Thursday, October 27, 2011

කොතරම් පාඩම් කලත් අමතක වෙනවද? මතකය වර්ධනය කරගන්න කැමතිද? මෙන්න ඒ සඳහා ක්‍රම සහ විදි.

Memory Increase Tips
ඕනෙම කෙනෙක් විභාගයකට සූදානම් වීමට ප්‍රථම තමාගේ මතක ශක්තිය හොඳ මට්ටමකට ගෙන ආයුතුයි. මේ සඳහා මතක වර්ධන3ය සඳහා වන දේවල් කරන්න අවශ්‍ය වනව. මතකය කියන්නෙ තොරතුරු සමූහයකට. මෙම තොරතුරු අපගේ ඇස, කණ, නාසය, දිව, සම යන සංවේදී අවයව පහෙන්ම ඇතුලු වෙනු ලබනව. නමුත් මෙසේ ඇතුලුවන සියලුදේම අපගේ මතකයේ රැදෙන්නෙ නැහැ.

 ඇතම් තොරතුරු සුළු වේලාවක් මතකයේ රැඳී ඉවත්වෙනව. ඇතැම් තොරතුරු දීර්ඝ කාලයක් මතකයේ රැදෙනව. පරිසරයේ සිදුවෙන සියලුම දේවල් මතකයේ රැදුනොත් ඔහු හෝ ඇය අනිවාර්යෙන්ම උන්මත්තකයෙකු වනු ඇත. ස්වභාවයෙන්ම අපගේ මතක ගබඩාවේ පවතින තොරතුරු කාලයත් සමග අමතක වී යයි. එය එසේ සිදුවිය යුත්තක් සහ එය අතිශය සාමාන්‍ය දෙයක්ද වේ.‍ කෙසේවෙතත් විභාගයකට සූදානම් වන්නෙකුට ‍වගේම ඕනෑම අයෙකුට යම් තොරතුරු ප්‍රමාණයක් දීර්ඝකාලීනව තම මතකයේ තබාගැනීම අනිවාර්ය්‍ය වේ. මෙහිදී වැදගත් වන්නේ එම මතක තබා ගන්නා ලද තොරතුරු නැවත ස්මරණය(Recall) කිරීම සහ යාවත්කාලීන වීම සමග එම තොරතුරු දීර්ඝ කාලයක් නොනැසී මතක තබා ගැනීම(Retention). මෙසේ සඳහා සුවිශේෂ මතක වර්ධණ ක්‍රම රාශියක් අපිට අනුගමණය කරන්න පුලුවන්. හොදයි දැන් අපි බලමු ඒවා එකින් එක අරගෙන.


01:  ඔබ අධ්‍යයනය කරන ලබනු දෙය සම්බන්දව ඔබගේ අවධානය(Attention) සම්පූර්ණයෙන් යෙදවීම.


මතකයේ ප්‍රධානම දේ තමයි අවධානය. ඔබට අවධානය නොමැතිව කිසිඳු දෙයක් ඉගෙනීමට නොහැකිය.යම් තොරතුරක් මුලින්ම කෙටි කාලීණ මතකට පවා ඇතුලත් වීමට අවධානය කියන දේ අවශ්‍ය වෙනව. ඔබ අවධානය යොදනු ලබන ප්‍රමාණය මත සහ ක්‍රම මත එම තොරතුරු කෙටි කාලීණ මතකයේ සිට දීර්ඝකාලීණ මතකයට යනු ලබන ප්‍රමාණය තීරණය වෙනව. උදාහරණයක් ගතහොත් ඔබ ඉතා ආසාවෙන් කැමතිම චිත්‍රපටයක් රසවිඳින කොට ඔබට අවට පරිසරය පිළිබඳ කිසිදු අවධාණයක් නොමැත. ඇතැම් විට කෙනෙකු ඔබට උස්හඬින් කතා කලද ඔබට එය නොඇසෙනු ඇත. මක්නිසාද යත් එම අවස්තාවේ ඔබගේ සම්පූර්ණ අවධාණය යොමු වී ඇත්තේ එම චිත්‍රපටයට නිසාවෙනි. මේ ආකාරයෙන් සම්පූර්ණ අවධාණය ඔබට ඉගෙනුම් කටයුතු සදහාද යෙදවිය හැකිනම් අනිවාර්යෙන්ම එම තොරතුරු ඔබගේ දීර්ඝ කාලීන මතකයේ රැදෙනු ඇත. කෙසේ වෙතත් ඔබ කරනු ලබන දෙය මත ඔබ කෙරේ ඇති උනන්දුවේ ප්‍රමාණය මත එය තීරණය වේ. ඔබ යම් දෙයක් කරන විට එය ඉහල අවධානයකින් කිරීමට අවශ්‍ය නම් එයට බාදා වෙන එනම් ඔබගේ අවධානය වෙනතකට යොමු වන දේවල් වලින් ඈත් වන්න. උදාහරණයක් වශයෙන් ඔබ යම් දෙයක් පාඩම් කරන විට රූපවාහිණිය, රේඩියෝව වැනි දේවල් වලින් ඈත් වෙන්න. කිසියම් කෙනෙක් කියනවානම් රූපවාහිණිය නරඹණ ගමන් සහ රේඩියෝවට සවන් දෙන ගමන් හොඳින් පාඩම් කල හැකිය කියා එය අමූලික බොරුවකි. මන්දයත් එවිට අපගේ සම්පූර්ණ අවධාණ කොටස් ‍වලට බෙදීයන නිසාවෙනි. මතකයෙහි ඉහල ‍ප්‍රතිඵල ලැබීමට නම් එක් වරකට එක්දෙයක් පමණක් කිරීම සුදුසුය.

02: එකිනෙකකට සමාකාර වන තොරතුරු සියල්ලක්ම කටපාඩම් කිරීමෙන් වලකින්න.


ඔබ යම් විශය කරුනක් ඉගෙනීමේදී එහි ඇති සියලුම ඉස්පිළි, පාපිළි ගානේ මතක තබා ගන්ට සහ එක දිගට  එක හා සමාන විශය කරුණු රාශියක් කටපාඩම් කිරීමෙන් ඔබට නිසි ප්‍රතිඵල අත්නොවෙනු ඇත. කල යුත්තේ යම් දෙයක් පාඩම් කරණවිට එයට හැකිතරම් ආධාරක එක් කරගැනීම සහ එයට සම්බන්දව අභ්‍යාසයන්ගේ නිරත වීමයි. උදාහරණය දෙකක් සලකා බලමු.

01 ඔබ ජීව විද්‍යාවේ එන මිනිසාගේ ඇස සම්බන්දව පාඩම් කරණවායයි සිතමු.


මුලින්ම එයට අදාල විශය කරුණු සියල්ලක්ම කියවා. එහි ඇති රූප සටහන් පිළිබඳ ඔබගේ අවදානය යොමු කරන්න. මීළගට එහි ඇති රූප සටහන් බලාගෙන ‍කොලයක ඇඳ කොටස් නම් කරන්න. මෙය කිහිප විටක් සිදුකිරීම සුදුසුය. ඉන්පසුව එම රූප සටහන් මූලික ප්‍රභවය නොබලා අඳින්න. ඔබ එහි සම්පූර්ණයෙන් සාර්ථක වූ පසුවත් කිහිප විටක් වරින් වර මෙය කිරීම සුදුසුය. දැන් ඔබට එම විශය කරුණ සම්බන්දව යම් සබවාදී හැගීමක් දැනෙනුඇත. එවිට ඔබ නිරායාසයෙන්ම එහි අනෙකුත් විශය කරුණු ඉගෙනීමට යොමු වෙනු ඇත. සාමාන්‍යයෙන් වචන වලට වඩා ඉතා විශාල කාර්යයක් රූප මගින් සිදු කරයි. මෙම උදාහරණය මගින් මම උත්සාහ ක‍රේ යම් විශය කොටසක් පාඩම් කිරීමට පටන් ගත් විගසම සාම්ප්‍රදායික ආකාරයට එහි සෑම කොටසක්ම කිය‍වාගෙන යාම වෙනුවට හැකි තරම් එයට ආධාරක එක්කොට ගනිමින් එම කාර්යය යම් විනෝදයක් ගෙන දෙන ආකාරයට සිදුකරන ආකාරය ගැන මූලික හඳුන්වාදීමක් කරන්නයි.

02 ඔබ ගණිතයේ ත්‍රිකොණමිතිය ඉගෙන ගන්නවායයි සිතන්න.


ත්‍රිකෝණ මිතියේ විවිද සංකල්පයන් දක්නට ලැබේ ‍එම එක් එක් සංකල්ප ඉගෙන ගැනීමේදී එම එක් එක් සංකල්පයට අදාලව යම් අභ්‍යාස ප්‍රමාණයක් ඔබ කල යුතුය එවිට බොහෝවිට එක හා සමාන ගැටලු විසදීම සිදුවේ. නමුත් ඔබ ත්‍රිකෝණමිතියෙහි සියලුම සංකල්ප උගෙන ඇති නමුත් ඔබ සිදු කරන්නේ එක් සංකල්පයකට අදාල ගැටලු විසඳීම පමණක් නම් එහි ගැටලුවක් පවතී. එය ඔබම ඔබ විසින් රවට්ටාගැනීමකි. සිදුකල යුත්තේ ත්‍රිකෝණමිතියේ එන සියලුම සංකල්ප එකිනෙක සම්බන්ද කරමින් එන ගැටලු විසඳීම සහ ඔබ විසින්ම එවැනි ගැටලු නිර්මාණය කිරීමයි. එනම් ඉගෙනුම ක්‍රියා වලියේදී එයට ඔබ සක්‍රීයව දායක වීමයි. මෙසේ සිදුකරන විට සියලම විශය කරුණු හොඳින් මතකට ඇතුලු වීම වගේම එම කරුණු නැවත ස්මරණ හැකියාවද වැඩිදියුනු වීම සිදු වේ.

03: ඔබ මතක තබාගන්නා දේ සම්බන්දව යම් ක්‍රමාණුකූල සැලැස්මක්(Structure) පිළියෙල කර ගැනීම සහ කරුණු පෙළ ගැස්සවීම.


මෙහිදී කෙරෙනුයේ යම් තොරතුරු සමූහයක් වඩාත් සරල මෙන්ම ක්‍රමාණුකූල ආකාරයට පිලියෙල කිරීමයි.මෙහිදී සමාන තොරතුරු එක් ගොඩකට දැමීම, තොරතුරු දැක්වීම සඳහා වගු භාවිතය, රූප සටහන් භාවිතය  විවිද වර්ණයන් යම් ක්‍රමාණුකූල පිළිවෙලකට භාවිතා කිරීම. කරුණූ ගොණු කිරීමේදී තරුලකුණු වෙනුවට හැකිතරම් ඉලක්කම් භාවිතය, ප්‍රස්තාර භාවිතය, බහුමාධ්‍ය භාවිතය(Multimedia) ඒ යටතට ඡලන රූප භාවිතය(Video) ශබ්ද(Sounds) භාවිතය හා අනෙකුත් තාක්ෂණික ක්‍රම ඉදිරිපත් කරන්න පුලුවනි. මෙය සරල උදාහරණයකින් පැහැදිලි කර ගනිමු.

1 ඔබ විද්‍යා විශයෙහි එන ජල චක්‍රය හදාරනවායයි සිතන්න.


ජල චක්‍රයේ එන සිද්ධාන්ත ඉතා සරලව අපිට රූප සටහනක් බාවිතයෙන් අපිට ඉදිරිපත් කරන්න පුලුවන් එවිට එහි සියලමු සිද්ධාන්ත යම් ක්‍රමාණුකූල ආකාරයකට සරලව අපිට මතක තියාගන්න පුලුවන් සහ ඉතා පහසුවෙන් එම කරුණු නැවත වේගයෙන් ස්මරණයක කරන්නටද හැකි වෙනව.

04: තාක්ෂණික ආධාරක භාවිතය සහ ආදේශික ආධාරක භාවිය.


මේ යටතට නවීණ ක්‍රම වන පටිගත කරන ලද හඬ පට වලට නැවත නැවත සවන්දීම, එම විශය කරුනට අදාලව වීඩියෝ පට බැලීම, යම් විශය කරුණක් යම් ගීතයක තාලයට අනුරූපීවන ලෙසට සකස්කොට ගැනීම හෝ විහිලුවකට ආදේශ කොට ගැනීම දක්වන්න පුලුවන්. මෙය ඉතාම සාර්තක ක්‍රමයක් විදියට මම පවුද්ගලිකව අත්දැකපු දෙයක්. ඉතා අපහසු විශය කොටස් මතක තබාගන්න මෙම ක්‍රමය භාවිතා කරන්න පුලුවනි.

05: නැවත සිහිගැන්වීම හා ප්‍රතිසංස්කරණය කිරීම.


මෙහිදී අප අධ්‍යයනය කරන ලද විශය කොටස් පසුව නැවත පරීක්ෂා කිරීම සිදු‍ කෙරේ. මෙය අපට එම කරුණු නැවත ආවර්ජනය කරමින් ක්‍රමාණුකූලව සහ පිලිවෙලකට ලිවීම මගින් කල හැකිය එහිදී යම් කරුනු ඔබට මතකයට නොපැමීමට පුලුවන්, එහිදී එම විශය කොටස් නැවත පරිශීලනය කිරීම කරීම සිදු කල හැකිය. ඉන්පසුවත් ඉහත ආකාරයට එම කරුණු ලිවීම මගින් දැනට ඔබට ධාරණය වී ඇති ප්‍රමාණය සම්බන්දව ඔබට නිශ්චිත අවබෝදක් ලබාගත හැකිය. මෙය සිහි කැඳවීමෙන් කිරීම එතරම් යෝග්‍ය නොවේ. මන්ද යත් අප අමතකයි කියා සිටින දේවල් ඇතැම් විට අපට පහසුවෙන් පිලිතුරු සැපයීමේදී ස්මරණය කල හැකිවා මෙන්ම මතකයයි සිතන දේවල් පහසුවෙන් ස්මරණය කල නොහැකි වීමයි. එම නිසා විශය කරුණු අධ්‍යයනයෙන් අනතුරුව නැවත නැවත ලිවීම ඉතාම හොඳ මතක තබා ගැනීමේ ක්‍රමයක් ලෙස ඉදිරි පත් කල හැකිය.

06: අධ්‍යයනය කරණලද දේවල් හා  අලුතින් අධ්‍යයනය කරන දේවල් එකිනෙක සමග හැකි සෑම විටම සම්බන්දතා ගොඩනැගීම.


ඔබ කිසියම්  අලුත්දෙයක් අධ්‍යයනය කරන්ට යන විට හැකි සෑම විටම ඊට අධාල වන්නාවූ ඔබ කලින් හදාරා ඇති සංකල්ප සහ අත්දැකීම් තුලින් ඒ දෙස බැලීම ඔබට නව සංකල්පය පහසුවෙන් හා වේගයෙන් තේරුම් ගැනීමට පහසු කරවනවා ඇත. එහිදී ඇති සම්බන්දතා දෙස බැලීමේදී ඇතැම් විට ඔබට එහි අලුතෙන් දෙයක් ඉගෙනීමට නොමැති වන්නට පුලුවන. හුදෙක් එය අලුත් නමක් යෙදූ හා නව ආකාරයකින් ඉදිරිපත් කරන ලද ඔබ පෙර උගෙන ගෙන ඇති සංකල්පම විය හැකිය.

07: හදාරා ඇති දේ යම් ක්‍රමාණුකූල ආකාරයට මනසින් චිත්‍රණය කිරීම(Visualize) හා රූපයට නැගීම.


ඇතැම් අවස්තාවලදී අපි නොදැනුවත්වම මෙය සිදු කරනු ලබයි උදාහරණයක් විදියට ඔබ නවකතාවක් කියවන විට එහි ඇති චරිත සහ සිදුවීම් මනසින් චිත්‍රරණය කරයි. මෙය අපගේ අධ්‍යාපණ කටයුතු සඳහාද භාවිතා කරන්න පුලුවන් උදාහරණයක් විදියට ජීව විද්‍යාවේ එන ජෛයිව පරිණාමය යන කොටසේදී ක්‍රමිකව මාණවයා විකාශනය වන ආකාරය අපිට මණසින් චිත්‍රණය කරන්න පුලුවන්. ඒ වගේම ඒ සම්බන්දව වන සියලුම විශය කරුණු අපිට තනි රූපයකට ගත හැකියි. මෙහිදී එම විශය කරුණු යම් ක්‍රමාණුකූල ආකාරයකට නැවත ස්මරණයක කිරීම සිදුවේ. මෙය නැවත නැවත කිරීමෙන් කෙටි කාලීන මතකයේ තිබෙන එම කොටස් දීර්ඝ කාලීන මතකයට ගමන් කිරීම ඉතා වේගයෙන් හා ස්තාවර ආකාරයෙන් සිදුවෙයි. ඒ වගේම එසේ පිලියෙල කරන ලද රූප සටහන් නිතර නිතර බැලීම වගේ දේවල් මේ ගණයට අයත් වේ.

08: ඔබ දන්නා දේ නොදන්නා කෙනෙකුට කියා දීම.


මෙමගින් තමන්ගේ ස්මරණ හැකියාව සහ ස්මරණය කරගන්නා ලද තොරතුරු නිවැරිදි හා ක්‍රමාණුකූල ආකාරයට ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. තවද ඔබ උගත් විශය කරුණු සම්බන්දව ඉතා ඉහල ස්තාවරත්යක් සහ ආත්ම විෂ්වාසයක් ඇති වේ.

09: වැඩි අවධානයක් අපහසු විශය කරුණු කෙරෙහි යොමු කිරීම.


ඔබට සාමාන්‍යයෙන් යම් දෙයක් වටහා ගැනීමට හා මතක තබාගැනීමට ගතයුතු ආයාශයට වඩා වැඩි ආයාශයක් යම් දෙයකට යොදවන්ට වෙනවානම් ඒ දෙය ඔබට අපහසු දෙයක් වීමට පුලුවන. මෙය ඔබ සිටින මානසික තත්වය අනුව වෙනස්වන්න පුලුවන්. මෙහිදී කල යුතු වන්නේ වැඩි අවධානයක් හා ඉහත සඳහන් විශේෂ ‍ඉගෙනුම් ක්‍රම හා මතක තබා ගැනීමේ ක්‍රම වැඩි වශයෙන් ඒ සඳහා යොදා ගැනීමයි. දින කිහිපයක් එසේ වැඩිපුර අභ්‍යාසයන්හි යෙදීමෙන් එම අපහසු විශය කොටස ඔබට ඉතා පහසු දෙයක් වනවා ඇත.

10: ඉගෙනුම් ක්‍රියාවලිය උදෙසා තමන්ගේම ක්‍රමයක් භාවිතා කිරීම.


එක් එක් පුද්ගලයන්ගේ දින චර්යාව, පෞරුෂය, රුචි අරුචිකම් එකිනෙකට වෙනස්ය එම නිසා ඒ ඒ පුද්ගලයාට වඩාත්ම ගැලපෙන දේ ආදේශ කරගත හැකිවන්නේ ඔහුටම පමණි. මෙය අධ්‍යයන ක්‍රියාවලියටද අදාල දෙයකි. ඇතමෙකුට පාඩම් කරණ ස්තාණය. පාඩම් කරන ආකාරය. පාඩම් කරණ වේලාව වැනි දේවල් තදින්ම එම ක්‍රියාවලියේ සාර්තකත්වයට හේතුවිය හැකිය. එම නිසා තමන්ට හරියටම ගැලපෙන  ආකාරය තමන්ම තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. මෙහිදී ඇතැම් විට පාඩම් කිරීමට හා මතකය ඉහල දමාගැනීමට භාවිතා කරන දේවල් තමන්ටම සුවිශේෂී විය හැකිය. මෙහිදී ඇති වැදගත්ම දේ තමන් තමන්ටම සුවිශේෂී ලෙස අනුගමණය කරන දේවල් වලින් තමාට සාදනීය ප්‍රතිඵල උදාවී ඇතැයි යන සහතිකය තමාටම දීගත හැකි වීමයි.

හොඳ කොල්ලෙක් වෙන හැටි

Good boy
අද කාලෙ කොල්ලන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්නෙ නරක ළමය නැත්නම් නරක කොල්ල  කියන ලේබල් එක වදින එක. පොඩි කාලෙනම් බොහෝ විට ළම්යි වැඩිහිටියන් අනුමතනොකරන දේවල් කරන්නෙ වැඩිහිටියන්ගෙ අවදානය තමා වෙත යොමුකරගැනීමේ ක්‍රමයක් විදියට. කෙසේවෙතත් වැඩිහිටි වියට පත්වෙන කොට තමා ජීවත් වෙන පරිසරයෙන් සමාජය සම්මත නොකරන ඇතැම් දුර්ගුණයන් තමාට දැනුවත්ව හෝ නොදැනුවත්ව ආරෝපණය වන්නට පුලුවන්.

එවිට දෙමාපියන්ගෙන්, පාසලේ ගුරුවරුන්ගෙන්, යහලු යෙහිලියන්ගෙන් ආදී වශයෙන් නරක කොල්ලෙක් කියන ලේබලය වදින්ට පුලුවන්. මේනිසා යහපත් යහලු යෙහෙලියන්ගෙන් ‍කොන්වීම, ගුරුදෙගුරුන්ගෙන් හා වැඩිහිටියන්ගෙන් අනවශ්‍ය විදියට තාඩන පීඩණ වලට ලක්වීම සහ තමාට ලැබෙන්න තියෙන ඇතැම් වරප්‍රසාද අහිමිවීයාම සිදුවන්න පුලුවන්. මෙහි ඇති භයානක තත්වය නම් මෙසේ කාලයක් ළමයෙකු ලේබල් කිරීමෙන් එම ළමයා හෝ තරුණයා සමාජයට වෛර කරන, සමාජයට හානිදායක පුද්ගලයෙකු බවට පත්වීමයි.

ඔබ තරුණයෙක් නම් සහ දැනටමත් ඔයකියන ලේබලය වැදී ඇත්නම් පහත සඳහන් කරුණු කිහිපය ටික කලක් මුලදි ආයාශ‍යෙන් හෝ අත්හදා බැලීමෙන් ඔ‍බගේ ජීවිතයට නැවුම්බවක් උදාකරදිය හැකිය. අපි සමාජ සත්‍‍වයෝ වෙමු. අපිට සමාජයෙන් හුදකලාවී ජීවත් විය නොහැකිය. එම නිසා සමාජය තුල තමන්ට හිමි තැන තමන්ම තීරනය කරගත යුතුය. එවිට එය ඔබ මියෙන තුරු ඔබට ලැබෙන මහත් වූ දායාදයක් වන්නේය.

දෙමාපියන්ට, වැඩිහිටියන්ට, ගුරුදෙගුරුන්ට ගරු කිරීම.


මෙය බොහෝවිට ළමාකාලය තුල දැකිය හැකි කරුණක් වූවාට, ක්‍රමයෙන් කරදඬු උස්මහත් වෙනකොට නොසලකා හරින කරුණකි. තමා දෙමාපියන්ට, වැඩිහිටියන්ට, ගුරුදෙගුරුන්ට ගරු කරණ විට ඔවුන්ගේ සිතේ ඔබ ගැන යහපත් ප්‍රතිරූපයක් ගොඩ නැගේ.

පුලුවන් හැම ආකාරයෙන්ම තමා වෙත අනෙකා ආකර්ශනය කරගැනීමට උත්සාහ කරන්න.


මෙය ඔබ ආයාශයක් අරගෙන කලයුත්තක් නොවේ. තමාගේ පිරිසිදු බාවය ගැන සැලිකිලිමත් වීම. පිලිවෙලට ඇදුම් ඇදීම. ආදී පුංචි දේවල් මගින් උබට මෙය කල හැකියි.

කිසි වි‍ටෙක අන්අයට අපහස නොකිරීම සහ ඔවුන් සම්බන්දව බොරු නොකියීම.


බොහෝ විට මෙය යහලු යෙහෙලියන් අතරේ විහිලු‍ව‍ට මෙන් සිදු වූවත් මෙයින් යම් යම් අයහපත් ප්‍රතිඵලයන් උදාවිය හැකිය.

කිසිවෙකු සමග කිසි‍විටෙක ගැටුම් ඇති කර නොගැනීම.


බොහෝ විට තරුණයින් අතර මෙවන් ගැටලු ඇති වන්නේ මිත්‍රයන්ගේ කාරණාවලට තම සීමාව ඉක්මවා කටයුතු කිරීමෙනි. තම ජීවිතයේ සැබෑකරගැනීමට තිබෙන ඉලක්ක සඳහා මෙසේ අනවශ්‍ය කාරණාවලට යොදවන කාලය යෙදවීමෙන් මෙවන් ගැටලු අවම කරගත හැකිය.

තරහව පාලනය කරගැනීම.


බොහෝ විට කොල්ලෙකු තවත් කොල්ලෙකුට තදින් යමක් පැවසුවොත් එයට නොදැවිනි ආකාරයෙන් ක්‍රියා කිරීම සාමාන්‍යයෙන් තරුණයින්ගේ හැටිය. එහෙත් තැන නොතැන නොබලා එසේ ක්‍රියා කිරීමෙන් තමන් මෙතෙක් වර්ධනය කරගත් තමන්ගෙ ප්‍රතිරූපය(Card එක) එක මොහොතකින් නැතිවීයා හැකිය.

හැකි පමණ උදව් උපකාර කිරීම.


සම වයසේ යහලු මිත්‍රයන් අතරනම් මෙය බහුලව ඇති දෙයකි. මෙසේ එකිනෙකාට උදව් උපකාර කිරීමෙන් ඔවුනොවුන් අතර ඉතා ශක්තිමත් මිතුදමක් ගොඩනැගේ. එවිට යහලුවන් අතරද ඔබගේ ප්‍රතිරූපය ඉහල එකක් වනු ඇත. ඔවුන්ගෙන් නිසි ගෞරවය ඔබට ලැබෙනු ඇත. මෙහිදී උදවි උපකාර කිරීමේදී හරි වැරැද්ද සොයා බලා එය කිරීම වැදගත්ය.

අන් අය තමාව රිදවූතැන් සහ තමාගෙ සතුරන්යයි සිතන අය අමතක කරල දාන්න.


මෙවිට ඔබගේ සිතේ එවන් අය ගැන මොහොතක් පාසා ඇතිවෙන වෛරය පහව යනු ඇත. එවන් නපුරු සිතුවිලි සිතෙන් පහව ගිය විට සිතට දැනෙන සැහැල්ලුව අමුතුවෙන් කිවයුතු නැත. අනික එවන් අයට ඔබ දක්වන ප්‍රතිචාරය අඩුවෙන තරමට ඔවුන්ද ඔබකෙරේ පැහැදීමට ඉඩ ඇතිය. ඒ වගේම ඔබට සිදු විය හැකි හදිසි කරදර වලින්ද ඔබ මිදෙනු ඇත.

සෑම අවස්තාවකදීම තමා අතිනුත් තම මිත්‍රයින්ගේ අතිනුත් සිදුවෙන වැරදි වැරදි ආකාරයෙන් දැකීම.


බොහෝවිට යහලුවන් සමග ඇති මිත්‍රත්වය නිසා ඔවුන් සමග කරන සුලු සුලු වැරදි, වැරදි සෙල නොසිතයි.එමගින් ඔබටත් යහලුවන්ටත් සමාජයටත් එයින් අවැඩක් සිදු වෙයි. තමන් ගෙ වැරදි ‍තමාම අවබෝද කොටගෙන නිවැරිදි කරගන්නවා මෙන්ම. තම මිත්‍රයින්ගේ දකිනු ලබන වැරදි ඔවුන්ට පෙන්වාදී ඔවුනුත් ඒවායින් මුදවා ගැනීමෙන්. ඔවුන් සමග ඔබ ගතකරන පරිසරය හොඳ එකක් වන‍වා මෙන්ම ඔන්ගේ සිතේ ඔබ ගැන ඉහල ගෞරවයක් දීර්ඝ කාලීණව ඇතිවේ.

සෑම අවස්තාවකදීම දෙමාපියන්ට හොඳින් ඇහුම්කන් දීම.


දෙමාපියන්ට ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇත. තරුණයින් වශයෙන් අප බොහෝ දේ දන්නවායයි හිතුවත් එය එසේ නොවෙයි. හැකි සෑම අවස්තාවකදීම ඔවුන්ගේ අවවාද අනුශාසනා වලට ඇහුම් කන්දීම අපි සියලු දෙනාටම ජීවිත‍ය දිනන්නට හේතුවේ.

මම ඉහත දැක්වූවේ කාරනා කිහිපක් පමණි. මෙහි බොහෝ තැන්වල යහලු මිත්‍රයින් සම්බන්දව දක්වා ඇත්තේ තරුණයින්ගේ ‍ජීවිතයට බොහෝ බලපෑමක් එල්ල කරණ කොට්ඨාසයක් වන්නේ යහලුයෙහෙලියන් නිසාවෙනි.

ටිකක් හිතල බලන්න තරුණයෙක් විදියට සමාජය තුල හොඳ ‍ප්‍රතිරූපයක් සදා ගැනීම කොතරම් වටිනවාද කියල.

Tuesday, October 18, 2011

SinhalaPress: සිංහලෙන් HTML ගැන කෙරෙන පාඩම් මාලාවේ කොටස් අංක 07 - HTML වල Comments යොදන ආකාරය සහ hr ටැගය(tag) සම්බන්දව කෙරෙන පැහැදිලි කිරීම.

[ සිංහලෙන් HTML ] Part : 07

සිං‍හලෙන්  HTML සම්බන්දව කෙරෙන පාඩම් මාලාවේ 7 වන අදියරෙන් මම බලා පොරොත්තු වෙන්නෙ HTML Comments  ගැන හා HTML වල <hr> හෙවත් <hr/> ටැගය(tag) සම්බන්දව කතා කරන්න.මෙහිදී ඔයාලට යම් ගැටලුවක් ඇතිවන්ට පුලුවන් මම මේ පාඩම් මාලාව ඉදිරිපත් කරන්නෙ අපිළිවෙලටද කියල. පිළිතුර නම් කිසිසේත්ම නැහැ යන්නයි. මෙම පාඩම් මාලාවේ මුල සිට අග දක්වා ඔබ රැඳී සිටියොත් 100% පරිපූරණත්වයකින් ඔබට HTML ගැන උගත හැකියි.හොඳයි එම පැහැදිලි කිරීමත් සමග අපි යමු පාඩමට.


අද මම කතාකරන්න යන්නෙ HTML වල තිබෙන තවත් එක් ටැගයක් සම්බන්දව හා HTML වලදි comment(අර්ථ නිරූපනය,පරිකථනය,නිදර්ශනය) යොදන ආකාරය ගැන කතා කරන්න.ඇත්තටම මෙම පාඩම ඉතාම සරල එකක් වෙයි.

මුලින්ම බලමු අද කතාකරන්න බලාපොරොත්තුවන HTML ටැගය(tag) සම්බන්දව. අද කතා කරන්නෙ ‍HTML වල තියෙන <hr /> ටැගය සම්බන්දව. ඔයාලට මතක ඇති පසුගිය මාගේ HTML සම්බන්දව ලියවුනු post වල මෙම ටැගය ගැන කිහිප සැරයක්ම සඳහන් කරා.ඒ නිසා මෙම ටැගය හොඳට ඇහැට හුරුපුරුදු ඇති කියල සිතනව. hr යන කෙටි පදයෙන් කියවෙන්නෙ  Horizontal Rule කියන එකයි.

මෙම ටැගයෙන් බාවිතා කරන්නේ හරස් අතට/තිරස් අතට(horizontal) HTML තුල ඉරි අඳින්න. මේ මගින් HTML තුල තිබෙන අන්තර්ගතයන්(Content) පහසුවෙන් එකිනෙකක් තවකෙකින් වෙන්කරගත හැකි වෙනව.මෙම ටැගය HTML වලිදි coding කරගන්නා ආකරය මම පහතින් යතුරුලියනය(Type) කර ඇත.

<p> Nalaka Prasad Wijesiri Samarasinghe</p><hr />


<p> Nalaka Prasad Wijesiri Samarasinghe</p><hr /> 


<p> Nalaka Prasad Wijesiri Samarasinghe</p><hr />

පහත ආකාරයටත් යොදන්න පුලුවන්. ආදුනිකයන්ට ගැටලුක් ඇතිවෙන්න පුලුවන් නිසා පැහැදිලි කරනවා මිස මෙය නම් සඳහන් නොකලත් කමක් නැතැයි සිතේ.එසේ වෙතත් සැමගේ හිත සුව පිනිස එයත් මෙහි සඳහන් කරන්නම්.

<p> Nalaka Prasad Wijesiri Samarasinghe</p>
<hr />
<p> Nalaka Prasad Wijesiri Samarasinghe</p> 
<hr /> 

ඔබලාට අවශ්‍ය නම් <hr /> යන ටැගය <hr> ලෙසද යොදන්න පුලුවන් මොකද මෙය යුගල ටැගයන් ගනයට අයත් නොවෙන නිසා තිබෙන ටැගය ආරම්බක ටැගය(Starting tag/Opening tag) ලෙස සලකන්න පුලුවන්.මේ සම්බන්දව දීර්ඝ විස්තරයක් ඔබලාට මාගේ පසුගිය HTML සම්බන්දව කෙ‍රුනු ලිපි වලින් ලබාගන්න පුලුවන්.<hr /> ටැගය HTML Editor එකක coding(කේතනය) කර ආකාරය හා එහි ප්‍රතිඵලය/පූර්ව දර්ශනය(Preview), මම විසින් පහත යොදා ඇති රූප සටහන මගින් හොදින් නිරීක්ෂණය කරන්න.

රූපය පැහැදිලි නොමාතිනම් එය මත Click කරන්න


හොදයි මම හිතනව HTML වල <hr/> නොහොත් <hr> ටැගය(tag) සම්බන්දව හොද වැටහීමක් ලැබෙන්න ඇතැයි කියල. මේ සම්බන්දව එක් වරක් උවද ප්‍රයොගිකව අත්හදාබැලීම් කරොත් තත්පරයක් වැනි කෙටි කාලයකදි මෙම ටැගයෙහි හැසිරීම ‍වටහා ගන්න පුලුවන්.හොදයි එහෙනම් අද post එකෙන් කතා කරන්න බලාපොරොත්තුවුනු දෙවන මාතෘකාවට එමු.මෙයත් ඉතාම සරල දෙයක් කියල මුලින්ම කියන්නම්කො! මම මෙහිදී කතා කරන්නෙ HTML Comments සම්බන්දව. මුලිනම බලමු කුමකටද මෙම HTML Comments බාවිතා කරන්නෙ කියල. ඔව් ‍HTML comments බාවිතා කරන්නෙ HTML code(කේතය) එකේ යම් යම් දෙවල් අපගේ පහසුවට සඳහන් කොට තබන්න.

උදාරණලෙස ටැගයන්හි ආරම්බක සහ අවසාන ටැගයන් පහසුවෙන් හඳුනාගන්න, පසු බාවිතය උදෙසා තාවකාලිකව යම් කේත කොටසක් අකර්මන්‍ය(deactivate) කොට තැබීමට, කුමක් හෝ විස්තරයක් code එකේ සඳහන් කරන්න.වගේ දේවල් වලට මෙසේ comments යෙදුවත් වෙබ් බ්‍රවුසරය(Web browser) එම comments කොටස නොසකා හරිනවා මෙන්ම ඒවා වෙබ් පිටුවල සාමාන්‍ය දර්ශනයේදී දර්ශනය වන්නේ නැහැ.

සැ.යු:- Microsoft Internet Explorer යන වෙබ් බ්‍රව්සරය සඳහාම පමණක් ලියවුනු css(මේ සම්බන්දව සම්පූර්ණ පාඨමාලාවක් HTML සම්බන්ද පාඨමාලාවෙන් පසුව SinhalaPress මගින් බලාපොරොත්තු වන්න) IE(Internet Explorer) වෙබ් බ්‍රව්සරයට සම්බන්ද(link) කිරීමේදී විශේෂිත comment ආකාරයක් බාවිතා කරන අතර ඒ සම්බන්දව සවිස්තර විස්තරයක් ඉදිරි post මගින් බලා පොරොත්තු වන්න.

හොදයි දැන් අපි බලමු HTML comment එකක් ලියන ආකාරය. එම ආකාරය පහතින් යතුරුලියනට කර ඇත.

<!--hello Nalaka kohomada--> 
Single Line Comment(තනි පේලි ‍කමෙන්ටුවක්) සඳහා උදාහරණයකි.


<!--hello Nalaka Prasad 
    Wijesiri Samarasinghe-->
Multiline Comment(බහු තීරු ‍කමෙන්ටුවක්) සඳහා උදාහරණයකි.

බලන්න කොතරම් පහසුද කියල. ඔයාලට කරන්න තියෙන්නෙ <!--  හා --> යන කොටස් දෙක තුල ඔයාලගේ comment එක ලිවීමයි. HTML Editor එකක් මත් ලියන ලද HTML Comment එකක් සඳහා උදාහරණයක් පහත රූපය මගින් බලාගත හැකිය.

රූපය පැහැදිලි නොමාතිනම් එය මත Click කරන්න


ඔබට බොහෝ වෙබ් අඩවි මතදි මූසිකයේ(Computer mouse) දකුණුපස බොත්තම(Button) මත Click(ඔබා) මතුවෙන Pop Up List එකේ View Page Source යන තේ‍රීම ලබාදුන්විට එම වෙබ් අඩවියේ Source code(කේත සටහන)බලා ගත හැකිය. එහිදී ඉහත පරිදි commets යොදා ඇති අයුරු බලාගත හැකිය.

සැ.යු:- විවිද වර්ගයේ වෙබ් බ්‍රව්සරයන් සඳහා මෙම ක්‍රමය විවිද ආකාරයෙන් තිබිය හැකිය.නමුත් වර්තමානයේ ඇති ප්‍රධාන වෙබ් බ්‍රව්සරයන් සියල්ලගේම මෙම පහසුකම බොහෝසෙයින් සමානය.


සැ.යු:- වර්තමානයේ ඇති නවීන HTML Editors(සංස්කාරක) වල ඇති පහසුකම් නිසා ටැගයන්ගේ පිහිටීම් නිර්ණයට comments යෙදීම අනවශ්‍ය කරුනක් වී ඇත. එමෙන්ම මෙම comments සඳහා සැලකිය යුතු bits ප්‍රමාණයක් වැය වන නිසා අනවශ්‍ය comments දැමීමෙන් HTML file(ගොණුව) එකෙහි විශාලත්වය වැඩිවිය හැකිය. එය හොඳ තාක්ෂණික බාවිතාවක් ලෙස නොගැනෙයි.

හොඳයි මම හිතනව මෙම post එකෙන් ඔයාලට HTML වල <hr/> ටැගය සම්බන්දව හා HTML Comments සම්බන්දව ඉතා හොද පැහැදිලි වීමක් ලැබෙන්න ඇති කියල.මෙතරම් සරලව සහ උදාහරණ සහිතව පැහැදිලි කරත් තවමත් ගැටලු පවතින කෙනෙක් වෙතොත් මාගෙන් එය විමසන්න.එහෙනම් මීලඟ post එකෙන් හමු වෙමු දිගටම SinhalaPress සමග රැඳී ඉන්න.මම නාලක ප්‍රසාද්.

Monday, October 17, 2011

SinhalaPress: සිංහලෙන් HTML ගැන කෙරෙන පාඩම් මාලාවේ කොටස් අංක 06 - HTML Headings(මාතෘකාව,හෙඩිම,ශීර්ෂනාමය) ගැන කෙරෙන පැහැදිලි කිරීම.

[ සිංහලෙන් HTML ] Part : 06

සිංහලෙන් ‍HTML සම්බන්දව කෙරෙන පාඨමාලාවේ 6වන අදියරෙන් මම ඔබව හමුවන්න බලාපොරොත්තු වන්නේ HTML Headings(මාතෘකාව,හෙඩිම,ශීර්ෂනාමය) ගැන කතා කරන්න. අපි දන්නව ලේඛනයේදී අතිශය වැදගත්කමක් ඇති ‍දෙයක් තමයි හෙඩිම කියන්නෙ. පුවත් පතක වුනත්. සඟරාවක වුනත් යම් ලිපියක් කියවීමට ඉහල පෙළබවීමක් කරන්නෙ මෙන්න මේ කියන හෙඩිම කියන දෙය. වෙබ් අඩවියකට කියා මෙහි වෙනසක් නැත නමුත් පත්තර,සඟරා වලදි හෙඩිම වැදගත් වන කාරනාවලට වඩා වෙබ් අඩවි‍යකදි මෙය වැදගත් වෙනව. නමුත් එම සියලු ප්‍රතිලාභ ලබන්න හැකි වන්නෙ සම්මත ආකාරයට එම හෙඩිම යෙදු‍වොත් පමණයි.


හොදයි දැන් අපි බලමු මෙම සියලු කරුණු සවිස්තරව.

HTML වලදි හෙඩිමවල් යොදන්න සම්මත ආකාර 6ක් ලබාදීල තියෙනව. මේ සඳහා එකිනෙකට වෙනස් HTML tags(ටැගයන්) 6ක් ලබාදීල තියෙනව. මෙම සියලුම ටැගයන් යුගල ටැගයන් ගණයට තමයි අයත් වෙන්නෙ. ඒකියන්නෙ මේ ටැගයන් සඳහා ආරම්බක ටැගය(Starting tag/Opening tag) හා අවසාන ටැගය(Closing tag/End tag) යනුවෙන් කොටස් දෙකක් තියෙනව. මේ සම්බන්දව සවිස්තර විස්තරයක් ‍මාගේ පසුගිය post වලින් ඔබලාට ලබාගන්න පුලුවන්.

හොදයි දැන් අපි බලමු HTML වල මෙම හෙඩිම් ආකාර 6 යොදන ආකාරය

<h1>Hello Nalaka Prasad</h1>


<h2>Hello Nalaka Prasad</h2>


<h3>Hello Nalaka Prasad</h3>


<h4>Hello Nalaka Prasad</h4>


<h5>Hello Nalaka Prasad</h5>


<h6>Hello Nalaka Prasad</h6>

ඉහතින් දක්වල ‍තියෙන්නෙ මම යතුරුලියනය කරන ලද ආකාරය. පහතින් මම දක්වල තියෙනව HTML editor එකක මෙම කේත ලියා ඇති අයුරු සහ එම කේත වල ප්‍රතිඵලය. පහත රූපය හොඳින් නිරීක්ෂණය කරන්න.

රූපය පැහැදිලි නොමාතිනම් එය මත Click කරන්න


ඔබලාට පේනව ඇති <h1> සිට <h6> දක්වා එනකොට ක්‍රමිකව හෙඩිමේ විශාලත්වය අඩුවෙනව. ඒ කියන්නේ ප්‍රධානත්වය ක්‍රමිකව අවරෝහණය වන‍ව. අපි <h1> යොදන්නෙ ප්‍රධාන මාතෘකාව සඳහාය. ඉන්පසු ක්‍රමිකව අපගේ ලිපිවල වියුහය(Structure) අනුව අපට <h2> සිට <h6> දක්වා වන HTML Headings tags යොදාගත හැකියි. මෙමගින් පාඨකයින්ට ලිපි කියවීමේ පහසුවක් මෙන්ම වටහා ගැනීමේ පහසුවක් සැලසේ.

කිසි විටක වෙබ්අඩවියක ‍විශාල අකුරු හා තද(bold) අකුරු යොදන්න වෙන අවස්තා වලදි HTML Headings tags කිසි විටෙක යොදා ගන්න එපා. ඒ සඳහා ඔබට css(මේ පිළිබඳ පරිපූර්ණ පාඨමාලාවක් HTML සම්බන්දව කෙරෙන පාඨමාලාවට පසුව බලාපොරොත්තු වන්න) බාවිතා කරන්න පුලුවන්.

මේ සම්බන්දව ඔයාල ප්‍රායෝගිකව අත්හදා බැලීම් කරද්දි දකින්න ලැබෙයි  HTML Headings tags වලට ස්වයංක්‍රීයව(auto) ඉහලින් සහ පහලින් යම් මායිමක්(Margin) එක්ව ඇති ආකාරය. එම මායිමේ ප්‍රමාණය සියලුම Headings tags සඳහා සමාන වේ. මෙම මායිමේ ප්‍රමාණය ඔබට css බාවිතා කර ඉතා පහසුවෙන් තමන්ට අවශ්‍ය ආකාරයට සකස්කර ගත හැකිය. මෙම post එක පටන්ගන්න කොටම මම කිව්ව පුවත්පත්, සඟරා වැනි දෙවල්වලට හෙඩිමවල් යොදාගන්නා දේවල් වලට වඩා වෙනස් දේවල් වලට වෙබ් අඩවි වලදී හෙඩිමවල් වැදගත් වෙනවයි කියල.එසේ වැදගත් වන්නේ වෙබ් අඩවියේ SEO(Search engine optimization) වලට. මේ සම්බන්දව සම්පූරණ පාඨමාලාවක් SinhalaPress ඔස්සේ අනාගතයේදී බලාපොරොත්තු වන්න. දැනට සරළ පැහැදිලි කිරීමක් කරනවානම් Google ඇතුලු අනෙක් Search Engines(සෙවුම් යන්ත්‍ර) වලට පහසුවෙන් අපගේ Web අන්තර්ගතයන්(Content) හසුවෙන ආකාරයට වෙබ් අඩවි සකස් කිරීම ලෙස හඳුන්වන්න පුලුවන්.

අපිට වෙබ් අඩවියකට තමන් කැමති ආකාරයකට හෙඩිමවල් යොදන්න පුලුවන් ඒ අතරට සම්මත HTML Headings tags යොදා ගෙන ‍මෙන්ම සාමාන්‍ය text එකක් කුමන හෝ ටැගයක් තුලට දමා ඒ සඳහා css බාවිතා කරළ හැඩගැන්වීමෙනුත් එය කරන්න පුලුවන්. නමුත් මෙහිදී SEO සඳහා වන වාසිය අඩු වී යයි.මම මෙහිදී අඩු වී යයි යන වචනය බාවිතා කරේ SEO සඳහා තවත් බොහෝ දේ බලපාන නිසාවෙනි. නමුත් මෙම දෙවැනි ආකාරය මම නම් කිසි විටෙක අනුමත කරන්නෙ නැහැ.ඇත්තටම මෙය ආදුනික ක්‍රමාණුකූල දැනුමක් ‍නොමැති අය කරන ලොකු වැරැද්දක්. ඔබ හොදින් මතක තියා ගන්න ඕන දේ තමයි HTML වල ඒ ඒ කාර්යය උදෙසා ඇති ටැගයන් ඒ ඒ කාර්යය සඳහා පමණක්ම යොදා ගැනීම.

හොඳයි මම  හිතනව මෙම post එක මගින් HTML Headings (මාතෘකාව,හෙඩිම,ශීර්ෂනාමය) ගැන මෙන්ම ඒ ආශ්‍රිත අනෙකුත් දේ සම්බන්දව ඔයාලට හොද පැහැදිලි වීමක් සිදු වුනා කියල.කෙසේ වෙතත් මේ සම්බන්ධව කොතනදී හෝ ගැටලුවක් මතු වුනොත් මා හට එය දන්වන මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි. සියලු දෙනාටම සුබ දවසක්! නැවතත් මීලග post එක මගින් හමු වෙමු. දිගටම SinhalaPress හා රැඳී ඉන්න. මම නාලක ප්‍රසාද්.

Saturday, October 15, 2011

SinhalaPress: සිංහලෙන් HTML ගැන කෙරෙන පාඩම් මාලාවේ කොටස් අංක 05 - HTML tags/HTML Elements වල Attributes(උප ලක්ෂණ) ගැන හැඳින්වීම.

[ සිංහලෙන් HTML ] Part : 05

පසුගිය ‍post එකෙන් ඔයාලට මතක ඇති මම HTML tags/HTML Elements ගැන පැහැදිලි කිරීමක් කරා. එහිදී මම HTML tags/HTML Elements ගැන මෙන්ම එම HTML tags/HTML Elements වල උපලක්ෂණ ගැනත් සරලව කතාකරා. නමුත් එහිදී මම කරේ HTML tags/HTML Elements වල Attributes(ටැගන්හි උපලක්ෂණ) ගැන මූලික හඳුන්වාදීමක් කිරීමක් විතරයි. අද මම බලා පොරොත්තු වෙනව HTML tags/HTML Elements වල Attributes(ටැගන්හි උපලක්ෂණ) ගැන සවිස්තරව කතා කරන්න.


මෙම උපලක්ෂණ වලින් කෙරෙන්නෙ basic HTML elements වලට වැඩිපුර ගුණාන්ග එකතු කිරීමයි. තවදුරටත් කියනවානම් කිසියම් HTML element එකක් තවදුරටත් විස්තරකිරීමක්. හොඳයි මේ වෙනකොට ඔයාලට පැහැදිලියි HTML Attributes වලින් සිදුකරනු ලබන දේ. දැන් මම ඔයාලට කියල දෙන්න හදන්නෙ කොහොමද මෙම උපලක්ෂණ HTML Element වලට ඇතුලත් කරගන්නෙ කියල සහ එහිදී පිළිපැදිය යුතු නීති රීති කිහිපයක් ගැන. එකින් එක එම කරුණු පැහැදිලි කරනවානම්

01: අනිවාර්යෙන්ම සියලුම උප ලක්ෂණ(Attributes) ඇතුලත් කරයුතු වන්නේ HTML Element වල ආරම්භක ටැගයටයි(Opening tag/Starting tag).

02: සැම විටම HTML Attributes(උප ලක්ෂණ) ඇත්තේ කොටස් දෙකක් ලෙසටය එනම් යුගල වශයෙන්. එම යුගල වන්නේ උප ලක්ෂණයේ නම Name of Attribute සහ උප ලක්ෂණයේ අගය Value of Attribute ලෙසටය. දැන් ඔයාල දන්නවා අනිවාර්යෙන්ම උපලක්ෂණ සඳහා උප ලක්ෂණ නාමය හා උප ලක්ෂණ අගය ලෙසට කොටස් දෙකක් පවතිණ බව. හැබැයි උපලක්ෂණ අගය සඳහා අනිවාර්යෙන්ම අගයක් තිබිය යුතුමය කියල නීතියක් නැහැ.

03: උප ලක්ෂණ නාමය ඔබට කැමති ආකාරයට යොදන්න බැහැ. ඒවා යම් අන්තර්ජාතික සම්මුතියකට යටත්ව සැකසුනු නාම. ගෝලීය වශයෙන් සියල්ලෝම එම සම්මුති වලට අනුව ක්‍රියාකල යුතු වනව. එනම් එම නාම non pre-defined ගණයට වැ‍ටෙනව. යම් කෙනෙකුට ඕනෙනම් තමන් කැමති නම්ක් ඒසඳහා යොදන්න පුලුවන් හැබැයි ඉතින් ‍එහෙම කන්නෙ පිස්සො:P. මොකද එහෙම කරාම වැඩකරන්නෙ නැහැනෙ!

මෙතරම් වෙලා පැහැදිලි කරා විතරයිනෙ! දැන් අපි බලමු උප ලක්ෂණ ලියන ආකාරය සඳහා උදාහරණයක්

<div id="nalaka"></div>

ඉහත උදාහරණයේ <div></div> කියන්නෙ HTML වල එන බහුලව බාවිතාවන(මේ ගැන පසුවට සවිස්තරව කතාකරනව) HTML MARKUP tag එකක්. හොඳින් බලන්න එහි මුල්ටැගයේ හෙවත් ආරම්බක ටැගයේ(Starting tag/Opening tag) ඇතුලත් කර තිබෙන id="nalaka" කොටස. මෙම කොටසේ ඔයාලට දකින්න පුලුවන් ප්‍රධාණ ‍කොටස් කිහිපයක්

01 id
02 =
03 ""
04 nalaka

මෙහි id කියන කොටසට තමයි මම කලින් පැහැදි කල උප ලක්ෂණ නාමය කියන්නේ.  = ලකුණ සෑම විටම උප ලක්ෂණ නාමයට පසුව බාවිතා වෙනව. ඉන්පසු ඔබ අනිවාර්යෙන්ම ""(ද්වි උද්ධෘත පාඨ ලක්ෂණ) ලකුණු තුල තමයි nalaka යනුවෙන් තිබෙන උප ලක්ෂණ අගය(value) එක සටහන් කල යුතු වන්නෙ.මෙහිදි ""(ද්වි උද්ධෘත පාඨ ලක්ෂණ) ලකුණුම යෙදීම අනිවාර්ය නැහැ. නමුත් වඩාත් බාවිතාවන ක්‍රමය(Common method) මේක තමයි. මේ සඳහා උබට අවශ්‍යනම් ''(තනි උද්ධෘත පාඨ ලක්ෂණ) ලකුණු වුවද ‍යොදා ගත හැකියි.මෙහිදී ''(තනි උද්ධෘත පාඨ ලක්ෂණ) යෙදීම අනිවාර්යය වන අවස්තාද ඇත ඒ සඳහා උදාහරණ මෙම post එක කියවගෙන යනකොට හම්බ වෙයි.

අනිත් විශේෂ දේ තමයි HTML Attribute(උප ලක්ෂණ) ලියන අකුරු ඉංග්‍රීසි කැපිටල් අකුරුද සිම්පල් අකුරුද කියන එක මත වෙනස් වෙනව.සරලව කිව්වොත් ඔය කියන්නේ HTML Attribute(උප ලක්ෂණ) case-insensitive කිලනේ.මේ සඳහා උදාහරණයක් බලමු

01 id="Nalaka"
02 id="nalaka"

ඉහත උදාහරණ අංක 01 උප ලක්ෂණ අගයවන Nalaka යන්නෙහි මුල් අකුර ඉංග්‍රීසි කැපිටල් අකුරක් බව ද 02 උදාහරණයෙහි මුල් අකුර ඉංග්‍රීසි සිම්පල් අකුරක්(බලන්නකො ඉංග්‍රීසිත් සිංහලෙන් ලියන්න උන හැටි, LOL) බවද ඔබලාට පේනව. එම නිසා මෙහිදී උප ලක්ෂණ අගයන් දෙක අගයන් එකක් ලෙසට නොව අගයන් දෙකක් ලෙසටයි ගනු ලබන්නෙ. ලෝකයේ Web standards(සම්මතයන්) හඳුන්වා දෙන w3c(World Wide Web Consortium) ආයතනය HTML4 සංස්කරණය සඳහා HTML Attribute(උප ලක්ෂණ) ලියන කොට හැකි සෑම අවස්තාවකදීම ‍English Simple Letters බාවිතා කරන්න කියල නිර්දේශ(Recomend) කරල තියෙනව.හැබැයි ඕනෙම නම් English Capital Letters වලිනුත් HTML4 සඳහා HTML Attribute(උප ලක්ෂණ) ලියන්න පුලුවන්. නමුත් HTML4 සංස්කරණයට පසුව ආ HTML වල නවතම සංස්කරණය වන XHTML සඳහානම් HTML Attribute(උප ලක්ෂණ) ලියන කොට අනිවාර්යෙන්ම English Simple Letters බාවිතා කරන්නම වෙන‍ව.

මම ඔයාලට පොරොන්දුවුනා ''(තනි උද්ධෘත පාඨ ලක්ෂණ) යෙදීම අනිවාර්ය වන අවස්තාක් සඳහා උදාහරණයක් දෙනවයි කියල.මෙසේ ''(තනි උද්ධෘත පාඨ ලක්ෂණ) යෙදීම අනිවාර්යවෙන්නෙ අපි බාවිතා කරණ උප ලක්ෂණයේ අගය සඳහා ""(ද්වි උද්ධෘත පාඨ ලක්ෂණ) ලකුණු යොදන්න වන තැන්වලදි. මේ ස‍ඳහා මම බාවිතා කරන්න යන්නෙ HTML වල Hyperlinks යොදන්න බාවිතා කරන HTML වල තියෙන <a></a> නම් tag එක. එම ටැගයට Hello "Nalaka" kohomada කියන වාක්‍යය සඳහා title නම් HTML Attribute එක දෙන්න තමයි මම හදන‍්නෙ. ඇත්තටම මොකක්ද Hello "Nalaka" kohomada කියන වාක්‍යයේ තියෙන විශේෂත්වය? ඔයාල හොඳින් බැලුවොත් දකින්න ලැ‍බෙයි Nalaka කියන වචනය ""(ද්වි උද්ධෘත පාඨ ලක්ෂණ) ලකුණුතුලු පවතින බව. හොදයි අපි බලමු මෙය coding කරන ආකාරය.

<a title='Hello "Nalaka" kohomada'>click here</a>

මීට අදාල මවිසින් සකසන ලද පහත රූප සටහන හොඳින් නිරීක්ෂණය කරන්න.

රූපය පැහැදිලි නොමාතිනම් එය මත Click කරන්න


Hello "Nalaka" kohomada කියන වාක්‍යය ""(ද්වි උද්ධෘත පාඨ ලක්ෂණ) ලකුණු තුලට දමා බලමු කුමක්ද ලැබෙන ප්‍රතිපලය කුමක්ද කියා මී‍ට අදාල පහත රූප සටහන හොඳින් නිරීක්ෂණය කරන්න. එවිට දක්නට ලැබෙයි හාත්පසින්ම වෙනස් ප්‍රතිපලයක් එන ආකාරය

රූපය පැහැදිලි නොමාතිනම් එය මත Click කරන්න


මේ සඳහා HTML කේතය(code) ලිවිය යුතුවන්නේ මේ ආකාරයටයි.

<a title="Hello "Nalaka" kohomada">click here</a>


සැ. යු:- ඉහත උදාහරණ දෙක සඳහාම බාවිතා කරණලද <a></a> ටැගයන් සඳහා <a></a> ටැග්වලටම සුවිශේෂී වූ href නැමති උප ලක්ෂණය(Attribute) බාවිතා කර නොමැත.


සැ. යු:- HTML වල විවිද ටැගයන් සඳහාම ආවේණික වූ උප ලක්ෂණ ඇතුවා මෙන්ම බොහෝ ටැගයන් සඳහා පොදු වන්නාවූ උප ලක්ෂණයන්ද ඇත.


සැ. යු:- HTML තුල විශාල උපලක්ෂණ ප්‍රමාණයක් ඇති අතර ඒවා සියල්ල සහ ඒවායින් ඉටුවන කාර්යයන් සම්බන්දව අංගසම්පූර්ණ පාඨමාලක් බලාපොරොත්තු වන්න.

මම හිතනව ඉහත විස්තර කිරීම් වලින් HTML Attributes(උප ලක්ෂණ) ගැන හොඳ වැටහීමක් ලබාගන්න ඇතැයි කියල මම හිතනව. මෙතරම් දීර්ගලෙස ඉතාමත් සරල සහ පුංචි කොටස් පැහැදිලි කරන්නහේතුව සියලු දෙනාටම මම කියනදේ 100% ‍වැටහෙන්න අවශ්‍ය නිසා. නැත්නම් මෙම post එකේ ඇත්තේ ඉතාම සරළ සංකල්ප කිහිපයක් පමණි. මෙහි යම් යම් අඩුපාඩු ඇත්නම් මා හට දන්වන මෙන් මම කාරුණිකව ඉල්ලාසිටිනව. එහෙනම් මීලග post එකෙන් හමුවෙමු. මම නාලක ප්‍රසාද්.

Friday, October 14, 2011

SinhalaPress: සිංහලෙන් HTML ගැන කෙරෙන පාඩම් මාලාවේ කොටස් අංක 04 - HTML file එකක මූලික වියුහය(Structure) ගැන හැඳින්වීම.

[ සිංහලෙන් HTML ] Part : 04

මෙම post එකෙන් මම බලාපොරොත්තු වෙන්නෙ HTML file එකක මූලික වියුහය(Structure) එක ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඇත්තටම බොහෝ අයට මේ පිළිබඳව මූලික හෝ දැනුමක් තිබෙනව. නමුත් වඩාත් ක්‍රමාණුකූල ලෙස හා පරිපූර්ණ ලෙස මෙම පාඩම් මාලාව කරගෙන යාමට අවශ්‍ය නිසා එම කොටස්ද ඇතුලත් කරන්න සිතුව. දැන් අපි බලමු වෙබ් බ්‍රවුසරයක් කොහොමද HTML file එකක් හඳුනාගන්නෙ කියල. මේ සඳහා ඔබ notepad එක හෝ වෙනයම් මෘදුකාංගයක් බාවිතයෙන් ලියනු ලබන code(කේතය) ය .html හෝ .htm ආකාරය save කරගත යුතුයි. මීට අදාලව මම විසින් යොදා ඇති පහත රූප සටහණ හොදින් නිරීක්ෂණය කරන්න.
රූපය පැහැදිලි නැත්නම් එය මත click කරන්න


තවත් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන් තැනක් තමයි ඇයි මේ Extension ආකාර දෙකක් පවතින්නෙ කියල.ඇත්තටම මෙසේ .html ලෙස හා .htm ආදී වශයෙන් Extension දෙකක් HTML ‍file සඳහා තිබුනත් Extension එකේ වෙනස හැරෙන්ට වෙන කිසිඳු‍ වෙසක් මෙම Extension වර්ග දෙක අතර නැහැ.වඩාත් පැහැදිලිව සහ සරලව කිව්වොත් ඔයාල කැමති Extension එකක් බාවිතා කරන්න පුලුවන්. ඒ කියන්නෙ .html බාවිතා කරත් .htm බාවිතා කරත් මේ දෙක අතර කිසිඳු කිරියාකාරීත්වයේ වෙනසක් නැහැ.

තවදුරටත් පැහැදිලිකරගන්න පහත සඳහන් කොටසත් කියවන්න.
html සහ htm යන Extension අතර වෙනස ඇත්තේ ඉංග්‍රීසි වචනයක බෙදා වෙන්කර ලිවීම මත හෝ එක්කර ලිවීම මතය. ඒ අනුව එම Extension දෙකෙ සෑදෙන ආකාරය පහතින් දක්වා ඇත.

HTML කියන කෙටිවචනයෙන්/සංකේතනාමයෙන්(Acronym) එකෙහි දීර්ග නාමය වන්නේ Hyper Text Markup Language කියන එකයි.

HTM කියන කෙටිවචනයෙන්/සංකේතනාමයෙන්(Acronym) එකෙහි දීර්ග නාමය වන්නේ Hypertext Markup Language කියන එකයි.

බලන්න වචනයක් කර හදියක්:D

ඉහත කරුනු සියල්ල සලකා බැලුවොත් දැන් අපි දන්නව කොහොමද වෙබ් බ්‍රව්සරයක් HTML file හඳුනාගන්නෙ කියල සහ එම files කොහොමද HTML ‍file ලෙස පරිගණකයේ save කරගන්නෙ කියල.ඇත්තටම ඔයාලට කම්මැලිත් ඇති නේද මෙතරම් සරල දෙයක් මෙච්චර පැහැදි කරනකොට. ඒත් ඉතින් මම බ්ලොග් කරුවෙක් විදියට සෑම සුලු දෙයක්ම ගොඩක් පැහැදිලි වෙන ආකාරයෙන් හැමෝටම ගැලපෙන විදියට ලියන එක මගේ යුතුකමක් විදියට මම සලකනව.අනික පුංචි දේ වුනත් දැනගන්න එකේ වරදකුත් නැහැනෙ.කෙසේ වෙතත් දැනටමත් යම් දැනුමක් ඇති මාගේ පාඨකයින්ට මේ නිසා වන අපහසුතාවය ගැන මම කණගාටුවනව.

දැන් අපි බලමු HTML file එකක මූලික වියුහය(Structure) එක මොන වගේද කියල

<html>

          <head>

          </head>


          <body>
          </body>

</html>


රූපයක් ආශ්‍රයෙන්

ඔය ඉහතින් දක්වා ඇත්තේ ‍HTML file එකක මූලික වියුහයයි.එහි ඔයාලට දකින්න පුලුවන් <html></html> ටැගයන් යුගල තුල <head></head> හා <body></body> ටැගයන්(tags) ඇතුලත්වන ආකාරය. ඇත්තටම ඔය ටැගස් තමයි HTML file එකක මූලික tags වන්නෙ. සියලුම HTML file වල මෙම ටැගස් මෙම වියුහයට අනුව සකස් වී ඇති අන්දම දකින්න පුලුවන්. හැබැයි මේදේත් කියන්නම ඔනෙ මොකද වෙබ් බ්‍රවුසරයන්ට HTML files හඳුනා ගන්න මෙම කිසිඳු ටැගයක් අවශ්‍ය වන්නේ නැහැ. එකම දේ HTML code (කේතය) එක ඇතුලත් file එක .html ලෙස හෝ .htm යන Extension වලින් save කරගැනීම පමණයි.

හොඳයි මම හිතනව ඔයාලට HTML files වල මූලික වයුහය ගැන සහ ‍ඒ ආශ්‍රිත අනෙකුත් දේවල් සම්බන්දව හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියල. යම් යම් අඩුපාඩු ඇත්නම් ඒගැන මට දන්වන්න.ගැටලුකාරීතැන් ඇත්නම් ඒවාද ‍මාවෙත ඉදිරිපත් කරන්න මම කැමතියි මම දන්න ඕනෑම දෙයක් ඕනම කෙනකුට කියල දෙන්න. මම ඒ කිසිම දෙයක් කරදර කාරීදේවල් විදියට සලකන්නේ නැහැ.හැකි ඉක්මනින් ඒවාට පිලිතුරුදීමට මම බලාපොරොත්තු වෙනව.ඉහත සියලුම කරුනු සපයා ඇති රූප සටහන් සමග හොදින් පරිශීලනය කරන්න.මීලඟ post එකෙන් මම බලාපොරොත්තු වෙන්නෙ මෙතෙක් උගත් දේ සියල්ල ප්‍රයොගිකව අත්හදාබලන්න මග පෙන්වන post එකක් දාන්න. දිගටම SinhalaPress සමග රැඳී ඉන්න.මම නාලක ප්‍රසාද්.

SinhalaPress: සිංහලෙන් HTML ගැන කෙරෙන පාඩම් මාලාවේ HTML tags/HTML Elements ගැන කෙරෙන පැහැදිලි කිරීම

[ සිංහලෙන් HTML ] Part : 03

පසුගිය post එකෙන් අපි කතාකරා කොහොමද HTML වලට මුලින්ම එන්නෙ සහ HTML coding වලට මොනවගේ දේවල්ද මූලික වශයෙන් අවශ්‍ය වන්නෙ කියල. හොදයි අපි මේ post එකත් සමග පටන්ගමු HTML coding කරන්න. සමහරුනම් මේ coding කියන වචනය HTML සඳහා යොදනවාට එතරම් කැමැත්තක්නම් නැහැ. කවුරුන් ලඟ හෝ මේ සඳහා ගැලපෙනවායි සිතෙන වචනයක් වෙතොත් මට නිසැකවම කියන්න ඕනෙ හරිද! ඕන් එහෙනම් හාහා පුරා කියල බහිමු වැ‍ඩේට.



අපි මේ සඳහා මුලින්ම ගනිමු HTML tags ගැන හෙවත් HTML Elements ගැන කතා කරන්න. ඔයාල මගේ පරණ post කියෙව්ව නම් මතක ඇති මම HTML tags ගැන යම් තාක් දුරකට පැහැදිලි කිරීමක් කරා. අපි පසුගිය මතකය නැවතත් අවදිකරගෙනම අනෙකුත් දේවල් සමගද මෙය සම්බන්ද කරගනිමු.ඔන්න එහෙනම් ඔයාලට මතක ඇතිනෙ HTML සම්බන්දව මම කලින් කරපු හැදින්වීම. නැවතත් එය සාරාංශකොට දක්වනවානම්,

01: HTML කියන්නෙ Markup Language එකක්

02: මෙය පරිගණක ක්‍රමලේඛනය උදෙසා බාවිතා කරන්නක් නෙමෙයි.

03: HTML සමන්විත වෙලා තියෙන්නෙ HTML tags/HTML Elements වලින්.

04: විවිද වර්ගයේ HTML tags විශාල ප්‍රමාණයක් HTML සතු වෙනව.

05: බොහෝ HTML tags පවතින්නෙ යුගල ටැගයන්(tag pairs) ආකාරයට.

උදා:- <div></div>, <span></span>, <p></p> ආදී වශයෙන් ඉදිරිපත් කර හැකිය.

06: සුලු HTML tags ප්‍රමාණයකට ඇත්තේ අවසාන ටැගය(Closing tag)පමණි.

උදා:- <br />, <hr /> ආදී වශයෙන් ඉදිරිපත් කර හැකිය.
07: අනිවා‍ර්යෙන්ම යුගල ටැගයන් බාවිතා කරන අවස්තාවන්හීදී අවසන් ටැගය(Closing tag/End tag) අමතක නොකල යුතුයි. මෙය බොහෝවිට IDE බාවිතයෙන් තොරව coding කරනකොට ඇතිවෙන සාමාන්‍ය තත්වයක්.
උදා:-
  1. <div>hello Nalaka Prasad!</div> නිවැරිදි අකාරයයි
  2. <div>hello Nalaka Prasad!<div> වැරදි අකාරයකි, මෙහි මෙහිදී අවසන් ටැගය(Closing tag/End tag) නිවැරිදි ආකාරයෙන් යොදා නොමැත. එය </div> ලෙස නිවැරිදි විය යුතුය.
  3. <div>hello Nalaka Prasad! වැරදි අකාරයකි,මෙහිදී අවසන් ටැගය(Closing tag/End tag) යොදා නොමැත
08: කලින් මම සඳහන් කල <br /> , <hr /> වැනි ටැගයන් HTML වල විවිද සංස්කරණ(versions) වන HTML1, HTML2, HTML3, HTML4, HTML5 වලදී <br>, <hr> ලෙසද ලියන්න පුලුවන් ඔයාලට පැහැදිලි ඇතිනේ වෙනස්කම මොකක්ද කියල. වෙනස්කම තමයි / නොයෙදීම. නමුත් XHTML වලදී නම් මෙය යෙදිය යුතුවන්නෙ / සමගමයි.තවද වඩාත් සම්මත ආකාරයද වන්නේද / යොදන අකාරයයි. අප ඉදිරියේදි ඉගන ගන්න බලාපොරොත්තුවන XML වලද මේ ආකාරයට අවසාන ටැගය සඳහා / යෙදීම අනිවාර්යවේ.HTML වලදි නම් සියලුම නූතන වෙබු බ්රව්සරයන්ම වාගේ යම් තාක් දුරකට Closing tag/End tag auto add කර ගැනීම සිදු කරත් යම්යම් දෝශ මතුවෙන්න පුලුවන්.

අනිත්දේ තමයි කලින් අපි <br /> , <hr /> වාගේ ටැගයන් හිස් ටැගයන්හි අවසාන ටැගය(Closing tag/End tag) ලෙස ඉදිරිපත් කරත් මෙම ටැගන් එම ටැගයන්හි ආරම්බක ටැගයන්(Opening tag/Starting tag) ලෙසද හඳුන්වා දෙන්න පුලුවන්.

09: මම දැන් කියන්න යන දේ තරමක් විශේෂ දෙයක් එනම් ඔයාලට මතක ඇති මම පසුගිය post වලිදි කිව්ව විවිද HTML tags වලට ඒවාටම ආවේණික වූ ලක්ෂණ තියෙනවා කියල.
උදා:-
  1. <h1></h1> ටැගයන් බාවිතා කරල අපිට ශීර්ෂපාඨයක්(Heading) එකක් නිර්මාණය කරගන්න පුලුවන්.
  2. <a></a> ටැගයන් බාවිතා කරල අපිට සම්බන්ධතාවයක්(Hyperlink) එකක් නිර්මාණය කරගන්න පුලුවන්
ඉතින් පේනව‍ නේද විවිද කාර්යයන් සඳහා HTML වලිදි විවිද ටැගයන් බාවිතා වෙන්නෙ ඒවාටම ආවේණික වූ මූල ලක්ෂණ නිසායි. මෙහිදී කියන්ට අවශ්‍ය විශේෂදේ තමයි. බොහෝ අවස්තා වලදි මෙම මූල ලක්ෂණ වලට අමතරව උප ලක්ෂණ මෙම ටැගයන් සඳහා යොදන්න වීම. මෙවැනි උප ලක්ෂණ(‍‍attributes) සමහරක් බොහෝ ටැගයන් සඳහා පොදු‍වෙනවා මෙන්ම,ඇතැම් උප ලක්ෂණ(‍‍attributes) එක් ටැගයක් උදෙසාම වෙයි. මේ සියල්ලක්ම සඳහ උදාහරණ එකින් එක අරගෙන කෙරෙන විස්තර කිරීම් ඉදිරි ‍මාගේ posts වලින් බලාපොරොත්තු වන්න.

හොඳයි මම හිතනව ඔයාලට මෙතෙක් මම කිව්ව දේවල් තේරෙන්න ඇති කියල.දැන් මම කතා කරන්න
හදන්නෙ HTML Elements සම්බන්දව විශේෂ දෙයක් එනම් මෙම මම ඉහත කතාකරන ලද HTML tags/HTML Elements තුල තවත් HTML tags/HTML Elements ඇතුලත් කල හැකි වීම.මෙවැනි HTML tags/HTML Elements Nested HTML Elements ගණයට අයත් වෙනව. හැබැයි මෙය ගොඩක් HTML tags/HTML Elements වලට අදාල වුවත් <br />, <hr /> වැනි ටැගයන් සඳහා අදාල නොවන බව කියන්න ඕන.

උදා:- <body><div><span><a></a></span></div></body>

බලන්න HTML කියනදේ කොතරම් පහසුද කියල!

මෙන්න මේ දේ ගැනත් ඔයාලට මට කියන්න ඕන. HTML tags අපිට කැමතිනම් capital letters වලින්හරි simple letters වලින්හරි ලියන්න පුලුවන් මෙයින් අදහස් වන්නේ HTML tags/HTML Elements non case sensitive කියන එකයි. නමුත් World Wide Web Consortium (W3C) යන ප්‍රමිති කරණ ආයතනය වඩාත් සහතික කරන්නෙ(Recommend) simple letters වලින් HTML tags/HTML Elements ලියන්න කියල, විශේෂයෙන් XHTML වලිදි. ඔයාල බලනව ඇති වෙලාවකට HTML කියනව වෙලාවකට XHTML කියනව කියල. ඇත්තටම HTML වල විවිද සංස්කරණ තියෙනව. මේ සියලු දෙයක් ගැනම ඉතා සවිස්තරව සහ පිළිවෙලින් ඉදිරියේදි කතාකරන්න මම බලා පොරොත්තු වෙනව. දිගටම SinhalaPress සමග රැඳී ඉන්න.මීලඟ post එකෙන් හමුවෙමු.හැමෝටම සුබ දවසක්. මම නාලක ප්‍රසාද්.

Thursday, October 13, 2011

SinhalaPress: HTML coding වලට පය තැබීමේදී මුලින්ම සැලකිලිමත් විය යුතු සරළ තැන් කිහිපයක්

[ සිංහලෙන් HTML ] Part : 02

HTML සම්බන්දව මූලික සරල හඳුන්වාදීමකින් පසුව දැන් අපි බලම් කොහොමද HTML coding කරන්නෙ කියල. ඇත්තටම ඔබට මේ සඳහා අවශ්‍ය වන්නේ සරළ text editorක් පමණයි. මේ සඳහා Dreamweaver වගේ වානිජ මෘදුකාංග කිසි විටෙක අවශ්‍ය වන්නේ නම් නැහැ. බහොමයක් අය වඩාත් සහතික කරනු ලබන්නෙ මුලිනම coding පටන් ගන්නවනම් notepad වගේ සරල text editor එකක් බාවිතා කරන්න කියල.


මොකද එහිදී අප A-Z දක්වාම අපගේ code එක අපිම ලියන්න ඕනෙ. මේ නිසා එම පුද්ගලයාට කෙටි කාලයකින්ම coding සම්බන්ද දේවල් හොඳින් මතක හිටිනව. මෙහි තියෙන වාසිය තමයි ඔහුට කිසිම සහයක මෟදුකාංග වල සහය නොමැතිව notepad වගේ සරළ texteditor එකක් බාවිතා කරල ඔහුගෙ code එක ලියා ගන්න පුලුවන් කම ලැබීම. නමුත් සමහරෙක් IDE(Integrated development environment) වගේ  මෘදුකාංග බාවිතා කරල coding කරන්න පුරුදුවෙලා සිටියොත්, එවැනි මෘදුකාංග නොමැති
අවස්තාවන්හීදී සහ code එකක වැරුද්දක් පරීක්ෂා කිරීමේදී මෙන්ම ඉතා හදිසි කාර්යයක් කිරීමේදී බොහෝවිට අපහසුතාවලට ලක්වීමට පුලුවන්.

 මෙය HTML වලදි නම් එතරම් සැලකිය යුතු දෙයක් නොවුනත් තරමක් සංකීරණ Programming language වලිදිනම් සැලකිය යුත්තක්. ඉතින් මම ඔය දුන්නෙ පොඩ් අවවාදයක්.නමුත් IDEs බාවිතා කරන එකේ වාසිත් ගොඩක් තියෙනව ඒඅතරට ඉතා ඉක්මනින් සහ පිළිවෙලට coding එක ලියා ගත හැකි වීමල, දෝෂ ඉතා ඉක්මනින් නිරාකරණයට(Error debugging) ඇති පහසුකම්, coding කිරීමේදී එහි විවිද කොටස් වෙනස් වර්ණයන්ගෙන් ස්මතුකර(Highlight)කර දැක්වීම වගේ දේවල් දක්වන්න පුලුවන්

ඇත්තටම ඔබ coding සම්බන්දව ප්‍රවීණයෙක් නම් මේ කිසිම දෙයක් ඔබට ගැටලුවක් නෙවෙයි. ඒ කියන්නෙ ඔබ notepad එක බාවිතා කරත් Dreamweaver හෝ කිසියම් IDE එකක් බාවිතා කරත් ඉතා පහසුවෙන් coding කරන්න පුලුවන් කියන එක. මේහැමදේම රඳාපවතින‍්නෙ ඔහුගෙ ප්‍රවීණත්වය සහ දක්ෂතාවය උඩයි. මම ඔය කලින් දුන්න අවවාදය ‍වඩාත් වටින්නෙ coding වලට අලුතෙන් එන අයට. හොඳයි ඔය ඉහත සියලු අවවාද අනුසාශනාත් එක්කම පටන් ගනිමුකො HTML coding!

 හැබැයි ඒ මීලඟ post එකෙන්. එහෙනම් අදට මම සමුගන්නවා මීලඟ post එකෙන් නැවත හමු වෙමු SinhalaPress සමග දිගටම රුඳී ඉන්න. ඔයාලට සුබ දවසක්.

SinhalaPress: සිංහලෙන් වෙබ් අඩවි(Web sites) නිර්මාණකරනය ගැන කෙරෙන පාඨමාලාවේ,HTML ආරම්භක පාඩම

[ සිංහලෙන් HTML ] Part : 01

ඔන්න ඉතින් පොරොන්දු වුනු පරිදි HTML පාඨමාලාව පටන් ගන්නයි හදනේනෙ. එහි මුල් පියවර තමයි අද මම ඔයාලට දෙන්නෙ. හැබැයි ගොඩ දෙනෙක් කියයි අයියෝ ඕව මොනාද HTML නම් සිම්පල්නෙ කියල. ඔව් ඒක ඇත්ත! මාර වැ‍ඩේ කියන්නෙ මට නම් මේව එකක්වත් තාම නම් සිම්පල් වෙලා නැහැ. හර හරි අමතර කතා නැතුව පටන්ගනිමුකො අපේ පාඨමාලාවේ පළමුවන කොටස.

සරලවම කියනවනම් HTML කියන්නෙ අන්තර්ජාලයේ ලොක වියාප්ත ජාලයේ(WWW) තියෙන Web pages(වෙබ් පිටු) වල දත්ත යම් ක්‍රමාණුකූල විදියට පෙන්වන්න හේතුවෙන සරල භාශාවක්. මෙම HTML පරිගණක ක්‍රමලේක භාශාවක් ගනයට නම් වැටෙන්නෙ නැහැ. HTML කියන කෙටි වචනයෙන් හැඳින්වෙන්නෙ Hyper Text Markup Language කියන එක ඒ කියන්නෙ මේක Markup Language එකක්. මෙය සෑදී ඇත්තේ විවිද tags වලින් HTML වල විවිද tags වර්ග දකින්න පුලුවන්.



HTML මූලික සංස්කරණවල සිට නූතන සංස්කරණතෙක් පැමිනෙන විට මෙම HTML tags ප්‍රමාණය වැඩිවීමක් දකින්න පුලුවන් මෙන්ම සමහර tags ඉවත්වීමද දකින්න පුලුවන් සාමාන්යයෙන් HTML tags යුගල වශයෙන් තමයි පවතින්නෙ නමුත් මෙය සෑම HTML tags සදහාම අදාල වන්නේ නැහැ.
උදාහරණයක් විදියට <br /> වගේ ටැගයන් ගන්න පුලුවන් මේවගේ තව ටැගයන් තියෙනවා. ඒව සියල්ල ක්‍රමාණුකූලව ඉදිරි පාඩම් මාළාවලින් බලාපොරොත්තුවෙන්න.මම මෙම post එකෙන් බලාපොරොත්තු වෙන්නෙ HTML ගැන සරල හඳුන්වාදීමක් කරණ ගමන් මූලික ප්‍රවේශයක් HTML සඳහා ලාබාගන්නයි.

මම දැන් දෙන්නම්කො HTML tags යුගල කිහිපයක් සදහා උදාහරණ:

01: <h1></h1>

02: <h2></h2>

03: <li></li>

04: <div></div>

05: <span></span>

පේනව නේද මේව බොහොම සරලයි කියල! ඉහතින් සඳහන් කරල තියෙන්නෙ උදාහරණ කිහිපක් පමණයි. තව tags විශාල ප්‍රමාණයක් තියෙනව මෙම tags සමගම අනෙකුත් tags සියල්ලක්මද එකින් එක මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනව. තවත් HTML tags ගැන පැහැදිලි කරනවානම් මෙම tag වල ඔයාලට මුලින්ම කිව්ව වගේ

දකින්න පුලුවන් මේවගෙන් බොහෝමයක් යුගල වශයෙන් පවතින බව මෙම යුගලයන්හි පළමු ටැගය අපි සාමාන්යයෙන් හඳුන්වන්නෙ Opening tag/Starting tag ලෙස ඒවගේම අවසාන ටැගය හඳුන්වන්නෙ Closing tag/End tag ලෙස. අනිත් දේ තමයි මේ ටැගයන් ලියන සම්මත ආකාරයකුත් ඉහත උදාහරණවල දකින්න පුලුවන්.

එනම් සියලුම tags ලියන කොට ලියන්න අවශ්‍ය <>(angle brackets) තුලයි.තවත් දෙයක් තමයි විවිද ටැගයන් සඳහා ඒවාටම ආවේනික වුනු ගතිලක්ෂණ දකින්න පුලුවන් ඒක නම් කියන්නත් දෙයක්ද කියල ඕගොල්ලො අහයි! ඇත්ත නේන්නම් නැත්තම් මොකටද ‍විවිධ වර්ගයේ ටැගයන් කුලකයක්ම හඳුන්වල දීල තියෙන්නෙ. උදාහරණ කිහිපයකින් මෙය සරලව පැහැදිලි කරගන්නවානම්.

01: <head></head> මෙම ටැගයන් තුල ලියන දත්ත වෙබ් පිටු වල දිස්වෙන්නේ නැහැ.මෙම ටැග් තුල තිබෙන දත්ත ප්‍රයෝජනයට ගන්නෙ Web browser එක සඳහා වෙබ් පිටුවේ විස්තර ලබා දෙන්න. මේ ගැන අංගසම්පූර්ණ පැහැදිලි කිරීමක් මෙම ටැගයන් ගැන වෙනමම අරගෙන කරන ඉදිරි පාඩම් මාලාවන්වලදී බලාපොරොත්තු වන්න.

02: <body></body> මෙම ටැගන් තුල තමයි වෙබ් පිටුවේ දර්ශනය විය යුතු සියලුම දත්ත ඇතුලත් කරනු ලබන්නේ. ඉහත උදාහරණවල‍ මෙන්ම අනෙකුත් ටැගන් සඳහාද මේ ආකාරයෙන්ම ඒවාටම ආවේණික වුනු ගති ලක්ෂණ පවතිනව.

මේ සියලුම සරල පැහැදිලි කිරීම් එක්ක ඔය ගොල්ලන්ට(HTML ගැන නොදන්න අයට) HTML ගැන සරල වැටහීමක් සහ කුතුහලයක් ඇති වුනා කියල මම හිතනව. ඉදිරි දින කිහිපයේදි මෙම post එක තව දුරටත් සංස්කරණය කරල වඩාත් කුමාණුකූල ආකාරයෙන්‍ මෙන්ම වැඩිදියුනු කර ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනව. හොඳයි මේ පළමු හෙවත් ආරම්භක post එක HTML සම්බන්දව. දිගටම රැඳීඉන්න SinhalaPress සමග.

ඔයාල මේ post එක කියෙව්වනම් මෙහි ඇති අඩුපාඩු,ඔයාලට නැගුනු ප්‍රශ්න වගේම ඔයාලට හිතෙන දේවල් පහත comment box එක හරහා මට ඉදිරිපත් කරන්න. එහෙනම් මම අදට සමුගන්නව ඉදිරි දින වලදි අනෙකුත් පාඩම්මාලා සමග සම්බන්ද වෙමු. හැමෝටම සුබ දවසක්.

සිංහල අන්තර්ජාල ‍බ්ලොග්කරණයේ නවමු අත්දැකීම! එන්න ඇවිත් අප හා එක්වන්න

ඔන්න මම අද ඉදල පටන් ගන්න යනව අන්තර්ජාලය හරහා යම් වටිනාකමක් තියෙන දෙයක් ඉගෙන ගන්න පුලුවන් වැඩක්. ඔහොම කිව්වට තේරෙන එකක්යැ! මම මෙහෙම කියන්නම්, ඕන කෙනෙක් කැමතියි නේද අන්තර්ජාලයේ අනුන්ගෙ වල්පල් හොය හොය කියව කියව ඉන්නෙ නැතුව තමන් අන්තර්ජාලයේ ගත කරන සුලු මොහොතින් හෝ වැදගත් යමක් ඉගෙන ගන්න. මේ ප්‍රශ්නෙට උත්තර බඳින එක ඔය කියන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙන බව මම දන්නව. මොකද මම එහෙම කියන්නෙ, මිනිසුන්ගෙ මනස මොහොතින් මොහොත වෙනස් වෙන නිසා. කොච්චර කිව්වත් අනුන්ගෙ කුණු හාරල ඒවගෙ රස බලන්න බොහෝ දෙනෙක් තුල යටි හිතේ කාළකන්නි ආසාවක් තියෙනව. ‍මේක වරදක් විදියට මම දකින්නෙ නැහ.

මොකද අපි මනුසත්තුනෙ. හැබැයි ඔය කොයි කුනු ගොඩත් රස බලල අහවර උනාට පසුව තමයි ඒවගෙ රඟ දැනෙන්නෙ. සරලව කියන්නම්කො! හිතන්න තමන්ගෙ වටිනා කාලය කැප කරල චිත්‍ර පටියක් බලන්න ගියා කියල. බැලුවට පස්සෙ හිතෙනව නම් අපරාදෙ මේක බැලුවෙ කියල. අන්න ඒකයි මම අදහස් ‍කලේ. මම නම් ඉතින් ‍සිංහල ‍බ්ලොග් අවකාශයට අලුත් කොල්ලෙක් මම හිතනව සිංහල ‍බ්ලොග් අවකාශයෙ අක්කල අයියල නංගිල මල්ලිල ආදී හැමෝම මාව රැග් ‍එක නොදීම සාදරයෙන් පිළිගනියි කියල.
මමත් මුලදි අන්තර් ජාලයේ දවසකට පැය කීපයක් හිටියත් ඔහේ එහේ මෙහේ සැරි සරනව ඇරෙන්න ඒහැටි උවමනාවක් තිබුනෙ නැහ වැදගත් යමක් ජීවිතයට එකතු කරගන්න. පසුව මට වැටහුනා අපරාදෙ නේද මගෙ
කාලය කියල. ඉන්පසුව ටිකෙන්ටික මම විවිද දේ අන්තර් ජාලයෙන් ඉගෙන ගත්ත වගේම දැනටත් ඉගෙන ගන්නව.

ඉතින් මට හිතුන මම දන්න කියන දේ අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න ඕන කියල. එතකොට මට වැටහුනා මෙය සිංහල බ්ලොග්කරණය මගින් කල හැකි බව ඒඅනුව මම දන්න කියන වැඩ කෑලි දාල මගේ Sinhala Press බ්ලොගයට මටම ආවේනික උනු ඇඳුමක් ඇන්දෙව්ව. මේ දේ කරන්න යන කොටත් ම‍ට ගැටලු ගොඩක් ආව නමුත් ටික ටික අන්තර්ජාලයම බාවිතා කරල ඒවට විසඳුම් සොයා ගත්ත. මොකද මම blogger වලට අලුත‍්නෙ. ඉතින් මට සතුටුයි මම කලින් ඉගන ගත් දෙයක් practically බාවිතා කරන්න පුලුවන් වීම ගැන. තවත් බොහෝ දේවල් තියෙනව ඉගෙන ගන්න මට,මම දන්නෙත් ඉතාම සුලු දෙයක් විතරයි, නමුත් ගොඩක් ඇනුම තියෙන උගත් අය ‍මෙම බොලොග් අවකාශයේ සැරි සරනව.

ඉතින් මම කැමතියි SinhalaPress.blogspot.com යන ‍මාගේ ‍බ්ලොගය හරහා මේ සඳහා Online community එකක් හදා ගන්න මම හිතනව ඔය හැමෝම මාත් එක්ක එකතු වෙයි කියල. තාම ඔයාලට පැහැදිලි නොමැති ඇති මම කරන්න යන්නෙ මොකක්ද කියල. හොදයි මම කරන්න යන්නෙ සිංහලෙන් web technologies ගැන පාඩම් මාලාවක්.ඒ කියන්නෙ මේකට HTML, CSS(3), PHP, JAVASCRIPTS, AJAX, MYSQL, XML වගේ දේවල් ‍එකතු වෙනව.

මුලිනම පටන්ගන්න හිතුවෙ HTML සම්භන්දව පාඨමාලාවක්. දැන් බලමු මෙහි ඇති වැදගත්කම ඇත්තටම මේ දේවල් අන්තර්ජාලයේ කොතෙකුත් ඉගෙන ගන්නට තිබුනත් මම මේව අත්හදා බලන්න යන‍කොට ප්‍රශ්න ගොඩක් මතු වෙලා තියෙනව. මටත් ටිකක් මහන්සි වෙන්න උනා මේ ගැටලු ලිහා ගන්න අත්තටම මගේ කාලය ගොඩක් මේසඳහා වැය උනා. නමුත් එහෙම කට්ට කාල හොයා ගන්න කොට හොඳින් මතක හිටිනව. නමුත් මේවගේ ‍Online community එකක් පටන් ගත්තම හොඳ සංවාදයක් මේ සඳහා ගොඩ නැගෙනව. ඉතින් හැමොටම පහසුවෙන් මේ දේවල් ලක්ෂ ගණන් ගෙවල ඒත් කිසිම ගුනාත්මක බාවයකින් තොරව මාසෙන් දෙකෙන් අවසන් වන පරිගණක කලු කඩ වලින් ඉගෙන ගන්නවාට වාඩා හොඳින් ඉගෙන ගන්න පුලුවන් වෙනව.

කෙනෙක්ට තියෙන ගැටලුවකට තවත් කෙනෙක් ළඟ උත්තරයක් තිබෙන්ට පුලුවනි,අනික මේ හරහා මම නොදන්න‍ බොහෝ දේ මගේ යාලුවන්ගෙන් මටත් ඉගෙන ගන්න පුලුවන් වෙයි.ඉතින් හොඳයි නේද වැ‍ඩේ? මේ ගැන ඔයාලගේ අදහස් කියනවානම් ‍මම ගොඩක් කැමතියි. මම ඔයාලගේ ප්‍රතිචාර සලකල බලල මෙය පටන් ගන්න ඔන විදිය ගැන සරල අදහසක් ගන්නම් ඉතින් කියල යන්නකො ඔයාලට මේ ගැන හිතෙන දේ! හොදයි එහෙනම් අදට මම සමු ගන්නව.ඔයාලට සුබ දවසක්!

Sunday, October 9, 2011

ඔපෙරා වෙබ් බ්රව්සරයේ නවතම සංස්කරණය වන ඔපෙරා 12 හි විශාල වෙනස්කම්

හැමෝම වගේ දන්නව web browsers කියන්නෙ මොනවද කියන එක සහ දැනට ලෝකෙ තියෙන ජනප්‍රිය web browsers මොනවද කියන එක ගැන. ඒ අතරින් Opera web browser එක ගැන හැමෝම අහල විතරක් නෙවෙයි බාවිතා කරලත් ඇති. නමුත් Opera web browser එක Web design කරන අය හැරෙන්න වැඩි දෙනෙක් බාවිතා කරනව අඩුයි ඒකට හේතු වශයෙන් කියනවනම්.

Opera 12
  • Web browser එකේ වේගය අඩුකම
  • නවතම Web Standards වලට සහයෝගය නොදක්වීම
වගේ දේවල් දක්වන්න පුලුවන්. මම post එක දාන දවස වන 09/10/2011 වන විට නිකුත් වී ඇති නවතම සංස්කරණය වන්නේ Opera version 11.51යි. ඉදිරියේදී නිකුත් වීමට නියමිත Opera version 12 සමග Opera browser  එකෙහි විශාල වෙනස්කම් සිදු වීමට නියමිතය. ඒ අතරට Opera හි මූලික වශයෙන් 
  • Rendering engine එකෙහි වෙනස්කම්
  • HTML 5 සඳහා පූර්ණ වශයෙන් සහය දැක්වීම
  • CSS 3 සඳහා සහය දැක්වීම
වාගේ දේවල් ගත හැකිය. මෙමගින් සියලුම ප්‍රධාණ web browsers සඳහා වෙබ් අඩවි නිර්මාණය කිරීම පහසු වනු ඇත. තවද CSS වල web gradients වලට සහ web animations  වලට සහය දක්වනු ඇත. පසුගිය වසර වල Opera web browser එකෙහි බාවිතා කරන්නන් අනෙක් web browsers බාවිතා කරන්නන්ට සාපේක්ෂව අඩු නමුත් ස්ථාවර ගණනක පැවතියහ. නමත් 2011 වර්ෂයේ මුල් මාස කිහිපයේ සිට බාවිතාකරන්නන්ගේ ක්‍රමික වර්ධණයක් පෙන්නුමි කරයි.
Image credits:http://www.opera.com

Google - ගූගල් අප වෙත හඳුන්වා දී ඇති සියලුම සේවා

හැමෝම දන්නව Google  කියන්නෙ මොකක්ද කියල. ඒ වුනත් Google හදුන්වලා දීල තියෙන සියලු සේවා ගැන නම් හැමෝම සමහර විට නොදන්නවා විය හැකිය. Google Search Engine, Gmail, Blogger, Feedburner වැනි සේවා ගැන නම් හැමෝම දන්නව. අද මම ඉදිරි පත් කරන්න යන්නෙ Google අපිට හදුන්වලා දීල තියෙන සියලුම සේවා පිළිබඳ ලැයිස්තුවක්. බලන්න මෙම ලැයිස්තුවෙන් කොපමණක් අප දැනගෙන සිට්යාද? කොපමණක් සේවා ‍අපි අත්හදා බලා තියෙන‍වාද කියල?

පහත image එක පැහැදිලි නොමැති නිසා එය මත click කරන්න එවිට එය විශාල වී පෙනේවි
All Google Products
නැවතත් එම ලැයිස්තුව පහතින්.

11: Notebook

12: Partner Program

13: Sites

14: Talk

15: Wave

16: Website Optimizer

17: AdWords

18: App Engine

19: Bookmarks

20: Checkout

21: Docs

22: Fusion Tables

23: Google Moderator

24: Google URL Shortener

25: Knol

26: News

27: orkut

28: Picasa Web Albums

29: SketchUp

30: Trends

31: Web History

32: YouTube

33: Alerts

34: App Inventor for Android

35: Book Search

36: Custom Search

37: DoubleClick for Publishers

38: Gmail

39: Google Places

40: Health

41: Maps

42: New Service

43: Panoramio

44: Reader

45: Subscribed Links

46: Voice

47: Webmaster Tools

Google  විසින් නව සේවා හදුන්වා දුන් විට මෙය යාවත්කාලීන කරන්න මම පොරොන්දු වෙනව. ‍මෙම post එකෙන් මම බලා පොරොත්තු වෙන්නෙ Google කොපමණ සේවා ප්‍රමාණයක් හදුන්වා දීල තියෙනවද කියෙන එක ගැන සුලු හැඳින්වීමක් කරන්න. ඉදිරි ලිපි වලින් මම මුල සිට සියලුම ‍සේවා ගැන සවිස්තරාත්මක හදුන්වා දීමක් කරන්න බලා පොරොත්තු වෙනව දිගටම SinhalaPress සමග රැඳී ඉන්න.
Image credits: http://en.wikipedia.org/wiki/File:Google_products.png