පසුගිය post වලින් ඔබලාට ලබාගන්න පුලුවන්.

හොදයි දැන් අපි බලමු HTML වල මෙම හෙඩිම් ආකාර 6 යොදන ආකාරය

Hello Nalaka Prasad

Hello Nalaka Prasad

Hello Nalaka Prasad

Hello Nalaka Prasad

Hello Nalaka Prasad

Hello Nalaka Prasad

ඉහතින් දක්වල ‍තියෙන්නෙ මම යතුරුලියනය කරන ලද ආකාරය. පහතින් මම දක්වල තියෙනව HTML editor එකක මෙම කේත ලියා ඇති අයුරු සහ එම කේත වල ප්‍රතිඵලය. පහත රූපය හොඳින් නිරීක්ෂණය කරන්න.

රූපය පැහැදිලි නොමාතිනම් එය මත Click කරන්න

ඔබලාට පේනව ඇති
සිට
දක්වා එනකොට ක්‍රමිකව හෙඩිමේ විශාලත්වය අඩුවෙනව. ඒ කියන්නේ ප්‍රධානත්වය ක්‍රමිකව අවරෝහණය වන‍ව. අපි
යොදන්නෙ ප්‍රධාන මාතෘකාව සඳහාය. ඉන්පසු ක්‍රමිකව අපගේ ලිපිවල වියුහය(Structure) අනුව අපට
සිට
දක්වා වන HTML Headings tags යොදාගත හැකියි. මෙමගින් පාඨකයින්ට ලිපි කියවීමේ පහසුවක් මෙන්ම වටහා ගැනීමේ පහසුවක් සැලසේ.

කිසි විටක වෙබ්අඩවියක ‍විශාල අකුරු හා තද(bold) අකුරු යොදන්න වෙන අවස්තා වලදි HTML Headings tags කිසි විටෙක යොදා ගන්න එපා. ඒ සඳහා ඔබට css(මේ පිළිබඳ පරිපූර්ණ පාඨමාලාවක් HTML සම්බන්දව කෙරෙන පාඨමාලාවට පසුව බලාපොරොත්තු වන්න) බාවිතා කරන්න පුලුවන්.

මේ සම්බන්දව ඔයාල ප්‍රායෝගිකව අත්හදා බැලීම් කරද්දි දකින්න ලැබෙයි  HTML Headings tags වලට ස්වයංක්‍රීයව(auto) ඉහලින් සහ පහලින් යම් මායිමක්(Margin) එක්ව ඇති ආකාරය. එම මායිමේ ප්‍රමාණය සියලුම Headings tags සඳහා සමාන වේ. මෙම මායිමේ ප්‍රමාණය ඔබට css බාවිතා කර ඉතා පහසුවෙන් තමන්ට අවශ්‍ය ආකාරයට සකස්කර ගත හැකිය. මෙම post එක පටන්ගන්න කොටම මම කිව්ව පුවත්පත්, සඟරා වැනි දෙවල්වලට හෙඩිමවල් යොදාගන්නා දේවල් වලට වඩා වෙනස් දේවල් වලට වෙබ් අඩවි වලදී හෙඩිමවල් වැදගත් වෙනවයි කියල.එසේ වැදගත් වන්නේ වෙබ් අඩවියේ SEO(Search engine optimization) වලට. මේ සම්බන්දව සම්පූරණ පාඨමාලාවක් SinhalaPress ඔස්සේ අනාගතයේදී බලාපොරොත්තු වන්න. දැනට සරළ පැහැදිලි කිරීමක් කරනවානම් Google ඇතුලු අනෙක් Search Engines(සෙවුම් යන්ත්‍ර) වලට පහසුවෙන් අපගේ Web අන්තර්ගතයන්(Content) හසුවෙන ආකාරයට වෙබ් අඩවි සකස් කිරීම ලෙස හඳුන්වන්න පුලුවන්.

අපිට වෙබ් අඩවියකට තමන් කැමති ආකාරයකට හෙඩිමවල් යොදන්න පුලුවන් ඒ අතරට සම්මත HTML Headings tags යොදා ගෙන ‍මෙන්ම සාමාන්‍ය text එකක් කුමන හෝ ටැගයක් තුලට දමා ඒ සඳහා css බාවිතා කරළ හැඩගැන්වීමෙනුත් එය කරන්න පුලුවන්. නමුත් මෙහිදී SEO සඳහා වන වාසිය අඩු වී යයි.මම මෙහිදී අඩු වී යයි යන වචනය බාවිතා කරේ SEO සඳහා තවත් බොහෝ දේ බලපාන නිසාවෙනි. නමුත් මෙම දෙවැනි ආකාරය මම නම් කිසි විටෙක අනුමත කරන්නෙ නැහැ.ඇත්තටම මෙය ආදුනික ක්‍රමාණුකූල දැනුමක් ‍නොමැති අය කරන ලොකු වැරැද්දක්. ඔබ හොදින් මතක තියා ගන්න ඕන දේ තමයි HTML වල ඒ ඒ කාර්යය උදෙසා ඇති ටැගයන් ඒ ඒ කාර්යය සඳහා පමණක්ම යොදා ගැනීම.

හොඳයි මම  හිතනව මෙම post එක මගින් HTML Headings (මාතෘකාව,හෙඩිම,ශීර්ෂනාමය) ගැන මෙන්ම ඒ ආශ්‍රිත අනෙකුත් දේ සම්බන්දව ඔයාලට හොද පැහැදිලි වීමක් සිදු වුනා කියල.කෙසේ වෙතත් මේ සම්බන්ධව කොතනදී හෝ ගැටලුවක් මතු වුනොත් මා හට එය දන්වන මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි. සියලු දෙනාටම සුබ දවසක්! නැවතත් මීලග post එක මගින් හමු වෙමු. දිගටම SinhalaPress හා රැඳී ඉන්න. මම නාලක ප්‍රසාද්.

SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.

0 comments: Post a comment

Post a Comment