Thursday, October 13, 2011

සිංහල අන්තර්ජාල ‍බ්ලොග්කරණයේ නවමු අත්දැකීම! එන්න ඇවිත් අප හා එක්වන්න

ඔන්න මම අද ඉදල පටන් ගන්න යනව අන්තර්ජාලය හරහා යම් වටිනාකමක් තියෙන දෙයක් ඉගෙන ගන්න පුලුවන් වැඩක්. ඔහොම කිව්වට තේරෙන එකක්යැ! මම මෙහෙම කියන්නම්, ඕන කෙනෙක් කැමතියි නේද අන්තර්ජාලයේ අනුන්ගෙ වල්පල් හොය හොය කියව කියව ඉන්නෙ නැතුව තමන් අන්තර්ජාලයේ ගත කරන සුලු මොහොතින් හෝ වැදගත් යමක් ඉගෙන ගන්න. මේ ප්‍රශ්නෙට උත්තර බඳින එක ඔය කියන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙන බව මම දන්නව. මොකද මම එහෙම කියන්නෙ, මිනිසුන්ගෙ මනස මොහොතින් මොහොත වෙනස් වෙන නිසා. කොච්චර කිව්වත් අනුන්ගෙ කුණු හාරල ඒවගෙ රස බලන්න බොහෝ දෙනෙක් තුල යටි හිතේ කාළකන්නි ආසාවක් තියෙනව. ‍මේක වරදක් විදියට මම දකින්නෙ නැහ.

මොකද අපි මනුසත්තුනෙ. හැබැයි ඔය කොයි කුනු ගොඩත් රස බලල අහවර උනාට පසුව තමයි ඒවගෙ රඟ දැනෙන්නෙ. සරලව කියන්නම්කො! හිතන්න තමන්ගෙ වටිනා කාලය කැප කරල චිත්‍ර පටියක් බලන්න ගියා කියල. බැලුවට පස්සෙ හිතෙනව නම් අපරාදෙ මේක බැලුවෙ කියල. අන්න ඒකයි මම අදහස් ‍කලේ. මම නම් ඉතින් ‍සිංහල ‍බ්ලොග් අවකාශයට අලුත් කොල්ලෙක් මම හිතනව සිංහල ‍බ්ලොග් අවකාශයෙ අක්කල අයියල නංගිල මල්ලිල ආදී හැමෝම මාව රැග් ‍එක නොදීම සාදරයෙන් පිළිගනියි කියල.
මමත් මුලදි අන්තර් ජාලයේ දවසකට පැය කීපයක් හිටියත් ඔහේ එහේ මෙහේ සැරි සරනව ඇරෙන්න ඒහැටි උවමනාවක් තිබුනෙ නැහ වැදගත් යමක් ජීවිතයට එකතු කරගන්න. පසුව මට වැටහුනා අපරාදෙ නේද මගෙ
කාලය කියල. ඉන්පසුව ටිකෙන්ටික මම විවිද දේ අන්තර් ජාලයෙන් ඉගෙන ගත්ත වගේම දැනටත් ඉගෙන ගන්නව.

ඉතින් මට හිතුන මම දන්න කියන දේ අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න ඕන කියල. එතකොට මට වැටහුනා මෙය සිංහල බ්ලොග්කරණය මගින් කල හැකි බව ඒඅනුව මම දන්න කියන වැඩ කෑලි දාල මගේ Sinhala Press බ්ලොගයට මටම ආවේනික උනු ඇඳුමක් ඇන්දෙව්ව. මේ දේ කරන්න යන කොටත් ම‍ට ගැටලු ගොඩක් ආව නමුත් ටික ටික අන්තර්ජාලයම බාවිතා කරල ඒවට විසඳුම් සොයා ගත්ත. මොකද මම blogger වලට අලුත‍්නෙ. ඉතින් මට සතුටුයි මම කලින් ඉගන ගත් දෙයක් practically බාවිතා කරන්න පුලුවන් වීම ගැන. තවත් බොහෝ දේවල් තියෙනව ඉගෙන ගන්න මට,මම දන්නෙත් ඉතාම සුලු දෙයක් විතරයි, නමුත් ගොඩක් ඇනුම තියෙන උගත් අය ‍මෙම බොලොග් අවකාශයේ සැරි සරනව.

ඉතින් මම කැමතියි SinhalaPress.blogspot.com යන ‍මාගේ ‍බ්ලොගය හරහා මේ සඳහා Online community එකක් හදා ගන්න මම හිතනව ඔය හැමෝම මාත් එක්ක එකතු වෙයි කියල. තාම ඔයාලට පැහැදිලි නොමැති ඇති මම කරන්න යන්නෙ මොකක්ද කියල. හොදයි මම කරන්න යන්නෙ සිංහලෙන් web technologies ගැන පාඩම් මාලාවක්.ඒ කියන්නෙ මේකට HTML, CSS(3), PHP, JAVASCRIPTS, AJAX, MYSQL, XML වගේ දේවල් ‍එකතු වෙනව.

මුලිනම පටන්ගන්න හිතුවෙ HTML සම්භන්දව පාඨමාලාවක්. දැන් බලමු මෙහි ඇති වැදගත්කම ඇත්තටම මේ දේවල් අන්තර්ජාලයේ කොතෙකුත් ඉගෙන ගන්නට තිබුනත් මම මේව අත්හදා බලන්න යන‍කොට ප්‍රශ්න ගොඩක් මතු වෙලා තියෙනව. මටත් ටිකක් මහන්සි වෙන්න උනා මේ ගැටලු ලිහා ගන්න අත්තටම මගේ කාලය ගොඩක් මේසඳහා වැය උනා. නමුත් එහෙම කට්ට කාල හොයා ගන්න කොට හොඳින් මතක හිටිනව. නමුත් මේවගේ ‍Online community එකක් පටන් ගත්තම හොඳ සංවාදයක් මේ සඳහා ගොඩ නැගෙනව. ඉතින් හැමොටම පහසුවෙන් මේ දේවල් ලක්ෂ ගණන් ගෙවල ඒත් කිසිම ගුනාත්මක බාවයකින් තොරව මාසෙන් දෙකෙන් අවසන් වන පරිගණක කලු කඩ වලින් ඉගෙන ගන්නවාට වාඩා හොඳින් ඉගෙන ගන්න පුලුවන් වෙනව.

කෙනෙක්ට තියෙන ගැටලුවකට තවත් කෙනෙක් ළඟ උත්තරයක් තිබෙන්ට පුලුවනි,අනික මේ හරහා මම නොදන්න‍ බොහෝ දේ මගේ යාලුවන්ගෙන් මටත් ඉගෙන ගන්න පුලුවන් වෙයි.ඉතින් හොඳයි නේද වැ‍ඩේ? මේ ගැන ඔයාලගේ අදහස් කියනවානම් ‍මම ගොඩක් කැමතියි. මම ඔයාලගේ ප්‍රතිචාර සලකල බලල මෙය පටන් ගන්න ඔන විදිය ගැන සරල අදහසක් ගන්නම් ඉතින් කියල යන්නකො ඔයාලට මේ ගැන හිතෙන දේ! හොදයි එහෙනම් අදට මම සමු ගන්නව.ඔයාලට සුබ දවසක්!

SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.

7 comments: Post a comment

යාලුවා වැඩේ නම් ඉතාම හොදයි. අපේ සුභ පැතුම්, හැබැයි සහෝ වැඩේ දිගටම කරගෙන පලයන්. අපේ හුග දෙනෙක් වැඩ පටන් ගන්නවා විතරයිනේ. ඒ නිසා කොහොම හරි මේක ඇදගෙන පලයන්. ලංකාවේ ෆේස්බුකියාව කියන මානසික රෝගය සෑදුනු අයත් මේකට සම්බන්ධ වුනොත් අපිය ආසියාවේ ආශ්චර්යට ළගා වෙන්න බැරි වෙන එකක් නැහැ.

@ABV: බොහොම ස්තුතියි යාලුවා අදහස් දැක්වීමට. පුලුවන් තරම් උත්සාහ කරනව දිගටම කරගෙන යන්න. නැවතත් එන්නකො මේ පැත්තෙ නිදහස් වේලාවක.

උත්සාහය අගය කරනව .... අපිත් දෙයක් ඉගෙන ගන්න ගමන් පුලුවන් විදිහට සහයත් දෙන්නම්

[@බුවාගේ සිතුවිලි #5] බොහොම ස්තුතියි බුවා!

එල එල මමත් කැමති ඉගෙන ගන්න ලියන්න ලියන්න අපි කියවලා කියවලා කමෙන්ට් දෙන්නම්

Post a Comment