Friday, November 11, 2011

මිනිත්තු 5කින් නොමිලේම ඔබගේ වෙබ් අඩවියට හෝ ‍බ්ලොග් අඩවියට ඔබටම කියල Android හා Nokia ජංගම දුරකථන වලට සහය දක්වන App එකක් සාදාගන්නා විදිය.

අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ තමන්ගෙ බොලොග් අඩවි‍ය සඳහා හෝ වෙබ් අඩවිය සඳහා සම්පූර්ණයෙන්ම නොම්ලේ තමන්ටම කියල App එකක් හදා ගන්න විදිය.

මේ App එක අපි බාවිතා කරන්නෙ නවතම Android හා Nokia ජංගම දුරකථන සඳහා. ලෝකයේ අන්තර්ජාල බාවිතා කරන්නන්ගෙන් ඉතා විශාල ප්‍රතිශතයක් අන්තර්ජාලයට පිවිසෙන්නෙ තමන්ගෙ ජංගම දුරකතනයෙන් කියන එක නොරහසක්. මොදක ජංගම දුරකථනය කියන්නෙ දැන් අපේ ජීවිතේම කොටසක්නෙ. එහිදී සාමාන්‍ය විදියට අන්තර්ජාලයේ සැරිසැරීමට නම් ජංගම දුරකථනයේ ස්තාපිත කොට ඇති වෙබ්බ්‍රව්සරය හරහා තමයි තමන්ට අවශ්‍ය දේ හොයා ගන්න වෙන්නෙ. නමුත් මේ ක්‍රමය ටිකක් කරදර කාරී දෙයක්. ඒකට හේතු කිහිපයක්ම තියෙනව පහත ඒවායින් කිහිපයක් මම සරලව දක්වල තියෙනව.

01 - ජංගම දුරකථනවල වෙබ්බ්‍රව්සර් වල තිරය කුඩාවීම.

02 - Desktop පරිගණක සඳහා තැනූ වෙබ් අඩවි ඒ ආකාරයෙන්ම ජංගම දුරකථනවල දර්ශනය නොවීම.

03 - වෙබ් අඩවිය හැසිරවීම තරමක් වෙහෙසකාරී වීම.

04 - වෙබ් අඩවියෙහි Desktop සංස්කරණයෙහි විශාලත්වය වැඩි නිසා ජංගම දුරකථනයට පැමිණෙන්න(Load) විශාල වේලාවක් ගත වීම.

ඉහත සඳහන් කෙරෙනු පොදු කාරණා වලට අමතරව තමන්ගේ වෙබ් අඩවියෙහි ඇති විශේෂතා නිසාම එම වෙබ් අඩවි ජංගම දුරකථන අතරට ගෙනයන්න දැන්දැන් විශාල ව‍ශයෙන් මේවගේ Apps නිර්මාණය වෙනව. මෙම Apps වෙබ් අඩවියක් සඳහාම කියල නියමයක් නැහැ. ඕ‍නෑම සේවාවක් පහසුවෙන් හැසිරවීමට හා ලබාගැනීමට මේ වගේ apps අපට නිර්මාණය කරන්න පුලුවන්. ඇත්තටම දැන් මේක හොඳ මුදල් ඉපයීමේ මාර්ගයක් වෙලා. උදාහරණයක් විදියට හිතන්න ඔබ නිර්මාණයක කරපු Android app එකක් 30$ ගානෙ Android Market එකට දැම්මයි කියල. ඒක ලොවපුරා මිලියණයක් අලෙවි වූවානම් ලැබෙන මුදල කොහොමද කියල!!! නමුත් මෙය හිතන තරම් ලේසිපහසු කටයුත්තක් නම් නෙවෙයි.

මේ වගේ App එකක් වෙබ් අඩවියකට ති‍බීම මගින් ලැබෙන වාසි මොනවාද?


ඒගැන සරළ වැටහීමක් ඉහත මාගේ විස්තරයෙන් ලබාගන්න පුලුවන්. තවදුරටත් පැහැදිලි කරනවානම් මේ මගින් අපගේ වෙබ් අඩවියට ලැබෙන පැමිණීම් සංඛ්‍යාව වැඩිවෙනව. මොකද බාවිතා කරන්නන්ට මේ app එක හරහා  ඉතා වේගයෙන් මේන්ම පහසුවෙන් අපගේ වෙබ් අඩවිය පරිශීලනය කරන්න අවස්ථාව ලැබෙන නිසා.

බ්ලොග් අඩවිය සඳහා හෝ වෙබ් අඩවිය සඳහා App එක නිර්මාණය කිරීම.


01 - මේ සඳහා http://ibuildapp.com ‍යන වෙබ් අඩවියට යන්න.

රූප පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න

02 - මීලඟට මෙම වෙබ් අඩවියේ ගිණුමක් ආරම්භ කරන්න. කැමතිනම් තමන්ගෙ Facebook ගිණුම හරහා උනත් සම්බන්ද වෙන්න පුලුවන්.

03 - Create App යන Button එක Click කරන්න.

04 - Native iPhone/Android App හරහා යන්න.

05 - මීලඟට වෙබ් අඩවියේ පහතින් ඇති Custom App යන්න තෝරා(Select) ඒ හරහා යන්න.

06 - දැන් ඔබ කැමති නමක් ඔබගේ App එක සඳහා දෙන්න.

07 - Android යන්න තෝරා ඒ හරහා යන්න.

මීලඟට කරන්න තියෙන දේවල් ටික හරිම පහසුයි. මේ සඳහා වෙබ් අඩවියෙන් ඉතාම පහසුවෙන් හසු‍රුවන්න පුලුවන් අතුරුමුහුණතක්(GUI) ලබාදීල තියෙනවා. පහත රූපය හොඳින් නිරීක්ෂණය කරන්න.

රූප පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න

08 - ඔබ කැමති LOGO එකක් ලබාදෙන්න, App එකේ පසුබිම් වෙනස්කරන්න අවශ්‍යනම් කැමති image එකක් upload කරන්න. ඔබ කරන සියලු වෙනස්කම් අනුව App එක වෙනස්වනු ලබන ආකාරය හා එය සජීවී ආකාරයෙන් ජංගම දුරකතනයක් තුල දිස්වන ආකාරයේ දර්ශණයක් වෙබ් අඩවියෙහි වම් පසින් දැකගන්න පුලුවන්.

09 - මීලඟට ඔබ පියවෙරෙන් පියවර ඉදිරියට යමින් ඔබට අවශ්‍ය ආකාරය Default settings වෙනස් කර ගන්න. ඒම පියවරයන් ඉතාම සරල ඒව. ඒනිසා ඒව මම එකින් එක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ කියල හිතනව.

රූප පැහැදිලි නොමැතිනම් එය මත Click කරන්න

10 - අවසාන අවශ්‍යයෙන් ඔබ සෑදූ app එක download කරගන්න. එපමනයි. දැන් ඔබගේ වෙබ් අඩවියටත් ඔබගේම කියල app එකක් තියෙනව.

ඔබට පසුව උනත් ඔබගේ ගිණුමට log වෙලා ඔබගේ app එකේ යම් යම් වෙනස්කම් කරන්න පුලුවන්. එහිදී ඔබ ඔබගේ app එක අන්තර්ජාලයට යොමුකරලනම් තියෙන්නෙ. ඔබ කරන සියලු වෙනස්කිරීමක්ම ඔබගේ app එක බාවිතාකරන්න අයෙගෙ ජංගම දුරකථන වලට යනව. ඒකියන්නෙ ස්වයංක්‍රීයවම ඔයාගෙ app එක update වෙනව. ඔයාලට අවශ්‍යනම් 25$ ගෙවල ‍app එක Android Market  එකට දාන්න පුලුවන්. නැත්නම් ඔයාල පරිගණකයට download කරගත්තු app එක නො‍මිලේ file upload කරන්න දෙන වෙබ් අඩවියටක upload කරල link එක වෙබ් අඩවියෙහි දමන්න පුලුවන්. උත්සාහ කරල බලන්න අපූරු අත්දැකීමක් වෙයි.

SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.

5 comments: Post a comment

[-Nirod Ishara- #1] බොහොම ස්තුතියි ඉෂාර.

Thanks machan.
Onna mama apps ekak haduwa kohomada balanna.
My New Android Apps.
Now u can Download this Link.
http://www.2shared.com/file/kF--N-OP/LatestMoviesLK.html

[gani01 #3] බොහොම සතුටුයි gani01. මේ බ්ලොග් එකෙන් කෙනෙක් ප්‍රායෝගිකව දෙයක් ගන්නව දකින එක තරම් සතුටක් මට තවත් නැහ. ඔයාට සුබ අනාගතයක් gani01.

Post a Comment