ඒ ඔස්සේ සොයාබැලීමේදී ඔබට ප්‍රධාණ සේවාවන් දෙකක් හමුවෙනු ඇත. ඒවා නම් Blogger සහ Wordpress.com. දැන් තියෙන එකම ප්‍රශ්ණය මේ සේවා දෙකෙන් හොඳම එක කුමක්ද කියන එකනෙ. හොඳයි අද මම පැහැදිලි කරන්න හදන්නෙ මෙන්න මේ ගැටලුවට උත්තර.
මෙහිදී මම මෙම සේවා දෙකෙහි පැහැදිලිව කැපීපෙනන ගුණාංග අතර සිදුකරන ලද සංසන්දනයක් මගින් මෙය පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනව.
මෙම සංසන්දනය කෙසේසිදුකර තිබුනත් තමන් කැමති Blog සේවාව බාවිතා කිරීම තමන්ගෙ කැමැත්ත. මෙහිදී මම කිසිඳු සේවාවක් උලුප්පා දැක්වීමට හෝ හෙලා දැකීමට උත්සාහ ගෙන නොමැති බව කරුණාවෙන් සලකන්න.
සැ.යු :- මම මෙහිදී සංසන්දනාත්මකව පැහැදිලි කරන්න උත්සාහ කරන්නෙ Blogger සේවාව හා Wordpress.com සපයන සේවාව සම්බන්දව. මෙය Wordpress.org සමග පටලවා ගන්න එපා.
පහසුකම | Blogger සේවාව | Wordpress.com සේවාව | කවුද දිනුවෙ |
---|---|---|---|
Template එක වෙනස් කිරීමේ හැකියාව | මෙය ඔබට නොමිලේම තමන් කැමති ආකාරයට කරගන්න පුලුවන් ඒකියන්නෙ Template layout එක, CSS නිදහසේ වෙනස් කරන්න පුලුවන් | මෙය ඔබට නොමිලේ කරන්න බැහැ ඒ සඳහා යම් මුදලක් ගෙවන්න වෙනව | Blogger |
උදව් (Tutorials/Help) | ඉතා විශාල වශයෙන් අන්තර්ජාලයෙන් සොයාගන්න පුලුවන් | සාපේක්ෂව අඩුයි. | Blogger |
බාවිතා කල හැකි Blog Themes | ඕනෑතරම් හොඳ තත්වයේ ඇති Blogger Themes/Templates අන්තර්ජාලයෙන් නොමිලේ ලබාගන්න පුලුවන් | හොඳ තත්වයේ ඇති Wordpress Themes නොමිලේ ලබාගත හැකි අවස්තා අඩුයි. | Blogger |
වෙනස් කිරීම් සඳහා අවශ්‍ය වෙන Coding වර්ග | මේ සඳහා ඔබට HTML, XHTML, CSS, XML, JAVASCRIPT බාවිතාකරන්න පුලුවන්. මේවා පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් ඉතා සරල Coding ආකාරයන් | මේ සඳහා ඔබට HTML, XHTML, CSS, XML, JAVASCRIPT අමතරව PHP සම්බන්දවද දැනුම අවශ්‍ය වෙනව. බොහෝ අයට PHP සම්බන්දව දැනුම ඉතාම අඩුයි. | Blogger |
Dashboard එකේ පෙණුම සහ හැසිරවීමේ ඇති පහසුව සහ වේගය | ඉතාම සරලයි. පහසුවෙන් හසුරුවන්න පුලුවන්. ඒ වගේම වේගවත් | සාපේක්ෂව තරමක් සංකීර්ණ බවින් සහ වේගයෙන් අඩුයි | Blogger |
සේවාව විසින් නිර්දේශ කරනු ලබන Templates/Themes ප්‍රමාණය සහ ඒවාගේ තත්වය | ඉතාම සුලු ප්‍රමාණයක් වගේම ඒවායේ පෙණුමද හොඳ තත්වයේ නැහැ | සියයකටත් වඩා වැඩි ඉතා හොඳ තත්වයේ Themes මෙහිදී සපයයි | Wordpress |
බාවිතාකරන Theme/Template එක වෙනුවට වෙනත් එකක් යෙදීමේ හැකියාව (Replacement) | මෙය ඔබම වසින් සාදාගත් Theme එකක් මගින් හෝ බාහිරව ලබාගත් එකක් මගින් ඕනෑම වාර සංඛාවක් ඉතා පහසුවෙන් මෙන්ම නිදහසේ කරගන්න පුලුවන්. | මෙය ඔබට කල හැකිවන්නේ සේවාව ඔබට සපයන Themes සඳහා පමණයි. බාහිරව ලබාගන්නා Themes බාවිතා කරන්න බැහැ. | Blogger |
Widgets සහ Plugins බාවිතා කිරීමේ හැකියාව | සේවාව විසින් සපයන සහ බාහිරින් ලබාගන්නා Widgets සහ Plugins මගින් මෙය කරන්න පලුවන් | බාහිරින් ලබාගන්නා Plugins ඔබට බාවිතා කල නොහැක. | Blogger |
ප්‍රතිචාර පද්ධතිය (Comments System) | Moderation කියල තියෙන්නෙ Comments delete කරන එක පමණයි. Comments සංස්කරණය කරන්න බැහැ. Spam ආරක්ෂාවක් නැහැ. Captcha පහසුකම සහිතයි. ප්‍රතිචාර සඳහා කෙලින්ම පිලිතුරු දිය නොහැකියි එනම් threaded/nested commenting පහසුකම නැහැ. බාහිර ප්‍රතිචාර පද්ධතියක් මගින් ප්‍රතිස්ථාපනය කල හැකිය. | ප්‍රතිචාර සංස්කරණය කල හැකියි. Spam ආරක්ෂාවක් සහිතයි. threaded/nested commenting පහසුකම සහිතයි. බාහිර ප්‍රතිචාර පද්ධතියක් මගින් ප්‍රතිස්ථාපනය කල නොහැකියි. | Wordpress |
SEO, Optimization හැකියාව | අපේ පැත්තෙන් කල හැකි සියලු දේ අපට කල හැකියි. | මෙය යම් තාක් දුරකට කල හැකියි. මෙය බාවිතා කරන්නාගේ පැත්තෙන් ඔහු බාවිතා කරන Theme එකේ Symantec Structure එක අනුව වෙනස්වේ | Blogger |
Blog එක සම්බන්දව පවුද්ගලිකත්වය (Blog Privacy) | ඔබට එක් Blog එකක් සඳහා අයිතිකරුවන් 100 දෙනෙක්ට සහ කියවන්නන් 100 දෙනෙක්ට මෙය සීමා කරන්න පුලුවන්. මේසඳහා අදාල වන්නේ Google account තිබෙන අය පමණයි. ලිපි සඳහා මුරපද(Password) යෙදීමේ හැකියාවක් නැහැ. | මෙහිදී 35 දෙනෙකුට සීමා වේ. මුරපද යෙදූ ලිපි සහ තමන්ට පමණක් දැකගත හැකි වන ආකාරයට(Private) ලිපි සකසන්න පුලුවන්. | Blogger |
ප්‍රතිචාර වරණය(Comment Restriction) | මෙය මූලික වශයෙන් Google account; OpenID account සහ Anonymous යන ආකාර සඳහා වරණය කරන්න පුලුවන් | වරණය කිරීමේ හැකියාවක් නොමැත. ඕනෑම කෙනෙකුට ප්‍රතිචාර දැක්විය හැකිය | Blogger |
Blog එකක් නැවත ස්ථාපනය(Blog Import) | එක් Blog එකක් තවත් එක් Blogger Blog එකක් සඳහා පමණක් ස්ථාපනය කල හැකිය.(බාහිර සේවා මේසඳහා පවතියි) | තවත් එක් Wordpress Blog එකක් සඳහා සහ Blogger, TypePad, LiveJournal, Yahoo!360, MovableType ගිණුම් සඳහා Import කලහැකිය. | Wordpress |
ලිපි සහ ප්‍රතිචාර සම්බන්ද දැනුම්දීම්(Posts and Comment Notification) | Email පහසුකම බාවිතයෙන් මෙය කලහැකියි. බොහෝ විට මේ සඳහා Google Feedburner සේවාව බාවිතා වෙයි | මෙහිදීත් එය කල හැකිය. | Both |
ප්‍රතිචාර සහතික කිරීම(Comment Verification) | Captcha පහසුකම මිනිසෙක් යන්න සහතික කරගත හැකියි | එවැනි පහසුකමක් නොමැත | Blogger |
වීඩියෝ ගබඩා කිරීමේ සීමාවන් (Video Storage Limit) | ඔබ මෙම සේවාව හරහාම Video Upload කරනවානම් 16GB දක්වාද. Google video හරහා සීමා රහිතවද බාවිතා කරන්න පුලුවන්. | 3GB දක්වා පමණයි. මීට වඩා අවශ්‍ය නම් මුදල් ගෙවිය යුතුයි. | Blogger |
රූප ගබඩා කිරීමේ සීමාවන් (Image storage limit) | Picasa Web Album සේවාව හරහා 1GB පමණ ඉඩ ප්‍රමාණයක් හිමිවෙයි. | 3GB දක්වා ඉඩ හිමි වේ. මීට වඩා අවශ්‍යනම් මුදල් ගෙවිය යුතුයි. | Wordpress |
බාවිතා කල හැකි ගොනු(Files) වර්ග (File type Storage) | PNG, GIF, JPEG යන රූප ආකාර(Type) සඳහා සීමා වේ. | PNG, GIF, JPEG යන රූප ආකාර(Type) වලට අමතරව ppt, .doc, .odt and .pdf යන ගොනු ආකාරද බාවිතා කල හැකිය. | Wordpress |
Blog එක සහ එහි පාඨකයන් අතර ඇති ක්‍රියාකාරීත්වය සම්බන්ද තොරතුරු (Blog Stats) | ඉතාම හොඳ තත්වයේ විස්තර සපයන පද්ධතියක් අන්තර්ගත වෙනව. අවශ්‍ය නම් බාහිර Google Analytics වැනි සේවාවක් උවද බාවිතා කරන්න පුලුවන්. | සාපේක්ෂව සවිස්තර බව අඩුයි. ඒවගේම යාවත්කාලීන වීම සෑම දින 2කට වරක් පමණක් සිදුවේ. බාහිර සේවාවන් බාවිතා කල නොහැකියි. | Blogger |
වෙළඳ දැන්වීම් (Advertisements) | ආචාර ධර්ම වලට ගැලපෙන පරිදි නිදහසේ යෙදිය හැකිය. | වෙළඳ දැන්වීම් බාවිතා කල නොහැකිය. අවශ්‍ය නම් මුදල් ගෙවා මෙම පහසුකම ලබාගත්තත් ආදායමෙන් යම් කොටසක් සේවාව විසින් කපාගනී. | Blogger |
Email මගින් ලිපි පළ කිරීම (Posts By Email) | සිදු කල හැකිය | සිදු කල හැකිය | Both |
ජංගම දුරකථන වලදී ලිපිවල සහ ප්‍රතිචාර වල පෝෂක(Feeds) බාවිතා කිරීමේ හැකියාව (Post Feed On Mobile Phones) | සහය දක්වයි | සහය දක්වයි | Both |
ඉහත වගුව හොඳින් පරිශීලනය කිරීමෙන් Blogger සේවාව හා Wordpress.com සේවාව අතර ඇති වෙනස්කම් ඔයාලට හොඳින් අවබෝධ කරගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. මෙම ලිපියේදී Wordpress.com සහ Blogger අතර කෙරුනු සංසන්දනය Wordpress.org මගින් සපයන මෘදුකාංගය සමග පටලවා ගන්න එපා කියල නැවතත් කියනව. මොකද එම මෘදුකාංගය මුදල්ගෙවා ලබාගන්නා ලද වෙබ් ඉඩක ස්ථාපනය කොට බාවිතා කිරීමේදී තමන්ට රිසිසේ වෙනස්කම් කිරීමටත්, හැසිරවීමටත් අවස්තාව ලැබෙන නිසා.
SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.
21 comments: Post a comment
දැනුවත් කළාට තෑන්ක්ස් මචෝ....
itha wadagath lipiyak. Hondata lyala thiyenawa. Compare karanna lesi.
great post.Thanks
කොටන්න ගත්තු මහන්සියට පිං පිරෙනවා...
මේකත් ධර්මය බෙදනව වගේ වැඩක්නෙ....
එල නියම ලිපියක් , මම නම් බ්ලොගර් වලට තමයි කැමති , නමුත් වර්ඩ්ප්‍රෙස් වල තියන කැටගරි සිසිටම් එක බ්ලොගර් වල ලේබල් වලට වඩා හොඳයි . මොකද වර්ඩ්ප්‍රෙස් වල කැටගරි සහ ලේබල් (ටැග් ) දෙකම තියෙයි
මම නං කැමති බ්ලොගර්.
නියම ලිපියක්.. මම බ්ලොගර් සේවාවට කැමති එහි ඇති සරල බව නිසයි...
Good post. Thanks
වටින ලිපියක්. මහන්සිවෙලා ලියලා තියෙනවා. පුලුවනිනම් design--> template designer--> ගිහිල්ලා, CSS කෝඩ් ඇතුලත් කිරීම මගින් බ්ලොග් ටෙම්ප්ලේට් හදන හැටි කියලා දෙන්න.
ඒ වගේම වැදගත් දෙයක් තමයි Bandwidth එක. Bloggerගේ unlimited. ඒත් WordPressගේ Bandwidth එක අපේ සාක්කුවේ තිබෙන මුදල මත තීරනය වෙනවා.
ඔබට ජය!
වැඩිය අහලා නොතිබුනු WordPress ගැන ගොඩාක් දේවල් මේ ලිපියෙන් ඉගන ගත්තා
බොහොම ස්තූතියි !
[උදාර #1] බොහොම ස්තුතියි අදහස් දැක්වූවාට.
[තරිඳු #2] බොහොම ස්තුතියි අදහස් දැක්වූවාට.
[indika #3] බොහොම ස්තුතියි අදහස් දැක්වූවාට.
[DesertFrog #4] බොහොම ස්තුතියි අදහස් දැක්වූවාට.
[බුවා මහත්තය #5] බොහොම ස්තුතියි අදහස් දැක්වූවාට. ඔව් ඒකනම් ඇත්ත තමයි. මම මේ ලිපිය ඒ අනුව යාවත්කාලීන කරන්නම්.
[රාජ් #6] බොහොම ස්තුතියි අදහස් දැක්වූවාට.
[විසිතුරු #7] බොහොම ස්තුතියි අදහස් දැක්වූවාට.
[Ishara #8] බොහොම ස්තුතියි අදහස් දැක්වූවාට.
[iPlus #9] iPlus, Blogger බාවිතයේදී වගේම Wordpress.com බාවිතයේදී අපිට Bandwidth ගැන කරදර වෙන්න කිසිම අවශ්‍ය තාවයක් නැහැ. අපිට දාහක් දෙදාහක් නෙමෙයි මිලියන ගණනක් පාඨකයින් දවසකට හිටයත් ප්‍රශ්ණයක් නැහැ. ඒ කියන්නෙ බ්ලොග් අඩවිය කිසි විටෙක Down වෙන්නෙ නැහැ.
ඔය ගැටලුව අපිට එන්නෙ Selfhosted Wordpress Blog වලිදි. අපි මිළදීගනු ලබන සේවාවෙ ගුණාත්මක තත්වය අනුව අනුව තමයි වෙබ් අඩවියේ තත්වය රඳා පවතින්නෙ. ඔය Hostgator Unlimited Bandwidth, Unlimited Space කියල කියන්නෙ අමූලික බොරුවක්. සයිට් එකට hits විශාල වශයෙන් වැඩිවෙන කොට සහ ඉඩ විශාල වශයෙන් බාවිතා කරන කොට නොදන්වාම ගිණුම අවලංගු කරනව. නැත්නම් වෙබ් අඩවිය මාසෙකට කීප සැරයක්ම Down. ඒ වගේම එයාලගෙ Servers වල වේගයත් ගොඩක්ම අඩුයි. Web Hosting Talk Forum බැලුවනම් මෙයාලගේ සේවාවෙ තරම ගැන හිතාගන්න පුලුවන්. දැනට තරමක් හෝ හොඳ තත්වයේ Webhostig දෙන්නෙ BlueHost සහ MediaTemple විසින්. නමුත් මිල ගනන් තරමක් වැඩියි.
Blogger ගැනනම් ඉතින් කොහොමත් කියන්න දෙයක් නැහැ. අපේ බ්ලොග් අඩවිය නිතරම 100% Uptime. Bandwidth Unlimited. Google servers ගැන කියන්න දෙයක් නැහැනෙ.
මම දිගටම පාඩම් මාලාවක් කරන්න හිටියෙ html ඇතුලුව සියලුම දැනට තිබෙන මූලික වෙබ් තාක්ෂණයන් සම්බන්ඳව මට පුලුවන් තරමින්. ඒත් අපේ කට්ටියගෙ එතරම් ඒසම්බන්දව ආකර්ෂණයක් නොමැති නිසා. මම අතඇරල දැම්ම. මම මටම උගන්නගෙන වැඩැක් නැහැනෙ!!!. කෙසේ වෙතත් මම ඒගැන ඉදිරියෙදි සලකා බලන්නම්.
බොහොම ස්තුතියි iPlus ඔයාගෙ අදහස් දැක්වූවාට. ඔයාට සුබ දවසක්!
[සඳරු #10] අප්පේ සඳරු අයියත් මේ පැත්තෙ ඇවිල්ල තියෙන්නෙ!!! බොහොම ස්තුතියි ඔයාගේ තුති පිදුම් වලට.
බ්ලොග්කරණයට අළුත් අපි වැන්නන්ට ඔබ ඇතුළු අනෙකුත් ෙජ්‍යෂ්ඨ සහෘදයන්ට අපගේ ස්තූතිය පුද කරනවා. බ්ලොග් එකකට විවිධාකාර ටැබ්ස් ඇතුළු අනෙකුත් අකාර්ශණීය දේවල් ඒකතු කිරීම පිළිබඳවද පැහැදිලි කිරීම් කරන්න කියා ඉල්ලා සිටිනවා.
[Kandyangate #12] අනේ මම නම් තාම පොඩිකොල්ලෙක්. බ්ලොග් ලියන්න ඇවිල්ලත් තාම වෙන්නෙ මාසයයි දවස් 2යි. ජේ්‍යෂ්ඨයෙක් කියන කොට ලැජ්ජත් හිතෙනව.:D අනිවාර්යෙන්ම මට පුලුවන් විදියට ගුණාත්මක දෙයක් දෙන්න මම බලාපොරොත්තු වෙනව. බොහොම ස්තුතියි අදහස්දැක්වූවාට.
This comment has been removed by the author.
[Lanka Web Designer #14] බොහොම ස්තුතියි අදහස් දැක්වූවාට. ඇයි Comment එක delete කරේ? ඔයා වැරදි දෙයක් කියල නැහැනෙ. කෙසේ වෙතත් Comment එක මට ආව. ඔයා දක්වපු අදහසට ප්‍රතිචාරයක් දක්වනවනම්, මම ලිපියෙ කීප තැනකම පැහැදිලිවම කියල තියෙනව මම කතා කරන්නෙ Wordpress.com සපයන සේවාව සම්බන්දව මිසක් Wordpress.org මගින් නොම්ලේ සපයන CMS එක ගැන නෙමෙයි කියල. මොකද Wordpress.com සපයන්නෙ ගොඩක් සීමාවන් දාපු සේවාවක්. ඒක හොඳටම පැහැදිලි වෙනවනේ මගේ ලිපිය සිහිබුද්ධියෙන් කියෙව්වම. ඒකටත් හේතු ගොඩක් තියෙනව මොකද CMS එක ආරක්ෂාව අතින් හොඳ තත්වයේ තිබුනාට ඒකට බාහිර PLUGINS සම්බන්ද කිරීමේදි ඒවායේ තිබෙන දුර්වලතා උපයෝගීත්වයෙන් විනාශකාරී ප්‍රතිඵල ඇතිවෙන්න පුලුවන් නිසා. ඒවගේම එම සේවාවෙ ප්‍රතිපත්ති ඇතුලු ගොඩක් දේවල් මේකට බලපානව.
Wordpress CMS එක අපේම කියල වෙබ් ඉඩක දාවනයේදී අපිට කරන්න පුලුවන් දේවල් අසීමිතයි. ඒකට අවශ්‍ය වෙන්නෙ තාක්ෂණික දැනුම සහ නිර්මානශීලීත්වය පමණයි. Blogger වලිදි අපිට බාවිතා කරන්න ඉඩ ලැබෙන්නෙ HTML,XML යන Markup languages සහ CSS සහ JAVASCRIPT පමණයි. Logical Decisions බාවිතයේදී XML ඉතා සුලුවෙන් හසුරුවන්න පුලුවන්. JAVASCRIPT බාවිතයෙන්නම් තරමක් දුරට BLOGGER වලට යමක් කරන්න පුලුවන්. ඒත් WORDPRESS Selfhosted SITE එකකදි PHP,JAVASRIPT,XML යනාදිය අපිට ඕනෑ විදියට වෙනස් කරන්න පුලුවන්, database handling තමාට රිසිසේ කරන්න පුලුවන්! ඉතින් අපිට කරන්න පුලුවන් දේවල් අසීමිතයි. අනික PLUGINS උනත් දහස් ගානක් තියෙනවනෙ. අනික Wordpress CMS එක දැනට ලෝකයේ වැඩියෙන්ම බාවිතා වන CMS එක. එහි ප්‍රබලත්වය ගැන කිසිම විවාදයක් නැහැ. අනිත්දේ Wordpress කරන්නෙ ආයතනයක් මූලික වෙලා. ඒ අය මෙහි ගුණාත්මක තත්වය ගැන ගොඩක් සැලකිලිමත් වෙනව.
හැමෝම දන්න Mashable.com බ්ලොග් අඩවියත් දාවනය වෙන්නෙ Wordpress මත ඒකෙන්ම පේනවනෙ එම CMS එකේ තියෙන ප්‍රබලත්වය. නැවතත් බොහොම ස්තුතියි ඔයාගේ වටිනා කාලය ප්‍රතිචාරයක් වෙනුවෙන් කැපකලාට. ඔයාට සුබ දවසක්.
patta wadak kollo
අපූරැයි. සොයමින් සිටි දෙයක්. ස්තුතියි.
Post eka hoday
godak wadagath lipiyak...danuwathkalata thanks
මම නම් උඩින්ම කැමති වර්ඩ්ප්‍රෙස් වලට (සෙල්ෆ් හොස්ටඩ්). ඇත්තෙන්ම කිව්වොත් කරන්න පුලුවන් දේවල් අසීමිතයි තමා. තමන්ට ඕනෙ ප්ලගින දාල ඕනෙ ඕනෙ විදිහට අඩවිය සකසගන්න පුළුවන්. ඕනෙ විදිහෙ සයිට් එකක් හදාගන්න පුලුවන්. වර්ඩ්ප්‍රෙස් කියල හිතාගන්නවත් බැරි විදිහට හදන්න පුලුවන්. ප්ලගින දහස් ගණනක් නෙමෙයි, ලක්ෂ ගණනින් තියෙන්නෙ. ඇයි තීම්ස්? ඕනෙ ඕනෙ විදිහෙ තීම් තියෙනව. සමහර තීම් දකිනකොට ඒක පාවිච්චි කරල අලුතින්ම සයිට් එකක් හදන්න තරම් හිතෙනව. :)
@Madhawa aiya
ඒක ඇත්ත අයියා..දැන් හැමෝම වගේ භාවිතා කරන්නේ වර්ඩ්ප්‍රෙස් තමයි. මම වගේ දුප්පත් කොල්ලො තමයි තාම blogger use කරන්නේ ;)
Post a Comment