Sunday, April 29, 2012

කෙල්ලෙක් දාගන්න කියාපු බඩ්ඩ :D best way to attract a women :-)

හ්ම්....අද මම කියන්න යන්නෙ ටිකක් විතර අමුතු දෙයක්. අමුතු දෙයක් කිව්වෙ සාමාණ්‍යයෙන් මේ බ්ලොග් එකේ ලියවෙන දේවල්වලට වඩා වෙනස්දෙයක් අද ලියන නිසා. මේක මේ මම අන්තර්ජාලයේ පොඩි රස්දියාදුවක් ගහන ගමන් අහම්බෙන් දැක්ක දෙයක්..හ්ම්..දැන් කතාවට එමුකෝ..! අපි හැමෝම වාගේ සාමාණයෙන් සුවඳ විලවුන්(perfume) බාවිතා කරනවනේ..ගොඩක් කොල්ලොනම් ඔය කඩේකට ගියාම සුවඳ බැලුව ගත්ත, අපේ අය අතර ජනප්‍රිය සුවඳ විලවුන් ව‍ර්ග වෙන්නේ AXE, adidas, Voodoo, gold..etc වගේ ‍වර්ගනේ..ඉතින් මේවගේ දේවල් අපි හැමෝම වගේ බාවිතා කරන්නේ අනෙකාගේ ආකර්ෂණය දිනාගන්න, ප්‍රියමනාප කම වැඩිදියුනු කරගන්න වගේ දේවල් වලටනේ..මම නම් මීට අමතරව දවස්ගානක් පට්ට ගහපු T-shirt එහෙම නැවුම් විදියට තියාගන්නත් මේව බාවිතා කරනව :P

ඔය සාමාණ්‍ය සුවඳ විලවුන් අතරේ ටිකක් විතර අසාමාණ්‍ය(මේවගේ දේවල් තවමත් අසානැති අයට සහ බාවිතා කර නොමැති අය සදහා) සුවඳ විලවුන් වර්ගත් තියෙනවා..මේ ගැන තමයි මම අද කියන්න යන්නේ..ඇත්තම කියනවානම් මම මේගැන දැනගත්තේ මේලඟදි ඉඳන්..සමහරවිට මේගැන ඔයාල අහලත් ඇති බාවිතා කරලත් ඇති. ඒතමයි මානව ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් වර්ග.

ෆෙරෝමෝන කියන දේ කවුරුත් දන්නවනේ...! උසස්පෙළ ජීව විද්‍යාව හදාරපු අය නම් මේගැන හොදටම දන්නවා..සරලව කියනවානම් ෆෙ‍රෝමෝනයක් කියන්නේ සතුන් ඔවුන්ගේ පණිවුඩ හුවමාරු කරගන්න බාවිතා කරන ජෛයිව රසායනිකයක්..

මේ දේ අපි ජෛයිව පළිබෝධ නාශක ක්‍රමයක් විදියට කාලයක ඉදන් බාවිතා කරනවා..උදාහරන කීපයකුත් දෙනවනම්.

01. පොල්ගස් වල රතුකුරුමිණි පළිබෝධකයා මර්ධනයට
02. වී වගාවේ ගොයම් මැස්සා නම් පළිබෝධකයා මර්ධනයට(කෙම් ක්‍රමයකි)

අපි කවද්ද හිතුවෙ සතුන්ගෙ ෆෙරෝමෝන බාවිතා කරල එක එක දේවල් කරාට මිනිස් ෆෙරෝමෝන ලිංගික ආකර්ෂණය සඳහා යොදා ගනියි කියලා :O

ඉතින් මේ මානව ‍ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් හදන අය කියන විදියට මේව බාවිතා කරාම ප්‍රතිවිරුද්ධ ලිංගියකයන්ගේ ඉතා ඉහල ආකර්ෂණයක් තමන්වෙත ඇති වෙනවලු..ඒ වගේම විවිද අවස්තා සදහාත් එකිනෙකට වෙනස් ෆෙරෝමෝන බාවිතා කරල හදපු සුවඳවිලවුන් තියෙනවලු..කොහොමද වැඩේ :D හැබැයි මම දන්නෙ නම් නෑ මේව ලංකාවෙ ගන්න තියෙනවද කියලනම්..හැබැයි ඕන කෙනෙක්ට EBay.com එකෙන් ගන්න පුලුවන්..

බලන්නකෝ ඔය පහතින් තියෙන වී‍ඩියෝවත්..


මෙන්න මේ වෙබ් අඩවියට ගියාම තවත් ගොඩක් විස්තර මේ ගැන දැනගන්න පුලුවන්..http://www.luvessentials.com/

SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.