Tuesday, October 18, 2011
SinhalaPress: සිංහලෙන් HTML ගැන කෙරෙන පාඩම් මාලාවේ කොටස් අංක 07 - HTML වල Comments යොදන ආකාරය සහ hr ටැගය(tag) සම්බන්දව කෙරෙන පැහැදිලි කිරීම.
[ සිංහලෙන් HTML ] Part : 07
සිං‍හලෙන්  HTML සම්බන්දව කෙරෙන පාඩම් මාලාවේ 7 වන අදියරෙන් මම බලා පොරොත්තු වෙන්නෙ HTML Comments  ගැන හා HTML වල
හෙවත්
ටැගය(tag) සම්බන්දව කතා කරන්න.මෙහිදී ඔයාලට යම් ගැටලුවක් ඇතිවන්ට පුලුවන් මම මේ පාඩම් මාලාව ඉදිරිපත් කරන්නෙ අපිළිවෙලටද කියල. පිළිතුර නම් කිසිසේත්ම නැහැ යන්නයි. මෙම පාඩම් මාලාවේ මුල සිට අග දක්වා ඔබ රැඳී සිටියොත් 100% පරිපූරණත්වයකින් ඔබට HTML ගැන උගත හැකියි.හොඳයි එම පැහැදිලි කිරීමත් සමග අපි යමු පාඩමට.
අද මම කතාකරන්න යන්නෙ HTML වල තිබෙන තවත් එක් ටැගයක් සම්බන්දව හා HTML වලදි comment(අර්ථ නිරූපනය,පරිකථනය,නිදර්ශනය) යොදන ආකාරය ගැන කතා කරන්න.ඇත්තටම මෙම පාඩම ඉතාම සරල එකක් වෙයි.
මුලින්ම බලමු අද කතාකරන්න බලාපොරොත්තුවන HTML ටැගය(tag) සම්බන්දව. අද කතා කරන්නෙ ‍HTML වල තියෙන
ටැගය සම්බන්දව. ඔයාලට මතක ඇති පසුගිය මාගේ HTML සම්බන්දව ලියවුනු post වල මෙම ටැගය ගැන කිහිප සැරයක්ම සඳහන් කරා.ඒ නිසා මෙම ටැගය හොඳට ඇහැට හුරුපුරුදු ඇති කියල සිතනව. hr යන කෙටි පදයෙන් කියවෙන්නෙ  Horizontal Rule කියන එකයි.
මෙම ටැගයෙන් බාවිතා කරන්නේ හරස් අතට/තිරස් අතට(horizontal) HTML තුල ඉරි අඳින්න. මේ මගින් HTML තුල තිබෙන අන්තර්ගතයන්(Content) පහසුවෙන් එකිනෙකක් තවකෙකින් වෙන්කරගත හැකි වෙනව.මෙම ටැගය HTML වලිදි coding කරගන්නා ආකරය මම පහතින් යතුරුලියනය(Type) කර ඇත.
Nalaka Prasad Wijesiri Samarasinghe
Nalaka Prasad Wijesiri Samarasinghe
Nalaka Prasad Wijesiri Samarasinghe
පහත ආකාරයටත් යොදන්න පුලුවන්. ආදුනිකයන්ට ගැටලුක් ඇතිවෙන්න පුලුවන් නිසා පැහැදිලි කරනවා මිස මෙය නම් සඳහන් නොකලත් කමක් නැතැයි සිතේ.එසේ වෙතත් සැමගේ හිත සුව පිනිස එයත් මෙහි සඳහන් කරන්නම්.
Nalaka Prasad Wijesiri Samarasinghe
Nalaka Prasad Wijesiri Samarasinghe
ඔබලාට අවශ්‍ය නම්
යන ටැගය
ලෙසද යොදන්න පුලුවන් මොකද මෙය යුගල ටැගයන් ගනයට අයත් නොවෙන නිසා තිබෙන ටැගය ආරම්බක ටැගය(Starting tag/Opening tag) ලෙස සලකන්න පුලුවන්.මේ සම්බන්දව දීර්ඝ විස්තරයක් ඔබලාට මාගේ පසුගිය HTML සම්බන්දව කෙ‍රුනු ලිපි වලින් ලබාගන්න පුලුවන්.
ටැගය HTML Editor එකක coding(කේතනය) කර ආකාරය හා එහි ප්‍රතිඵලය/පූර්ව දර්ශනය(Preview), මම විසින් පහත යොදා ඇති රූප සටහන මගින් හොදින් නිරීක්ෂණය කරන්න.
රූපය පැහැදිලි නොමාතිනම් එය මත Click කරන්න
හොදයි මම හිතනව HTML වල
නොහොත්
ටැගය(tag) සම්බන්දව හොද වැටහීමක් ලැබෙන්න ඇතැයි කියල. මේ සම්බන්දව එක් වරක් උවද ප්‍රයොගිකව අත්හදාබැලීම් කරොත් තත්පරයක් වැනි කෙටි කාලයකදි මෙම ටැගයෙහි හැසිරීම ‍වටහා ගන්න පුලුවන්.හොදයි එහෙනම් අද post එකෙන් කතා කරන්න බලාපොරොත්තුවුනු දෙවන මාතෘකාවට එමු.මෙයත් ඉතාම සරල දෙයක් කියල මුලින්ම කියන්නම්කො! මම මෙහිදී කතා කරන්නෙ HTML Comments සම්බන්දව. මුලිනම බලමු කුමකටද මෙම HTML Comments බාවිතා කරන්නෙ කියල. ඔව් ‍HTML comments බාවිතා කරන්නෙ HTML code(කේතය) එකේ යම් යම් දෙවල් අපගේ පහසුවට සඳහන් කොට තබන්න.
උදාරණලෙස ටැගයන්හි ආරම්බක සහ අවසාන ටැගයන් පහසුවෙන් හඳුනාගන්න, පසු බාවිතය උදෙසා තාවකාලිකව යම් කේත කොටසක් අකර්මන්‍ය(deactivate) කොට තැබීමට, කුමක් හෝ විස්තරයක් code එකේ සඳහන් කරන්න.වගේ දේවල් වලට මෙසේ comments යෙදුවත් වෙබ් බ්‍රවුසරය(Web browser) එම comments කොටස නොසකා හරිනවා මෙන්ම ඒවා වෙබ් පිටුවල සාමාන්‍ය දර්ශනයේදී දර්ශනය වන්නේ නැහැ.
සැ.යු:- Microsoft Internet Explorer යන වෙබ් බ්‍රව්සරය සඳහාම පමණක් ලියවුනු css(මේ සම්බන්දව සම්පූර්ණ පාඨමාලාවක් HTML සම්බන්ද පාඨමාලාවෙන් පසුව SinhalaPress මගින් බලාපොරොත්තු වන්න) IE(Internet Explorer) වෙබ් බ්‍රව්සරයට සම්බන්ද(link) කිරීමේදී විශේෂිත comment ආකාරයක් බාවිතා කරන අතර ඒ සම්බන්දව සවිස්තර විස්තරයක් ඉදිරි post මගින් බලා පොරොත්තු වන්න.
හොදයි දැන් අපි බලමු HTML comment එකක් ලියන ආකාරය. එම ආකාරය පහතින් යතුරුලියනට කර ඇත.
Single Line Comment(තනි පේලි ‍කමෙන්ටුවක්) සඳහා උදාහරණයකි.
Multiline Comment(බහු තීරු ‍කමෙන්ටුවක්) සඳහා උදාහරණයකි.
රූපය පැහැදිලි නොමාතිනම් එය මත Click කරන්න
ඔබට බොහෝ වෙබ් අඩවි මතදි මූසිකයේ(Computer mouse) දකුණුපස බොත්තම(Button) මත Click(ඔබා) මතුවෙන Pop Up List එකේ View Page Source යන තේ‍රීම ලබාදුන්විට එම වෙබ් අඩවියේ Source code(කේත සටහන)බලා ගත හැකිය. එහිදී ඉහත පරිදි commets යොදා ඇති අයුරු බලාගත හැකිය.
සැ.යු:- විවිද වර්ගයේ වෙබ් බ්‍රව්සරයන් සඳහා මෙම ක්‍රමය විවිද ආකාරයෙන් තිබිය හැකිය.නමුත් වර්තමානයේ ඇති ප්‍රධාන වෙබ් බ්‍රව්සරයන් සියල්ලගේම මෙම පහසුකම බොහෝසෙයින් සමානය.
සැ.යු:- වර්තමානයේ ඇති නවීන HTML Editors(සංස්කාරක) වල ඇති පහසුකම් නිසා ටැගයන්ගේ පිහිටීම් නිර්ණයට comments යෙදීම අනවශ්‍ය කරුනක් වී ඇත. එමෙන්ම මෙම comments සඳහා සැලකිය යුතු bits ප්‍රමාණයක් වැය වන නිසා අනවශ්‍ය comments දැමීමෙන් HTML file(ගොණුව) එකෙහි විශාලත්වය වැඩිවිය හැකිය. එය හොඳ තාක්ෂණික බාවිතාවක් ලෙස නොගැනෙයි.
හොඳයි මම හිතනව මෙම post එකෙන් ඔයාලට HTML වල
ටැගය සම්බන්දව හා HTML Comments සම්බන්දව ඉතා හොද පැහැදිලි වීමක් ලැබෙන්න ඇති කියල.මෙතරම් සරලව සහ උදාහරණ සහිතව පැහැදිලි කරත් තවමත් ගැටලු පවතින කෙනෙක් වෙතොත් මාගෙන් එය විමසන්න.එහෙනම් මීලඟ post එකෙන් හමු වෙමු දිගටම SinhalaPress සමග රැඳී ඉන්න.මම නාලක ප්‍රසාද්.
SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.
5 comments: Post a comment
ayyo meeka nam hari aparadayak. lesson 7n passe aye html gana liyalama nane. ane ee ay?
මේ විශය ගැන ගොඩදෙනෙක්ට එතරම් කැමැත්තක් නැති නිසා තමයි මම නැවැත්තුවෙ. මොකද මම මටම උගන්වගෙන වැඩක් නැහැනෙ!!!
මේ පාඩම හරි වටින පාඩමක්නේ මල්ලි නවත්වන්න එපා ඔයාගේ මහන්සිය අපතේ යන්නේ නෑ කොමෙන්ට්ස් නොවැටුනාට බලන අය ටික දෙනෙක් හරි ප්‍රයෝජනයක් ගන්නවනේ අවශ්‍ය කෙනෙකුට කියවන්න ඔයාගේ බ්ලොග් එකේ මේක තියෙන නිසා වටිනවා
සබ්බ දානං ධම්ම දානං ජිනාති
උගන්වන එකත් ධර්මයක් බෙදල දෙනවා වගේ පින් ලැබෙන ක්‍රියාවක් ....අත් හරින්න එපා
මේ පාඩම හරි වටින පාඩමක්නේ මල්ලි නවත්වන්න එපා ඔයාගේ මහන්සිය අපතේ යන්නේ නෑ කොමෙන්ට්ස් නොවැටුනාට බලන අය ටික දෙනෙක් හරි ප්‍රයෝජනයක් ගන්නවනේ අවශ්‍ය කෙනෙකුට කියවන්න ඔයාගේ බ්ලොග් එකේ මේක තියෙන නිසා වටිනවා
සබ්බ දානං ධම්ම දානං ජිනාති
උගන්වන එකත් ධර්මයක් බෙදල දෙනවා වගේ පින් ලැබෙන ක්‍රියාවක් ....අත් හරින්න එපා
Post a Comment