Tuesday, September 11, 2012

Key Board එකෙන් වැඩ කිඩ දාන්න ☻ Special ALT Characters ☺

Key Board එකෙන් වැඩ කිඩ
ඔන්නට ඉතින් මම අද කොල්ලන්ට කෙල්ලන්ට ලස්සනට කොටන්න පොඩි Trick එකක් අරගෙන ආව. ට්‍රික් එකක් කියන එක හරිද මන්ද :P ඔයාල අනන්තවත් දැකල ඇතිනේ ෆේස්බුකියේ ඔය එක එක අමුතු html characters දාල තියෙනව. ඒකියන්නේ මෙන්න මේවගේ ☺ ☻ ♥ ♦ ♣ ♠ ♂ ♀ ♪ ♫ මේවායින් කීපයක් නම් දාන හැටි අපේ යාළුවො ගොඩදෙනෙක් දන්නව. ඒත් හැම එකකම යුතුරු දන්නේ නැතිව ඇතිනේ..:D ඉතින් මම අද ඔයාලට දෙනව සම්පූර්ණම html characters සෙට් එකම. :) දැන් ඉතින් මේක බලාගෙන ෆේස්බුක් එකේ, බ්ලොග් එකේ, අතන මෙතන වැඩකිඩ දාන්න පුලුවන් ;)

අහ් තව දෙයක් කියන්න අමත උනා මේ එක එක රූප තමන්ට අවශ්‍ය නම් වෙබ් අඩවිවල අතුරු මුහුනත් (UI) වල සංකේත විදියට උනත් භාවිතා කරන්න පුලුවන්. PHP එක්ක භාවිතා කරනව නම් utf 8 character encoding එකත් එක්ක භාවිතා කරන්න.


ඔන්න පහතින් සම්පූර්ණ චාට් එක...පින්තූරෙ පොඩිවගේනම්  ඒමත් ඔබන්න :D

ඔය කොඩ් ගහනකොට Numeric Keyboard එක තමයි භාවිතා කරන්න ඕන. මතක ඇතිව Num Lock එක On කරල ඉන්න :D
උදාහරණයක් විදියට එක කෝඩ් එකක් ගහලම ලිපිය අවසන් කරමු. අපිට අවශ්‍ය ♫ ගහන්න නම්. කරන්න තියෙන්නේ key board එකේ ALT key එක press කරගෙනම numerick keyboard එකෙන් 14 ගහන එක..:D

අද මම ඔයාලට ‍දුන්නේ බොහොම පුංචි දෙයක්.. වෙනසකටත් එක්ක භාවිතා කරල බලන්න. සියලුදෙනාටම සුබ දවසක් ;-)

SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.

2 comments: Post a comment

පිටසක්වල යානා පෘතුවියට ගොඩ බැස්ස වීම සදහා මේ දැන් විධානයන් ලබා දෙනු ලැබූ බව අචාර්ය ඔරියන් තුමා මහතා මේ දැන් මාධ්‍ය ආයතන වෙත දන්වා සිටියා ඔහු පවසන පරිදි මායා වරුන්ගේ කැලැන්ඩරයට අනුව එය සිදු උනේ නැත්නම් ඔවුන් පෘතුවියට පැමිණෙන බව සදහන් කළා.

Post a Comment