![]() |
සිංහල බ්ලොග් framwork එකක්. |
ඉතින් මම අද ලිපියක් ලියන්න හිතුවේ සිංහල බ්ලොග් කරුවන් සඳහාමයි. ඒ Blog Templates සම්බන්ඳවයි. ඇතැම් බ්ලොග් කරුවන්නම් බ්ලොග් කරණයේදී සිය බ්ලොගයේ ඇඳුම(Template/Theme) ගැන වැඩි අවධාණයක් යොමු කරන්නේ නැහැ. ඒදේ කාරනා කිහිපයක් නිසා වෙන්න පුලුවන්
- තමන්ගේ රුචි අරුචිකම් වලට සරිලණ බ්ලොග් අච්චුවක්/ඇඳුමක්(Template/Theme) සොයාගැනීමට ඇති අපහසුකම.
- තමන් කැමති පන්නයේ බ්ලොග් අච්චුවක්/ඇඳුමක් සොයාගත්තත් එහි යම් යම් දෝෂ පැවතීම (උදා :- IE Web Browser එකෙහි මුල් සංස්කරණ සඳහා නිසිලෙස සහය නොදැක්වීම)
- තමන්ගේම කියල Blogger Template එකක් සකස්කරගන්න දැනුම නැති කම හෝ කම්මැලිකම.
ඉතින් ඔයවගේ කරුණු නිසා සාමාණ්‍ය බ්ලොග් කරුවන් කරන්නේ එම සේවාව විසින්ම ලබාදෙන blog templates භාවිතා කරන එක. නමුත් මම හිතන්නේ බ්ලොග් කරුවෙක් උනාම යම් දෙයක් ලියල සිය පාඨකායාට ඉදිරිපත් කරනවාට වඩා අලුත් මහුනුවරකින් අපි පාඨකා අතරට යායුතුයි කියාලා. ඉතින් ඒ දේට මෙම Blog Templates කියන දේ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේසඳහා විවිද වර්ගෙයේ බ්ලොග් templates ලබාදෙන වෙබ් අඩවි ඕනෑතරම් අන්තර්ජාලයේ දකින්න පුලුවන්. හැබැයි මෙම සියලුම වෙබ් අඩවි පාහේ ලබාදෙන්නේ කුණු ගොඩවල් කියල පැහැදිලිවම කියන්න පුලුවන්. මටත් ඒවගේ වෙබ් අඩවි 2ක් තිබෙනවා. ඒත් මට ඒවා පවත්වාගෙන යන්න හිත දෙන්නේ නැහැ. මොකද අන්තර්ජාලයේ තියෙන එක එක්කෙනාගේ කුණුගොඩවල් මගේ වෙබ් අඩවි හරහා නිකුත් කරන්න. මගේ යටිහිතේ ලොකු අකමැත්තක් තියෙනවා.
ඉතින් මම තීරණය කලා Blogger සේවාව බාවිතා කරන සියලු බ්ලොග් කරුවන් වෙනුවෙන් මගේ දැනුම භාවිතා කරල ඉතා උසස් තත්වයේ blogger template framework එකක් නිපදවන්න. ඉතින් මේ සඳහා මට ඔයාලයේ අදහස් අවශ්‍ය වෙනවා..ඉතින් මට ඒ සඳහා කරුණිකව උදව් කරන්න කියලා මම සියලුම ලාංකික බ්ලොග් කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ සඳහා ඔයාලට මට උදව් කරන්න පුලුවන් වෙන්නේ අදහස් දැක්වීමෙන් ඒකියන්නේ මම අහනව පොඩි ප්‍රශ්ණයක් ඒකට ඔයාලා අවන්කවම පැහැදිලිව පිළිතුරක් දුන්නොත් ඒ හොඳටම ඇති :) .
එම ප්‍රශ්ණයනම්, ඔයාලා තමන්ගේ බ්ලොග් අඩවිය සඳහා Blogger Template එකක් සොයද්දී මොනවගේ කාරණා ගැනද වැඩිපුරම සැලකිමත්වන්නේ සහ දැනට දකින්න ලැබෙන නොමිලේ දෙන Blogger Template වල දකින්න ලැබෙන අඩුපාඩු මොනවාද?
මම පෞද්ගලිකව දකින අඩුපාඩු මෙතන සඳහන් කරන්නේ නැහැ. ඉතින් මෙම ප්‍රශ්නෙට පිළිතුරක් ලබාදෙන්න, එවිට එම සියලුම කරුණු සැලකිල්ලට අරගෙන. හැම අතින්ම සම්පූර්ණ Template Framework එකක් නිපදවල ඔයාලට නොමිලේම දෙන්නම්. එවිට ඔයාලට පුලුවන් ඉතා පහසුවෙන් තමන්ට අවශ්‍ය විදියට එය වෙනස්කරගන්න, පහසුවෙන් භාවිතා කරන්න. ඒ වගේම එය තමන්ගේ බ්ලොග් අඩවියට පැමිනෙන පාඨකයින්ටත් නැවුම් අත්දැකීමක් සහ පහසුවක් වේවි.